මුහුදු මහා විහාරය ආක්රමනය කරන්නේ මුස්ලිම්වරුද?

Posted on July 1, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

ශ්‍රී ලංකාවේ  නැගෙනහිර අග්නිදිග දිශාවේ බහුතර මුස්ලිම් වරුන්ගෙන් සමත්විත පැරණි ගම්මානයකි පොතුවිල.මෙහි මුස්ලිම්වරුන් 29950 ද,දෙමල ජාතිකයින්  5129 ද,සිංහල  ජාතිකයින්  831 ද, ඉතාමත් සමගියෙන් හා සමයෙන් ජිවත් වෙති.සුනාමියට පෙර ගනු ලැබූ සන්ගනනයන් අනුව  85.05% මුස්ලිම් වරුන්ද ,10.22 % දෙමල ජාතීන්ද,2.44 % සිංහල ජාතීන්ද, සිටි බව තොරතුරු හෙළිවේ.

සුනාමියෙන් පසුව සහනාධාර කටයුතු සදහා ඒ ප්ප්‍රෙදේශයට පැමිණි ජ.වී.පෙ හා හෙළ උරුමය විසින්ද පිට පළාත් වලින් පැමිණි ඇතැම් සිංහල සංවිධාන විසින්ද,එම ප්‍රෙදේශයේ  ජාතික සමගියට එරෙහිව කටයුතු කර ඇති බවට මැනවින් පැහැදිලි වේ.

සුනාමියෙන් පසු මුස්ලිම්වරු බහුතරයක් පදිංචි ප්රෙදේශවල අලුතින් “බුද්ධ ප්‍රතිමා” ඉදිකිරිමෙන්ද,පුරාවස්තු සදහා පරීක්ෂණ පැවැත්වීම නමින් මුස්ලිම් වරුන්ට් අයත් බිම බලහත්කාරයෙන් සතුකරගෙන “බෞද්ධ සංඛේත” තැබීමද ,ප්‍රදේශයේ නොයෙකුත් ස්ථානවල (මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ) බෞද්ධ විහාර ,බෞද්ධ ආරාම හා බෞද්ධ දහම් පාසැල්  ඉදිකිරීම්ද, මෙම ප්‍රශ්නයට තුඩු දුන් මුලික කරුණු විය.

සුමාත්‍රා දුපත්වල සිදු වූ භූ කැපව හේතු කොට ගෙන ශ්‍රිලංකාවේ මුහුදු බද ප්‍රදේශ විනාශයට පත් වුහ.පොතුවිල් ප්‍රදේශය සුනාමියෙන් පසුව එහි මුස්ලිම් වරුන් බහුතරයක් ජිවත් වන ගම්මාන වල අලුතින් බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම් ආරම්භ කෙරිණි.එපමණක් නොව,බෞද්ධ විහාරද,බෞද්ධ ආරාමද,බෞද්ධ දහම් පාසල්ද,අළු?හීන ඉදිකරනු ලැබුහ.

මෙවැනි බෞද්ධ සිද්ධස්ථාන සුනාමියට පෙර තිබී සුනාමියෙන් පසු ඒවා ප්‍රතිසංස්කරණය කරනු ලැබුවේ  නම්,ඒ පිලිබදව ප්‍රශ්න කල නොහැකිය.එහෙත් සිදු වුයේ වෙනත් දෙයකි.එනම් මුස්ලිම් වරු බහුතරයක් ජීව?හ ඇන ගම්මාන වල සුනාමියේ ප්‍රතිපලයක් ලෙස අලුතින් බුද්ධ ප්‍රතිමා බිහි වීමයි.එයට්  ශ්‍රීලංකා හමුදාව තම සහයෝගය දැක්වීමද,ආරක්ෂක අංශ වලට අයත් වාහන වල බෞද්ධ කොඩි රදවා ගෙන ප්‍රදේශය පුරා  ගමන්  කරමින් කඩිනමින් ක්‍රියාත්මක වීමද,ප්‍රදේශ වාසි මුස්ලිම්වරුන්ගේ සැකයට හේතු විය.සුනාමියට පෙරත්,පසුත්, පොතුවිල් ප්‍රදේශයට  පැමිණි ඇතැම් පිරිස් සැලසුම් සහගතව “අපේ ගම ” “අපේ රට‍ ” ඔක්කොම අපගේ “  යනුවන් ගෝෂා  කරමින්  සිදු කල දේ පහතින් දැක්වේ.

පුරා වස්තුන් පිළිබද පරීක්ෂණ

  1. ජමා ඇතුල් මුස්ලිමින් චතුරශ්‍රයේ මුහුදු වෙරළේ මුස්ලිම් වරුන්ට් අයත් ඉඩමක් ඇත.එම ඉඩමේ “පුරාවස්තු පිළිබද පරීක්ෂණ ” යන්නෙන් සලකුණු කරනු ලැබිණි.ඉන්පසු එම කාර්ය සදහා හිමි නමක් පත් කරන ලදී.එහි ප්‍රතිපලයක් වශයෙන් උන්වහන්සේගේ නවාතැන් සදහා එහි ආරාමයක් තනන ලදී.

ඉන්පසු පොතුවිල් අරුගම්බේ ප්‍රධාන විදියේ “මුහුදු මහා විහාරය ” නමින් නාම පුවරුවක් තබන ලදී.ඇත්තෙන්ම එය 4 වන කොට්ඨාශයේ  “මස්ජිදුල් ‍ෆලාල් පල්ලි විදිය ” නමින් දිගු කාලයක් තිස්සේ නම් කර තිබු විදියකි.

ඉන පසුව මුස්ලිම් වරයෙකුට අයත් ඉඩමක් බලහත් කාරයෙන් පවරාගෙන බෞද්ධ ආරාමයක් ඉදි කිරීමට අන්තිවරම් දමන ලදී. දැනට එහි බෞද්ධ දහම් පාසලක්ද පැවැත්වේ.දැනඒ දිවා  රැ රජයේ හමුදාව එහි වැඩම සිටින භික්ෂුන් වහන්සේ ආරක්ෂා කරමින් සිටිති. මෙහි පුදුමයට කරුණක් නම්,එකම සිංහල පවුලක් හෝ සිංහල සහෝදරයෙකු ඒ අවට පදිංචිව නොසිටීමයි.මේ කටයුතු සියල්ල සිදුවන්නේ 100% මුස්ලිම් වරුන් පදිංචිව සිටින ගම්මානයකය.

එම ස්ථානයේ සිට ප්‍රධාන පාර ට ආසන්න වශයෙන් කි.මි. 2 දුරක් ඇත.ඇතැම් පිරිස් විසින් රජයේ හමුදාව හා එක්වී විහාරයක් වත් නොමැති විදියක් වන මස්ජිදුල් ‍ෆලාල් පල්ලි විදිය “මුහුදු  මහා විහාර විදිය ” යන්නෙන් වෙනස් කර නාම පුවරුවක් තබා ඇත.එම නාම පුවරුව ඔවුන් විසින්ම විටින් විට මකා දැමීම සිදුවෙමින් පවතින .අවසානයේදී සිමෙන්ති ගල්  වලින් එම ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදි කර එහි “මුහුදු මහා විහාර විදිය ” යන නාම පුවරුව තබා ඇත.මෙයද මුලදී, “පුරාවස්තු පිළිබද පරීක්ෂණ ” නමින් සංඛේතවත් කරනු ලැබ පසුව , බෞද්ධ විහාරයක් වශයෙන්ද,බෞද්ධ ආරාමයක් වශයෙන්ද,බෞද්ධ දහම් පාසලක්‌ වශයෙන්ද,මාරු කරන ලදී.ඉන්පසුව භික්ෂුන් වහන්සේ නමක් එහි ස්ථිරව පත් කරන ලදී.

  1. පොතුවිල් සෙන්ගමමි ප්‍රධාන විදියේ තුන්වැනි සැතපුම් කනුව නමැති ස්ථානයේ පොලිස් මුර පොලක් ඇත.ඊට සමීපව මුස්ලිම් වරුන්ට අයත් බිම් ප්‍රදේශයක “පුරාවස්තු පිළිබද පරීක්ෂණ ” යනුවෙන්  සංඛේතවත් කර එහි වටේ කොන්ක්‍රීට් කණු සිටුව ඇත.එම කොන්ක්‍රීට් කණුවල “පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව ” යන්නෙන් ලියා  ඇත.එම ස්ථානය රජයේ හමුදාව යටතේ ආරක්ෂා කරමින් පවතී.
  2. පොතුවිල්-නවලාරු ප්‍රධාන විදියේ චක්‍රවෙලි විශේෂ හමුදා බලකායේ කදවුර පිහිටි ස්ථානයට ඉදිරියෙන් මුස්ලිම් වරුන්ට් අයත් ඉඩමක් ඇත.එම ස්ථානයේද පුරාවස්තු සදහා පරීක්ෂණ යන්නෙන් බෞද්ධ චක්‍ර සලකුණු සංඛේතවත් කර ඇත.මෙහිදී පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව යන්න ඒ වටා ඉදිකර ඇති කොන්ක්‍රීට් කණුවල සිංහල අකුරින් ලියා ඇත.එම ස්ථානයේද රජයේ හමුදා පාලනය කරයි.
  3. මුදලයිමලයි-කුදක්කල් මලයි. — කුරයිකදල් රොක් නමැති ස්ථානය පුරාවස්තු පරීක්ෂණ නාමයෙන් සංඛේතවත් කර ඇත.මෙම ස්ථානය “පෙරිය උල්ලේ“ නමැති මුස්ලිම් වරුන් බහුතරයක් පදිංචි වී සිටින කුඩා ගම්මානය හි පිහිට ඇත.
  4. මුස්ලිම්වරුන්ට අයත් “තරම්පරයි ” නමැති වී ගොවිපල පිහිටි ඉඩමද පුරාවස්තු පරීක්ෂණ යන්නෙන් සංඛේතවත් කර ඇත.
  5. පොතුවිලට  යාබදව පිහිටි “සෙන්ගමමි අසිස් නගර් ” නමැති ප්‍රදේශය පුරාවස්තු පරීක්ෂණ නමින් සංඛේතවත් කර ඇත.සිංහල සහෝදරයෙකු හෝ සිංහල පවුලක් පදිංචි නොවී සිටින්නාවූ ද ,ඉහත සදහන් ප්‍රදේශ වල සැලසුම් සහගත අරමුණකින් යුතුව කරනු ලබන මෙම ක්‍රියාව හේතු කොට ගෙන පොතුවිල් නගරය පුරාම බුදු පිළිම ඉදි කර තිබේ.

බෞද්ධ විහාර

  1. පොතුවිල් -පානම ප්‍රධාන විදියේ ශාන්තිවේලි නමැති ප්‍රදේශයේ විශේෂ හමුදා බලකායේ කදවුර පිහිටි හන්දියේ “චාශ්‍ර වේලි විහාරය” යන්නෙන් සිංහල බසින් නාම පුවරුවක් තබා ඇත.මෙවැනි විහාරයක් ගල් කන්දෙහි පිහිට තිබීම මෙහි ජිවත් වන කිසිවෙක් මෙතෙක් නොදන්නා අතර, ඇතැම් බෞද්ධ පිරිස් පමණක් ඒ පිළිබද දැන සිටීම පුදුම සහගත කතාවකි.
  2. බහුතර මුස්ලිම් වරු පදිංචිව සිටින “සින්න උල්ලේ” ගම්මානයේ කෝඒසැක “සිංහපුර” බවට වෙනස් කර ඇත.එහි දැන් රජයේ පසලට් සිංහපුර සිංහල විදුහල යන අලුත් නාම යොදා තිබේ. ඒ සමගම එහි දහම් පාසලක්ද ඉදි කර ඇත.එම ප්‍රදේශයේ සිංහල -දෙමල ශිෂයින් 100 අඩු ප්‍රමාණයක් ඉගෙනුම ලබයි.මෙම පාසැල පිහිටි ප්‍රධාන විදියේ සමුධ්‍රාගිරි විහාරය යන සිංහල නාම පුවරුවක්ද තබා ඇත.
  1. ඉහත සදහන් “සින්න උල්ලේ” ගම්මානයේ මහා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බිම් පෙදෙසෙහි සුනාමියට පසුව පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හෝ මහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් හෝ අනුමැතිය නොලැබ , සුනාමි ඛේදවචකයට් භාජනය වූ අයට් උදව කිරීමට පැමිණි ඇතැම් පිරිස් රජයේ හමුදාවේ පුර්ණ සහයෝගය හා ආරක්ෂාවෙන් යුතුව් ,සුනාමියට ගොදුරු වූ අය වෙනුවෙන් “සිහිවටනායක” ඉදිකිරීමේ නාමයෙන් මධ්‍යම රාත්‍රී  කාලයේ  බුදු පිළිම 4 ක් තබා ඇත.”අපි ආධාර ලබා දෙන්න අවා.ඔයාලගේ නාම ලියල අත්සන් දල දෙන්න ” යැයි පවසමින් අත්සන් ව්‍යාපාරයක්ද ,එම ප්‍රදේශයේ කෙරුණි.මෙම අත්සන් ව්‍යාපාරය කරනු ලැබුවේ “සින්න උල්ලේ ගමෙහි බුදු පිළිම තබන්නට මුස්ලිම් වරු වන අපෙන් ප්‍රතික්ෂේපයක් නොමැත.” යනුවෙන්  සකස් කරනු ලැබූ ලිපියටයි.දැන් එම ස්ථාන වල රජයේ ආරක්ෂක භටයින් විසින් දිවා රැ ආරක්ෂා කරනු ලබයි.
  1. පොතුවිල්-අරුගම්බේ ප්‍රධාන විදියේ විශේෂ බලකාය පිහිටි අරුගම්බේ පාලම අසල දැවැන්ත බුදු පිළිමයක් ඉදි කර ඇත.එය රුපියල් ලක්ෂ 80 වටිනා වුද , තායිලන්තයෙන්  ගෙන්වනු ලැබුවා වුද, තබ වලින් නිම කරනු ලැබුවා වුද,සුවිශල් ප්‍රතිමාවකි.මෙම විශාල බුද්ධ පිළිමයට වැදුම් කරන්නට ඒ ප්‍රදේශයේ සිටින විශේෂ බලකාය හැරෙන්න කිසිම බෞද්ධයෙකු ඒ ප්‍රදේශයේ නැත.එකම සිංහල පවුලක් වත් ඒ ප්‍රදේශයේ පදිංචිව නැත.ඊට අමතරව එම ප්‍රදේශයේ “බෞද්ධ සම පුජනිය පෙදෙස ” යන්නෙන් භාෂා තුනෙන්ම ලියන ලද නාම පුවරුවක් තබා  ඇත.

මෙම අරුගම්බේ කලපු ප්‍රදේශය මස්ලිම් වරුන් මාළු  මෙන්ම ,ඉස්සන් ඇල්ලීම දිගු කාලයක් තිස්සේ කරගෙන යයි.සුනාමියෙන් පසුව අරුගම්බේ කලපුවේ මාළු අල්ලන ප්‍රදේශ වටා කණු සිටවා  කම්බි වලින් වැටක් බැද වසා තබා ඇත.ඒ අතර වැටෙ මායිම තුල බෞද්ධ විහාරයක් ඉදිකිරිම සදහා අන්තිවාරමක්  දමා ඇත.

ඒ වන තෙක් බුදු පිළිම තනමින්,විහාර ඉදිකරමින් තිබුනද,මුස්ලිම් වරු විරෝධතාවයක් දැක් වුයේ නැත.

නමුත්,දැවැන්ත බුදු පිලිමයකුත් තබා ,මුස්ලිම් වරුන් මාළු අල්ලන්නට  යෑම තහනම් කරමින් ධිවරයින්ට තම තම රක්ෂාව නැති කරමින් වැටක්  දැමීමෙන් පසුවයි මුස්ලිම් වරු ඊට විරුද්ධව නැගී සිටින්නට උත්සුක වුහ.

එහි ප්‍රතිපලයක් වශයෙන් 2005.04.06 වන බදාදා පොදු ජනතාව හා ප්‍රදේශයේ විද්වත්හු එකතු වුහ.නගරයේ කඩවල් සියල්ල වසා දමා ,පාසැල් ශිෂයින් පාසැල් වර්ජනය කළහ.විශේෂයෙන් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය ,බැංකු,හා අනෙකුත් ආයතන වසන ලදී.ප්‍රදේශ වසින් සියලු දෙනාම පොතුවිල් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය දක්වා පෙළපාලියකින් ගිය අතර ,එම පෙළපාලියට හිටපු පොලිස් ස්ථානාධිපති වුද,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වුද, එම් .එම් .අබ්දුල් මජීඩ් මහතා නායකත්වය දැරුහ.

ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ගිය ජනතාව ඉහත කරුණු පිළිබද රජය ඉතා ඉක්මනින් තීරණයක්‌ ගෙන,අවශ්‍ය කටයුතු වලදී සුනාමියෙන් පසුව කටු කම්බි වැටද ඉවත් කර තම සුපුරුදු රක්ෂාව කරගෙන යමට් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහ.එමෙන්ම භාෂා තුනෙන් වාර්තාවක් ලියා ජනතිපතිවරයා වෙත යවන ලෙස ප්‍රාදේශීය ලේඛම් නවුෆල් මහතාට භාර දෙන ලදී.

මෙම පෙළපාලිය ඉතා සාමකාමී එකක් වූ අතර ඉහත සදහන් කරුණු භාෂා තුනෙන්ම පොස්ට්ර් මගින් හුව දක්වනු ලැබිණි.මෙම පෙළපාලියේ ද්වේශ සහගත ගෝෂා නොතිබිණි,වාර්තාව ප්‍රාදේශීය ලේඛම් තුමට්‌ භාරදුන් පසු මහජනතාව තම තමන්ගේ නිවෙස් කරා විසිර හියහ.

පසුදින එනම්, 2005.04.07 දින බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 පමණ පොතුවිල් බස නැවතුම අසල  විනාඩි 5 ක් ඇතුලත බෝම්බ දෙකක් පිපිරිණි.සැලසුම් සහගතව සිටි පොලිසියද,විශේෂ හමුදා බලකායද,,පොලු,සයිකල් චෙන්,කම්බි හා තුවක්කුද රැගෙන වහාම එතනට පැමිණ එහි සිටි මුස්ලිම් වරුන්ට් පන්න පන්නා පහර දෙන්නට් පටන් ගත්හ.එහි ප්‍රතිපලයක් වශයෙන් මුස්ලිම් වරුන් 48 දෙනෙකු තුවාල ලැබුහ.ප්‍රධාන පාර දිගේ ජීප් රථ වලින් පැමිණි ආරක්ෂක භටයින් මහජනතාව පන්නමින් සිටි නිසා තුවාල ලැබුවන්ටරෝහල් කරා යාමට නොහැකි තත්වයක් ඇති වුනි,එබැවින් මේ පිලිබදව පොලිසියට් ගොස පැමිණිලි කරන්නට තුවාල කරුවන් මාලි වුහ.

පොතුවිල් බස නැවතුම්පොළ පසුපසින්ද,පොලිස් ස්ථානයට් පසු පසින්ද,බෞද්ධ විහාර ඇති බව සදහන් කල යුතුය.

මෙම සිදුවීම වසර 5 කට පෙර සිදු වුවකි.දන මෙය දඩමීමා කරගෙන කරුණු විකෘති කරමින්, මුස්ලිම් වරු නැගෙනහිර ආක්‍රමණය කරන බවත්,බෞද්ධ විහාර විනාශ කරන බවත් අන්තර්ජාලය හරහාද  පදනම විරහිත චෝදනා ගොඩනගමින් පවතී.

ඇත්තෙන්ම බෞද්ධ විහාර ගොඩනැගීම ගැන විරොදයක් නැත.ඉහත කරුණු කියවූ ඔබට‍ ඉඩම් ආක්‍රමණය කරන්නේ කවුදැයි පැහැදිලි වනු ඇත. නමුත්  ජන ජීවිතය අඩාල වන පරිදි ධිවර ජිවනොත්පය කරගෙන යාමට නොදී කණු  දමා මසුන් ඇල්ලීම තහනම් කිරීම අනුමත කල හැකිද?

එපමණක් නොව, අරුගම්බේ මුහුදු වෙරළ තිරයේ තැනින් තැන නටබුන් මතු වී ඇත.පුරා වස්තු රැක ගැනීම කාලින අවශ්‍යතත්වයකි.නමුත් එය අසධාරණ ලෙස සිදු වීමද අනුමත කල නොහැකි දෙයකි.ඊට අමතරව ,අරුගම්බේ වෙරළ තිරයේ දැනට් සංවර්ධන කටයුතු සිදු සිදුවෙමින් පවතී.ඉදිරි කාලයේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් වෙරළ  තිරය සංවර්ධනය කෙරේ.මේ හේතුවෙන් පවතින පුරාවස්තු රැක ගැනීම අසීරු වනු ඇත.පවතින වෙහෙර  විහාර වල පවතින  පුරා වස්තු විනාශ වෙමින්, නිදන් හැරීම නිතරම දකින්නට් ලැබෙන වීට,ඒ සදහා පන්සලේම හිමි වරුන් විසින් දායක වන විට , මුස්ලිම් වරුන් පුරා වස්තු විනාශ කරන බව චෝදනා  කිරීම මොනතරම් විහිලුවක්ද ?

Make a Comment

Leave a reply to රාවණා Cancel reply

6 Responses to “මුහුදු මහා විහාරය ආක්රමනය කරන්නේ මුස්ලිම්වරුද?”

RSS Feed for yarsaad Comments RSS Feed

අනේ යකෝ. තොපි අපේ රටට ඇවිත් අපේ රටේ පැරණි සිද්ධස්තාන වල නැවතුනාට අපි මොනව කරන්නද. තොපි ආපු දිහාකට පලයල්ල නිකන් අයිතිවාසිකම් කියාගෙන එන්නෙ නැතිව. මේක සිංහල ‍‍බෞද්ධ රට.

මුස්ලිම් අය කෙසේ වෙතත් පන්සලේම හාමුදුරුවෝ නිදන් හාරනවා නම් තව මොන කතාද ?සුනාමියෙන් පස්සේ හදපුව පැරණි සිද්ධස්තාන වුනේ කොහොමද මහත්තයෝ?

//තොපි ආපු දිහාකට පලයල්ල නිකන් අයිතිවාසිකම් කියාගෙන එන්නෙ නැතිව. මේක සිංහල ‍‍බෞද්ධ රට.//
මහත්තයට අමතක වෙලාද .ලංකාව ශිව භක්තික ,ද්‍රවිඩ රාවණාගේ රට .කවුද දැන් බලෙන් අල්ලන් ඉන්නේ .
//තොපි අපේ රටට ඇවිත් අපේ රටේ පැරණි සිද්ධස්තාන වල නැවතුනාට අපි මොනව කරන්නද.//
සුනාමියෙන් පස්සෙද පැරණි සිද්දස්ථාන උනේ මෝඩයෝ …තොපිල වගේ එවුන් හන්ධි ගානේ රැට ඇවිත් පිළිම වළලලා පස්සේ උදේට හාරලා පුරාවිද්‍යා තැනක් කරපු එක බොලට අමතකද ?

මෙහි මුස්ලිම්වරුන් 5125 ද,දෙමල ජාතිකයින් 5129 ද,සිංහල ජාතිකයින් 831 ද, ඉතාමත් සමගියෙන් හා සමයෙන් ජිවත් වෙති.සුනාමියට පෙර ගනු ලැබූ සන්ගනනයන් අනුව 85.05% මුස්ලිම් වරුන්ද ,10.22 % දෙමල ජාතීන්ද,2.44 % සිංහල ජාතීන්ද, සිටි බව තොරතුරු හෙළිවේ.

හිකිස්! යර්සාද් කොලුවෝ, ගණං හරිද බන්?

5125/(5125+5129+831) = 46.2%

මුස්ලිම් බහුතරයක් පොතුවිල් වල නැද්ද මන්ද බොලවු?

මේක බොහොම වැරදි ඒ වගේම ඉතිහාසය විකෘති කර පල කල ලිපියකි.පොතුවිල් මුහුදු මහා විහාරය අවුරුදු දහස් ගණනක අතීතයකට හිමිතම් කියයි.සත්‍ය වශයෙන්ම සිදුවන්නේ මුස්ලිම් ජාතිකයින් මෙම ප්‍රෙද්ශයේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බෞද්ධ උරුමයන් විනාශ කිරීමයි.බලංගොඩ කූරගල ෙබෟද්ධ පුරාවිද්‍යාසිද්ධස්ථානයද මුසලිම් පල්ලි බවට පත්කර ඇත.මෑතකදි නැගෙනහිර තිබූ චෛත්‍යයක්ද මුස්ලිම් ජාතිනයින් ඩෝසර් කර ඇත.

පොතුවිල් මුහුදු මහා විහාරය පැරණි බව සත්‍යයකි. නමුත් එයට පෙර එනම් උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදීන් ගේ බල ප්‍රදේශයක්ව තිබු එම ස්ථානයන් එකල සිටම මුස්ලිම්වරු අත්පත්කරගෙන සිටියහ.බෞද්ධයෝ එම ගම අතහැර ගොස් තිබිණි.එසේම 30 වසරක් පුර පවතී යුදමය වකවානුව තුල කිසිදු බෞද්ධයෙකු මේ පිලිබදව සොයා නොබැලු නමුත් යුදමය වාතාවරණය අවසන් වී මැතක සිට මේ පිලිබදව හිමිකම් කීමටත්, එම ඉඩම් පුරාවිද්‍යා ලෙස කියමින් අල්ල ගැනීමටත් කටයුතු කිරීම පටන් ගැනිණි.
එහි වෙසෙන මුස්ලිම් වරුන්ට පුරාවිද්‍යා පිළිබද දනිමක්ද නැත. පොලොව යට ඇති දේ ඉහලට නොපෙනෙන අතර ,එය නොදත් එහි වෙසෙන ගම වසින් කෘෂි කාර්මික කටයුතු සදහා ඉඩම් භාවිතයට ගත් බව සලකන්න.
එබැවින් මේ පිලිබදව චෝදනා නගන පුද්ගලයෝ මිට පෙර තත්වය දැන සිටීම උගහටය,
උස්ලිම්ව්රුන්ට නිදන් පිළිබද දැනීමක් නැත. යම් ලෙසකින් එම ගම්මාන සිංහල ගම්මාන උව නම් පුරාවිද්‍යා විනාශ කොට නිදන් ලබා ගැනීම සිදු වන්නට තිබිණි.
මෙම පොතුවිල් මුහුදු මහා විහාරය පිළිබද උනන්දුව එහි වලදමා ඇති නිදන් පිලිබදව බොහෝ මදය විසින් හෙළිදරව් කොට තිබිණි.
අනවසර ඉදිකිරීම් ඇත්නම් ඒවා ඉවත් කල යුත්තේ රටේ නීතියට මිස ඉස්ලාමයට හෝ මුස්ලිම් වරුන්ට අපහස කිරීමෙන් නොවේ. මන්ද පුරාවස්තු විනාශ කරනු ලැබුවේ අධික තණ්හාවට පන්සලේම වැඩ සිටින භික්ෂුන්මය.
මේ පිළිබද වැඩි තොරතුරු ::

http://yarsaad.blogspot.com/2012/10/blog-post_20.html

http://yarsaad.blogspot.com/2012/10/blog-post_18.html

http://yarsaad.blogspot.com/2011/08/blog-post_4291.html


Where's The Comment Form?

Liked it here?
Why not try sites on the blogroll...