ලොවම ක්‍රිස්තියානිකරණය කිරීමට වෑයම් කරන ඇමෙරිකානු දුගද හමන සදාචාරයේ විෂබීජ

Posted on August 3, 2011. Filed under: එතෙර | Tags: , , , , , , , , , , , , , |

ලෝකයේ අද පවතින සියලුම ගැටුම් පිටුපස සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.කොරියාව දෙකට බෙදා දකුණු කොරියාවේ බෞද්ධ ප්‍රතිශතය 75% සිට 17% දක්වා බැස්සුවේ ඇමෙරිකාවේ මිෂනාරි කණ්ඩායම්ය.

පිලිපීනයේ තත්වයද එසේමය.

දැන් උතුරු කොරියවටද ක්‍රිස්තියානි ආගම් දැල  එලා තිබේ.එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බන් කි මූන් මහතා අලුත් ක්‍රිස්තියානි නිකායක සාමාජිකයෙකි.

දැන් තායිලන්තයද සීග්‍රයෙන් ඇමෙරිකානු සංස්කෘතිය වැළද ගනිමින් ක්‍රිස්තියානිකරණය වෙමින් පවතී.

ඩිම් ඩියම් නමැති පුජකවරයා වියට්නාමයේ පාලකයා ලෙස පත් කර ඇමෙරිකන් හමුදා යවා බෞද්ධයන් මිලියන 3 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීම විසි වන සියවසේ සිදු වුනු දැවැන්ත මානව සංහාරයයි.
ගරිල්ලා නායක ගුස්මවෝ ඉන්දුනීසියාවේ නැගෙනහිර ටිමෝරය ක්‍රිස්තියානි රටක් බවට පත් කලේ ඇමෙරිකාවේ උදව්වෙනි.
සුඩානය දෙකඩ කරමින් ක්‍රිස්තියනින්ට වෙනම රටක්,පාලනයක් ඇති කලේද ඇමෙරිකාව හා එක්සත් ජාතීන්ගේ උදව්වෙනි.
ඒසේම ,යුදෙව් ඉශ්‍රලය ඇති කලේ මුස්ලිමුන්ට එරෙහිවය.
ඉතා රහසිගත ඇමෙරිකානු මෙහෙයුමක් ගැන විස්තර කෙරෙන පොතක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. “නව ලෝක සැලැස්ම පිටුපස තිබෙන්නේ කුමක්ද ?” යනුවෙන් නම් කෙරුණු එම පොත ,ජෝජ් බුෂ් මහතාගේ ප්‍රේකාශයක් උපුටා දැක්වෙයි.
“එය කදිම අදහසකි,විවිධ ජාතින් පොදු අරමුණක් උදෙසා එක කෙරෙන එය නව ලෝක සැලැස්මකි.එය පෙරට ගෙන යාමට බලයක් හා ශක්තියක් ඇත්තේ ඇමෙරිකාවට පමණි.පුද්ගලයන් වශයෙන්ද,ජාතීන්හි පුරවැසියන් වශයෙන්ද, ජිවන රටාව,පවුල හා රැකියාව,අපගේ වෙළද කටයුතු හා ගනුදෙනු ,අධ්‍යාපන ක්‍රම ,ආගම් හා සංස්කෘතීන් ආදී සියල්ල එමගින් වෙනස් වනු ඇත.කිසිවෙකුටත් එයින් මිදෙන්නට බැරි වෙයි.”
ඇමෙරිකාව සියලු කටයුතු කරන්නේ ඉහත කි නව සැලැස්ම සාර්ථක කර ගැනීම සදහාය.එක දේශයක්,එක ව්‍යවස්ථාවක් හා එක අනාගතයක් වෙනුවෙන් ඇමෙරිකානුවන් බැදී සිටින බවත්, එකට එක්වී ක්‍රියා කරන විට ඇමෙරිකාවේ ශ්‍රේෂ්ටත්වය සිමා ඉක්මවා යන බවත් පවසයි.එයින් අදහස් වන්නේ මුළු ලොවම එක් ආගමක්,එකම සංස්කෘතියක් හා එකම පාලනයක් යටතට ගැනීමයි.ලෝක පාලන සැලැස්ම දියත් කරන විට වෙනත් රටවලින් එල්ල වන අපවාද වලින් ගැලවීම සදහා ඇමෙරිකාව සිත් ඇදගන්නා තේමාවන් යොදා ගනී.
ගෝලීයකරණ, මානව අයිතීන් සුරැකීම,ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම,මානුෂිය ආධාර සැපයීම,සංවර්ධන ව්‍යාපෘති,අවබෝධතා ගිවිසුම්,ආරක්ෂාව තහවුරු කිරීම,සාමය උද කිරීම,ත්‍රස්තවාදය පිටු දැකීම, වැනි මාතෘකා ඒ අතර වෙයි.
කිසියම් රටක් සදහා සැලසුමක් සකස් කරන විට ඒ රටේ යුධමය හා අර්ථක ශක්තිය,ආගම,සංස්කෘතිය,ස්වභාවික සම්පත්,භූගෝලීය ලක්ෂණ ,ජාත්‍යන්තර සබදකම් වල ස්වභාවය ගැන අවධානය යොමු කෙරෙයි.ඒ සදහා දන්ත රැස් කරන්නේ සි.අයි.ඒ (C .I .A) ඔත්තු සේවාවයි.
ඒ ඒ රටවල් වලට මුදල් දී ලබා ගන්නා ව්‍යාපෘති වාර්තා සහ උපාධි බන්ධනද උපකාරී කර ගනියි.සැලසුම් වල මුලික ඉලක්කය වන්නේ ඒ රටේ සම්පත් සුරා කෑම,පාලනය අවුල් කිරීම,පාලකයින් අවනත කරගැනීම හා සමාජ ක්‍රමය වෙනස් කිරීමයි.ඒ සදහා ආගමික,සංස්කෘතික හා පාරිසරික හැර පද්ධතීන් විනාශ කෙරේ.ඒ වෙනුවෙන් දියත් කෙරෙන සියලු මෙහෙයුම් හා එමගින් සිදු වන විපත තේරුම් ගැනීම අමාරුය.
ඝර්ම කලාපිය වැසි වනාන්තර සංරක්ෂණ පනත මගින් ඇමෙරිකාව අපේ සිංහරාජ අඩවිය අත්පත් කර ගන්නට සැලසුම් කලේ “යලි පුබුදමු ශ්‍රී ලංකා ” වැඩ සටහනට ආධාර කිරීමෙනි.එය ක්‍රියාත්මක වුන නම්, අපට අපේ රටේ බෙහෙත් පැලයකටවත්,ඇත තබන්නට නොහැකි වන ලෙස සියලු අයිතිය ලබා ගන්නට තිබිණි.ජලයට මිල නියම කිරීමෙන් ගැමියන්ගේ ජිවන රටාවද උඩු යටිකුරු වනු නිසැකය.
සෝවියට් දේශය බිද,දැමීමටද මෙවන් උපක්‍රම භාවිත කෙරිණි.එය සිදු කලේ නැගෙනහිර යුරෝපයේ සිට විකාශය කෙරුණු විද්යුත් මාධ්‍ය වැඩසටහනක් ඔස්සේ නිදහස් සුරංගනා ලෝකයක් මවා පාමිනි.කියුබානුවන්ගේ මනස වෙනස් කිරීමටද ඇමෙරිකාව එවැනි උපක්‍රම දියත් කෙරේ.ඇමෙරිකානු සංස්කෘතිය ආක්‍රමණය සිදුවන්නේ අප නොසිතන පැත්තකිනි.
ඉස්ලාමය සමග ඇමෙරිකාවේ ක්‍රිස්තියානි ලොව ජය ගැනීමේ තරගයක දී සිටියි.ඇමෙරිකාව විසින් ඔසාම බින් ලාඩන් පුහුණු කරන ලද්දේ සෝවියට් දේශයට එරෙහිව සටන් කිරීමටයි.ඇෆ්ගනිස්ථානයේ ක්‍රිස්තියානි ආගම පැතිරවීමද ප්‍රධාන අරමුණකි.නමුත් තලේබාන් හමුදාව එයට ඉඩ දුන්නේ නැත.පසු කාලීනව ඇමෙරිකාවේ නියම ස්වරුපය දැනගත් බින් ලාඩන් ද, ඇමෙරිකාවට විරුද්ධව සටන් කළහ,ආගම් ප්‍රචාරයේ යෙදුනු ක්‍රිස්තියානි මිෂනාරීන් පිරිසක් ඔවුන් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.ජෝජ් බුෂ් ඇෆ්ගනිස්ථානයට පහර දෙන්න පටන් ගත්තේ ඉන්පසුවයි.ඊට පෙර දකුණු කොරියාවේ ඇමෙරිකන් පල්ලි වලින් ඇෆ්ගනිස්ථානයට යැවූ මිෂනාරි පිරිසක්ද තලේබාන් ග්‍රහණයට පත් වුහ.
ත්‍රස්තවාදයට එරෙහි ලෝක යුද්ධයේ කාර්යභාරය පිළිබද දේශනයක දී බින් ලාඩන් ඇල්ලීමේ මෙහෙයුමේ ප්‍රධානියා වන ජෙනරාල් විලියම් බෝයිකින් කලප්‍රකාශයක් අන්තර්ජාලය පුර දක්නට ලැබේ.මෝහම්මත් තුමාට විරුද්ධව කල සෝමාලිය සටනින් ජයගත් බව ඔහු පවසා ඇත්තේ උද්ධමයෙනි.
(I knew my god was a bigger than his.I knew my god was a real god and his was an idol. Because we are Christian nation. Our foundation and our roots are judeo-Christian and the enemy is a guy named Satan )
ජෝජ් බුෂ් දෙවියන්ගේ නියමය පරිදි කුරුස යුද්ධය ක්‍රියාත්මක කල බව බෝයිකින් වැඩි දුරටත් පවසා ඇත.ජෝජ් බුෂ්ගේ අදහස අනුමත කරමින් දෙවියන් වහන්සේ සිශිනයෙන් පැමිනි බව අයිලන්ඩ් පුවත් පතේ පල වී තිබුණි.බි.බි.සිය මගින් ප්‍රචාරය වූ එම ප්‍රවෘත්තිය නිවැරදි බව ඔහුගේ ක්‍රියා කලාපයෙන් පෙන්නුම් කළහ.
ඉරාකය විනාශ කලේ ඛනිජ තෙල් සම්පත් සතු කර ගැනීම සදහාය.ඇමෙරිකාව චෝදනා කල පරිදි රසායනික අවි ඉරාකයේ නොතිබිණි.සදාම් මරා දැම්මේ හජ් උත්සවය පැවැත්වෙන අවස්ථාවේදීය.ඉරාකයේ කෞතුකාගාර විනාශ කරමින් ජන ජීවිතය අදාල කලේද ඇමෙරිකාවය.
වර්තමානයේ දේශපාලන හා සමාජීය වශයෙන් ශ්‍රීලංකාව කලම්බවනු ලබන්නේද ඇමෙරිකාවයි.මානුෂිය ආධාර හොදකට ලෙස පෙනුනත් හොදකට නොවන බව කව්රුත් තේරුම් ගත යුතුය.
Advertisements

Make a Comment

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

2 Responses to “ලොවම ක්‍රිස්තියානිකරණය කිරීමට වෑයම් කරන ඇමෙරිකානු දුගද හමන සදාචාරයේ විෂබීජ”

RSS Feed for yarsaad Comments RSS Feed

ලොවම ක්‍රිස්තියානි කරන්ඩ තරම් නම් පිස්සුවක් පොදුවේ ඇමරිකන් කාරයින්ට නෑ කියල ෂුවර්.. හැබැයි එහෙම උවමනාව තියෙන සෙට් එකකුත් ඇමෙරිකාවෙ ඉන්නව.. නමුත් ඇමෙරිකාවෙ වැඩිපුර මිනිස්සු උන්ව ගණන් ගන්නෙවත් නැහැ (ඒ නිසාම තමයි උන්ට අනික් රටවලට ඇවිත් ආගම් ප්‍රචාරය කරන්ඩ වෙලා තියෙන්නෙ ).. බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම්, යුදෙවු, සික්, මොර්මන්, අප්‍රිකානු,ෂින්ටො,පේගනිස්ම​්, විච්ක්‍රාෆ්ට්, භේදයක් නැතුව හැම ආගමේම මූලධර්මවාදින් ඉන්නව.. කාටවත් නෑ කියන්ඩ බෑ.. ඒත් ඇමෙරිකාවෙ සිටින ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි වලට සහ ජපානයේ සිටින මහායාන කල්ලි (ජෝරෙ වැනි ) වලට ඇති විශේෂ වරප්‍රසාදයක් තමයි ඒ රටවල තිබෙන ඉහළ සන්වර්ධනය.. ඒ නිසා ඒව ජාත්‍යන්තරව ව්‍යාප්ත කරන්ඩ අත දිග ඇරල වියදම් කරන්ඩ මිනිස්සු ඉන්නව.. ඉස්ලාම් වලට වුනත් මැද පෙරදිගින් ෆන්ඩ්ස් එනවනෙ.. බුදු දහමට වුනත් එහෙමයි, බෞද්ධ රටවල් උදවු කරනව.. නමුත් වෙනස තියෙන්නෙ ඇමෙරිකන්/ජැපනීස් කල්ලි වලට වගේ මහ පරිමාණෙන් කරන්ඩ සල්ලි නැති එක..

හැබැයි ඉතින් එකක් කියන්ඩ ඕනෙ.. ආගමික ස්ථාවරය අතින් ගත්තොත් ඇමෙරිකාවෙ රජය ලොව ඇති අපක්ෂපාතීම රජයන් අතරින් එකක්.. ඇමෙරිකන් ව්‍යවස්ථාවෙන්ම, රජය විසින් කිසිම ආගමකට උදවු කිරීම හරි බාධා කිරීම හරි තහනම් කරල තියෙනව.. ලන්කාවෙ රජය බුදු දහමට උදවු කරනව වගේ එක ආගමකට උදවු කරන්ඩත්, ප්‍රන්ශයේ රජය බුර්කාව තහනම් කළා වගේ එක ආගමකට කැපිල්ල දාන්ඩත් ඇමෙරිකන් ආණ්ඩුවට බැරි වෙලා තියෙන්නෙ ඒකයි.. කොටින්ම ඇමෙරිකාවෙ ක්‍රිස්තියානි බහුතරයක් හිටියට ඇමෙරිකන් රජය නිර්-ආගමිකයි..

ඒ නිසා අමෙරිකාවට “ලෝකය ක්‍රිස්තියානි කරන්ඩ වුවමනාවක්” තිබෙන බව මම කිසිසේත් පිළිගන්නෙ නැහැ.. හැබැයි ඇමෙරිකාවෙ තිබෙන ඇතැම් කල්ලි වලට එහෙම ඕනෙ බව ඇත්ත.. ඒවට යහමින් මුදල් ලැබෙන බවත් ඇත්ත.. නමුත් ඒ ලැබෙන්නෙ ඒවට මතවාදීව හිතවත් පුද්ගලයින්ගෙ සල්ලි මිසක් රජයේ හෝ මහජනයාගෙ සල්ලි නෙමෙයි.. ඒකෙන් කියවෙන්නෙ නෑ එම කල්ලි වෙන රටවල කරන දේ හොද දෙයක් කියල.. නමුත් ඒක ඇමෙරිකාවෙ “සෙන්ට්‍රල් ඇජෙන්ඩා එකක්” කියන එක පිළිගන්ඩ අමාරුයි.. අනික් අතට බලද්දි ඇමෙරිකාව තුළ තියෙන්නෙ ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි විතරක් නෙමෙයි.. ඉස්ලාම්, බෞද්ධ, කතෝලික, යුදෙවු කල්ලි වලට වගේම දැඩි මාර්ක්ස්වාදී කල්ලි වලටත්, එල්ටීටීඊ, හමාස්, අල් කයිඩා, එල්.ආර්.ඒ, අයි.ආර්.ඒ වැනි ත්‍රස්ත කල්ලි වලටත් ඇමෙරිකාවෙන් විශාල වශයෙන් මුදල් යනව.. ඒ යන්නෙ එම ත්‍රස්ත කල්ලි වලට ඇමෙරිකන් රජය තහන්චි පනවා ඇති විට පවා.. මොකද ඇමෙරිකාවෙ තිබෙන නිදහස්වාදී ආර්ථිකය තුළ එම ට්‍රාන්සැක්ෂන්ස් මුළුමණින්ම නවත්වන්ඩ රජයට පුළුවන්කමක් නැහැ.. ඒ වුනත් ඇමෙරිකාවට ලෝකය හින්දු කරන්ඩ, බෞද්ධ කරන්ඩ, ඉස්ලාම් කරන්ඩ, යුදෙවු කරන්ඩ, මාක්ස්වාදී කරන්ඩ, කොටින්ට රටක් දෙන්ඩ, උතුරු අයර්ලන්තය බ්‍රිතාන්‍යයෙන් වෙන් කරන්ඩ, උගැන්ඩාවෙ පැරාමිලිටරි ඇති කරන්ඩ වුවමනාවක් තියේ යයි පැවවීම සාධාරණ නැහැනෙ.. “ඇමීරිකාවට ලෝකය ක්‍රිස්තියානි කරන්ඩ වුවමනාය” කියන ප්‍රකාශයත් මට පේන්නෙ ඒ විදිහට..

ලිපියෙ අනෙක් කොටස් වලින් කියල තියෙන්නෙ ඇමෙරිකාවට “ලෝකය ක්‍රිස්තියානි කරන්ඩ” තියෙන වුවමනාවක් ගැන නෙමෙයි.. ලෝකයේ තමන්ගෙ බලය ව්‍යාප්ත කරගන්ඩ තියෙන වුවමනාවක් ගැන.. ඔය කියන නිව් වර්ල්ඩ් ඔර්ඩර්, සී අයි ඒ ඔත්තු සේවාව යනාදියෙන් කියන්ඩ යන්නේ ඒ කතාවනෙ..

හොදයි, “ඇමෙරිකාවට ලෝකයෙ තමන්ගෙ බලය ව්‍යාප්ත කරන්ඩ වුවමනාවක් තිබේය” යන කරුණ බැහැර කරන්ඩ බෑ.. ඔවුන්ගෙ දීර්ඝ කාලීන සැලසුම් ඒ සදහා තියෙනව වෙන්ඩත් පුළුවන්.. ඇතැම් විට එම අදහස් නිසා තුන්වෙනි ලෝකයට විශාල හානි සිදු වුණ අවස්ථා ද තියෙනව..( උදා:- සී අයි ඒ මුල් වී ග්වාටමාලාවේ ජනාධිපති ආර්බෙන්ස් බලයෙන් පහ කිරීම, ලතින් ඇමෙරිකාව, අප්‍රිකාව සහ මැද පෙරදිග සමාජවාදයට විරුද්ධ ඒකාධිපතියන් ආරක්ෂා කිරීම ආදී දේවල් ).. නමුත් ඔතැන පොඩි කොස්සක් තියෙනව.. ලෝකය ඔය විදිහට පාලනය කරන්ඩ වුවමනා ඇමෙරිකාවට විතරයි කියල හිතන එක බොරුවක්.. ඒ වුවමනාව හැම රටකටම තියෙනව.. (වෙනස තියෙන්නෙ අනික් අයට ඒ සදහා මුදල්, බලය, දැනුම හා තාක්ෂණය නොමැතිකම ).. රුසියාව සහ චීනය, ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ කටයුතු වලට අත පොවන අන්දම දැක්කහොත් හුදු ඇමෙරිකන් විරෝධය නිවැරදි දේශපාලන පසුබිමක් නොවන බව මැනවින් පෙනේවි.. මීළග සියවස තුළ පොදුවේ ලෝකයට මුහුණදෙන්ඩ වෙන ප්‍රධාන ගැටළුව ඇමෙරිකානු අධිරාජ්‍යවාදය නොවෙයි.. චීන ව්‍යාප්තවාදය.. අපි දැනට ඇමෙරිකාවට බැන බැන හිටියට (බණින්ඩ හේතු තියෙන බව ඇත්තයි ), ඔය කරුණෙදි අපට ඇමෙරිකන් සහය ගන්ඩ සිද්ධ වෙන්ඩ බොහෝ දුරට ඉඩ තියෙනව.. දැනටමත් ආසියා පැසිෆික් කලාපීය රටවල් සහ ඉන්දියාව එය වටහා ගනිමිනුයි සිටින්නේ.. දැනටමත් චීනය ලාසා හි බෞද්ධයින්ට සහ උරුම්ක්වි හි මුස්ලිමුන්ට සලකන හැටි ගැන කදිමට වාර්තා පැමිණෙමිනුයි පවතින්නෙ..

ඇමෙරිකාව නිසා ලෝකයට විශාල විනාශයක් සිදුවී තිබෙන බව ඇත්තයි.. නමුත් එසේ සිදු වන හැම අවස්ථාවකදීම යුධ ප්‍රයත්නයන් අතරමග නතර කරන්නට සිදු වූයේ එම විනාෂයට / යුද්ධයට ඇමෙරිකානු ජනතාවගෙන්ම ඇති වූ විරෝධය නිසයි.. උදාහරණයක් ලෙස වියට්නාම් යුද්ධයේ ඇමෙරිකාව කරන විනාශය මාධ්‍ය වාර්තා කළ පසු ඇති වූ ජනතා විරෝධය නිසා ඇමෙරිකාව වියට්නාමයෙන් ඉවත් වුනේ යුදමය වශයෙන් වාසි සහගත තත්වයක් තිබියදීයි.. රුසියාවෙ සහ චීනයෙ ඒ බයිල නැහැ.. රුසියන් හමුදාව දශක හතරක් නැගෙනහිර යුරෝපය අල්ලගෙන හිටිය.. දශකයකට අධික කාලයක් ඇෆ්ඝනිස්ථානය අල්ලගෙන හිටිය.. මරපු මිනිස්සු ගාන, දරුවන් ගාන, දූශණය කරපු ගැහණු ගනන මනිනව නම් මනින්ඩ පුළුවන් මිලියන වලින් විතරයි.. නමුත් ඒව රුසියන් මාධ්‍ය වලින් පෙන්නුවෙ නැහැ.. ජනතාවට ඒව ගැන “හ්ම්ම්” සද්දයක්වත් කියන්ඩ ඉඩක් තිබ්බෙත් නැහැ.. ඒක නිසා තමයි ඇමෙරිකාව කොතරම් විනාශයක් කරත් ඔවුන් කෙරෙහි මගේ ඇති ගෞරවය පවතින්නෙ..

ඒව ඔක්කොම පැත්තකින් තියන්ඩ.. ලෝක ආහාර නිෂ්පාදිතයෙන් 50%ක් කරන්නෙ ඇමෙරිකන් ගොවියො.. ඔවුන් කෑම විසි කරද්දි අප්‍රිකාවෙ ළමයි කන්ඩ නැතිව මැරෙන බව ඇත්තයි.. නමුත් ඒවායින් කොටසක් විසි නොකර පරිත්‍යාග කිරීම නිසා ජීවිත කී ලක්ෂයක් නොමැරී බේරෙනවද කියන එකත් අමතක කරන්ඩ බැහැ.. ඔවුන්ගෙ නිෂ්පාදනයෙ මූලික අරමුණ අප්‍රිකාවට කන්ඩ දීම නොවෙයි.. ලෝකය පුරා ඇමෙරිකන් ස්වේච්ඡා සන්විධාන සිය ගණනක් සේවය කරනව.. ඒවායෙ අරමුණ වන්ක වෙන්ඩ පුළුවන්.. නමුත් වෙන කිසිම රටක් ඉදිරිපත් නොවී සිටින අවස්ථා වල ඔවුන් කරන සේවය අගය කළ යුතුයි නේද? ඒ වගේම ඇමෙරිකාවට අපි බණින්ඩ සහ අපේ බැණුම තවත් අයට ප්‍රචාරණය කරන්ඩ අපි යොදාගන්න උපකරණ, තාක්ෂණය පමණක් නොව නිදහස පවා ඇමෙරිකාවෙන් ආපු බව බැහැර කරන්ඩ බෑ.. ඒ වගේම එම බැණුම ඉතාම ඉහළ මට්ටමේ සිට ක්‍රියාත්මක කරන බොහොමයක් අය එක්කො ඉන්නෙ ඇමෙරිකාවෙ.. නැත්තම් ඇමෙරිකන් විශ්වවිද්‍යාලෙක ඉගෙන ගනිමින් (පෞද්ගලිකව එහෙම කිව්ව නෙමෙයි ඔන්න ).. මධ්‍යස්ථ මට්ටමේ නේටිව් කන්ට්‍රීස් වල ඉන්න අය වුනත් ජීවිත ආපදාවකදි යන්නේ ඇමෙරිකන් තානාපති කාර්යාල වලටයි.. ෂුවර් නැති නම් අපි දේශ හිතෛෂී, දේශප්‍රේමී රතු සහෝදරවරුන්ගෙන්, හෙළ උවුමයෙ උදවියගෙන්, අතිගරු රාජපක්ෂ පවුලෙ සාමාජිකයන්ගෙන් පවා ඕනෙ නම් අහල බලමු..

මේ දේවල් කිව්වෙ ඇමෙරිකාව හොදයි කියන්ඩ එහෙම නෙමෙයි ඔන්න.. හැම රටක් වගේම ඔවුන්ටත් හොද නරක දෙකම තියෙනව..


Where's The Comment Form?

Liked it here?
Why not try sites on the blogroll...

%d bloggers like this: