කොටින්ගේ මුස්ලිම් සංහාරය

Posted on August 8, 2011. Filed under: කාලින | Tags: , , , , , , |

1990 වසර මෙරට වාසය කරන ජාතීන් අතර තුන්වැනි ස්ථානය දරන මුස්ලිම් ජනතාවට අමතක නොවන්නා වූ වසරක් වේ. දෙමළ බස කතා කරන්නා වූ ජාතීන්ගෙන් එකක් වූ මුස්ලිම් ජාතිය ඔවුන් විසූ උතුරු නැගෙනහිර පළාත්වලින් සහමුලින්ම විනාශ කර දැමීමට ත්‍රස්තවාදී කොටි සංවිධානයට අයත් හිත්පිත් නැති දඩබ්බර මිනීමරුවන් කිසිදු චකිතයකින් තොරව පෙරට පැමි‚ වසර මෙය විය. කොටි නායක ප්‍රභාකරන්ගේ අණදීමක් යටතේ තම සංවිධානයට හතුරු වූවා යැයි සැලකෙන මුස්ලිම්වරුන් උතුරු නැගෙනහිරින් පන්නා දැමීමේ දුෂ්ඨ චේතනාවෙන් එසේ කි්‍රයාත්මක වූ කොටි ත්‍රස්තවාදී කණ්ඩායම් ඉන් බලාපොරොත්තු වූයේ තම ජාතියට අයත් ජනයා පමණක් එම දෙපළාතේ ඉතිරි කරගෙන තමන්ට දෙවැනි වූ මුස්ලිම්වරුන් ඒ පළාත්වලින් වඳකර දැමීමටය. ඒ අනුව 1990 අගෝස්තු මස 3 වැනිදා කොටි ත්‍රස්තයෝ තම මුල් මුස්ලිම් ඝාතනය ඉතා තිරිසන් ලෙස සිදුකළහ.

නැගෙනහිරට අයත් කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලි දෙකක් මුල් කරගෙන එම වසරේ මේ මිනිස් සංහාරය කොටි ත්‍රස්තයෝ පටන් ගත්හ. එහි පිහිටි හුසේනියා මුස්ලිම් පල්ලියේත් මීරා ජුම්මා පල්ලියේත් තම ආගමික කටයුතුවල නියැලෙමින් සිටි මුස්ලිම් බැතිමතුන් වෙත ආයුධ සන්නද්ධව කඩාවැදුණු කොටි කාඩරයෝ කණ්ඩායම් දෙකක් ලෙස සැදී ඒ අතිබිහිසුණු කි්‍රයාව සිදුකළහ. ඔවුන් විසින් කරන ලද එම සමූහ ඝාතනයෙන් අහිංසක මුස්ලිම්වරුන් 140කගේ ජීවිත මරුට බිලි වූ අතර 70ක පමණ පිිරිසක් බරපතළ ලෙස තුවාල ලැබූහ. ගිනිඅවි, කඩු, කැති වැනි ආයුධ අතින් දරාගෙන එම මුස්ලිම් දේවස්ථාන තුළට කඩාවැදුණු කොටි ඒ අවස්ථාවේ තම දෙවියන් යදිමින් යාඤාවේ නියැලෙමින් සන්සුන් අයුරු සිටි ඉස්ලාම් බැතිමතුන් වෙත පැමිණ ඔවුන්ට වෙඩි තබමින් තියුණු අවිවලින් කපා කොටා දමමින් මහත් විනාශයක් කරද්දී අසරණ අහිංසක මුස්ලිම්වරුන් වෙතින් නැගුණු අඳෝනා හ~, වේදනාවෙන් නගන කෙඳිරිලි හ~ නිසා ඒ අවට ප්‍රදේශය පුරා බියකරු තත්ත්වයක් ගෙනහැර පෑවේය.

එම මුස්ලිම් බැතිමතුන්ගේ ශරීරවලින් උණු උණුවේ ගලා ගිය රුධිර ගංගාවෙන් මුළු දේවස්ථානයේ හා අවට ප්‍රදේශයේ පොළොව තෙත්ව ගියේය. එදා කාත්තන්කුඩියේ මුස්ලිම් ජනතාව මුළු දවස මහත් භීතියකින් යුතුව තැතිගත් අයුරු කම්පිතව සිටියහ.


ඉන් සතියක් ගත වෙද්දී එනම් 1990 අගෝස්තු මස 12 වැනිදා නැගෙනහිර පළාතට අයත් —එරාවුර්˜හි පිච්චිනගර් නමැති මුස්ලිම් ගම්මානට යළි කඩාවැදුණු කොටි ත්‍රස්තවාදීහු එහි තම දෙවැනි මුස්ලිම් සංහාරය පටන් ගත්හ. ඒ අනුව එම ගමේ පදිංචිව සිටි මුස්ලිම් මිනිස් ජීවිත 118 (එකසිය දහඅටක්) වෙඩි තැබීමෙන් හා කපා කොටා දැමීමෙන් මරුට බිලි දුන්හ. ඒ අතර එම ප්‍රහාරයෙන් විසිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ. එරාවුර් පිහිටා තිඛෙන්නේ මඩකළපුවේ සිට සැතපුම් 9ක් පමණ වූ දුරකිනි. මඩකළපු ¡ පොළොන්නරු මාර්ගයේ පිහිටා ඇති මෙම ග්‍රාමය තුළට එසේ කඩාවැදුණු කොටි ත්‍රස්තවාදීන් තම අත දරා සිටි ටී 56 ගිනි අවි, කඩු, පිහි වැනි තිියුණු අවි උපයෝගී කර ගනිමින් එම මුස්ලිම් වැසියන් ඝාතනය කළේ ඔවුන් කෙරෙහි පුදුමාකාර වූ වෛරයක් සිත්හි දරාගෙනය. මේ නිසා මුස්ලිම් ජාතික පිරිමි හතළිස්පහක්ද, ගැහැණු විසිඅට දෙනෙක්ද, ළමයින් තිස්එක් දෙනෙක්ද තම ජීවිතවලින් කොටින්ගේ වියරු පළිගැනීම්වලට වන්දි ගෙවූහ. මේ එතැනදී අමු අමුවේ මරා දමා තිබූ මුස්ලිම් ජීවිත සංඛ්‍යාවයි. ඒ අතර කොටි ත්‍රස්තයෝ එම ගමේ නිවෙස්වලට කඩාවදිමින් ඒවායේ තිබූ රන් භාණ්ඩ ඇතුළු වටිනා කියන දෑ පවා කොල්ලකා ගත්හ. සමහර මුස්ලිම් වැසියන් මරා දමා තිබුණේ ඔවුන්ගේ හිස් කඩුවෙන් කපා සිරුරෙන්ද වෙන්ව යන අයුරිනි. මේ තරම් දරුණු ලෙස මිනිස් ජීවිත නිකරුණේ විනාශ කළ කොටි ත්‍රස්තයන් එසේ සිදුකළේ ඉතිරි මුස්ලිම් වැසියන් සැවොම තම ජීවිත රැක ගැනීමේ අරමුණෙන් උතුරු නැගෙනහිර පළාත් අත්හැර වෙනත් පළාත්වලට පලායාවිය යන බලාපොරොත්තු සිත දරාගෙනය. ඒ අදහස ප්‍රමාද වන විට ඔවුහු මුස්ලිම් ජනතාවට උතුරු නැගෙනහිර පළාත්වලින් පිට වන ලෙස දන්වා ඒ සඳහා පැය ගණනින් සීමා කළ කාලයක් දැනුම්දුන්හ.

එරාවුර් සිද්ධියෙන් පසු යළිත් කි්‍රයාත්මක වූ කොටි එම සිද්ධියෙන් දින තුනකට පසු නැගෙනහිර අරන්තලාවට අයත් මුස්ලිම් ගම්මානයකට කඩාවැදුණහ. එහිදී කළ ප්‍රහාරය තුළින් මුස්ලිම් වැසියන් නවදෙනකුගේ ජීවිත තොර විය. එයට කලින් එනම් අගෝස්තු මස පස්වැනි දින මුල්ලියන්කාඩු නමැති ගම්මානයේ කුඹුරක ගොවිතැන් කටයුතුවල නියැලෙමින් සිටි මුස්ලිම්වරුන් දහහත් දෙනෙක් (17) කොටින් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදහ. එයට පසුදින එනම් 6 වැනිදා අම්පාරේ පිිහිටි වෙල්යායක නියර මත සිටි මුස්ලිම් ගොවියන් 33 දෙනෙක් කොටින්ගේ ගිනිඅවිවලට ගොදුරුව මියැදුනහ. එයටත් කලින් ජූලි මස 30 වැනිදා අක්කරෙයිපත්තු නගරයේදී මුස්ලිම්වරුන් 14 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට තරම් කොටි ත්‍රස්තයෝ සාහසික වූහ.

1990 වසර තුළ පමණක් කොටි ත්‍රස්තයන් විසින් ඝාතනයට ලක් කරන ලද මුස්ලිම් වැසියන්ගේ සංඛ්‍යාව පන්සියයකටත් අධික බව සඳහන් කළ යුතුය. දෙමළ ජනතාවගේ නිදහස සඳහා සටන් වදිනවා යැයි කියමින් මෙසේ මිනිස් සංහාර සිදුකරන කොටි ත්‍රස්තයන් තම සහෝදර ජනතාව ලෙස මුල සිට පිළිගත් මුස්ලිම්වරුන්ද ඝාතනය කරමින් නැගෙනහිර පළාත තුළ පමණක් මෙවන් කුරිරු වූ කි්‍රයාවල නිරත වූයේ ඇත්ත වශයෙන්ම එයින්වත් මුස්ලිම්වරුන් උතුරු නැගෙනහිර අත්හැර වෙනත් පළාත් කරා පැන යනු ඇතැයි සිතූ බැවිනි. 1990 වසරේදී උතුරු පළාතට අයත් යාපනය, මුලතිව්, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය යන දිස්ති්‍රක්ක පහේ පදිංචිව සිටි ලක්ෂයකටත් අධික වූ මුස්ලිම් ජනයා කොටි සංවිධානයේ ත්‍රස්තවාදීන් දුන් නියෝග අනුව එම ප්‍රදේශවලින් සහමුලින්ම පන්නා දමන්නට යෙදු‚. එම වසරේ ඔක්තෝබර් මස 22 වැනිදා සිදුවූ මෙම පළවා හැරීමේ කි්‍රයාවලියේදී එම මුස්ලිම්වරුන් තමන්ට අයත් සියලූම දේ අත්හැර සමහරුන් ඇඳි වත පමණකින් යුතුව දිවි ගලවා ගන්නට පිටව ගොස් ඇත. මෙසේ ඔවුන්ට අයත් සියලූම බඩුබාහිරාදිය තමන් සතු කරගත් කොටි ත්‍රස්තයෝ එම අසරණ ජනතාව තම ප්‍රදේශවලින් පන්නා දැමූහ.

යාපනයේ විසූ මුස්ලිම් ජනතාවට එසේ පිටවී යාම සඳහා කොටින් විසින් කාලයක් වශයෙන් දෙන ලද්දේ පැය දෙකක් පමණි . ඒ පැය දෙක තුළ ඔවුන් යාපනය අත්හැර යා යුතු විය. එසේම අනෙක් දිස්ති්‍රක්ක හතරේ පදිංචිව සිටි මුස්ලිම් පවුල්වලට ඒවායෙන් පිටවීම සඳහා දෙන ලද්දේ පැය 48ක කාලයකි. එසේ දිස්ති්‍රක්කවල විසූ මුස්ලිම්වරුන් සියල්ලන්ටම යා යුතු වූ කාලසීමාව තුළ තමන් පදිංචි ස්ථාන අතහැර පිට වන ලෙස කාලසීමාවන් පැනවූ කොටි සංවිධානය එයට අනතුරු ඇඟවීමක් ලෙස කළේ එහි විසූ මුස්ලිම් ව්‍යාපාරිකයන් තිස්පස්දෙනෙකු පැහැරගෙන යාමය. එසේ පැහැර ගන්නා ලද ව්‍යාපාරිකයන්ගෙන් දහඅටදෙනෙකු මාස කිහිපයකට පසු නිදහස් කර එවන ලද්දේ ඔවුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණන් මුදල් කප්පම් ලෙස ලබාගත් පසුවය. අනෙක් ව්‍යාපාරිකයන් දහහත් දෙනාට සිදුවූ දෙයක් මෙතෙක් දැන ගන්නට නොමැත.

එදා උතුරු පළාතේ පදිංචිව සිටි මුස්ලිම් ජනතාව එසේ පලවා හරින තෙක් ඔවුන් එහි ජනගහනයෙන් සියයට පහකට වැඩි විය. එහෙත් 1990 ඔක්තෝබර් මාසය නිමා වන විට ඔවුන්ගේ එම සංඛ්‍යාවද සම්පූර්ණයෙන්ම උතුරු පළාතෙන් නිමාවට පත්ව තිබු‚. මෙසේ පලවාහරින ලද මුස්ලිම් වැසියන්ගෙන් විශාල පිරිසක් දෙමළ බස හැර වෙනත් භාෂාවක් කතා කරන්නටවත් දැන සිටියේ නැත. ආගම අතිනුත් එයට අදාළ වෙනත් සංස්කෘතීන් අතිනුත් පමණක් දෙමළ ජනතාව අතරින් වෙනස්කමක් දැක්වූ ඔවුන් එසේ පළවා හැරීමේ අසාධාරණ කි්‍රයාව සිදුකළ කොටි සංවිධානය ඉන් අදහස් කළේ දෙමළ ජනතාවට පමණක් එම ප්‍රදේශ අයත් බව පෙන්නුම් කිරීමටය. මෙසේ ඉතා කුරිරු හා සාහසික අන්දමින් මුස්ලිම් වැසියන්ගෙන් පන්සියයකට අධික පිරිසක් 1990 වසර තුළ මරා දැමීමෙනුත් උතුරු නැගෙනහිර විසූ ඔවුන් බහුතරයක් පළවා හැරීමෙනුත් මේ වන විට වසර දහඅටක් සම්පූර්ණ වී ඇත. උතුරෙන් පළවාහරින ලද මුස්ලිම්වරු මේ වන විටත් අනාථ කඳවුරු දහහතක ජීවත් වෙමින් නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටිති. මන්නාරමින් පන්නා දමන ලදුව පුත්තලමේ පිහිටි අනාථ කඳවුරක ජීවත් වන මුස්ලිම්වරුන් තවත් පිිරිසකි. උතුරෙන් පළවාහරින ලද මුස්ලිම්වරුන් තම ජීවිත කාලයක් තිස්සේ දුක්මහන්සි වෙමින් ගොඩනගාගත් සරුසාර කුඹුරු, වතුපිටි, ගව පට්ටි හා එළු පට්ටි, කුකුළන් ආදිය එදා ගිනි අවි පෙන්නා, කටින් තර්ජනය කොට පැහැරගත් කොටි බලවත්හු ඉන්පසු ඒවායේ ප්‍රතිඵල භුක්තිවිඳිමින් හිමිකරුවන් බවට පත්වූහ. එසේ උතුරු නැගෙනහිරින් පිටව ආ මුස්ලිම් ජනතාව සියයට අසූවකට වැඩි පිරිසක් තවමත් තමන්ට හිමිව තිබූ තම උපන් භූමියට පය ගැසීමට නොහැකිව පිට පළාත්වල සීසීකඩව වාසය කරමින් සිටිති. එම ප්‍රදේශවලින් ජීවිත රැක ගැනීමේ අරමුණෙන්ම තමන් සතු සියල්ල අත්හැර පිට වූ මුස්ලිම් ජනතාවගෙන් සියයට පනහක් පමණ තවමත් තම මව්බිමට ගොස් නැත. මේ අයුරු 1990 සිට අනාථයන් බවට පත්වූ උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාව කොටි ත්‍රස්තවාදයේ බලපෑමට ලක් වෙන්නට පෙර ගොවිතැන්, වෙළඳාම් ආදී නොයෙකුත් ජීවනෝපායන්හි නිරත වෙමින් යහපත් ජීවන රටාවකට හිමිකම් කීවන් බව රහසක් නොවේ. එහෙත් වසර දහඅටක් ගෙවී ගොස් ඇතත් මෙම ජන කොට්ඨාසය එසේ කොටි ත්‍රස්තයන් නිසා අනාථ බවට පත්වූ පසු තවමත් කිසි දියුණුවක් නොලබා අනාථ කඳවුරුවලට සීමා වී දුෂ්කරතා මැද දිවි ගෙවති.

Advertisements

Make a Comment

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

Liked it here?
Why not try sites on the blogroll...

%d bloggers like this: