දෙමළ ඊළම යනු තවත් ඊශ්‍රායලයක්ද..? -දෙමළ මාධ්‍ය ඇසින්

Posted on August 8, 2011. Filed under: එතෙර | Tags: , , , , , , |


—සත්‍යය කවදා හෝ හෙළිවනු ඇතැ˜යි කියන්නාක් මෙන් කොටින් කෙබඳු දෙමළ ඊළාම් රාජ්‍යයක් බිහිකරන්නට සුදානම් වන්නේද යන්න පිළිබඳව රටවල් ගණනාවක එකම අවස්ථාවක පළකරනු ලබන පත්‍රයක පළවී ඇත.

මෑතකදී කැනඩාවේදී පළවූ පත්‍රයක සංස්කාරවරයකු වන —ඉලන්දිරයන්˜ නමැත්තා විසින් ලියන ලද ලිපියක මෙලෙස සඳහන් වී ඇත. (ඒ ලිපියේ මාතෘකාව —සන්ධානගත වන්නේ කවුරුන්ද˜ යන්න වේ.)

“මේ අවස්ථාවේ බලවත් රාජ්‍යයක් ලෙස නැගී සිටින්නට යන දෙමළ ඊළම සමග අත්වැල් බැඳගෙන සන්ධානගතවන්නට යන්නේ කවුරුදැයි යන ප්‍රශ්නයද මෙහිදී ඇතිවේ.
මැද පෙරදිග ඊශ්‍රාලය මෙන් නොවැළැක්විය හැකි බලවත් ශක්තියක් ලෙස නැගි සිටින්නට යන දෙමළ ඊළම සමග සන්ධානගතවන්නට යන බලය මෙම ප්‍රාන්තයේ මුල්ම බලය ලෙස වැජඹෙයි.

ලෝක ප්‍රාන්ත බලවතුන්ගේ ඉලක්කය බවට පත්ව ඇති ති්‍රකුණාමල ස්වභාවික වරාය, දෙමළ ඊළමය තුළට ඇතුළත් වන බවද මෙහිදී අවධාරණය කළ යුතුය.

ඉන්දියාව වූ කලී ආර්යයන්ගේ ඒකාධිපති සිහිනයන්ගෙන් යුත් දැඩි ග්‍රහණයක් තුළ තමන් සිරකර ගෙන සිටින අතර සුදුසු නායකත්වයක් නොමැතිව ඔවුන් කලබලවීමද මහත් පසුබෑමකි.

එහෙත් ඇමරිකාව තුළ එවැනි දැඩි ග්‍රහණයක් හෝ නොසන්සුන්තාවයක් නැත. තමන්ගේ යහපත සඳහා ඕනෑම යක්ෂයකු සමග හෝ සන්ධනාගතවීමට ඇමරිකාව කිසි විටෙක පසුබටවන්නේ නැත.
ඔවුන්ගෙන් කවරෙක් දෙමළ ඊළම අනුමත කර එයත් සමග පළමුව අත්වැල් බැඳගන්නේද ඉන්දියන් සාගරයේ මහ බලවතා වන්නේ ඔහු බව ඉතා ඉක්මනින්ම අපට පිළිගන්නට සිදුවේවි.
එනම් ඉලන්දිරයන් පවසන අන්දමට කොටින් ස්ථාපිත කරන්නට යන දෙමළ ඊළම මැද පෙරදිග පිහිටි ඊශ්‍රාලය බඳුය. එපමණක් නොව ඇමරිකානු එකාධිපති රජය දෙමළ ඊළම හා අත්වැල් බැඳගෙන ඉන්දියන් සාගර ප්‍රාන්තයේ නව ආධිපත්‍යය ස්ථාපිත කළ යුතු යැයි ද ඒ වෙනුවෙන් ති්‍රකුණාමල වරාය නමැති ගොදුර දෙමළ ඊළාම් නමැති බිලිපිත්තේ තබා ඇති බවද ඔහු පවසයි.
කොටින්ගේ සිත් තුළ මෙතෙක් කල් සඟවා සිටි වැදගත් කරුණක් ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් අපත් ඉලන්දිරියන්ට අපගේ ස්තුතිය පුද කළ යුතුය.

ඇමරිකානු හා බි්‍රතාන්‍ය ඒකාධිපති නායකයින් විසින් ආරාබිකරය මධ්‍යයේ සැලසුම් කළ —ඊශ්‍රායලය නමැති අවජාතකයා බිහිවූ කාලයේ පටන් අද දක්වා පලස්තීනය හා ආරාබි ජනතාවට එරෙහිව කරන ම්ලේච්ඡ කි්‍රයාවන් ලොවට රහසක් නොවේ. දෙවැනි ලෝක මහ යුද්ධයේදී හිට්ලර් විසින් දරුණු ලෙස වධ හිංසා කර කඳවුරුවලටද වසා තබා විෂ වායු යවා ලක්ෂ ගණනින් ඝාතනය කරනු ලැබූ යුදෙව් ජාතීන්ද මෙලෙස කි්‍රයාකරන්නේ යැයි ලොව කම්පනයට පත්වී ඇත.

මෑතකදී පවා ඊශ්‍රායලය පලස්තීන ජනතාවට එරෙහිව කළ ම්ලේච්ඡ කි්‍රයාවන් එක්සත් ජාතින්ගේ සම්මේලනය දැඩි ලෙස හෙළා දැක ඇත.

මෙලෙස ම්ලේච්ඡ කි්‍රයාවන්වල යෙදෙන ඊශ්‍රායලය කොටින් පරමාදර්ශය කොට ගැනීම පුදුමයට කරුණක් නොවේ. මක්නිසාද යත් කොටින් › ලංකාවේ උතුරෙන් මුස්ලිම්වරුන් දස දහස් ගණනින් පිටමං කළහ. මඩකලපුවේ තම පල්ලියේ යාඥාවේ යෙදි සිටි මුස්ලිම්වරුන් සිය ගණනාවක් පල්ලිය තුළදීම වෙඩිතබා ඝාතනය කළහ. එහෙත් ඊශ්‍රායල්වරුන් හා කොටින් අතර ඇති එකම වෙනස ඔවුන් කොටින් මෙන් තම ජාතියේ ජනතාව දහස් ගණනින් ඝාතනය කළේ නැත.

ඊශ්‍රාලයවරුන්ටත් ප්‍රතිගාමි දෙමළ ජාතිවාදීන්ටත් අතර දිගුකල් සිටම සම්බන්ධතාවයක් පවතී. තමිල්රසු පක්ෂය බිහිවූදා පටන්ම මෙම සම්බන්ධතාවය වර්ධනය විය.

මුලින්ම ලෝක සිතියමේ ඊශ්‍රාලය නමැති රට ලකුණු කරනු ලැබුවේ 1947 දීය. ඉන් අවුරුදු 2කින් පසුව පටන් ගන්නා ලද තමිල්රසු පක්ෂයේ ඇතැම් නායකයින් යුදෙව්වන්ගේ හා දෙමළ ජනතාවගේ සමානතාවය පිළිබඳව කතා කළ අතර දෙමළ ජනතාව ඔවුන් පරමාදර්ශයට ගත යුතු බවද අදහස් ප්‍රකාශ කළහ. ඔවුන් කිසි විටෙක ඊශ්‍රාලවරුන් පලස්තින ජනතාවට එරෙහිව කරන මිලේඡ්ච කි්‍රයාවන් හෙලා දැක නැති අතර, ඇමරිකානු එකාධිපතිවාදයද ඔවුන් හෙළා දැක ඇත.

1956දී අගමැති වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ති්‍රකුණාමලයේ හා කටුනායක ප්‍රදේශවල සිටි බි්‍රතාන්‍ය නාවික හමුදාවටද ගුවන් හමුදාවටද රටින් පිටවන ලෙස කී විට එලෙස පිටමං නොකරන ලෙස තමිල්රසු පක්ෂයේ නායක එස්.ෙජ්.වී. චෙල්වනායගම් බි්‍රතාන්‍ය මහරැජිනට විදුලි ප‚විඩයක් යැවීය.

මේ අතර කොටින්ගේ ඇතැම් උපදේශකවරුන් ඇමරිකාවේ සිටින ඇතැම් රාජ්‍ය නිළධාරින් හමුවී කොටින් වෙත පනවා ඇති සම්බාධක ඉවත්කර ගන්නේ නම්, ති්‍රකුණාමල වරාය ඇමරිකාවට භාරදෙන බවට පැවසු බවද ආරංචි මාර්ග පවසයි.

ෙජ්.ආර්. ජයවර්ධනගේ කාලයේදී දෙමළ ජනතාවගේ අරගලය ආයුධ සන්නද්ධ අරගලයක් ලෙස ආරම්භ වූ අවස්ථාවේදී ඊශ්‍රායලයේ ඔත්තු සේවාව වන මොසාඩ් ඊශ්‍රායලයද කෙටිදුර පරතරයකින් තබා ගනිමින් ›කොටි හමුදාවට වෙන වෙනම යුද පුහුණුව ලබාදීම ඉතාමත් වැදගත් කරුණකි. ලෝකයේ නොයෙකුත් සන්නද්ධ සංවිධාන යුද පුහුණුව ලබන අතර කොටි හමුදාවේ පමණක් ඊශ්‍රාලයල් හමුදාවෙන් පුහුණුව ලබන්නේ මන්ද ?

 

Advertisements

Make a Comment

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

Liked it here?
Why not try sites on the blogroll...

%d bloggers like this: