ඇමෙරිකාව කොරියාවේ කළ යුද අපරාධ

Posted on August 8, 2011. Filed under: එතෙර | Tags: , , , , , |

සුප්‍රසිද්ධ කොරියන් යුද්ධය ඇතිවූයේ දක්ෂිණාංශික හා වාමාංශික දේශපාලන මතවාදය හේතුවෙනි. වාමාංශික කඳවුර නියෝජනය කළ උතුරු කොරියාවත් දක්ෂිණාංශික කඳවුර නියෝජනය කළ දකුණු කොරියාවත් අතර ඇතිවූ නොනවතින අරගලයේදී ලෝක පොලිස් කාරයා වීමට උත්සාහ දරන ඇමෙරිකාව තමන්ගේ සුරතලා වන දකුණු කොරියාව වෙනුවෙන් පෙනී සිටියේ තම කඳවුර තව තවත් ශක්තිමත් කැර ගැනීමේ අදිටනෙනි. වෙනත් රාජ්‍යයන් දෙකක් අතර සිදුවූ සටනක් වූ කොරියන් යුද්ධයේදී තමන්ට කිසිසේත්ම අදාල නොවූවද තමන්ගේ හමුදා භට පිරිස් පවා දකුණු කොරියාවට යවමින් උතුරු කොරියාව අඩපණ කිරීමට දැඩි ප්‍රයත්නයක ඇමරිකාව නියැළුණි.

1950 වර්ෂයේදී ඇවිලී ගිය කොරියන් යුද්ධයේදී ඇමෙරිකාව කොරියාවේදී සිදුකළ මිනිස් ඝාතන හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ එදා ලෝකයෙන් සැගවී පැවතියද ඉන් දශක ගණනාවකට පසු ඔවුන් සිදුකළ ලොමු දැහගන්වන සිදුවීම් එකිනෙක අනාවරණය වන්නට විය. එම හෙළිදරව් වීමේ මූලික සිදුවීම වූයේ තායිජන් බන්ධනාගාරයේ සිටි සාමාන්‍ය වැසියන් සහ දේශපාලන සිරකරුවන් 1800 දෙනකු මරාදමන ආකාරය සම්බන්ධයෙන් ඇමරිකා හමුදාවේ මේජර් ඇබෝර්ට් ගන්නා ලද ඡායාරූප 18 ක් ලූතිතන් කර්නල් බොබ් ඊ. එඩ්වර්ඩ් විසින් මුද්‍රණය කැර තිබීම නිසා අදින් වසර 60 ට පෙරාතුව ඇමරිකාව කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ලෝකයෙන් වසන් කැර තැබීමට නොහැකි විය.


ඇමරිකන් හමුදාව කොතරම් ම්ලේච්ඡ වූයේ ද යන්න තහවුරු වන්නේ තම ජාතික ලේඛනාගාරයේ තැන්පත් කැර තිබූ එම ඡායාරූප ගොන්න යුද්ධයෙන් පසු යුද සිරකරුවන්ට කරන ලද සාමාන්‍ය සත්කාරය ඉතාමත්ම හොඳින් ඉටුකරන අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප ලෙස එය නම්කර තිබීමෙනි.

මෙම අනාවරණය වීමත් සමගම කොරියාවේ සිදුවූ කුරිරු යුද අපරාධ සෙවීම සඳහා ඒ සම්බන්ධ අත්දැකීම් සහිත කොමිසමක් පත්කොට තොරතුරු විශ්ලේෂණය කැරුණු අතර ඒ කොමිසම කොරියා ටෘෘත් කොමිසම ලෙස හැඳින්විණි.

ඔවුන්ගේ අවධානය යොමුව පැවැතියේ සැතපුම් 1350 ක දුරකින් පිහිටි දකුණු චෝලා ප්‍රාන්තයේ ක්වන්ජු, චින්ජු, මාසන් හා හමාන් යන ප්‍රදේශ කෙරෙහිය.

සමූල ඝාතනයන් සිදුකරන්නට ඇතැයි අනුමාන වශයෙන් සිතිය හැකි වූ ස්ථාන 12 ක් තීරණය කළ ඔවුහු ඒ ස්ථානයන්හි ඇවිද යමින් තොරතුරු හා සාක්ෂි සටහන් ගනිමින් අදාල සොයාබැලීම් වල නිරතවූහ. ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වූ ස්ථාන 12 පාලනය කර ඇත්තේ ඇමෙරිකා හමුදාවේ ප්‍රධානත්වයෙනි. එමෙන්ම ඒ ස්ථානයන්හි දකුණු අපි්‍රකාවේ හමුදා අනුඛණ්ඩ කිහිපයක් ද සේවයේ යෙදී සිටි බවට සාක්ෂි ලැබුණු බව මෙම කොමිසමේ නියෝජ්‍ය ලේකම් යූමි ජියොංග් පවසයි. ඒ සෑම ස්ථානයකින්ම සාක්ෂි කරුවන් දුසිමකට වැඩි පිරිසක් සොයා ගැනීමට හැකියාව ලැබුණු බවද එම වාර්තාවේ දැක්වේ.

කොරියාවේ ගම්මානවල සිටින තරුණියන් පමණක් නොව වයස්ගත කාන්තාවන් පවා දූෂණය කරමින් දැරියන් ද අතවරයන්ට ලක්කරමින් මරා දමමින් පවුල් පිටින් සමූළ ඝාතනය කරමින් ඇමරිකාවේ හමුදාව කරන ලද කෘෘරකම් හමුවේ යන්තම් දිවිබේරාගත් පිරිසක් තවමත් ඒ ගම්මාන වල ජීවත් වෙති. එදා ඔවුන් ලැබූ අත්දැකීම් නැවත සිහිපත් කිරීමට හෝ ඔවුන්ගේ කැමැත්තක් නැත.

එදා ඇතිවූ මරණ බය සහ පිළිකුල් සහග හැගීම් නිසාම අවුරුදු පනහකට වැඩි කාලයක් පුරා ඒවා පිටකර ගැනීමට නොහැකිව තෙරපාගෙන සිටි මොවුන්ගෙන් ඇතැමෙකු මහ හ`ඩින් හ`ඩා වැලපෙමින් තමන් දුටු ඒ භියකරු අත්දැකීම් විස්තර කැර තිබේ.

ඒ අතීතය ගැන කථා කිරීමට පමණක් නොව සිහිපත් කිරීමට පවා බියෙන් සිටි ඔවුන් දැන් ඒවා සිහිපත් කිරීම අන්තරායකට හේතුවක් නොවන බව දන්නේ වුවද බොහෝ අවස්ථාවල දී නිරුත්තරව සිටි බව ද සියළුම කථා ප්‍රසිද්ධියට පත්වුවත් තමන් මේ කුරිරු ඝාතන හෙළි කළහොත් අද පවා නපුරු සොල්දාදුවන් තමන් සොයා එනු ඇතැයි යන සිතිවිලි ඇතිව ජීවත් වන තරමටම ඔවුහු සංත්‍රාසයට පත්ව සිටියහ.

ඵහජදඑදංසබ ඔ-2 හෝ වෙනත් රසායනික වායුනූ, ශාඛ සාර, යොදාගෙන සමූහ වශයෙන් තම අසල වැසියන් ඝාතනය කරන ලද බව ඉතිරිව සිටින සාක්ෂි කරුවෝ පවසා තිබේ. එමෙන්ම ඇතැම් අවස්ථා වලදී ඉතා පහළින් පියඹා යන ගුවන් යානා මගින් සුදු පැහැති කුඩක් ඉසින බවත් සුළු වේලාවකට පසු මිනිසුන් ගවයන් පමණක් නොව බල්ලන් බළලූන් පවා මිය ගිය බවද මේ කොමිෂමට සාක්ෂි සැපයූ එදා ඒ සිදුවීම් ඇසින් දැක ජීවත්වීමට වාසනාව ලද්දෝ පවසා තිබේ.

අදට ද ජීවතුන් අතර සිටින අතීත සාක්ෂි කරුවෝ එසේ කීවද කොරියාවේ යුද්ධය අවසන් වූ පසු ඇමෙරිකාව ලෝකයට හෙළි කැර ඇත්තේ කොරියාවේ කඳු සහිත ප්‍රදේශ වල ඇති රළු පරිසරයේ මත්වන උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් දහස් සංඛ්‍යාත මිනිසුන් මිය ගිය බවයි. එදා කොරියාවේ යුද්ධයේ නිරතවූ ඇමෙරිකා හමුදාවේ වචනය සමස්ත ලෝක ප්‍රජාවම විශ්වාස කැර තිබේ. ඒ තමන් විසින් සිදු කළ සමූහ මිනිස් ඝාතන ඇමෙරිකාව ලෝකයෙන් වසන් කැර ඇති ආකාරයයි.

අපි කිසිසේත්ම අපේක්ෂා නොකළ පරිදි ක්යෝන්ග් ආසන්නයේ දෙවැනි ජපන් පතල නමින් හැඳින්වෙන ස්ථානයක සමූහ මිනී වළක් සොයා ගත්තා. එතැන එකට ඝාතනය කරන ලද මිනිසුන් සිය ගණනකගේ සිරුරු තිඛෙන බව ස්ථීර වුණා. එය ඇමෙරිකා හමුදාව කොරියාවේ සාමාන්‍ය වැසියන් ඝාතනය කැර වළ දැමූ ස්ථානයක් බව අවට සිටි අයගේ සාක්ෂි වලින් තහවුරු වුනා.

එමෙන්ම කලින්ම සොයාගත් සමූල ඝාතන ස්ථානයක් වූ නෝගුන් රිං නැමැති ස්ථානයට සැතපුම් 90 ක් ඈතින් මාසන් ප්‍රදේශයේ වොන්බු උමං දුම්රිය මාර්ගයේ හා ජිං චි ප්‍යුං උමං දුම්රිය මාර්ගයේ සමූල ඝාතන ස්ථාන තිබූ බවද මෙම කොමිසම විසින් සොයාගෙන තිබේ. සාක්ෂි අනුව පෙනී ගොස් ඇත්තේ 1950 වර්ෂයේ ඝී්‍රෂ්ම සෘතුවේදී මේ සමූල ඝාතන සිදුකැර ඇති බවයි.

ඇමෙරිකාව 1950 දී මිනිසුන් සමූලඝාතනය කරන ලද ක්වන්ජු ප්‍රදේශයේදී 1980 වර්ෂයේ නැවත සමූල ඝාතන සිදුව තිබේ. 1980 දී මතුව ආ කොරියාවේ රාජ්‍ය විරෝධී කැරැල්ල මැඩ පැවැත්වූ චෑන් ඩූ හ්වාන් ජනරාල් වරයා යුද්ධ නීතිය යොදා කැරළිකරුවන් සමූල ඝාතනය කරමින් දහස් ගණන් සැහැසිකම් වලින් යුතුව රාජ්‍ය ආරක්ෂා කැර ගැනීමේ කාර්යයේ නිරතවූවේය. එවර ද ඇමෙරිකාව කොරියාවෙ ක්වන්ජු ප්‍රාන්තයේ 2500 ක අධික සාමාන්‍ය වැසියන් මරා දැමීම සඳහා ජනරාල් වරයාට උපකාර කැර තිබේ.

මෙම කොමිසමේ වාර්තාව ඉදිරිපත් කිරීමත් සමගම ඇමෙරිකාව කොරියාවේදී කළ කුරිරුකම් ගැන ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති විය. එහෙත් ලෝක පොලිස් කාරයා ලෙස පෙනී සිටින ඇමෙරිකාව තවමත් තමන්ගේ යුද අපරාධ නවතා නැත. කොරියාවේ ඇතැම් සංවිධාන ඇමෙරිකාව තම රටට පැමිණ කළ අපරාධ පිළිබඳ වඩ වඩාත් අවධානය යොමු කරමින් විධිමත් පරීක්ෂණ ආරම්භ කරන ලදී.

Read Full Post | Make a Comment ( 1 so far )

ලොවම ක්‍රිස්තියානිකරණය කිරීමට වෑයම් කරන ඇමෙරිකානු දුගද හමන සදාචාරයේ විෂබීජ

Posted on August 3, 2011. Filed under: එතෙර | Tags: , , , , , , , , , , , , , |

ලෝකයේ අද පවතින සියලුම ගැටුම් පිටුපස සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.කොරියාව දෙකට බෙදා දකුණු කොරියාවේ බෞද්ධ ප්‍රතිශතය 75% සිට 17% දක්වා බැස්සුවේ ඇමෙරිකාවේ මිෂනාරි කණ්ඩායම්ය.

පිලිපීනයේ තත්වයද එසේමය.

දැන් උතුරු කොරියවටද ක්‍රිස්තියානි ආගම් දැල  එලා තිබේ.එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බන් කි මූන් මහතා අලුත් ක්‍රිස්තියානි නිකායක සාමාජිකයෙකි.

දැන් තායිලන්තයද සීග්‍රයෙන් ඇමෙරිකානු සංස්කෘතිය වැළද ගනිමින් ක්‍රිස්තියානිකරණය වෙමින් පවතී.

ගරිල්ලා නායක ගුස්මවෝ ඉන්දුනීසියාවේ නැගෙනහිර ටිමෝරය ක්‍රිස්තියානි රටක් බවට පත් කලේ ඇමෙරිකාවේ උදව්වෙනි.
සුඩානය දෙකඩ කරමින් ක්‍රිස්තියනින්ට වෙනම රටක්,පාලනයක් ඇති කලේද ඇමෙරිකාව හා එක්සත් ජාතීන්ගේ උදව්වෙනි.
ඉතා රහසිගත ඇමෙරිකානු මෙහෙයුමක් ගැන විස්තර කෙරෙන පොතක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. “නව ලෝක සැලැස්ම පිටුපස තිබෙන්නේ කුමක්ද ?” යනුවෙන් නම් කෙරුණු එම පොත ,ජෝජ් බුෂ් මහතාගේ ප්‍රේකාශයක් උපුටා දැක්වෙයි.
“එය කදිම අදහසකි,විවිධ ජාතින් පොදු අරමුණක් උදෙසා එක කෙරෙන එය නව ලෝක සැලැස්මකි.එය පෙරට ගෙන යාමට බලයක් හා ශක්තියක් ඇත්තේ ඇමෙරිකාවට පමණි.පුද්ගලයන් වශයෙන්ද,ජාතීන්හි පුරවැසියන් වශයෙන්ද, ජිවන රටාව,පවුල හා රැකියාව,අපගේ වෙළද කටයුතු හා ගනුදෙනු ,අධ්‍යාපන ක්‍රම ,ආගම් හා සංස්කෘතීන් ආදී සියල්ල එමගින් වෙනස් වනු ඇත.කිසිවෙකුටත් එයින් මිදෙන්නට බැරි වෙයි.”
ඇමෙරිකාව සියලු කටයුතු කරන්නේ ඉහත කි නව සැලැස්ම සාර්ථක කර ගැනීම සදහාය.එක දේශයක්,එක ව්‍යවස්ථාවක් හා එක අනාගතයක් වෙනුවෙන් ඇමෙරිකානුවන් බැදී සිටින බවත්, එකට එක්වී ක්‍රියා කරන විට ඇමෙරිකාවේ ශ්‍රේෂ්ටත්වය සිමා ඉක්මවා යන බවත් පවසයි.එයින් අදහස් වන්නේ මුළු ලොවම එක් ආගමක්,එකම සංස්කෘතියක් හා එකම පාලනයක් යටතට ගැනීමයි.ලෝක පාලන සැලැස්ම දියත් කරන විට වෙනත් රටවලින් එල්ල වන අපවාද වලින් ගැලවීම සදහා ඇමෙරිකාව සිත් ඇදගන්නා තේමාවන් යොදා ගනී.
ගෝලීයකරණ, මානව අයිතීන් සුරැකීම,ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම,මානුෂිය ආධාර සැපයීම,සංවර්ධන ව්‍යාපෘති,අවබෝධතා ගිවිසුම්,ආරක්ෂාව තහවුරු කිරීම,සාමය උද කිරීම,ත්‍රස්තවාදය පිටු දැකීම, වැනි මාතෘකා ඒ අතර වෙයි.
කිසියම් රටක් සදහා සැලසුමක් සකස් කරන විට ඒ රටේ යුධමය හා අර්ථක ශක්තිය,ආගම,සංස්කෘතිය,ස්වභාවික සම්පත්,භූගෝලීය ලක්ෂණ ,ජාත්‍යන්තර සබදකම් වල ස්වභාවය ගැන අවධානය යොමු කෙරෙයි.ඒ සදහා දන්ත රැස් කරන්නේ සි.අයි.ඒ (C .I .A) ඔත්තු සේවාවයි.
ඒ ඒ රටවල් වලට මුදල් දී ලබා ගන්නා ව්‍යාපෘති වාර්තා සහ උපාධි බන්ධනද උපකාරී කර ගනියි.සැලසුම් වල මුලික ඉලක්කය වන්නේ ඒ රටේ සම්පත් සුරා කෑම,පාලනය අවුල් කිරීම,පාලකයින් අවනත කරගැනීම හා සමාජ ක්‍රමය වෙනස් කිරීමයි.ඒ සදහා ආගමික,සංස්කෘතික හා පාරිසරික හැර පද්ධතීන් විනාශ කෙරේ.ඒ වෙනුවෙන් දියත් කෙරෙන සියලු මෙහෙයුම් හා එමගින් සිදු වන විපත තේරුම් ගැනීම අමාරුය.
ඝර්ම කලාපිය වැසි වනාන්තර සංරක්ෂණ පනත මගින් ඇමෙරිකාව අපේ සිංහරාජ අඩවිය අත්පත් කර ගන්නට සැලසුම් කලේ “යලි පුබුදමු ශ්‍රී ලංකා ” වැඩ සටහනට ආධාර කිරීමෙනි.එය ක්‍රියාත්මක වුන නම්, අපට අපේ රටේ බෙහෙත් පැලයකටවත්,ඇත තබන්නට නොහැකි වන ලෙස සියලු අයිතිය ලබා ගන්නට තිබිණි.ජලයට මිල නියම කිරීමෙන් ගැමියන්ගේ ජිවන රටාවද උඩු යටිකුරු වනු නිසැකය.
සෝවියට් දේශය බිද,දැමීමටද මෙවන් උපක්‍රම භාවිත කෙරිණි.එය සිදු කලේ නැගෙනහිර යුරෝපයේ සිට විකාශය කෙරුණු විද්යුත් මාධ්‍ය වැඩසටහනක් ඔස්සේ නිදහස් සුරංගනා ලෝකයක් මවා පාමිනි.කියුබානුවන්ගේ මනස වෙනස් කිරීමටද ඇමෙරිකාව එවැනි උපක්‍රම දියත් කෙරේ.ඇමෙරිකානු සංස්කෘතිය ආක්‍රමණය සිදුවන්නේ අප නොසිතන පැත්තකිනි.
ඉස්ලාමය සමග ඇමෙරිකාවේ ක්‍රිස්තියානි ලොව ජය ගැනීමේ තරගයක දී සිටියි.ඇමෙරිකාව විසින් ඔසාම බින් ලාඩන් පුහුණු කරන ලද්දේ සෝවියට් දේශයට එරෙහිව සටන් කිරීමටයි.ඇෆ්ගනිස්ථානයේ ක්‍රිස්තියානි ආගම පැතිරවීමද ප්‍රධාන අරමුණකි.නමුත් තලේබාන් හමුදාව එයට ඉඩ දුන්නේ නැත.පසු කාලීනව ඇමෙරිකාවේ නියම ස්වරුපය දැනගත් බින් ලාඩන් ද, ඇමෙරිකාවට විරුද්ධව සටන් කළහ,ආගම් ප්‍රචාරයේ යෙදුනු ක්‍රිස්තියානි මිෂනාරීන් පිරිසක් ඔවුන් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.ජෝජ් බුෂ් ඇෆ්ගනිස්ථානයට පහර දෙන්න පටන් ගත්තේ ඉන්පසුවයි.ඊට පෙර දකුණු කොරියාවේ ඇමෙරිකන් පල්ලි වලින් ඇෆ්ගනිස්ථානයට යැවූ මිෂනාරි පිරිසක්ද තලේබාන් ග්‍රහණයට පත් වුහ.
ත්‍රස්තවාදයට එරෙහි ලෝක යුද්ධයේ කාර්යභාරය පිළිබද දේශනයක දී බින් ලාඩන් ඇල්ලීමේ මෙහෙයුමේ ප්‍රධානියා වන ජෙනරාල් විලියම් බෝයිකින් කලප්‍රකාශයක් අන්තර්ජාලය පුර දක්නට ලැබේ.මෝහම්මත් තුමාට විරුද්ධව කල සෝමාලිය සටනින් ජයගත් බව ඔහු පවසා ඇත්තේ උද්ධමයෙනි.
(I knew my god was a bigger than his.I knew my god was a real god and his was an idol. Because we are Christian nation. Our foundation and our roots are judeo-Christian and the enemy is a guy named Satan )
ජෝජ් බුෂ් දෙවියන්ගේ නියමය පරිදි කුරුස යුද්ධය ක්‍රියාත්මක කල බව බෝයිකින් වැඩි දුරටත් පවසා ඇත.ජෝජ් බුෂ්ගේ අදහස අනුමත කරමින් දෙවියන් වහන්සේ සිශිනයෙන් පැමිනි බව අයිලන්ඩ් පුවත් පතේ පල වී තිබුණි.බි.බි.සිය මගින් ප්‍රචාරය වූ එම ප්‍රවෘත්තිය නිවැරදි බව ඔහුගේ ක්‍රියා කලාපයෙන් පෙන්නුම් කළහ.
ඉරාකය විනාශ කලේ ඛනිජ තෙල් සම්පත් සතු කර ගැනීම සදහාය.ඇමෙරිකාව චෝදනා කල පරිදි රසායනික අවි ඉරාකයේ නොතිබිණි.සදාම් මරා දැම්මේ හජ් උත්සවය පැවැත්වෙන අවස්ථාවේදීය.ඉරාකයේ කෞතුකාගාර විනාශ කරමින් ජන ජීවිතය අදාල කලේද ඇමෙරිකාවය.
වර්තමානයේ දේශපාලන හා සමාජීය වශයෙන් ශ්‍රීලංකාව කලම්බවනු ලබන්නේද ඇමෙරිකාවයි.මානුෂිය ආධාර හොදකට ලෙස පෙනුනත් හොදකට නොවන බව කව්රුත් තේරුම් ගත යුතුය.
Read Full Post | Make a Comment ( 2 so far )

Liked it here?
Why not try sites on the blogroll...