යුරෝපයෙන් හිස ඔසවන ක්‍රිස්තියානි ත්‍රස්තවාදය

Posted on August 3, 2011. Filed under: එතෙර | Tags: , , , , , , , , , , , , |

නොර්වේ මිනිස් ඝාතක අන්දර්ස් බෙහ්රින්ග් බ්රෙයිවික් හුදකලාව සිරගත කිරීමට ඔස්ලෝ නුවර අධිකරණය නියෝග කර තිබේ.
ජුලි 22 වැනිදා ඔස්ලෝ නුවර අගමැති කාර්යාලය අසල බෝම්බ පිපිරවීම සහ ඔටෝය දුපතේ යොවුන් කදවුරට කඩ පන වෙඩි තැබීමේ වගකීම බ්රෙයිවික් විසින් බාරගෙන තිබේ.ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ 25 වැනිදාය.

බ්රෙයිවික් සිරගත කර තබන ස්ථානය රහසක් බවත් ඒ ගැන කිසිවක් ප්‍රසිද්ධියට පත් නොකරන බවත්,නොර්වේ ආරක්ෂක අංශ නිවේදනය කර තිබේ.
තම දක්ෂිණාංශික ක්‍රිස්තියානි මුලධර්මවදියෙක් යැයි පවසයි.නොර්වේ රාජ්‍යයේ සහ යුරෝපය පුරා පැතිර යන ඉස්ලාම් ,ආසියාවේ බුදු දහම සහ මාක්ස්වාදය මර්ධනය කිරීමටත්,තමන් ගත් දේශපාලන ක්‍රියා මාර්ග අසාර්ථක වූ හෙයින් තමා මේ ආකාරයේ මිනි මැරීමට නැබුරු වූ බව ඔහු අධිකරණය හමුවේ පවසා සිටියේය.
බ්රෙයිවික් නොර්වේ දක්ෂිණාංශික දේශපාලන පක්ෂ සමග සබදතා පැවැත්වූ අයෙකු බව පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.

 
ඉකුත් 22 වැනිදා සිදු කල ප්‍රහාර දෙක තමා විසින් තනිවම සිදු කලේ යැයි බ්රෙයිවික් පවසයි.තම දර්ශනය පිළිගන්නා තවත් ක්‍රිස්තියානි මුලධර්මවාදී සංවිධාන බොහොමයක් නොර්වේ රාජ්‍යයේ හා යුරෝපය පුරා ක්‍රියාත්මක බවත්,ඔවුන්ද තම මෙන්ම නොර්වේ පාලක පක්ෂයේ ක්‍රියා කලාපය හෙලා දකින බව අධිකරණය හමුවේ බ්රෙයිවික් ප්‍රකාශ කළහ.

බ්රෙයිවික් උටෝය දුපතට පොලිස් නිලධාරියෙකු ලෙස ගොස් වෙඩි තැබීම කලේ ඔස්ලෝ නුවර බෝම්බ පිපිරවීමෙන් පය කිහිපයකට පසුව ය.පොලිසිය පැමිණ ඔහු වට කල අවස්ථාවේ,යටත් වූ අතර ඔහුගේ විස්තර සහ ඔහු ප්‍රහා එල්ල කිරීමට හේතු ආදිය කරුණු කාරණා සියල්ල නොසගවා හෙළි කළේය.

25 දින ඔස්ලෝ නුවර අධිකරණ ශාලාවට බ්රෙයිවික් රැගෙන අවේ දැඩි පොලිස් රැකවල් මැදය. අධිකරණය වට කොට හමුදා රැකවල්ද යොදා තිබුණි. බ්රෙයිවික් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ නොර්වේ කදුලින් නැහැ වූ ඝාතකයා දැක ගන්න දහස් ගණන් නොර්වේ වැසියෝ මග දෙපස පොර කන්න වුහ.”ඝාතකයා මරා දමන්න,අන්තවාදියා, ත්‍රස්තවාදියා,ක්‍රිස්තියානි මුලධර්මවදියා … ” යැයි ක ගසන්නට පටන් ගත්හ.ප්‍රකොපකරිව හැසිරුණු ඇතැමුන් බ්රෙයිවික් රැගෙන ආ මෝටර් රථයට ගල්-මුල් වලින් පහර දෙන්නට පටන් ගත් අතර ආරක්ෂක අංශ නිලධාරීන් මැදිහත් වී ඔවුන් විසුරුවා හැරියහ.

 

 

මේ අතර ප්‍රහාර වලින් මිය ගිය ය සිහි කිරීමටත්, බ්රෙයිවික්ගේ ප්‍රහාරයට විරෝධය පල කිරීමටත් දහස් ගණනක් දෙනා 26 වැනිදා ඔස්ලෝ නගර මාධ්‍යයට රැස් වුහ.

මේ ත්‍රස්තවාදියා එක්සත් රාජධානිය සමග සබදකම් පවත්වන්නෙකු බව තොරතුරු හෙළි වී ඇත. එහි ඔහුගේ අනුගාමිකයින් සිටින බවන් තොරතුරු අනාවරණය වී තිබේ.බ්රෙයිවික් අයිති වන්නේ “නයිට්ස් ටෙම්ප්ලාර්” නම් වූ රහසිගත ක්‍රිස්තියානි සන්විධනයකටය.2002 අප්‍රේල් මාසයේදී ලන්ඩනයේ පිහිටවුනු මෙම සංවිධානයේ සාමාජික සංඛ්‍යාව 10,000 කට අධිකය.මෙය බහු සංස්කෘතික විරෝධී,අන්‍යාගම් විරෝධී,මාක්ස්වාද විරෝධී,කාන්තාවද විරෝධී ,ඉස්ලාම් සමාජ විරෝධී සංවිධානයකි.

Knights Templar Filming 2008


මෙම සමුල ඝාතන සැලසුම් කිරීම සදහා බ්රෙයිවික්ට වසර 9 ක කාලයක් ගත වූ අතර ඒ සදහා යුරෝ තුන් ලක්ෂයක් පමණ වය වී තිබිණි.මෙය සැලසුම් කිරීම සදහා කරන ලද කාර්යයන් සියල්ල දිනපතා සටහන් කල ඔහු ඝාතනයට පැය කිහිපයට පෙර ඒවා අන්තර්ජාලයට ඇතුලත් කළේය.එහි පිටු සංඛ්‍යාව 1500 කි.
නයිට්ස් ටෙම්ප්ලාර් සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රේකාශනයද බ්රෙයිවික් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.මෙම සංවිධානයට යුරෝපා රටවල් අටක නියෝජිතයින් සමබන්ධ වී සිටින බව ඔහු පවසයි.මෙහි අරමුණ වී ඇත්තේ ක්‍රිස්තියානි ජනතාවට ඔවුන්ට අවශ්‍ය පරිදි ජිවත් වන්නට සහ ඉස්ලාමය තුරන් කරමින් මුළු ලොවම ක්‍රිස්තියානි කරවිමත්ය.

ඊට අමතරව ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් වල මුස්ලිම් වරුන් පලවා හැරිය උතු බවත්, මැද පෙරදිග හා අප්‍රිකානු රටවල් ක්‍රිස්තියානිකරණය කල යුතු බවත් සදහන් වේ.එපමණක් නොව ඉශ්‍රලයට හෙවත්,පලස්තීනය බලෙන් අල්වා ගත් යුදෙව්වන්ට උදව් කල යුතු බවත්,බටහිට ඉවුරේ හා ගාසා තිරයේ මුස්ලිම් වරුන් පලවා හැර ක්‍රිස්තියානි /යුදෙව් දේශය ස්ථාපිත කල යුතු බවත් සදහන් වේ.
ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහොමයක් සදහන් වන්නේ ඉස්ලාම් විරෝධී සටහන්ය. මුළු ලෝකයම ක්‍රිස්තියානිකරණය කිරීමේ මහත් වැයමක යෙදෙන යුද්වේ/ක්‍රිස්තියානි සංවිධාන බොහෝය.එයින් එකකි නයිට්ස් ටෙම්ප්ලාර්,මේ ඉස්ලාම් විරෝධී සංවිධාන වල කාර්යභාරය හා සැලසුම් එළිදරව් වූ එක අවස්ථාවකි.
මෙම සංවිධානය විසින් ද්‍රෝහීන් වශයෙන් හදුනා ගන්නා ලද අය ශ්‍රේණිගත කර තිබේ.මේ අනුව A ශ්‍රේණියට අයත් වන්නේ රාජ්‍ය නායකයින්,ඇමති වරුන් සහ අධ්‍යක්ෂක වරුන්ය.
B ශ්‍රේණියට දේශපාලනයෝ,මාධ්‍යවේදීන්,ගුරුවරුන්,කාටුන් ශිල්පීහු,වෛද්‍ය වරුන් පමණක් නොව ක්‍රිස්තියානි නොවන දේවස්ථාන ප්‍රධානීහුද අයත් වෙති.
C ශ්‍රේණියට අයත් වන අය සමාජයට ලොකු බලපෑමක් නොකලත්,A හා B ශ්‍රේණියට පහසුකම් සපයන්නවුන්ය.
එක්සත් රජදනියේ පමණක් හැදිනගෙන ඇති A හා B ශ්‍රේණි වලට අයත් ද්‍රෝහීන් සංඛ්‍යාව 62,216 කි.ලෝකයටම දැනෙන ආකාරයට බොහෝ සංඛ්‍යාවක් ඝාතනය කල යුතු බව ඔහු පවසයි.
තනිව ජිවත් වෙන බව සාධාරණිය කිරීම සදහා නොයෙකුත් උපක්‍රම යොදා ගත යුතු බව ඔහු පවසයි.සති අන්තය ගත කිරීමට විදෙස් ගත වීම,සම්බාහන ආයතන හෝ ගණිකා නිවාස වෙත යෑම, සමලින්ගිකයෙකු බව පැවසීම,ඒ උපක්‍රම අතර වෙයි.
“මොන තරම් සුන්දර කාන්තාවක් වුවත් දෙවරක් නොසිතා මරා දැමිය යුතුමය.. යුධ පිටියකදී කාන්තාවන්ටත් මුහුණ දීමට සිදු වෙනවා,එතකොට ඔවුන්ට වෙඩි තියන්න දෙවරක් හිතන්නේ නැහැ.” මෙම ඝාතකයා පවසා තිබේ.
Utoya Summer CampUtoya Summer CampExplosion: The remains of a building caught up in the blast Debris covers the area outside a building in the centre of Oslo with hundreds of windows shatteredShards of glass lay strewn on the pavement following the blast. It is not known how many people are injuredA man lies injured in the road amid wreckage from the blast as emergency service personnel rush to help him
ඔහු සිය වීරයා ලෙස සලකන්නේ රුමේනියානු කුරුස යුද්ධයේදී කුරිරු ඝාතකයෙකු වන ව්ලැඩ් ය.පුංචි කලයේදී ඔහුට මැහුම් ගෙතුම් ඉගෙන ගැනීමට බල කරනු ලැබිණි.ඔහු එය බෙහෙවින් පිළිකුල් කළේය.එහෙත් යුද්ධායුධ එකලස් කිරීමේදී එම දැනුම ප්‍රයෝජනවත් වූ බව ඔහු 2083 වශයෙන් නම් කොට ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් කොට තිබේ.
ඔහු 1979 නිෂ්පාදනය කරන ලද උසස් තත්වයේ මිලාධික වයින් බෝතල් තුනක් තබා ගෙන සිටියේ අවසාන මෙහෙයුමෙන් පසුව,උසස් පන්තියේ ඝනිකාවන් පස් දෙනෙකු සමග ජයග්‍රහණය සැමරීම සදහාය.
ඔහු කාලයක් තිස්සේ බෝම්බ වලට අවශ්‍ය දේවල් ද එක්රැස් කොට තබාගෙන තිබේ.සිය අතම ශක්තිය නොවෙනස්ව තබාගැනීම සදහා යුධ චිත්‍රපට බැලීම යුද්ධ ක්‍රීඩා කිරීමටත් පුරුදුව සිටියේය.
ජුනි 3 වැනිදා ඔහු සදහන් කොට තිබුනේ බෝම්බ සදහා රසායනික පොහොර ඇඹරීමෙන් සහ පුපුරන ද්‍රව්‍ය මිශ්‍ර කිරීමෙන් තම බලවත් වෙහෙසට පත්වී සිටින බවය. “මේවා මේ තරම් පෙනහළු වලට ඇතුල් වුනොත් අවුරුද්දක් යන්න ඉස්සර වෙලා මම පිළිකාවකින් මැරෙයි…” ඔහු සදහන් කොට තිබේ.
ඝාතනය සිදුකොට විනාඩි දෙකක් යන්නට මත්තෙන් අත් අඩංගුවට පත් වුවත්, මේ ත්‍රස්තවාදියා තවමත් ජිවතුන් අතරය.මිය ගියේ ඔහුගේ ජාතියේම ජනතාවය.
ලොව සාමකාමී රටක් ලෙස ඉහලින් වැජඹුණු නොර්වේ රාජ්‍යය කිනම් මොහොතක හෝ මෙවන් ආකාරයට මුහුණ දීමට සිදු වේදෝ යන්න සැකයෙන් බලන්නට සිදු වී තිබේ.එසේම නොර්වේ රාජ්‍ය සාමකාමී රටක් නොවන බව පසක් කරගත යුතු කාලය එළඹ තිබේ.
Read Full Post | Make a Comment ( None so far )

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත මුස්ලිම් වරුන්ගේ මව්බිමලු

Posted on July 22, 2011. Filed under: කාලින, හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත මුස්ලිම් වරුන්ගේ මව්බිම නොවන බවත්, ඔවුන්ගේ මව්රට සෞදි අරාබිය බවත් ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එල්ලාවල මේදානන්ද හිමියෝ පවසා ඇත.

දහස් සංඛ්‍යාත බෞද්ධ සිහිවටන විනාශ කරමින් බලහත්කාරයෙන් ඔවුන් නැගෙනහිර පළාතේ ඉඩම් ද අත්පත් කරගෙන ඇති බව උන්වහන්සේ පවසා ඇත.දශක තුනට වැඩ ඇවිලෙන ජාතිවාදී ගින්නට විටින් විට පිදුරු මිටි පිටින් පතිත කරන අතලොස්සක් වූ සිංහල ජාතිවාදී නායකයින් නිසා අද සිංහල දෙමල ජාතින් අතර නිරන්තර බෙදීමක් ඇති වෙමින් පවතී. ප්‍රභාකරන් විසින් උතුරේ මුස්ලිම් වරුන් පලවා හරින විට ඔවුන් පකිස්ථානයට හෝ සව්දි අරාබියට නොව ආරක්ෂාව සදහා පැමිණියේ තවමත් ජිවත් වන නැගෙනහිර ප්‍රදේශ වලටය.මේ රටේ භෞමික අඛණ්ඩතාවයට ඇලුම් කල නිසාම තමන් අවුරුදු සිය ගණන් ජිවත් වූ භුමි වලින් පලවා හරිනු ලැබිය.ප්‍රභාකරන්ගේ ඊලාම් වාදය පිළිගත්තේ නම්, උතුරේ මුස්ලිම් වරුන්ට යහතින් වැජබෙන්නට තිබිණි.

සිංහල,දෙමල,මුස්ලිම්, ක්‍රිස්තියානි ජාතින් හතරම මේ රටේ සංක්‍රමණිකයින් බව පුරා විද්‍යා චක්‍රවර්ති වහන්සේ හොදින් දනී.විජයගමනේ ශ්‍රීලංකාවට සම්ප්‍රාප්ත වූ ජන කොටස් වලින් පවතින්නන් සිංහලයන් බව ඉතිහාසය කියයි.ඔවුන් අදහන බුදු දහමද ඉන්දියාවේ උපන් බුදුන් වහන්සේගෙන් ලැබුණු දායාදයකි. එය මෙරටට ගෙනවේද ඉන්දියානුවෙක් වූ මහින්ද හිමියන් විසිනි.මෙරට පිළිපදින හින්දු අගමේද උපන් රට ඉන්දියාවයි. කතෝලික ක්‍රිස්තියානි ආගම යුරෝපයෙන් පැමිණි එකකි. මේදානන්ද හාමුදුරුවන් වහන්සේද, සහභාගී වූ මහා සිංහලයේ වංශ කතාවෙද අවධාරණය කලේ ශ්‍රී ලංකාවේ ස්වදේශිකයින් ඉස්ලාමය වලද ගැනීම වින අරාබිකරයෙන් සංක්‍රමණය වී පදිංචි වුවන්ගේ සංඛ්‍යාව ඉතා අල්ප බවය.

කරුණු කාරණා  කෙසේ වෙතත් අවුරුදු දාහකට අධික කාලයක් මෙරට සිංහල ජනතාව සමග ඉතා සමගියෙන් හා ජාතියලයෙන් ජිවත් වන මුස්ලිම් ජනතාව සෞදි අරාබියට යා යුතුයි” යැයි ප්‍රකාශ කිරීමේ අයිතිය කුමක්ද?

මුස්ලිම් වරුන් රටේ කොටසක් ඉල්ලුවද ?
මෙසේ මුස්ලිම් වරුන්ට ඇගිල්ල දික් කරන ඔවුන්ගේ දේශ ප්‍රේමෙත්වයේ සැකයක් තිබේ,
මෙරටේ සේවයේ දී සිටියදී රාජකාරියේ දී සිටියදී මියගිය පළමු පොලිස් නිලධාරියා මුස්ලිම්වරයෙකි.වර්තමාන යුද්ධයේ සියයකට අධික මැලේ මුස්ලිම් තරුණයින් රට වෙනුවෙන් දිවි පුදා ඇති බව කටුගස්තොට රණවිරු ස්මාරකය සාක්ෂි දරයි.

එසේනම් ස්වාමින් වහන්ස, සිංහල බෞද්ධයන්ට ඉන්දියාවටත්,දෙමල හින්දුවරුන්ට දකුණු ඉන්දියාවටත්,ක්‍රිස්තියානි කතෝලිකයින්ට රෝමයටත් (ඉතාලිය )යන්නට නොකියා මුස්ලිම් වරුන්ට පමණක් අරාබියට යන්න කියන්නේ මක් නිසාද?

අලි මදිවට කොටි කිවා මෙන් දෙමල ජනතාවගේ ප්‍රශ්න මදිවට මුස්ලිම් ජනතාවත් කරලියට අද දැමීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි සිතාගැනීම දුෂ්කර නොවනු ඇත.

Read Full Post | Make a Comment ( 6 so far )

Liked it here?
Why not try sites on the blogroll...