හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් ද ?

Posted on July 30, 2011. Filed under: කාලින | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

මිනිහෙක් වුනාම ජිවිතේ අරමුණු තියෙනවා.තමන් කැමති අකමැති දේවල් තියෙනවා.කරන්න ඕන ,එපා දේවල් තියෙනවා.මේ හැමදෙයක්ම එකතු වෙලා තමයි මිනිසා කියන අධ්‍යත්මකය බිහි වෙන්නේ.ඔහු තුල හොද සේම නරකත් තියෙනවා.සමහරු කපටියි,සමහරු පෙරේතයි,සමහරු වනචරයි,සමහරු දක්ෂයි,සමහරු හරිම හොදයි,සමහරු නරකයි,හැම හොද කෙනෙක් ලගම නරක චුට්ටක් හරි තියෙනවා.ඒ නිසා මේ ලෝකේ 100% හොද මිනිස්සු බිහි වෙලා නැහැ.නමුත් මේ සමාජය ය දගලන්නේ සර්ව සම්පුර්න හොද අය වගේ සමාජය ඉදිරියට පෙනී ඉන්න.එක කරන්න බැරි දෙයක්.

මේ ලදී හරි අපුරු කතාවක් යනවා.රුපවාහිනියේ ජාතික නාලිකාවක, හරක් මරන්න එපාලු.. කිරි දුන් මවක්සේ,දිරි දුන් පියෙකු සේ,ජාතියට උරදුන් හරකා රැක ගනිමුලු. ඝව මස් කෑමෙන් වැළකිලා,ඝව ඝාතනයට විරුද්ධ වෙන්නලු.අපි හරකා මරනකොට හරකව මසට මරනවා කියල අපි දන්නවද කියලත් අහනවා.එක හොද ක්‍රියාවක්.

නමුත් හරක් මස් කරනකොට හරකා මරණ බව හරි.එතකොට මෝර මාළු කනකොට මෝරව මරන්න එපැයි.කුකුල් මස් කන්න කුකුලව මරන්න එපැයි.වැඩිය ඕන නැහැ හාල්මැස්සෙක් හරි මරන්න එපැයි බැදුමක් කන්න. දැන් එතකොට කුකුළා මරනවට වඩා පව්ද හරකා මැරුවම හරකා විතරක් නොමරා අනික් උන්ව මැරුවම පින් සිද්ධ වෙනවද?
එක ජිවිතයක් මැරුවම අපි නිකමට හිතමු පව් මනින ඒකකයෙන් මන්නම 1 යි කියල.දෙන්නෙක් මැරුවම 2 යි කියල.එතකොට මිනිසුන්ට කන්න කියල එක හරකෙක් මැරුවොත් ඒ හරක් මස් ටික කනවා අඩුම තරමින් පවුල් 100 වත්,එක හරකයි මරන්නේ,එත් පවුල් 100 කට කුකුල් මස් දෙන්න කුකුල්ලු මරන්න ඕන 100 ක්.එතකොට අර ඒකකයෙන් මැන්නම පව් 100 යි.එහෙම බැලුවම හරක් මස් කන එකට වඩා කුකුල් මස් කන එක පව්.හාල් මැස්සෝ කන එක ඊට වඩා පව්.
එතකොට මේ මාධ්‍ය හරකට විතරක් මේ තරම් love ඇයි ? මට හරි ප්‍රශ්නේ ඕක.මගේ කිරි දුන්න අම්මා නම්,අපේ අම්මා.ඔය කියන මාධ්‍ය ආයතනවල අයට කිරි දුන්නේ හරකා කියල එයාලම කියන නිසා අපි පිලිගනිමුකෝ.එක වෙනම කතාවක්.

නමුත් ගැටලුව තියෙන්නේ බොරු සත්ව කරුණාවක් පෙන්වන්නේ ඇයි කියල.බුද්ධිමත්ව හිතන ඕනෑම කෙනෙක් දන්නවා,කොයි සතා මරණ එකත් පව්.
ඔබ කඩේට ගිහින් මාළු ග්‍රෑම් 500 ක් ඉල්ලද්දී ඒ පණ පිටින් උන්න මාළුවෙක්ය කියල නොදැනද කන්නේ ? අපි බබාලාද ?

ඉතින් හිගක් අය ඔහොමයි. අපි බබාලා කියල හිතාගෙන එයාල ලග නැති ඒවා තියෙනවා කියල අපිට කියනවා.උන් කියනවා අපි අහනවා.
මේකයි.මිනී මර මරා හෙන සත්ව කරුණාව තියෙන මිනිසෙක් වෙන්න බෑ.කුපාඩිකම් කර කර ශ්‍රද්ධවන්තයෙක් වෙන්න බෑ.ඔබ කැමති නම් කැමති දේ කරන්න, බොරු ටෝක් එපා.එක හරි කැතයි.සමහර විට ඔබ පම්පෝරි ගහන සමාජය ඔබ ගැන දන්නේ නෑ.ඒ වුනාට ඔබම දන්නවනේ ඔබ කව්ද කියල.

මුලාශ්‍රය : තරුණයා පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙනි.

Read Full Post | Make a Comment ( 7 so far )

මුස්ලිම්වරු හා ගව මස් – “ගව මස් නොකනු” ව්‍යාපාර

Posted on July 22, 2011. Filed under: කාලින, හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

“ගව මස් නොකනු” ව්‍යාපාර සංඝයා වහන්සේලාත් බොද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටේ පවත්වාගෙන යන්නේ මෙරටේ ඇති එකම පවත්,එකම ප්‍රශ්නයත් එය යන හැගීම ඇතිවදෝ සිතේ.එතරම් ප්‍රමුඛ ස්ථානයක් එයට දී ඇත.එසේම එම ව්‍යාපාරය එම අය කරගෙන යාම පිලිබදව අපගේ විරුද්ධත්වයක් නොමැත.එහෙත් එතුලින් මෙරට වෙසෙන මුස්ලිම් සමාජයට රූපවාහිනියෙන්, පුවත්පත් වලින්, අත් පත්‍රිකවලින් හා අන්තර්ජාලය තුලින් බැන වැදීම පිළිගත නොහැකිය.

ශ්‍රිලංකාවේ මස් මාංශ වෙළදාම කරන්නේ මුස්ලිම් වරුන් පමණක් නොවේ.මුස්ලිම් නොවන බෞද්ධ ,හින්දු හා ක්‍රිස්තියානි අයත් එම වෙළදාම කරති.මෙම වෙළදාමට අනුමැතිය දී ඇත්තේ රජයයි.ඊට කඩවල් ටෙන්ඩර් මාර්ගයෙන් වෙළදුන්ට පවරා දෙන්නේද රජයට අනුබද්ධ ආයතන වේ.කරුණු කාරණා එසේ තිබියදී මුස්ලිම් වරුන්ට බැන වැදීමෙහි තේරුමක් නැත.එපමණක් නොව, මුස්ලිම්වරුන් මස් කඩ දාපු පලියට බෞද්ධ ජනතාවට බලෙන් මස් කවන්න ගියේ නැත.මුස්ලිම් වරුන්ගේ මස් කඩ නැති නිසාම බෞද්ධ ජනතාව මස් නොකා සිටින බව තර්ක කල නොහැකිය.හේතුව මුස්ලිම් නොවන විශාල පිරිසක් මස් කඩ පවත්වාගෙන යාමයි.

එබැවින් මුස්ලිම් සමාජයට මෙය අරභයා බැන වැදීම මෝඩ කමකි.
බුදුරජාණන් වහන්සේ එකම එක සතෙක් (ගවයෙක්) මුල් කරගෙන “මස් නොකනු” යනුවෙන් දේශනා කලේ නැත.උන්වහන්සේගේ දේශනාව ඊට වඩා පුළුල් විය.
“ලොව ඇති කිසිම සතෙක් නසන්න එපා ” යන්න “පානාතිපාත වේරමණී සික්ඛා පදං සමාදියාමි ” යන සිල් පදයෙන් දේශනා කල සේක.

උන් වහන්සේ එසේ දේශනා කර තිබියදී සතුන් නොමැරීමේ ව්‍යාපාරය ගවයාට පමණක් සිමා කර ගැනීමේ අයිතිය ඇත්තේ කාටද? එය උන් වහන්සේට කරන අගෞරවයක් නෙමේද?

මෙරටේ ධිවර අමාත්‍යංශයක් තිබේ.රට වටේම මුහුදය.මාළු අල්ලන්නෝ බොහෝ සිටිති .මාළු,කරවල,උම්බලකඩ, ආහාර වශයෙන් ගන්නා බෞද්ධයන් එමටය.මේ හැර කුකුල් මස්,බිත්තර ,එළු මස්,උරු මස්,අනුභව කරන්නෝ අති විශාල පිරිසකි. කුභුරේ වැඩ ආරම්භ කල දින පටන් හල ටික ගෙදර ගේන කම්, කෙතරම් කුඩා සතුන් ,පනුවන් මැරෙනවද? මරනවද?

මේවා ගැන කිසිවක් කතා කරන්නේ නැත්තේ අයි ?

එළදෙන “කිරි අම්මා ” කියමින් එළදෙනගේ කිරි සැවොම බොති.පිටි කිරි හෝ වේවා එළදෙනගේ කිරි වලින් නිපද වුවකි.ඇත්තෙන්ම කිරි අම්මගේ කිරි ටික අයිති ඒ අම්මගේ පැටියටයි.එය පහර ගැනීම වරදක් නොවේද ?
මෙසේ බොහෝ කරුණු තිබියදී අප ඒ ගැන කතා නොකළේ බෞද්ධයන්ගේ සිත් රිදෙයිදෝ යන සැකයිනි.එහෙත් දැන් දැන් ගවමස් වලට එරෙහි ප්‍රචාරය කරන විලාසය හෙට දවසක සිංහල-මුස්ලිම් ජාතිවාදී ගැටුමකට මුල් වෙයිදෝ යන තත්වයක් අති වූ හෙයින් කතා කරමු.යම් කෙනෙක් හෝ සමාජයක් යම් දෙයක් පිලිබදව දරන මතය එළිදරව් කිරීමෙහි කිසිදු වරදක් නැත.එය ඒ අයගේ අයිතියක්. එයම සමාජය අතර ගැටුමක් ඇතී කරයි නම්,එවැනි ගැටුම් ඇතී කරන චේතනාවෙන් ප්‍රචාරය කෙරේ නම්,වන්නේ කුමක්ද? ගවයින් මරනවා වෙනුවට මිනිසුන් මැරීම නොවේද? එසේ කිරීම නිවැරදි බව කව්රුත් සිතනවද?
පන්සිල් පද තුල පරණ ඝාතනය පමණක් නොව තවත් ද කියවේ.”කාමේසු මිච්ජාචාර වේරමණී සික්ඛා පදං සමාදියාමි” “සුරාමේරය මජ්ජ පමදට්ඨාන වේරමණී සික්ඛා පදං සමාදියාමි.” යන ප්‍රධාන කරුණු දෙකකි.

මෙරටේ කාමය වරදවා හැසිරීමේ සම දොරක්ම විවෘතව ඇත.කුඩා දරුවන් මේවා නිසා සංචාරක ව්‍යාපාරය නමින් විකිනෙති.සමාජ ශාලා,ඝනිකා මඩම්,කැසිනෝ හල් තුලින් තරුණියෝ වැනසෙයි.තරුණ තරුණියන්ගේ ඇදුම් පැළදුම් නොයෙකුත් අතින් වැරදි කිරීමට මිනිසා පොලබවන සුළුය. මෑතකදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය නිලියන්ද විකිනෙන බව රහසක් නොවේ.
මෙරට මත්පැනට රාජ්‍ය අනුමැතිය ලබා දී ඇත.රටේ අස්සක් මුල්ලක් නැර, අරක්කු කඩ,රා තැබෑරුම් ඇත. මත්පැන් පානය කිරීමෙන් පවුල් දහස් ගණන් විනාශ වෙයි,මිනීමැරුම් ද ඇති වෙයි.
මගුල් ගෙදරටත්,මල ගෙදරටත්,දියණියගේ කොටහළු මන්ගල්‍යටත් මත්පැන් නැතිවම බැරිය.එපමණක් නොව පිරිත් කියන විට තවත් තැනක අරක්කු බෝතල් විවෘත වේ.එසේම අරක්කු සප්පායම් කරන්නන් හට උරු මස් ,ගව මස් කටගැස්ම සාදා දීමටත් පිරිත් ගෙදර කාන්තාවන්ට සිදු වී තිබේ.අපි අහන්නේ “ගව මස් නොකනු ” ව්‍යාපාරයේ නියමුවන්ට පන්සිල් වල ඇති මෙම කරුණු නොපෙනෙන්නේ ඇයි ? “ගව මස් නොකනු ” ව්‍යාපාරයට මෙන්ම මේවට විරුද්ධත්වයක්,මහා ව්‍යාපාරයක් ගොඩ නගන්නට තැත් න්කරන්නේ ඇයි ?

එම වෙළද ව්‍යාපාර සිංහල බෞද්ධ අය කරන නිසාද?
එසේ නැතිනම් , “බුදු හාමුදුරුවෝ ඒ ගැන කිව්වට අපි ඒවා වැඩියෙන් තකන්නේ නෑ” යන අදහස නිසාද?
ඇත්තෙන්ම, මෙම ගව මස් නොකනු ව්‍යාපාරය බොලද වුවකි.මෙම ව්‍යාපාරය තුලින් මුස්ලිමුන්ට බැන වදින අය කල යුත්තේ එය නොවේ.පළමුව, තමන් ගව මස් ගැනීමෙන් වැලකි,අනෙක් සම ප්‍රාණ ඝාතන ක්‍රියා,ධිවර අමාත්‍යංශ ද නැවත්වීමට රජයට බල කල යුතුය.රජයේ බහුතර බලය ඇත්තේ බෞද්ධ මැති ඇමතිවරුන් හා ජනාධිපති තුමා අතේය.
එවිට මුස්ලිම් වරුන්ගේ මස් කඩ ඉබේටම වැසේවි.ධිවරයිනුත් මුහුදට නොයයි.කුකුළු ගොවිපලවල්ද වැසේවි.ඌරු කොටුද නැති වෙයි.
මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි.අනුමත කල එකක් පමණි.එය කෑවත්, නොකැවත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.මස්කඩ පවත්වාගෙන යැමත් ඔවුන්ට අනිවාර්ය වුවක් නොවේ.එසේ තිබියදී “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇගිල්ල දික් කිරීම විහිළුවකි. එයින් හෙට දවසක ජාති වැඩි ගැටුමක් ඇති වුවහොත් ඊට වගකිව යුත්තේ එම ප්‍රචාරණ කටයුතු වල නියැලී සිටින ඔවුන්ම බව වැටහ ගත යුතුය.
Read Full Post | Make a Comment ( 3 so far )

භාර්යාවන් හතර දෙනෙක්

Posted on June 23, 2011. Filed under: ඉස්ලාම් | Tags: , , , , , , , , , , , , , , , , , , , |

 

පෙර දවසක ධනයෙන් හා බලයෙන් අග  තැන්පත් රජ කෙනෙක් සිටියා.ඔහුට භාර්යාවන් හතර දෙනෙකු සිටියා.

 

ඔහුගේ සිව් වැනි භාර්යාවට අසීමිත ආදරයක් දැක්වුවා.වටිනා ඇදුම්,පැළදුම් සපයා රන් අභරණ වලින් සරසා තබන්නත් අමතක කලේ නැහැ.ඇයට තරම් වෙන කිසිවෙකුටත් ඔහු සැලකුවේ නැහැ.

 

ඔහුගේ තෙවැනි භාර්යාව කෙරෙහි දක්වුයේද ඉමහත් ආදරයක්,අවට රාජධානි වලට යනකොට ඇය කටුව යන්න අමතක කලේ නැහැ.අයටද නොයෙක් අන්දමින් සැලකුවත් ,කවදා හෝ ඇය තමා අත්හැර දම වෙන කෙනෙකු සමග ය හැකි බව සැකයක් ඔහුට තිබුන.

 

ඔහු තම දෙවැනි භාර්යාවටද ආදරය කලා.ඇය කෙරෙහි ඔහුට විශ්වාසය තිබුණා,යද ඔහුට සැම විට කාරුණික වුවා.ඉවසීමෙන් යුතුව ඔහුව රැක බලා ගත්තා.යම් ප්‍රශ්නයක් මතු වූ විට එය විසදිමෙහි ඇය උදව් වුණා.දුක සැප දෙකෙහිම ඇය සැමියා වශයෙන් ඔහුට පිහිට වුවා.

 

ඔහුගේ පළමු භාර්යාව ඔහු වෙත පැමිණ ජිවිතයේ සැබෑ කොටස් කාරියක් වුවා.ඔහුගේ රාජධානිය හා සම්පත් රැක බලා ගැනීමෙහි ඇය හැකි සැම අන්දමකින්ම සහය දුන්න.ඔහු දෛර්යයෙන් වඩා කටයුතු කිරීමටත්, පාලනය ගෙන යාමටත්, ඇය රුකුල් වුවා.එහෙත් ඔහු ඇයට ආදරය කලේ නැහැ.ඇය ඔහුට අවංකව,අසීමිතව ආදරය දැක්වුවත් ඔහු ඇය කෙරෙහි කිසිදු බැදීමකින් තොරව කාලය ගත කලා.

 

දවසක් දා,රජ තෙමේ හිටි හැටියේ රෝගාතුර වෙලා,මරණය ලං වූ බව වැටහුනා.ඔහු තමාගේ සුඛෝපබෝගී ජීවිතය ගැන මදක් සිතුවා.

 

“මේ රාජධානිය,මේ සම්පත් සියල්ල ම මැරුණු විට මට අහිමි වෙනවා.මට භාර්යාවන සිව් දෙනෙකු හිටියත් ම මරුනේ නම් මින් ඉදිරියට ගමන තනිවම නේද,නැහැ රජ වූ මං කාත් කව්රුත් නැති අනාථයෙක්  ”

 

ඊට එහා සිතිමට තරම් මානසික ශක්තියක් ඔහුට තිබුනේ නැහැ.දස කදුලින් පිරි දෙනෙතින් ඔහු සිව් වැනි භාර්යාව අමතා “මම ඔබට අසීමිත ආදරය දැක වුවා.රන් අභරණ, ඇදුම් පැළදුම් ,සිමාවෙන් තොරව ලබා දුන්න.නිසි ආරක්ෂාවක් ලබා දුන්න.දැන් මම මිය යන තත්වයක පත් වී සිටිමි,ඔබ ම සමග ඉන්නවද? ම සමග දුක සැප බෙදාගෙන ගමන් ගන්නවද?”

 

“නැහැ ” යනුවෙන් පිළිතුරු දුන් ඇය තවත් වචනයක් නොදොඩා නික්ම ගිය.අගේ පිළිතුර උල් පිහියක්කින් අනුන සේ වුණා.

 

දුකට පත් රජු තෙවැනි භාර්යාව අමතා දුක කියා බැගපත් වුණා ඇය ඔහු වෙත රවා බලා

“මම ඔබ සමග නොයෙමි,ජීවිතය වාසනාවන්ත වුවක්,ඔබ මැරුනොත් මම තවත් කෙනෙකු සමග යමි.” මෙසේ  පැවසු විට ඔහුගේ සිතා සුනු විසුනු වුණා.

 

රජ තෙමේ දෙවැනි භාර්යාව අමතා බැගපත් ව බැල්ම හෙළුව “මට උදව් උපකාර කිරීමේදී ඔබ නොපසුබටව කටයුතු කලා,මට ප්‍රශ්න ඇති වූ සැම අවස්ථාවකම ඒවා විසදීමට නොමසුරුව සහය දැක්වුවා.දැන් මම මරණය ට ලං වී සිටිමි,ඔබ මා සමග එනවද?මට පිහිට වෙනවද?” ඔහු අඩ අඩ ඇසුවා.

 

ඇයගේ පිළිතුර ඔහුට සැනසිල්ලක් වෙයි කියා සිතුවා .ඇයගේ සිත ගලක් මෙන් තද වී තිබෙන බව දැනගෙන හිටියේ නැහැ.

 

ඇය “මට සමාවෙන්න ,දැන් ඔබට කිසිදු උදව්වක් මට කරන්න බැහැ.වැඩිම වුනොත් මට කලා හැක්කේ ඔබගේ අවසන් කටයුතු නිසි පරිදි ඉටු කිරීමයි.” යනුවෙන් ඇය පැවසුවා.ඔහුට අපා දුක දැනුනා.

 

එවිට “මම ඔබ සමග එමි.ඔබ යන කොතැනක වුවත් මම එමි.” යන ශබ්දය ඇසිනි,රජතුමා එදෙස බලු විට තම පළමු භාර්යාව සිටිනු දුටුවා.ඔහු ඇයට නොසැලකීමේ හේතුවෙන් ඇය රෝගාතුර වී දුර්වල වී සිටියා.

 

 

බොහෝ සේ දුක් වූ රජු “මම හොදින් සිටි අවදියේ ඔබව හොද හැටි ආදරයෙන් රැක බලා ගන්න තිබුණා,එසේ නොකිරීම මගේ වරදක්.” යනුවෙන් කියා හඩ වැලපුනා.දැන් කිසිවක් කල නොහැකියි.කාලය විනාඩියෙන් විනාඩිය ගෙවෙයි මරණය ලං වෙයි.

 

 

 

ඔහු ගෙවී ගිය කාලය ගැන සිතයි.සිංහාසනයේ සිටින විට මට කි දෙනෙක් ගරු කලාද? නින්දට යන විට, අහර ගන්නා විට, බලපුලුවන්කාරකම් පෙන්වන විට, මැති ඇමති වරුන්ට බැණ වදින විට,සේවක සේවිකාවන්ට රවා බලන විට … දැන් ඒ ඔක්කොම ඉවරයි.

 

 

 

අවසන් ගමන අත  ලග….!

 

 

 

  • සිව් වැනි භාර්යාව- ශරීරයයි.මෙය කෙතරම් ලස්සනට තබා සිටියද,ආහාර පාන ආදිය, ඇදුම් පැළදුම් ලබා දී සැපසේ තබා සැලකුවද,අප මිය යන දා අපෙන් ඇත් වෙයි.
  • තෙවැනි භාර්යාව – මුදල් හදල, නම්බු නාම යනාදියයි.මේ සියල්ල අපි මිය යාමත් සමග අනෙක් ඇය අතට පත් වෙයි.
  • දෙවැනි භාර්යාව– අපේ පවුල හා නෑදෑ හිත මිතුරන්.
මොවුහු කෙතරම් අප සමග ලං වී සිටියත් පණ මෙන් ආදරය කලත්, අප මිය ගිය පසු අපව මිනි වල දක්වා ගෙනවුත් එහි තැන්පත් කරනවා.ඒ දක්වාම ආඩා වැලපෙමින් පැමිණෙනවා.එපමණයි. ඉන්පසු සදහටම අපෙන් ඇත් වෙනවා.ඇතැම් විට අපේ සිතුම් පැතුම් ,යමක් තුබුණේ නම් ඒවා ඉටු කරනවා.කලක් යනවිට මොවුන්ගේ වාර්ෂික සැමරීම් වලට පමණක් අප ගැන මතකය සිමා වෙනවා.නැතිනම්, අපගේ මුදල් හදල් බෙදා තම තමන්ට වෙන් කර ගන්නා රැඳු සරුවල් ඇති කරගෙන උසාවි වල කාලය ගෙවෙනවා.

 

 

  • පළමු භාර්යාව -අපේ ආත්මයයි.
මෙය අපේ මුදල,බලය,සතුට වැනි ලෞකික සම්පත් හේතු කොට ගෙන අමතක කරනවා.එහෙත් අපේ ජිවිත ගමනේ අවසානය දක්වාම අප සමගම ගමන් ගන්නා එකම එකක් වන්නේ මෙම ආත්මයයි.

 

 

අපේ ජිවිත ගමන කෙලවර වන්නේ මරණයෙන් නොවේ,මරණය එක සන්ධිස්ථානයක් පමණි.ඉන් එහද ජිවන ගමන නොනවතෙයි.මෙලොව කල හොද නොහොද විනිශ්චය කොට අල්ලාහ්තලා ගන්නා තීරණය අනුව ස්වර්ගය හෝ නිරය දක්වාම මෙම ගමන නොනවතියි.

 

 

එබැවින් ඒ අන්තිම අවස්ථාව දක්වාම අප සමග සිටින ආත්මය පවිත්‍රව තබා ගත යුතු වෙනවා.සිතුවිලි , චේතනා ,ප්‍රතිපත්ති,අපේක්ෂා සහ අරමුණු සියල්ල දේව විශ්වාසය පදනම් කොට තබාගත යුතුයි.ජිවිතයේ නියම ඵල නෙලා ගත හැක්කේ එවිටයි.

 

 

මුහම්මද්(සල්) තුමා මෙසේ පවසා තිබෙනවා.

 

“මිනිසෙකු මරණයට පත් වන විට,ඔහුගේ ක්‍රියාව නිමාවට පත්වෙනවා.එහෙත් තුන් වර්ගයක ක්‍රියාවන් පමණක් ඔහු මිය ගිය පසුවද පින් ලබා දෙනවා.(යහපත් ප්‍රතිපල) ඒවා නම් :

  1. නොකඩවා ප්රෝයෝජනයක් ගෙන දෙන කුමක් හෝ යහපත් දෙයක් ඉටුකොට යැම.
  2. ජනයට ප්‍රොයෝජන ගෙන දෙන අධ්‍යාපනය(දැනුම) ලබා දී යැම.
  3. (මිය ගිය) කෙනෙකු වෙනුවෙන් සැම විට ප්‍රර්ථනා කරන ඔහුගේ දරුවෙක් (තබා යැම)
මුලාශ්‍ර : මිස්කත්
මේවා සිතා බලා ජීවිතය සකස් කර ගනිමු…


Read Full Post | Make a Comment ( None so far )

මුහුදු මහා විහාරය ඇත්ත-නැත්ත

Posted on June 2, 2011. Filed under: Uncategorized | Tags: , , , , , , , , , , , , , , , , |

 

මුහුදු මහා විහාරය හෙවත් රුහුණු මහා විහාරය ,සමුද්‍ර විහාරයට අයත් විහාරයක්.මේ ගැන බොහෝ දෙනෙක් අන්තර්ජාලයේ වගේම,පුවත් පත් වලත් මුස්ලිම් වරු ආක්‍රමණය කරන බවත්, එක සිද්ධියක් නිසා මුළු මුස්ලිම් සමාජයටම අපහස වන ලෙස තොරතුරු මුදා හැරීමත් සමග මේ පිලිබදව ඇත්ත-නැත්ත සොයා බැලීම සදහා යසා කණ්ඩායමක් මුහුදු මහා විහාරය සොයා ගියා.

අරුගම්බේ බීච් එකේ ගත කරලා අපි එහි “උල්ල” නමැති සුන්දර වෙරළ තීරයේත් ගතකර ඉන්පසු අරුගම්බේ ප්‍රකට පාළම පහුකරල පොතුවිල් හන්දියට අව. පොතුවිල්වලට ආවහම අපිට වැදගත් බෞද්ධ පූජනීය සිද්ධස්‌ථානයක්‌ දකින්න ලැබෙනවා.. ඒ තමයි “මුහුදු මහා විහාරය”. පොතුවිල් මුහුදු මහා විහාරය කාවන්තිස්‌ස රජුගේ සමය දක්‌වා ඉතිහාසයක්‌ ඇති තැනක්‌. ක්‍රි.පූ. දෙවැනි සියවසේදී කාවන්තිස්‌ස රජු රුහුණේ රජ කරන සමයේදී කැලණිපුරයේ රජ කළ බව කියන්නෙ කැලණිතිස්‌ස රජතුමා. මේ කාලයේදී නොසිතූ විදිහට මුහුද ගොඩගලා රටට මහා උපද්‍රවයක්‌ සිදුවූ බව අපි අහල තියෙනවා. ඒකට තිබුණු එකම විසඳුම විදිහට හඳුනාගත්තෙ කැලණිතිස්‌ස රජුගේ දියණිය වූ විහාරමහා දේවිය නෞකාවක නංවා මුහුදේ පාකර හැරීමයි. රට බේරගත යුතුව තිබුණු නිසා විහාරමහා දේවිය ඊට එකඟ වුණාලු. අවසානයේදී ඇය විශේෂිත යාත්‍රාවක නංවා මුහුදේ පාකර හැරියාලු. ඇය අන්තිමේදී පාවී ගොස්‌ ඇයගේ යාත්‍රාව ගොඩගැසුවේ නැගෙනහිර පළාතේ පොතුවිල්වලට යාබද කෝමාරියට නොහොත් එදා “කුමාරිය” කිවූ තැනටලු. ඉන්පසු එම යාත්‍රාව පොතුවිල් මුහුදු මහා විහාරය දැන් පිහිටි වැලිතලාවට රැගෙන ආ බවයි ජනප්‍රවාදයේ එන්නේ. ඒත් මතකද කිරින්ද ගැන කතාකරන විටත් විහාර මහා දේවිය ගොඩබැස්‌ස තැන හැටියට අපි එතැනත් විස්‌තරයක්‌ කිව්වා. මේ ස්‌ථාන දෙකටම විහාරමහා දේවියගේ කතාව සම්බන්ධ කරනවා. මේකෙන් කොයි කතාව නිවැරදි දැයි අපි හරියට දන්නේ නැති වුනත්, පොතුවිල් මුහුදු මහා විහාරය ඉදිකළේ ඒ සිදුවීම ස්‌මරණය කිරීම සඳහා බවයි කියන්නේ.

මුහුදු මහා විහාරයේ පයක් දෙකක්‌ ගතකළ අපි ඒ විහාරයේ වැලිතලාවේ ඔබ මොබ ඇවිද යමින් මේ සුන්දර පරිසරයේ පහසත් වැලිතලාවේ සියුමැලි බවත් හොඳින් විඳගත්තා. ඇතැම් තැනෙක පොළොව දිගේ විහිද ගිය දැවැන්ත කොහොඹ ගසක්‌ අපිට කිව්වෙ මේ මුහුදු තීරයේ වැලි කුණාටුවල බලපෑම කොතරම්ද යන්නයි.වෙරල තිරයේ තැනින් තැන නටබුන් මතුවෙලා තිබුන.

කාවන්තිස්ස රජු විහාර මහා දේවිය සතු රන් අභරණ තැන්පත් කොට නිදන් ගත කර ඇති ස්ථානයක් කියල බොහෝ දෙනෙක් පැවසුවා.
මේ රක්ෂිත භුමිය අක්කර තුක් පාන වෙනවා.දැනට විහාරාධිපතින් වහන්සේ ලෙස කටයුතු කරන්නේ පුජ්‍ය වරකාපොල ඉන්ද්‍රසිරි හිමියන්.මුහුදු මහා විහාර භුමිය රක්ෂිතයකි.එය අයත් වන්නේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට.
විහාරාධිපතින් වහන්සේ පවසන්නේ මේ වන විට රක්ෂිතය තුල රජයේ ප්‍රජ ශාලාවක් හා පෙර පාසලක් ඉදි කර ඇති බවයි.

හාමුදුරු වරු වැඩ වසන එකට පුර විද්‍යා දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කැමති නැති බවත්,රකින්නේ නැති බවත් පෙන්වා දෙනවා.පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට පනතක් නැති බවත්,අදට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ පරණ බදු පනත බවත් ඉංග්‍රීසින් හදපු මේ පනත මෙරටට ඔබින ලෙස වෙනස් කරන ලෙසත් එල්ලාවල මෙදනන්ධ හිමියන්ද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ කාර්ය පටිපාටිය විවේචනය කරමින් පැවසුවා.

පොතුවිල් මුහුදු මහා විහාරයට අයත්පුරණ නටබුන්, එම විහාර භුමිය හා ඒ අවට ප්‍රදේශය පුරා තැනින් තැන විසිරිලා තිබෙනවා දකින්න පුළුවන්.කිසිදු සංරක්ෂණය කල නටබුන් දකින්නටද නැහැ.වැල්ලේ තැනින් තැන මතු වී ඇති නටබුන්ද වෙනවා.අව්වට වේලෙමින්,වැස්සට තෙමමින් දිරාපත් වී පවතිනවා.මේ නටබුන් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විනාශ කර ඇති බවක් දකින්නට හෝ, අසන්නට ලැබුනේ නැහැ.සිදු වී ඇත්තේ රක්ෂිත භුමිය වටා මායිමක් නොමැති වීම නිසා,අවට ඉඩම් හිමියන් පුළුල් කරන බවයි. මෙය ඉතා විශාල මුස්ලිම් පිරිසක් විසින් ආක්‍රමණය කර ඇති බව පළවුණු වාර්තා බොරුවකි.

එක දේශපලන්යයෙකු විසින් ඩෝසර් කිරීම හේතුවෙන් මෙම පුරාවිද්‍යා රක්ෂිතයේ අයිතිය නිරවුල් වන තෙක් කිසිදු පාර්ශවයකට ඇතුළු වීම තහනම් කර ඇති බව, පොතුවිල් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක,වසන්ත කුමාර මහතා අප හා සම්බන්ධ වෙමින් පැවසුවා.

“මහත්තයෝ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් මේ විහාර ස්ථානයට අයත් හතර මායිම සොයල මායිම් වටා ගහල දුන්න නම් මේ ප්‍රශ්නය අහවරයි.එහෙම වුන නම් මේ වගේ ගැටළු ඇති වෙන්නේ නැහැ.මේ වටපිටාවේ ඉන්න මිනිස්සු එක්ක ආරවුල් ඇති කර ගන්න ඕන නැහැ.අපි ඉල්ලන්නේ මේ විහාරස්ථානයට අයත් භුමිය නිරවුල් කරලා,අඩුපාඩු සකසල දෙන්න කියලයි.”

පොතුවිල් මගුල් මහා විහාරයේ උඩුනුවර ප්‍රමතිලක හිමියන් අප හා පැවසුවා.

කතාව ඇත්තය,විහාර භුමිය වටා වැටක් නොමැත.ගස් පැදුරු වලින් ගහනය වී ඇත.භාගයක් මුහුදට මුහුණලා ඇති නටබුන් කාලගුණය හා මුහුදු කුණාටු නිසා වැලි තලාවට යට වී ගොස්ය.විහාර භූමියට අයත් බව දැක්වෙන කිසිදු මායිමක් හෝ සලකුණක් නොමැත.

වැල්ලේ සිට කිලෝමීටර් කිහිපයක් ඉදිරියට ගිය විට හමුවන්නේ අරුගබ්බේ මුහුදු වෙරළයි .එය දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ජනප්‍රියය.එම වෙරල තිරය සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සදහා එම වෙරල තිරය රජය විසින් සැලසුම් සකස් කොට හමාරය.ඔබ්බෙන් පිහිටි මුහුදු මහා විහාරයද සංචාරක පුරවරය නිසා බලපෑමකට ලක් වනු ඇත.

වැරැද්ද කොතනද ?

මුස්ලිම් වරුන්ට ඉඩම් ආක්‍රමණය කරන බවත්, අන්තවාදීන් බවත්,නටබුන් විනාශ කරන බවත් කරන ප්‍රකාශ බොරුවකි.පැහැදිලිවම කුහක කමකි.

75% වූ බෞද්දයන්ද, රටේ ජනාධිපතිද, මෙය කියවන බෞද්ධ ඔබද කුමන පදනමක් මතද මෙම ව්‍යාජ ක්‍රියාවන් පිළිගන්නේ ?
විහාරය වටා මායිම් ගසා වැටක් ඉදි කර දෙන්න බෞද්ද සමාජයට පුළුවන් වුනාද?
සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් දන්සල්,තෝරන් ඉදිකරමින් ලක්ෂ ගණන් මුදල් වියදම් කල මුත් වැටක් ගසා ගැනීමට රු: 20,000 වත් වියදම් වෙන්නේ නැත.එසේ සිදු වුනාද?
සිදු වුයේ වරද්ධ මුස්ලිම් වරුන් මත පටවා ඇග බේරාගැනීමය.

මෙම තත්ත්වය පිළිබඳ සංස්‌කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් අප විමසුවා.

එහිදී අදහස්‌ දැක්‌වූ ඇය “මම මේ සිදුවීම සැලවූ වහාම ඒ පිළිබඳ වාර්තාවක්‌ ලබාදෙන ලෙස පුරාවිද්‍යා කොමසාරිස්‌ට දැන්වූ බවත් . ඔහු ලබාදුන් වාර්තාවේ සඳහන් වන්නේ ඩෝසර් කිරීමට ලක්‌වූ බිම් ප්‍රදේශය පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක්‌ නොවන බවයි. එය විහාරස්‌ථානයට අයත් පෞද්ගලික භූමියක්‌ බවයි. එනිසා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පුරාවිද්‍යා කොමසාරිස්‌තුමාගෙන් දැනගත හැකි” බවද ඇය පැවැසුව.

පවතින මේ තත්වය හමුවේ, අප පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ කාර්යභාරය පිලිභාදව පුරාවිද්‍යා ඔමසරිස සෙනරත් දිසානායක මහතාගෙන් විමසීමක් කළෙමු.

(නැගෙනහිර පළාත – +9463 – 2222017 )
පුරාවස්තු සංරක්ෂණය
අනූෂා කස්තුරි මිය
රේෂානී ධර්මවර්ධන මෙය
ඩිවීෂා අතුකෝරල මෙය – +9411 – 2691960

“අපි කඩිනමින් මිහිදී මහා විහාරයට අයත් භුමිය වෙන් කරගෙන උට අදාල මයිම්සලකුණු කරන්න බලාපොරොත්තු වෙනවා.දැනට ප්‍රශ්නයට තියෙන්නේ දේශපලන්යෙකු විහාරස්ථානයට අයත් කුඩා කොටසක් යුතු ලෙස ලබාගෙන තිබෙනවා.කොහොම වුනත් දැනට පවතින ගැටළු මගහරවාගෙන මෙම පුරාවිද්‍යා භුමිය කඩිනමින් වෙන් කරගෙන වටා මායිම් ගහන්නත්,සංරක්ෂනයටත් පියවර ගන්නවා.මේ පිලිබදව අම්පර දිසාපතිවරයා සමගත් සාකච්චා අර තිබෙනවා.”

වැරැද්ද මුස්ලිම්වරුන් නොවේ.
මුහුදු මහා විහාරය පිළිබද ඇත්ත තත්වය ඔබට දැන් පැහැදිලි ඇති.

වර්තමානය වනවිට විහාරස්ථාන 200 කට අධික ප්‍රමාණයක් පසුගිය අවුරුදු 20 තුල වැසි ගොස්ය.
හිමිවරුන් අල්ප වීමත්,විහාරස්ථාන කරා යන ජනයා අඩු වීමත්,හිමි වරුන් විහාරස්ථාන තුල හුදකලා වීමත් නිසා විහාර භුමිය පිළිබද අවධානය හීන වී තිබෙනවා.
කෙසේ වෙතත් මුස්ලිම් ආක්‍රමණකාරී අන්තවාදීන් ලෙස හුවා දක්වන බොදුනු සමාජය,මම ක්‍රියාවන් ඉස්මුදුනින් පිළිගනිමින් ඉස්ලාමයට පහර ගසන්නට පටන් ගෙන තිබෙනවා.
නටබුන් විනාශ කරන බව කියන ඉස්ලාම් විරෝධීන් නොපෙනෙන එක කාරණාවක් තමයි දිනපතාම ලංකාවේ නිදන් හැරීම.මේ විහාරස්ථාන වල පවතින පෞරාණික වස්තු විනාශ කරමින් රත්තරන් සොයන්නේ අධික තණ්හාව නිසා.මේකට සෘජුවම අනුබල දෙන්නෙත් පන්සලේ ඉන්න හමුදුරුවොමයි.
වටිනා පිළිමයන් ඉතා ඉහල මිල ගණන් වලට විකුනන්නෙත් මේ බෞද්ධයන් මිස මුස්ලිම් වරු නොවේ.
මුහුදු විහාරය පිළිබද කට මැත දොඩවන අය සුළු කොටසක් හෝ ආරක්ෂා කරන්න ක්‍රියාමාර්ගයක් ගන්නේද නැත.විහාර භූමියට අයත් යැයි සිමා මායිම් ලකුණු ක‍ර නොමැත.මායිමක් මුල් කරගෙන මුස්ලිම් වරුන්ට පහර ගැසීම විහිළුවකි.
පවතින අනෙකුත් විහාරස්තානවල පෞරාණික වස්තුන් නිදන් හොරුන්ගෙන් රැක ගැනීමට නොහැකිව පවතින විටදී අනෙකුත් දේ ගැන කවර කතාද?


Read Full Post | Make a Comment ( 10 so far )

සිද්දික් ලෙස ව්‍යාජ නමකින් මුස්ලිම් ජාතිකයෙකු විදියට ලිපි පල කරල බලා පොරොත්තු වුනේ මොකක්ද?

Posted on March 1, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , |

කොහොම වුනත් සිද්දික් හෙවත් පෙරමුණේ රාළට අවශ්‍ය වෙලා තියෙන දේ වෙලා ඉවරයි.මොහොමොඩ් කියන බ්ලොග් අඩවිය නිර්මාණය කරලා සිද්දික් ලෙස ව්‍යාජ නමකින් මුස්ලිම් ජාතිකයෙකු විදියට ලිපි පල කරල බලා පොරොත්තු වුනේ මොකක්ද?
ඔව් අපි ඒ කාරණේට බහිමු.
මොහොමොඩ් කියන බ්ලොග් අඩවිය පෙරමුණේ රාළගේ බව කලින් හෙළිදරව් කරා.එකෙන් පස්සේ ලිපි ඔක්කොම මකල දාල තිබුනා.(මම ඇහැ ගහගෙන  ඉන්නේ )
පෙරමුණේ රාළ කියන ගොං මයිනා සිංහල සිදිකෙටරයේ ජනප්‍රියයි මොකද ඉස්ලාමයට මඩ ගැසීමත් ව්‍යාජ තර්ක කිරීමත් නිසා .කුණුහරුප ප්‍රතිචාර වලින් පිරිච්ච රාළගේ බ්ලොග් පදංගුවට අනිත් බ්ලොග් සහෝදරය්න්ගේත් පුදුම සහයෝගයක් ලැබෙනවා. (කුණුහරුප බලන්න ආසයිනේ )ඔන්න රාළට අවශ්‍ය වුණා ටිකක් ජනප්‍රිය වෙන්න.එකට බුද්ධාගමට අපහස වෙන විදියට හැදුව සගබෝ බ්ලොග් එක.හරිගියේ නැහැ ,එක මකල ම්ෆොමොඩ් කියන බ්ලොග් එකක් හැදුව.එකත් දැන් ලිපි ඔක්කොම මකල. ඒ වුනත් මිනිහගේ අරමුණ හරි ගියා.
මොකක්ද අරමුණ?
රාළට අවශ්‍ය වෙලා තිබුනා සිංහල බ්ලොග් සින්ඩි එකේ අනෙකුත් බ්ලොග් කරුවනුත් ඉස්ලාමයට අපහාස වෙන විදියට ලිපි පල කරවන්න.ගොඩක් සිංහල බුද්ධ අය එහෙම ජාති වැඩි අදහස් පල කරන්න කැමති නැහැ.රාළ පුංචි උපායක් කල්පනා කරලා හැදුව මොහොමොඩ් කියන නමින් බ්ලොග් එකක් නියම මුස්ලිම් වරයෙක් විදියට සිංහලයට බනින විදියට හැදුව.
මොහොමොඩ් කියන්නේ සශ්ට්‍රුන්ගේ නමනේ .ඉතින් බුද්දාගමට බනින රාළ අනෙකුත් බ්ලොග් කරුවනුත් පොළබව ගන්නවා තමන්ට බනින්න කියල.ඒ කියන්නේ මොහොමොඩ් බ්ලොග් එකට බනින්න.රාළගේ අරමුණ සාර්ථක වෙලා තියෙනවා.කවදත් බුද්ධාගමට හැර අන් ආගම් වල හෙළුව පෙන්වන බව කියන  රාළ ඉස්ලාමයට  පමණක් පහර ගසමින් කරන්නේ සිංහල-මුස්ලිම් ජාතිවාදයක් ඇති කරන්නයි.
මේකට මුල් පියවරක් විදියට මොහොමොද බ්ලොග් එක හදල අනෙකුත් බ්ලොග් වල මේ ගැන පල කරන්න පොලබවන එක.දැන් ඉතින් අනෙක් බ්ලොග් වලත් බලන්න පුළුවන් මොහොමොඩ් කියන කෙනා ගැනත් සිද්දික් කියන ගැනත් ලිපි පල කරලා තියෙනවා. කෙසේ වෙතත් ලිපි බලන කෙනා නවකයෙක් නම් එය හිතන්නේ ඉස්ලාමයේ සශ්ත්රුවරයට බනිනවා කියල.නැත්තම් මුස්ලිම් වරු බුද්දාගමට බනිනවා එකට පිළිතුරු දීල තියෙනවා කියල.ඇයි ඉතින් නම දාල තියෙන්නේ ඒ විදියටනේ.ගොඩක් බ්ලොග් වල පල කරට පස්සේ දැන් ලිපි ඔක්කොම මකල දැම්ම.ඇයි වැඩක් නැහැනේ .අනිත් බ්ලොග් වල පබ්ලිෂ් කොරලානේ තියෙන්නේ
දැන් ඉතින් අනෙකුත් සිංහල බ්ලොග් සහෝදරයන්ට මොහොමොඩ් ගැන දාපු ලිපි මකන්න වෙලා.මොකද මොහොමෝ කියන බ්ලොග් එකේ බුද්දාගමට අපහාස වන ලිපි මකල නිසා .නැත්තම් කියවන්නා අතරමං වෙනවා.
පෙරමුණේ රාළ ,පිටියේ අප්පු සහ සමාගම

පෙරමුණේ රාළ ,පිටියේ අප්පු සහ සමාගම

අපිව අන්දන අයගේ ඇන්දවිල්ල පෙන්නන්න .කියන මාතෘකාව කෙසේ වෙතත්, රැලි රාළගේ අදබාල ගෝලයි ටිකයි අනිත් අයව අන්දන බව පේනවා.

Read Full Post | Make a Comment ( 2 so far )

හෙළිදරව්වෙන් සිද්දික් හෙවත් පෙරමුණේ රාළ ලිපි මකයි

Posted on March 1, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , |

කලින් පැවසුවා  මොහොමොඩ් ලෙස ව්‍යාජ නමින්  පෙනී ඉන්න ජාතිවාදිය ගැන .ඊයේ දින (2011-02-28) අලුත් ලිපියක් පල කරලා තිබුන බුද්ධාගම සහ ඉස්ලාමය අතර වෙනස ගැන  සදහන් කරලා.අද බලද්දී (2011-03-01) ලිපි ඔක්කොම මකල දාල තිබුනා.
රාළ මොහොමඩ් ගැන සතුටු විම , රාළ සහ සිද්දික් ගෙ වෙස්මුහුණු ඉරියාම ගැන හොද මාතෘකාවක් සහෝදර ඇත්ත නැත්ත බ්ලොග් අඩවියේ පල කරලා තිබුනා.
ඇත්ත නැත්ත බ්ලොග් අඩවියට මාගේ ප්‍රණාමය
අලුත් ලිපියක් දාල තියෙනවා මෙහෙම .

Mohomad, don’t mess with Sinhala

බුද්ධාගම සහ අපි ගැන ටැබ් දෙකම මකා ඇති අයුරු

බුද්ධාගම සහ අපි ගැන ටැබ් දෙකම මකා ඇති අයුරු

 

පෙර තිබු තත්වය

දැක්ක නේද පෙරමුණේ රාලගේ නිරුවත ? කලින් තිබුණු විදියට නෙවෙයි දැන් තියෙන්නේ “බුද්ධාගම ” සහ “අපි ගැන ” ටැබ් දෙකම අයින් කරලා තියෙනවා.
“Mohomad, don’t mess with Sinhala” මොහොමොඩ් බුද්ධාගම කෙලසන්නේ නැහැ ” කියල දාල තියෙනවා.
බුද්දාගමේ නිරුවත ගැන කතා කරන බව කියන සිද්දික් ගොය්යට  මේ වගේ අදහසක් පහල වුනු එක පුදුමයක් නෙමෙයි.

Read Full Post | Make a Comment ( 3 so far )

පෙරමුණේ රාළ ගේ අලුත්ම උපාය ව්‍යාජ බ්ලොග් අඩවි හා සම්බන්ද අනෙකුත් බ්ලොග් අඩවි

Posted on February 27, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , , |

පහුගිය දවස් ටිකේ රළට පල කරන්න තොරතුරු නැතිව ඉදල දැන් අලුත් ලිපියක් පල කරලා.

ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ?

ඔව් මෙතන වෙලා තියෙන්නේ වෙන කෙනෙක් අල්ලපු මාළුවා තමන්ගේ බිලි කොක්කට අමුණලා වතුරට දාල අදිනවා තමන් මාලුවෙක් ඇල්ලුවා කියල.

ගොඩාක් සරල උපමාවක්. අලුත් ලිපි පල කරන්නත් රාළට අවස්ථාවක් ලැබිල .මොහොමඩ් කියල මුස්ලිම් වරයෙක් විදියට බ්ලොග් එකක් හදල දාන ප්‍රශ්න වලට රාලගේ බ්ලොග් එකේ පිළිතුරු පල කරනවා.හපොයි මේකෙත් හැටි.
පෙරමුණේ රාළ ගේ බ්ලොග් එකේ වම් පැත්තේ සබදතා පුරුක් කිහිපයක් තියෙනවා. පහත රුපය බලන්නකෝ

පලවෙනි අංකය යොදා ඇත්තේ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරයට .ඇත්තටම සිංහල සින්ඩි වලින් රාළට සෘජු සහයෝගයක් ලැබෙන බව පේනවා.
මොකද බෞද්ධ නොවන අන්‍ය ආගමික තතු හෙළි කරන නිසා (ඉස්ලාමය ව්‍යාජ ලෙස ව්කෘති කරමින් පෙන්වීම ) කිසිම තැනක බුදු දහමට විරුද්ධව ලිපි පල කරලත් නැහැ.
එහෙනම් පෙරමුණේ රාළ කියන මනු සතා හොද සිංහල බෞද්ධයෙක් බව පැහැදිලියි.
අපි බලමු දෙවෙනි එක .එකේ තියෙනවා ලින්ක් එක “කුණු හරුප බලන්න ඕනෙ නම් – Slang home” කියල  පෙරමුණේ රාලගේ තවත් බ්ලොග් එකක් වෙන්න ඇති.ගිහිල්ලම බලන්නකෝ මෙන්න ලිපිනය. http://slanghome.wordpress.com (only +18 )
එකේ තියෙන ඒවා හොද බුද්ධ වචන නේද? පහත තියෙන්නේ ඒ බ්ලොග් එකේ පිටපතක්. අනේ මන්ද මෙහෙමත් මානසික ලෙඩ්ඩු ද ?නැත්තම් බුදු දහමද? 

කරුණු කාරණා කෙසේ වෙතත් ශ්‍රී ලාංකික ශෘංගාර සාහිත්‍ය කියල තමයි කියන්නේ පොඩි දරුවන්ටත් කියල දෙන්න පුළුවන් සාහිත්‍ය නේන්නම් තියෙන්නෙත් .

තීරණය ඔයාට අදාලයි..

තුන් වැනි එක මේක නම් කියල වැඩක් නැ. ඇනොනිමස්] අතල් කියලයි කියන්නේ. ගිහිල්ලම බලන්නකෝ.

හතර වෙනි එක ‘ බුදු සිරා ගේ කතාව – අංකල් මෛත්‍රිය අඩවිය ” කලින් පෙන්නලා දුන්න අන්කල් මයිත්‍රීය ගැන. ජාතිවාදී ව්‍යාජ මොහොමඩ් බ්ලොග් එකයි අන්කල් මයිත්‍රීය බ්ලොග් එකයි කරන්නේ එකම කෙනා. එත් ඇයි පෙරමුණේ රාලගේ බ්ලොග් එකේ ලින්ක් එකක් ඇතුලත් වෙලා තියෙන්නේ.කාරණය පැහැදිලියි.
පස්වෙනි එක තමයි “The Sinhala ” බ්ලොග් එක. The Sinhala බ්ලොග් එක ප්‍රධාන ඩොමේනයක් ,අනික්වා නොමිලේ බ්ලොග් වලින් හදපුව.

හයවෙනි එක ” Sinhala Buddhist | සිංහල බෞද්ධයා ” කලින් පස් වෙනි එක වගේමයි හයවෙනි එකත් Sinhala Buddhist | සිංහල බෞද්ධයා යි The සිංහල බ්ලොග් දෙකම එකම කෙනයි කරන්නේ.

කාගේද මේ Sinhala Buddhist | සිංහල බෞද්ධයා බ්ලොග් අඩවිය ?
පෞද්ගලික තොරතුරු නම් පුබ්ලිෂ් කරලා නැහැ. who is එකෙනුත් බලන්න බැහැ.

එහෙනම් The Sinhala බ්ලොග් අඩවිය?
who is එකේ විදියට අයිතිකරු රංග ජයවර්දන කියන කෙනෙක්, අනික්වා පුද්ගලිකත්වය සලකා පල කරන්නේ නැහැ .5 හා 6 යන බ්ලොග් දෙකම එක සමාන නිසා දෙකම ඔහුගේ කියල නිගමනය කරන්න පුලුවන.
මේ බ්ලොග් දෙකම පෙරමුණේ රාළ අතර තියෙන සම්බන්දය මොකක්ද?
ඔව් පුංචි සැකයක් ඇති වෙනවා

මේ බ්ලොග් දෙකේම කලින් කිව්වා වගේ ගැජට් වල පිහිටීම එකම වර්ගයේ ගජෙට් දීම  ගැනත් සැකයක් ඇති වෙනවා. ෆෙච්බූක් ගජෙට් එක බොහෝ දෙනෙක් එක ලිපියේ මත්රිකවට සමීපව යොදනවා.නමුත්, මොහොමඩ්, අන්කල් මයිත්‍රීය වගේම the Sinhala හා Sinhala buddist කියල බ්ලොග් වල වම් පැත්තට වන්නට සයිඩ් බාර් එකේ යොදල තියෙනවා.
කාරණය පැහැදිලියි. ඉහත බ්ලොග් කිහිපය තුල තුන් දෙනක් හෝ හතර දෙනෙක් කණ්ඩායමක් වශයෙන් ලිපි පල කරනවා.කර්තෘ  විදියට ඔවුන් ලිපි පල කරනවා,
කොහොම වුනත්  ඔවුන් කවුදැයි සොයා බැලීමට වැඩිය පල කර ඇති ව්‍යජ තත්වය ගැන නිවැරදි කිරීම වටිනවා. ඒ පිලිබදව ඉදිරියේදී සිදු කරනවා.

Read Full Post | Make a Comment ( 7 so far )

Liked it here?
Why not try sites on the blogroll...