ඇන ගිලින ,ඇණ ඇතුළු කරන ලංකික කතුන්

Posted on July 24, 2011. Filed under: කාලින | Tags: , , , , , , , , , , , , , , , , , , , , , |

ශරීරයට ඇණ ඇතුළු කිරීමෙන් හාම්පුතා විසින් හිංසනයට ලක් කරන ලදැයි කියවුණු රට රැකියාවක නියුතු ආරියවතිගේ සිද්ධිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදු වීමකි.විදේශ රැකියා සදහා යන කාන්තාවක් හාම්පුතා විසින් ඇන ඇතුළු කර වද හිංසා පමුණු වන ලදැයි පළමුවරට කියවුනේ පසුගිය වසරේදීය.


මේ සිද්ධියේ ඇතුලාන්තය පසුව වෙනස් මුහුණුවරක් ගත්හ.එනම් සත්‍ය සිදුවීම වූ කලි හාම්පුතුන් විසින් ආරියවතිගේ සිරුරට ඇන ඇතුල් කිරීම නොව ඇය විසින්ම ඇන ඇතුළු කර ගනු ලැබීම තහවුරු වීමත් සමගය.

මේ වනවිට විදේශ රැකියා සදහා ගිය කාන්තාවන් සම්බන්ධයෙන් මෙවැනි සිදුවීම් අටක් වාර්තා වී තිබේ.මේ සිදුවීම් අටෙන් සිදුවීම් හතරක් පිළිබද පුර්ණ පරීක්ෂණ සිදුකර ඒ සිදුවීම් වලට අදාල නිල වාර්තා සෞඛ්‍ය අමාත්යංශය විසින් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්යංශය වෙත ලබා දී ඇත.ඒ වාර්තා හතරට අනුව,ඒ සිද්ධි හතරේම සිදු වී ඇත්තේ ඔවුන් සේවය කරන ලද නිවෙස් වල හාම්පුතුන් ඇණ ගිල්වීම ,කටු ගැසීම නොව ඔවුන් විසින්ම විවිධ මානසික තත්වයන් හේතුවෙන් ලංකාවට නැවත ඒමේ අදහසින් තමන් විසින්ම ඇණ ගිලීම,ඇන ඇතුළු කර ගැනීම වැනි ක්‍රියා සිදු කර තිබීමය.ඉතිරි සිද්ධි සියල්ලටම අදාලව ඔවුන් පාපොච්චාරණය කර තිබුනේ ඒවා තමන් විසින්ම කරගත් බවයි.
විදේශ ගෘහ රැකියාවල යෙදෙන විවිධ ජාතීන්ට අයත් සමස්ත ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව මිලියන 2.5 පමණ වේ.ඒ අතර ගෘහ සේවයේ යෙදෙන ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහසකි. විවිධ රටවල ශ්‍රමිකයින් ගෘහ සේවයේ යෙදුනත් නැවත තම රටට නැවත පැමිණීමේ උවමනාව මත මෙලෙස ඇන ගිලීම වැනි හිංසනයන් තම විසින්ම ලක් කර ගැනීම පිලිබදව සිද්ධි මෙතෙක් වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකික ගෘහ සේවක ශ්‍රමිකයින්ගෙන් පමණි.
විදේශීය ගෘහ ගෘහ සේවය සදහා යන ලංකික කාන්තාවන්ගෙන් 30% පමණ විදෙස් ගත වන්නේ මත්පැනට ඇබ්බැහි වූ තැන ස්වාමි පුරුෂයාගේ හිංසන වධ හිංසා හා අඩම්තේට්ටම් වලින් බේරීම සදහාය.ඒ අඩම්තේට්ටම් වලින් බේරී නිදහස් ජිවිතයක් ගත කිරීම සදහාය.මුදල් ඉපයීම,නිවසක් සාද ගැනීම,දු දරුවන්ගේ අනාගතය ආර්ථක අතින් සුරක්ෂිත කිරීම මේ ආදී හේතු මත විදේශ ගත වන කාන්තාවන් ඉතිරි 70% ප්‍රතිශතයට අයත් වෙයි.
විදේශ සේවා රට රැකියා සදහා යන ශ්‍රමිකයින් වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සලසා දී ඇති සහන පිළිබද එහි සභාපති කිංස්ලි රණවක මහතා මෙසේ පැවසුහ.
2009 සංශෝධිත පනත අනුව,රට රැකියාවට ගිය තැනැත්තාට යම් අසාධාරණයක් , ඒජන්සිය මගින් ලබාදුන් පොරොන්දු කඩ වීමක් සිදු වී ඇත්නම්,එම ඒජන්සි ආයතනයට හා එහි හිමිකරුට එරෙහිව අධිකරණය වෙත යාමට බලය හිමි වේ.එමෙන්ම ඒජන්සිය මගින් රැකියාවට යන තැනැත්තාට සේවය කිරීමට සිදුවන ස්ථානය ,ලැබෙන වැටුප,හිමි පහසුකම් මේ සියල්ල පිළිබද පුර්ණ තොරතුරු ඉදිරිපත් කල යුතුය.
ශ්‍රමිකයට නිසි පරිදි වැටුප් නොලැබීම,හාම්පුතාගේ අඩම්තේට්ටම් වලට ලක් වීම ආදී ඕනෑම හිංසනයකට ලක්වීමේදී ඔවුනට තානාතිපති කාර්යාලය හරහා ඒ බව දැනුම් දීමටත්,නොඑසේ නම් ඥතීන් වෙත ඒ බව දැනුම් දී ඔවුන් මගින්විදේශ සේවා කාර්යාංශය වෙත දැනුම් දීමටත් හැකිය.
මිට තෙවසරකට පෙර ගෘහ සේවකයින් සම්බන්ධයෙන් වසරකට ගැටළු හයදහසක් පමණ වාර්තා වූ අතර මේ වෙද්දී එය තුන්දහස දක්වා අඩු වී ඇත.මේ වෙද්දී නිත්‍යානුකුල පදනමකින් තොරව කුවේට් රටේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව දාහතර දහසකි.ඔවුන්ට කුවේට් දේශයෙන් පිට වීමට ලබා දුන් පොදු සමා කාලයේදී හාරදහසක් පමණ පිරිස ලංකාවට පැමිණියත් එසේ නොපැමිණි දසදහසක් පමණ ශ්‍රමිකයින් කුවෙට් දේශයේ රැදී සිටියි.මෙය ඉදිරියේදී කුවේටය හා ශ්‍රී ලංකාව අතර සබදතා පලුදු වීම කෙරේ බලපාන හේතුවක් බවට පත් විය හැක.
පුද්ගලයෙකු රට රැකියාවට යාමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යන්ශයේදී අදාල ඒජන්සිය සමග රැකියා ගිවිසුමට අත්සන් කල යුතු නීතියක් දැනට ක්‍රියාත්මක වේ.මේ නිතිය ක්‍රියාත්මක කලේද ශ්‍රමිකයාගේ ශුරක්ෂිත බව තහවුරු කර ගනු පිණිසය.පසු ගිය කාලයේ ඇණ ගිල්ලවිම,ඇන ශරීරයට ඇතුළු කර ගැනීම සිද්ධි වාර්තා වෙද්දී සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් අදාල වෛදය වරුන් පිටත් කර හරියේ ඒ පිළිබද පරික්ෂ කර වැරදි පාර්ෂ වලට එරෙහිව නිත්‍යානුකුල පියවර ගැනීමටත්,ඔවුන්ට වන්දි ලබා දිය හැකි නම්,ඒ විශාල වන්දි ලබා ගැනීමට කටයුතු කිරීමටත්ය.
මෙවැනි සිද්ධි අරභයා කටයුතු කල යුත්තේ වාර්තා ලබා දිය යුත්තේ විශේෂඥය සාක්ෂි මතය.මෙවැනි සිධියක් ඇති වූ විට ඒ ගැන නිත්‍යානුකුල පරීක්ෂණ පවත්වා වාර්තා කිරීමට අධිකරණ වෛද්‍ය ඇතුළු අදාල ඕනෑම කෙනෙක් පිටත් කර යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය නොපැකිලිව කටයුතු කරයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා මෙසේ සදහන් කරයි.
එහෙත් ඇති වූ සිද්ධි අටෙන් සිද්ධි හතරක් පිලිබදව වාර්තාවලින් ඔප්පු වුයේ මේ සියලු සිද්ධි තමා විසින්ම කර ගන්න ලද ක්‍රියා හැටියටයි.අනෙක් සිද්ධි වලට අදාල පුද්ගලයන්ද අවසානයේ පාපොච්චාරණය කරමින් මේවා තමා විසින්ම කර ගන්න ලද බව පිලි ගත්ත.ජෝර්දානයේ සිදුවීම් දෙකක් ලෙබනන් සිදුවීමක් හා කුවේටයේ සිදුවීමක් ගැන මේ වන විට පරීක්ෂණ පවත්වා තිබෙනවා.
මෙසේ මෙවැනි සිද්ධීන් දිගින් දිගටම සිදුවුවොත් එය ශ්‍රී ලංකික ගෘහ සේවිකාවන් තමා සේවය සදහා ලබා ගැනීම ප්‍රතික්ෂේප වීමට හේතුවක් වෙන්න පුළුවන්.එහෙත් එවැනි තත්වයක් මේ වන විට ති වී නැහැ.ඇතැම් විට තමා ඥතියා මෙවැනි හිංසාවට ලක්වන බවට පැමිණිලි කරන පිරිස් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටින්නේ අපට වන්දි එපා එයාව ගෙන්නවන්න යනුවෙනි.එහෙත් සිදු වී ඇති දේ සොයා බල පරීක්ෂණයක් කර වන්දි ලබා දිය හැකි නම්,විශාල වන්දි මුදලක් ලබා දීමට කටයුතු කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුණ යැයි කිංස්ලි රනාවක් මහතා කරුණු පැහැදිලි කරයි.
ජෝර්දානයේ ශරීරයට ඇන ඇතුළු කර ගැනීම සම්බන්ධව සිද්ධියේදී එම කාන්තාව තානාතිපති කාර්යාලයට කැදවා එක්ස්රේ පරීක්ෂණයට ලක් කෙරුණි.මේ ඇන අධෝ මාර්ගයෙන් පිට කල හැකි බව වෛද්‍යවරුන් පැවසීමෙන් අනතුරුව තමාට මුත්‍ර කිරීමේ අවශ්‍යතාවය ඇති බව පවසා වැසිකිලියට ගිය කාන්තාව තමා ලිංගයට ඇණයක් ඇතුළු කර ගෙන ඇත,උදරයේ ඇති ඇන ඉවත් කර ඇය ලංකාවට එවීමෙන් පසු මුත්‍ර පිට නොවීම නිසා සිහිමුර්ජා තත්වයට ලක් වූ අතර එහිදී දැන ගන්නට ලැබුනේ ඇගේ ලිංගය තුල ඇණයක් ඇති බවය.
තමා හාම්පුතා විසින් යට ඇන ගිල්වන ලද බව ඇය මුල සිටම පැවසුවත් එසේ ඇන ගිල්වුයේ නම්,ලිංග මාර්ගයට ඇණයක් යාමට ඉඩ නැති හෙයින් මේ පිලිබදව දිගින් දිගටම ප්‍රශ්න කරද්දී මේ කාන්තාව පාපොච්චාරණය කලේ සියලු ඇණ තමා විසින්ම ඇතුළු කර ගන්නා ලද බවය.
එමෙන්ම මෑතකදී ඇන ගිල දැමු 22 හැවිදිරි එක්දරු මව පාපොච්චාරණය කර ඇත්තේ තම සැමියා වෙනත් විවාහයක් කර ගැනීමට සුදානම් වීමත් තමාට තමා දරුවා අහිමි වී යාමත් නිසා තමන් සියදිවි නසා ගැනීමේ අරමුණින් ඇන ගිල දැමු බවය.
මෙම සිද්ධි දාමයේ එක් සිදුවීමක් ගෘහ සේවයෙකුට අදාල වෙයි.කුවේට් රටේ සේවය කරන තරුණ රියදුරුවකු වූ ඔහු දෙපාවලට කම්බි කැබලි 14 පමණ ඇතුළු කරගෙන තිබුණු අතර ඔහුද පළමුව පවසා සිටියේ මෙය හාම්පුතා විසින් කරන ලද හිංසාවක් බවය.
එහෙත් ඒ ගැන පරික්ෂ කරන්නට මෙරටින් යැවූ අධිකරණ විශේෂඥය වෛද්‍යවරය්ගේ වාර්තාවෙන් තහවුරු වුයේ මේ කම්බි කැබලි තමාම ඇතුළු කර ගත් ඒවා බවය.ඔහු ගංජා භාවිතයට ඇබ්බැහි පුද්ගලයෙක් බවත් එම රටේදී ඒවා නොලැබීම නිසා එම අවශ්‍යතාවය මත ලංකාවට පැමිණීමේ වුවමනාව අනුව මෙය කර ගත් බව පසුව පාපොච්චාරණය කර ඇත.
තව දුරටත් මෙවැනි සිදුවීම් සිදු වුවහොත් එය ශ්‍රී ලංකික ගෘහ සේවිකාවන් පිලිබදව අයහපත් ප්‍රතිරූපයක් ගොඩනැගීමට ප්‍රබලම හේතුවක් වෙයි.
Read Full Post | Make a Comment ( 1 so far )

Liked it here?
Why not try sites on the blogroll...