හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් ද ?

Posted on July 30, 2011. Filed under: කාලින | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

මිනිහෙක් වුනාම ජිවිතේ අරමුණු තියෙනවා.තමන් කැමති අකමැති දේවල් තියෙනවා.කරන්න ඕන ,එපා දේවල් තියෙනවා.මේ හැමදෙයක්ම එකතු වෙලා තමයි මිනිසා කියන අධ්‍යත්මකය බිහි වෙන්නේ.ඔහු තුල හොද සේම නරකත් තියෙනවා.සමහරු කපටියි,සමහරු පෙරේතයි,සමහරු වනචරයි,සමහරු දක්ෂයි,සමහරු හරිම හොදයි,සමහරු නරකයි,හැම හොද කෙනෙක් ලගම නරක චුට්ටක් හරි තියෙනවා.ඒ නිසා මේ ලෝකේ 100% හොද මිනිස්සු බිහි වෙලා නැහැ.නමුත් මේ සමාජය ය දගලන්නේ සර්ව සම්පුර්න හොද අය වගේ සමාජය ඉදිරියට පෙනී ඉන්න.එක කරන්න බැරි දෙයක්.

මේ ලදී හරි අපුරු කතාවක් යනවා.රුපවාහිනියේ ජාතික නාලිකාවක, හරක් මරන්න එපාලු.. කිරි දුන් මවක්සේ,දිරි දුන් පියෙකු සේ,ජාතියට උරදුන් හරකා රැක ගනිමුලු. ඝව මස් කෑමෙන් වැළකිලා,ඝව ඝාතනයට විරුද්ධ වෙන්නලු.අපි හරකා මරනකොට හරකව මසට මරනවා කියල අපි දන්නවද කියලත් අහනවා.එක හොද ක්‍රියාවක්.

නමුත් හරක් මස් කරනකොට හරකා මරණ බව හරි.එතකොට මෝර මාළු කනකොට මෝරව මරන්න එපැයි.කුකුල් මස් කන්න කුකුලව මරන්න එපැයි.වැඩිය ඕන නැහැ හාල්මැස්සෙක් හරි මරන්න එපැයි බැදුමක් කන්න. දැන් එතකොට කුකුළා මරනවට වඩා පව්ද හරකා මැරුවම හරකා විතරක් නොමරා අනික් උන්ව මැරුවම පින් සිද්ධ වෙනවද?
එක ජිවිතයක් මැරුවම අපි නිකමට හිතමු පව් මනින ඒකකයෙන් මන්නම 1 යි කියල.දෙන්නෙක් මැරුවම 2 යි කියල.එතකොට මිනිසුන්ට කන්න කියල එක හරකෙක් මැරුවොත් ඒ හරක් මස් ටික කනවා අඩුම තරමින් පවුල් 100 වත්,එක හරකයි මරන්නේ,එත් පවුල් 100 කට කුකුල් මස් දෙන්න කුකුල්ලු මරන්න ඕන 100 ක්.එතකොට අර ඒකකයෙන් මැන්නම පව් 100 යි.එහෙම බැලුවම හරක් මස් කන එකට වඩා කුකුල් මස් කන එක පව්.හාල් මැස්සෝ කන එක ඊට වඩා පව්.
එතකොට මේ මාධ්‍ය හරකට විතරක් මේ තරම් love ඇයි ? මට හරි ප්‍රශ්නේ ඕක.මගේ කිරි දුන්න අම්මා නම්,අපේ අම්මා.ඔය කියන මාධ්‍ය ආයතනවල අයට කිරි දුන්නේ හරකා කියල එයාලම කියන නිසා අපි පිලිගනිමුකෝ.එක වෙනම කතාවක්.

නමුත් ගැටලුව තියෙන්නේ බොරු සත්ව කරුණාවක් පෙන්වන්නේ ඇයි කියල.බුද්ධිමත්ව හිතන ඕනෑම කෙනෙක් දන්නවා,කොයි සතා මරණ එකත් පව්.
ඔබ කඩේට ගිහින් මාළු ග්‍රෑම් 500 ක් ඉල්ලද්දී ඒ පණ පිටින් උන්න මාළුවෙක්ය කියල නොදැනද කන්නේ ? අපි බබාලාද ?

ඉතින් හිගක් අය ඔහොමයි. අපි බබාලා කියල හිතාගෙන එයාල ලග නැති ඒවා තියෙනවා කියල අපිට කියනවා.උන් කියනවා අපි අහනවා.
මේකයි.මිනී මර මරා හෙන සත්ව කරුණාව තියෙන මිනිසෙක් වෙන්න බෑ.කුපාඩිකම් කර කර ශ්‍රද්ධවන්තයෙක් වෙන්න බෑ.ඔබ කැමති නම් කැමති දේ කරන්න, බොරු ටෝක් එපා.එක හරි කැතයි.සමහර විට ඔබ පම්පෝරි ගහන සමාජය ඔබ ගැන දන්නේ නෑ.ඒ වුනාට ඔබම දන්නවනේ ඔබ කව්ද කියල.

මුලාශ්‍රය : තරුණයා පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙනි.

Make a Comment

Leave a comment

7 Responses to “හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් ද ?”

RSS Feed for yarsaad Comments RSS Feed

සමහර ඉස්ලාම් අය බල්ලා ඌර ආහාරයට ගන්නෙ නෑ…
ඒක එයාලට අනුව කැත සතුන් ආහාරයට ගැනීමක්…
අපේ සංස්කෘතියට අනුව හරක කියන්නෙ අපේ ජීවිතේට සමීප පවුලෙ කෙනෙක් වගේ කෙනෙක්..තමුන්ගෙ බොහොම ළඟ කෙනෙක් මරන් කන එක පවු කියල තමයි හින්දු සහ බොදු බහුතරය හිතන්නෙ…

ළග දුර මනින මිම්මක් බලාගන්නේ කොහොමද? අලියා,කොටියා,කිඹුලා වෙනි සත්තු අපේ ජීවිතයට දුරස් සත්තු.එත් අපි උන්ව කනවද? එතකොට මාළු අපි ගෙවල්වල ඇතිකරනවා.හරකාට වඩා මාළු ළඟ සතෙක්.එතකොට මාළු කන්නේ කොහොමද? හරි හරකා ලඟ සතෙක් කියමු…එතකොට ඌගේ පැටියට එරැන කිරි ඌව රවට්ටලා අරන් බොන එක පින් ද? ඔබ කියනවා නම් පව් කියලා හැට සිට කිරිපිටි,චීස්,බටර් නොකා සිටින්න…ඒ වගේම ඒවා නිෂ්පාදනය කරන කොම්පනි වහන්න කියා ඔබද උද්ගෝශන කරන්න..

නොතේරෙන නිසා තේරෙන බාසාවෙන් කියන්නම්, පාරෙ ඉන්න වේස ගෑනියෙක් එක්ක බුදිය ගන්න එකයි තමන්ගේ අම්මා එක්ක බුදිය ගන්න එකයි එකක්ද දෙකක්ද?

හොද වෙලාවට ලංකාවෙ මිනිසුන් මිනී මස් කන්නේ නැත්තේ. නැතිනම් ඔබ අනිවාර්ය්‍යයෙන්ම ඔබ ඔබගේ දෙමාපියන්ද මරා මස් කනු ඇත. මන්ද ඒ දෙදෙනාද ඔබට නිකම්ම නිකං ජීවිත දෙකක් විතරක් වන බැවිනි.

මොකක්ද බන් මේ බෞද්දයින්ට හරක් එක්ක තියෙන පිස්සුව? සමහර බෞද්දයෝ කියනවා හරක් ඒගොල්ලන්ගේ දරුවොලු. සමහර උන් කියනවා හරක් ඒගොල්ලන්ගේ අම්මලු.

මන් අහගෙන බණ්ඩාරවෙල අමිතානන්ද හාමුරුවො කියනවා හරක් කන් උන්ට කිසිම
අනුකම්පාවක් නැහැලු, තිරිසන්නු කියල.
ඒ කියන්නේ සිංහල බෞද්දයෝ මිනිස්සුන්ව මනින්නේ හරක් මස් කන නොකන එක මත. පුදුමයි.

සිංහල බෞද්දයින්ට හොඳ මිනිස්සු කියන්නේ හරක් මස් කන්නේ නැති මිනිස්සු. නරක මිනිස්සු කියන්නේ හරක් මස් කන මිනිස්සු. හරක් මස් කන මිනිස්සුන්ට අනුකම්පාවක් නැහැ. නොකන මිනිස්සු මහා අනුකම්පා කාරයෝ. මාරයි.

>> එතකොට මේ මාධ්‍ය හරකට විතරක් මේ තරම් love ඇයි ? මට හරි ප්‍රශ්නේ ඕක.මගේ කිරි දුන්න අම්මා නම්,අපේ අම්මා.ඔය කියන >>මාධ්‍ය ආයතනවල අයට කිරි දුන්නේ හරකා කියල එයාලම කියන නිසා අපි පිලිගනිමුකෝ.එක වෙනම කතාවක්.

No the cow is speacial in many cases to the Sinhalese society.
1. It works for us it’s all life time for us.
2. We took milk from it.
3. We use it to traveling.
4. It sacrificed it’s hole lifetime to our paddy fields and it’s the closest animal to a farmer after his family.

So when it unable to provide milk or do hard work anymore , how could you reasonable to kill it and eat meat?
Sinhalese society is a more civilized society than yours. May be you don’t have a problem , but we do. We do
have a problem. And yes we also consider it’s very very uncivilized to kill it and eat it’s meat after it grows old.

niyama katawa………
aaaa atin balanakota halmasso kana eka tama wadiyama paw. mokata eka katak kanakota hal masso 2-3 denekwath ape katene………..

mat kiyanne harak maranawa kiyala wenama pawak na. mona satha maruwath ekama pawa tama siddawenne……………..


Where's The Comment Form?

Liked it here?
Why not try sites on the blogroll...