හෙළිදරව්ව

මිනිසුන්ව කපා කොටා ධර්මය ප්‍රචාරය කලා – පුජ්‍ය කිරිබත්ගොඩ කඥණානන්ද හිමි

Posted on July 26, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , |

චෝදනාව :
අපි දන්නවා මොහොමඩ් නබි මිනිසුන්ව මිනිසුන්ව කප කපා හැම තැනම ගිහින් ඒ ධර්මය ප්‍රචාරය කලේ.එය ධර්මය ප්‍රචාරය කලේ කඩුවෙන්.එයට අකුරු බැරි නිසා  අකුරු දන්නා කෙනෙක් ලවා කඩුවේ කොටවා ගත්තා “ඉස්ලාම්” කියල.එකේ තේරුම සාමය දැක්කද “සාමය” කඩුවට දාපු හැටි.

පොත : නුවන පාදන සිරි සදහම්
ප්‍රකාශනය :
මහ මෙව්නා භාවනා අසපුව, වඩුවාව. යටිගල්ඕවිට , පොල්ගහවෙල.
කර්තෘ : පුජ්‍ය කිරිබත්ගොඩ කඥණානන්ද හිමි (උන්වහන්සේගේ භාවනා වැඩ සටහන් උදෙසා කල දේශනා වලින් එකතුවක් )
පිටුව : 
56 


මුහම්මත් (සල්) තුමා කෘර වධකයෙක් හෝ “එයා ” “මෙයා ” යනු සදහන් කරන තරම් පහත පුද්ගලයෙකු නොවේ.එතුමාගේ ඉස්ලාමිය ව්‍යාපාරය නොරිස්සු ඇතැම් බටහිර ඉතිහාසඥයන් පවා එතුමාට පුද්ගලිකව පහත ලෙස කතා කලේ නැත.එහෙත් ධහම් කතිකාවන් පවත්වමින් විවිධ පෙදෙස් වලට වැඩම කරන බුද්ධ පුත්‍ර කිරිබත්ගොඩ කඥණානන්ද හිමි මුහම්මත්(සල්) තුමාට අපහස වනසේ ලිවිම මුස්ලිම්වරුන්ගේ අප්‍රසාදයට හේතු වූ කරුණකි.

ඉස්ලාමය හෝ මුහම්මත්(සල්) තුමා විමර්ශනය නොකළ යුතුයි යනු අපගේ අදහස නොවේ. එයට අනුගමනය කලා යුතු පිළිවෙතක් ඇත,ක්‍රමයක් ඇත.කෙනෙකු තමා ලද සාධක සහිතව ,තම අදහස් ඉදිරිපත් කොට කරුණු කීමෙහි කිසිදු වරදක් නැත..නමුත් නිකම්ම නිකම්,ආවාට ගියාට කරුණු කියා කෙනෙකුගේ නම්බු නාමයට පහර ගැසීම මහා පාප ක්‍රියාවකි. උන්වහන්සේ කි කරුණු ඇත්තද බොරුද යනු විමසා බැලීමට පෙර මුහම්මත් (සල්) තුමා කියන්නේ කව්ද යනු සුළුවෙන් හෝ වටහා ගැනීම හොදය.

එතුමාට ඇති ගෞරවය.
මුහම්මත් (සල්) තුමා එකම දෙවියෙකු වූ අල්ලාහ් ගේ අවසන් නබි වරයාය.දිවසිවරයාය.වසර 1400 ට පෙර පටන් පැවත එන මුස්ලිම් සමාජයේ නායකයාය.මහපෙන්වන්නය.අද ලොව කොටි 140 ට අධික මුස්ලිම් වරුන්ගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ උතුම් වූවෙකි.මුස්ලිම් වරු ගරු කරන එතුමා තරම් ශ්‍රේෂ්ට වුත් තවත් පුද්ගලයෙකු මිහිපිට නැත.මුහම්මත්(සල්) තුමාගේ ශුද්ධ නාමය මුවින් පිට කරන සියලු මුස්ලිම්වරුන් “සල්ලලාහු ලෛහි වසල්ලම් ” යනු ප්‍රර්ථනා කරන්න අමතක කරන්නේ නැත.එපමණක් නොව එම ශුද්ධ නාමය කන වැකෙන මුස්ලිම් වරයෙක් වේනම්,ඔහුද, “සල්ලලාහු ලෛහි වසල්ලම් ” යනුවෙන් ප්‍රර්ථනා කරයි. එතුමාගේ නම ලිය මුස්ලිම් වරයෙකු පවා “සල්ලලාහු ලෛහි වසල්ලම් ” යනු හෝ එයා කෙටියෙන් (සල්) යනු හෝ නොලියා නොසිටියි.මෙම වචන මාලාවේ තේරුම “අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය එතුමාට අත් වේවා ! ” යන්නයි.
මුහම්මද් (සල්) තුමා ගැන මුස්ලිම් නොවන විද්වතුන්
මුහම්මද්(සල්) තුමාගේ ජීවිතය,ඉස්ලාමිය ධර්ම ව්‍යාපාරය,මිතුරන් පමණක් නොව ,සතුරන් සමගද හැසිරුණු ආකාරය වැනි බොහෝ දේ ගැන මුස්ලිම් විද්වතුන් විසින් නිම වූ කෘතීන් දහස් ගණනක් ඇත ඒ හැර, මුස්ලිම් නොවන විද්වතුන් විසින් ලියන ලද කෘතීන් විශාල වශයෙන් ඇත.එවැනි පොත් වලින් උපුටා ගත් කරුණු මෙහි සදහන් කරමු.
මහාචාර්ය K.S. රමක්‍රිශ්න රාඕ
“කෙනෙක් ශ්‍රේෂ්ට වුත් උතුම් ගතිගුණ ඇත්ත වුත්,මිනිසෙක් යනු පැවසීම පිණිස ඔහු තුල පහත සදහන් සුදුසුකම් තුනක් ඇත්තේද පරික්ෂ කර බැලීම අවශ්‍යයි.
1.. ඔහු ශ්‍රේෂ්ට ගතිගුණ වලින් සම්පුර්ණ වූ කෙනෙක් බව ඔහුගේ සමකාලින ය පිළිගෙන තිබිය යුතුය.
2.. එම වකවානුව තුල පොදුවේ මිනිසුන් ජිවත් වූ තත්වයට වැඩ මොහුගේ ජිවිත තත්වය උසස් විය යුතුයි.ගෞරවාන්විත විය යුතුයි.
3.. පසුකාලීනව මිනිස් සමුහයට නිත්‍ය ප්‍රයෝජනය සදහා වැදගත් ජිවනදර්ශයක් තබා ය යුතුයි.
මුහම්මත්(සල්) තුමා මෙම සුදුසුකම් තුනෙන් අංග සම්පුර්න වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.මෙපනක් නොව,කෙනෙක් උතුම් වුවෙක් යනු ගෙන දැක්වීමට අවශ්‍ය වෙනත් සුදුසුකම් ඇත්නම්, ඒ සියල්ල තුලින්ද මුහම්මත් නබි (සල්) තුමාගේ උතුම් බව මානව ඔප්පු වනවාට සැක නැත.”
Muhammad -The Prophet of islam , 2nd Edition . Prof .K .S .Ramakrishna Rao ,(1979) page 13

තෝමස් කාලයිල් (Thomas Carlyle )
“වැලිකතරේ ජිවත් වුනු මෙම ස්වභාවයේ පුතුන්ගේ හදවතින් මිනිස් සමාජයට අවශ්‍ය (දේව) බියබැතිකම හා සහෝදරත්වය පිණිස වූ හද පැතිරිණි.මෙන් සියලු යහපත් ගුණ ධර්ම ලොවට සම්ප්‍රාප්ත විය ”
(ඉහත පොත , පිටුව 13 )
බොස්වත් smith (Reverend Bosworth Smith )
“මුහම්මත් නබි තුමා රටක නායකයෙක් හා ආගමික නායකයෙක්ද වෙති,එතුමා තුල එකවරම සිසර්වද,පාප් වහන්සේවද, දැකිය හැකිය .එහෙත් එතුමා පාප් වහන්සේ ලබා ඇති වරප්‍රසාද හා සම්පත් කිසිවක් නොලබා පාප් වහන්සේ කෙනෙකුගේ තත්වයේද,නිත්‍ය හමුදාව ,ආරක්ෂක භටයින් ,මාලිගා,නිත්‍ය ඉපයීම් මාර්ගයක් යනාදී කිසිවක් නොමැතිව සිසර්ගේ තත්වයේද සිටියේය,නියම දේව මග පෙන්වීම අනුව “පාලනය ගෙන ගිය බව කෙනෙකුට හිමිකම් කිව හැකි නම්,එයා මුහම්මත් නබි(සල්) තුමාට ඇත.ඊට හේතුව බලය ලබා ගැනීමට අවශ්‍ය වන පොදුවේ සිතන කිසිවක් නොලබාම සියලු බලතල එතුමාට හිමි වී තිබිණි.එහෙත් එතුමා ලබා ගත් සමාජ ශක්තිය හා බලය තුලින් සාමාන්‍ය සරලභාවය එතුමාගේ සමාජ ජීවිතයෙහි දක්නට තිබුණි.”
Life of Muhammad , Rev. Bosworth ස්මිත්
මහත්මා ගාන්ධි
“මුහම්මත් ඉතා ශ්‍රේෂ්ට දිවසිවරයෙක්,එතුමා අත්විදි දුක් වේදනා පිළිබද සටහන් කියූ මා කදුළු සලුවෙමි ”
ජෝර්ජ් බර්නාඩ් ෂෝ 
“මම එම පුදුමාකාර මිනිසාගේ ජිවන චරිතය කියව ඇත්තෙමි.එතුමා මිනිස් සමාජය විනාශයට පත් වී යාමෙන් බේරාගනු පිණිස පහල කල කෙනෙකු බව මගේ හැගීමයි.
බ්‍රිතාන්‍ය විශ්ව කෝෂය.(Encyclopaedia Britanica)
“සියලු දිවසිවරුන්ගේ හා ආගමික උපදේශකවරුන්ගෙන් මුහම්මත් නබි(සල්) තුමා ඉතා උසස් අන්දමින් ජය ලබා ගත් කෙනෙකි.”
මයිකල්, එච් හාට් (Michael .H .Hart)
“ලොවෙහි ඉතා අධික ලෙස ප්‍රසාදයට පත් වූ මිනිසුන්ගෙන් පළමුවැන්නා ලෙස මුහම්මත් නබි (සල්) තුමාය.මෙම තෝරා ගැනීම පාඨකයින්ගේ ඇතැමුන් විමතියට කරුණක් වන අතර ,ඇතැමුන්ට මහත් ප්‍රශ්නයක් වනු ඇත.එහෙත් ඉතිහාසය දෙස පක්ෂපාතිත්වයෙන් තොරව බැලු විට අධ්‍යාත්මික හා ලෞකික දෙපැත්තෙහිම විශාල ජයක් අත්පත් කරගත් මිනිසෙක් වේ නම් එතුමා පමණකි.”
ප්‍රකට ඉතිහාසඥ්ක් වූ ගිබන් (Gibbon )
” අනෙක් ආගම් කඩුවෙන් විනාශ කර දැමීම මුස්ලිම්වරුන් සතු යුතුකමකි, යන්න සත්‍යයට පටහැනි අදහසකි.මෝඩකම පදනම් කරගෙන ලියන,කියන මෙම අදහස ප්‍රතික්ෂේප කිරීමට ශුද්ධ කුරානය සහ මුස්ලිම් විරුවන්ගේ ඉතිහාසය පමණක් නොව,ඔවුහු ප්‍රත්‍යක්ෂව හා නිත්‍යානුකුලව ක්‍රිස්තියානි ධර්මය කෙරේ දැක්වූ අභිමානය යනාදිය ප්‍රමාණවත් වේ.”
මෙලෙස මුහම්මත් (සල්) තුමා ගැනත් එතුමාගේ දහම් මෙහෙවර ගැනත් මුස්ලිම් නොවන්නන් දැක්වූ අදහස් දහස් ගණන් ඇත.
මුහම්මත් (සල්) තුමාගේ ජීවිතය හා මෙහෙවර
මුහම්මත් (සල්) තුමා වසර 63 ජිවත් වුහ.එයින් වසර 40 කම ගෙවී ගියේ සාමාන්‍ය,එහෙත් යහපත් ගති පැවතුම් ඇති කෙනෙකුගේ ජීවිතය මෙනි.එම කාල පරිච්ජේදය තුල එතුමා අවට සිටි සියලු දෙනාට උදව් උපකාර කරමින් කටයුතු කලා..එතුමා මිනිසුන් අතර පන නගින ප්‍රශ්න විසදුවා.සඳු දබර සමථයකට පත් කලා.එනිසාම ජනයා මුහම්මත් (සල්) තුමාට “අල්-අමින් ” (විස්වාශ වන්තයා ) “අස් සාදික් ” (සත්‍යවන්තය ) යන ප්‍රශංසනීය නම් වලින් ඇමතුවා.මෙම වසර 40 තුල එතුමා වරදක් කලා බවට,අනාචාරයේ හැසිරුණු බවට,බොරු කි බව,කාටවත් බන වැදුණු බවට, එකම එකදු සටහනක් ,සාක්ෂියක් නොමැත.

මුහම්මත් (සල්) තුමාගේ ප්‍රචාරයේ තේමාව.

මුහම්මත් (සල්) තුමාගේ ඉස්ලාමිය ප්‍රචාරක වැඩ කටයුතුවල තේමාව වුයේ ඒක දේව සංකල්පයයි.දෙවියන් එක්කෙනෙකි.ඔහුගේ නම අල්ලහ්ය.ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙක් නැත.ඔහුට අවනත වන්න.ඔහුට පමණක් වන්දනා මන කරන්න.ඔහුගෙන් පමණක් ප්‍රර්ථනා ඉටු කරන්න. ඒ හැර මිනිසුන්,සත්වයන්,ඉර,හද,ගින්න ,ජලය ,භුමිය ,පිළිම ,පින්තුර ,ගස්,ගල් වැනි කිසිවකට නොවදින්න. මරණින් මතු ජිවිතයක් ඇත.එහිදී අප කලා හොද නරක අනුව ස්වර්ගය හෝ නිරය ලැබෙනවා ඇත. යනුවෙන් එදා ජනයා ඉදිරියේ ප්‍රකාශ කළහ.
සතුරු උවදුරු- දුක් වේදනා.
මෙම ඉස්ලාමිය ව්‍යාපාරය මක්කමේ නොකඩවා වසර 13 ම නොකඩවා කෙරිණි.මෙයා නොරිස්සු මක්කමේ පාප කාර්ම වල දී සිටි බලවත් සතුරු පිරිස නබි තුමාට අඛණ්ඩව වද හිංසා කළහ.එතුමා යන එන මාර්ගයේ විෂ සහිත කටු අතුරා තැබුවා.එතුමාගේ ශරීරයට කුණු වූ සත්ව බඩවල් දැමුවා.එතුමාට පහර දුන්නා.එතුමාගේ නිවසේ මුළුතැන් ගෙයහි පාත්‍ර වල අසුචි ගෙනවිත් දැම්ම. වසර 2 1/2 පමණ අර්ථක සමාජීය සම්බාධක වලට ලක් කොට වද දුන්නා.එතුමාව ඝාතනය කිරීමට අනන්තවරක් උත්සහ කලා.එතුමාගේ සහයක ස්ත්‍රී,පුරුෂ බොහෝ පිරිසක් ඝාතනය කලා.ඔවුන්ටද නොයෙකුත් වද දුන්නා.
මෙහිදී විශේෂයෙන් සදහන් කල යුත්තේ ,මෙම වසර 13 තුල මුහම්මත් (සල්) තුමා හා එතුමාගේ අනුගාමිකයින් පිරිස සියලු වේදනා විද දරාගෙන සිටිය මිසක් සතුරන්ට එරෙහිව කඩුවක් කෙසේ වෙතත් අගිල්ලක්වත් එසවූ නැති බව.
අවසානයේ ඔවුන්ගේ සතුරුකම් ඉවසා ගත නොහැකි වූ විට නබි තුමා තමා අනුගාමිකයින් සමග මදිනාවට සංක්‍රමණය කළහ,මදිනාවේදී එතුමා ඉස්ලාමිය සමාජ ක්‍රමයක්-රජයක් ස්ථාපිත කළහ.එහි අවට විසු යුදෙව්වන්,ක්‍රිස්තියානින් හා අනෙකුත් ගෝත්‍රිකයින් සමග සාම ගිවිසුම් ඇති කර ගත්හ,
සටන් කිරීමට අනුමැතිය.
එහෙත් එහිදී මක්කමේ සතුරු සේනාව නබි (සල්) තුමාට එරෙහිව කටයුතු කළහ.මෙසේ වසරක් එහි ගත විය.අවසානයේ වසර 14 කට පසුව සතුරන් සමග සටන් කිරීමට අනුමැතිය දුන්නේය.ඊට හේතුව ශුද්ධ කුරානයේ පැහැදිලිවම සදහන් කොට ඇත.
“යම් අයෙකුට එරෙහිව සටන් කරනු ලැබේද,ඔවුනට සටන් කිරීමට අනුමැතිය දෙනු ලැබ ඇත.ඒ ඔවුනට අසාධාරනකම් කරනු ලැබූ නිසාය.ඔවුනට උදව් කිරීමට අල්ලාහ් නියත වශයෙන්ම බලසම්පන්නය.ඔවුහු කවරකු නම්,අපගේ පරමාධිපති අල්ලාහ් යැයි ඔවුන් කි නිසා අසාධාරණ ලෙස තමා නිවෙස් වලින් පන්න දමන ලද අය වෙති.ජනයාගෙන් ඔවුන්ගෙන් එක් කොටසක් මගින් අනෙක් කොටස අල්ලාහ් නොවැලක් වුයේ නම්,ආරාමයන්,(ක්‍රිස්තියානි) දේවස්ථාන,යුදෙව් දේවස්ථාන, සහ එහි අල්ලාහ්ගේ නාමය බොහෝ සෙයින් සිහිපත් කරනු ලබන මස්ජිඩ් ආදී දේවස්ථාන සුනු විසුනු කරනු ලබන්නට තිබුණි.(අල්-කුරාන් 2:39:40)

මෙසේ අල්ලාහ්ගේ අනුමැතිය ලැබීමෙන් පසුවයි,මුහම්මත් (සල්) තුමා සතුරන්ට එරෙහිව ක්‍රියා කලේ.එත් ඉස්ලාමය ප්‍රචාරය කිරීමට නොවේ.තමාගේ හා තම අනුගාමිකයින්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙනුත්,පාප ක්‍රියාවන් තුරන් කිරීම වෙනුවෙනුත්ය.

එම සටන් වලදී පවා මුස්ලිම්වරුන් පිළිපැදිය යුතු විනයානුකුල කරුණු ගෙන දැක්වීමට එතුමා අමතක කලේ නැත.

“ඔබ කිසිවකුට වංචා නොකරන්න,නොරවටන්න,පොරොන්දු කඩ නොකරන්න,කිසිවෙකුගේ අවයව නොකපන්න,දරුවන්,කාන්තාවන් හා මහලු අය ඝාතනය නොකරන්න, ප්‍රයෝජනවත් ශාඛා නොකපන්න,ඒවාට ගිනි නොතබන්න,වැදුම් පිදුම් වල නිරතව සිටින පුජකවරුන් හා සාමාන්‍ය වැසියන්ට කරදර නොකරන්න,ඔවුන් සතුරුකම් කිරීමෙන් වැලකුනොත් ඔබද සටන් කිරීම නවත්වන්න ” 


මෙසේ කොන්දේසි දමමිනුයි මුහම්මත් (සල්) තුමා තම අනුගාමිකයින්ට සටන් කිරීමට අනුමැතිය දුන්නේ.මේ සියලු කාරණා ඉතිහාස ග්‍රන්ථ වල සටහන් වී ඇත.
අසත්‍ය චෝදනා.

ඉහත කරුණු දෙස බලන විට කිරිබත්ගොඩ කඥණානන්ද හිමියන්ගේ චෝදනාවෙහි ඇත්තක් නැති බව කටත් වැටහෙනවා වසර 14 ක්ම සතුරන්ට එරෙහිව ඇගිල්ලක් වත් එස වූ නැති, මක්කාව හා මදීනව හැර වෙන තැනකට නොගිය මුහම්මත් (සල්) තුමා ” මිනිසුන්ව කඩුවෙන් කපා හැම තැනම ගිහින් ඒ ධර්මය ප්‍රචාරය කලේ,” යනුවෙන් කීම ඇත්තක් තිබේද?

” අකුරු නොදන්නා මුහම්මත් (සල්) තුමා තම කඩුවෙහි ඉස්ලාම් යනු කොටවා ගත්තා.” යැයි කීම සාධක රහිත චෝදනාවකි.මුසාවකි, බුද්ධ පුත්‍රයාණන් මෙසේ චෝදනා කිරීමට පෙර සොයා බැලුවේ නම්,සත්‍ය දැන ගන්න තිබිණි.
ඇත්ත වශයෙන්ම , අපි උන්වහන්සේට දොස් නොනගමු.ඉතිහාසය නොදත්,නැතිනම් ඉතිහාසය විකෘති කොට ලියු කව්දෝ කෙනෙකුගේ අදහසක් බලා උන්වහන්සේ තමන්ගේ සොයා ගැනීමක් ලෙස ඉදිරිපත් කොට ඇත.තමන් ජනප්‍රිය වීමට හෝ තමන්ගේ පොත් විකුණා ගැනීම සදහා මේ ආකාරයට අසත්‍ය තොරතුරු පල කරමින් ලාභ ලබන්නෝ එමටය.මෙය වැරදිය.
අපි උන්වහන්සේගෙන් පමණක් නොව සියලු අයගෙන් ඉල්ලා සිටින්නේ ,මුහම්මත් (සල්) තුමාව පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට එතුමා ගැන මනා දැනුමක් ඇති කර ගන්නා ලෙසයි, සත්‍ය කවදත් කොතනකදිත් සත්‍යම වෙයි.

Read Full Post | Make a Comment ( 12 so far )

ඇමෙරිකානු ව්‍යාජ කුරානය-මුස්ලිම්වරුන්ට එරෙහි යුදෙව් ක්‍රිස්තියානි අලුත්ම කුමන්ත්‍රණය

Posted on July 22, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , |

මුස්ලිම්වරුන්ට එරෙහිව පැහැර ගැසීම හා කරුණු විකෘති කිරීම අන්තර්ජාලයේ නිමාවක් නොමැත.ව්‍යාජ වෙබ් අඩවි පමණක් නොව එයින් නොනැවතී ව්‍යාජ කුරනයක් මුද්‍රණය කර බෙදා හරිමින් පවතී. මෙම ව්‍යාජ කුරානය කුවේට් රටේ බෙදා හරිමින් පවතී.එම ව්‍යාජ කුරානයේ නම “the True Furqan ” වේ.එහි විස්තර කරන්නේ ශයිතාන්ගේ ආයත් (වාක්‍ය) ලෙස වන අතර,මෙම කුරානය මුද්‍රණය සදහා ඇමෙරිකානු සමාගම් දෙකක් වන mega 2011 හා wine press නමැති ආයතන හවුල් වී ඇත.

“the 21 Century Quran” යනුවෙන් තවත් පොතක් ඇත.එය පිටු 366 කින් සමත්විතය.අරාබි හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම එය කුවේට් හි ඉංග්‍රීසි පාසල් වල දරුවන්ට බෙදා හරිමින් ඇත.මෙම පොතෙහි සුරත් පරිච්ජේද 77 ක් වන අතර ඒවාට අල්-ෆාතිහ,අල්-ජන්නා ,අල්-ඉන්ජිල්, යන නම් අයත් වේ.එහි බිස්මිල්ල හිර්රහ්මනි රහීම් (කරුණ දයාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ) වෙනුවට සම සුරත් එකකම ආරම්භ වන්නේ ක්‍රිස්තියානි විස්වාශයන් සම්බන්ධීකරණය කර ගත් දීඝ වූ වැකි වලිනි.

in the name of the Father,The Vord,The Holy sprit ,The one and only True God යනුවෙනි.

ඉතින් මෙම ඊනියා කුරානයේ බිහිමයක් අදහස් ඉස්ලාමිය විස්වාශයන්ට පටහැනි වේ.එහි එන ආයාත් වල , එක භාර්යවකට වඩා තබා ගැනීම විස්තර කෙරේ.දික්කසාදයට අවසර නැත.එහි දැනට කැමැත්ත බෙදා ගැනීම පිළිබද පවත්නා ක්‍රමයට විරුද්ධව යන අලුත් ක්‍රමයක් හදුන්වා දෙයි. එහි jihad හරාම් (අනුමත නොවුවක් )බව ප්‍රකාශ කරයි. මෙම පොතෙහි අල්ලාහ් ට පහර ගැසීම දක්වන කරුණුද දක්වා ඇත.

මෙම ව්‍යාජ පොතෙහි මෙම පොත පිලිබදව විශේෂ හැදින්වීමක් කර තිබේ. එය පහත දැක්වේ.


විශේෂ හැදින්වීම.
අරාබි ජාතිකයින්ට විශේෂිත සහ සියලුම මුස්ලිම් ප්‍රජාවට සාමුහිකව සාමය,අනුකම්පාව, සහ මහා බල අල්ලාහ් දෙවියන් වහන්සේගේ ආශීර්වාදය වේවා..
සම මනුෂ්‍ය අතම වර්ගය තුල වන්න වූ හදුන්වා ගත් භක්තිය ඇතුලත වූ සාමය, ආත්මය පිළිබද බිදහස හා සදාකාලික ආශාවන් වේ.
අප ජීවමාන දෙවියන් කෙරෙහි විස්වාශය තබන්නේ මෙම නව ලියවිල්ල “the True Furqan” කෙරෙහි එම ආශාවන් පැහැදිලි කර ගත හැකි බැවිනි.මනුෂ්‍ය වර්ගය මැව්වා වූ ලෝකයේ සෑම කෙනෙකුටම කෙනෙකුගේ කුලය,වර්ණය,ජාතිය,භාෂාව හෝ ආගම ගැන වෙනස්කම් නොපා තම ආශීර්වාදය දෙනවා ඇත.මහා බල සම්පන්න දෙවියන් මෙම පණිවිඩයේ සෑම ජිවිතයකටම ආරක්ෂාව ලබා දෙනු ඇත.

වාර්තා කිරීම,පරිවර්තනය කිරීම හා ප්‍රකාශනය කිරීම සදහා වූ විදායක කමිටුව
අල්ෂාෆි හා මහදි.

ශුද්ධ කුරානයේ ඉගැන්වීම් වලින් මිනිසුන් නොමග යවන්නත්, එය කියවා පැහැදී ඉස්ලාමය වැලද ගන්නා බටහිර යුදෙව්/ක්‍රිස්තියානින් එයින් නවතා ලීමට කල කුට උපක්‍රමයක ප්‍රතිපලයකි මෙම ඇමෙරිකානු යුදෙව්/ක්‍රිස්තියානි ව්‍යාජ කුරානයේ බිහි වීම.
මේ ගැන අවධානයෙන් කටයුතු කොට මුළු ලෝක ප්‍රජාව ආරක්ෂා කිරීම මුස්ලිම් ජනතාවගේ මහත් වගකීමකි.
මෙය ශ්‍රිලංකාවේ ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලබන මුස්ලිම් දරුවන්ට ඉස්ලාම් ආගම හා භාෂාව උගන්වන මුවාවෙන් ඉගැන්වීමට බොහෝ දුරට ඉඩ ඇත.මෙම යුදෙව්/ක්‍රිස්තියානි ඇමෙරිකානු කුමන්ත්‍රණයට එරෙහිව ශ්‍රී ලංකික සියලුම මුස්ලිම්වරුන් දැනුවත් කරන්න.ඔබ දන්නා සෑම දෙනාටම කරුණාකර මේ ගැන කියන්න.ඒ මගින් අපට මෙම අනතුරුදායක ක්‍රියාව නතර කල හැකි වනු ඇත.

Read Full Post | Make a Comment ( None so far )

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත මුස්ලිම් වරුන්ගේ මව්බිමලු

Posted on July 22, 2011. Filed under: කාලින, හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත මුස්ලිම් වරුන්ගේ මව්බිම නොවන බවත්, ඔවුන්ගේ මව්රට සෞදි අරාබිය බවත් ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එල්ලාවල මේදානන්ද හිමියෝ පවසා ඇත.

දහස් සංඛ්‍යාත බෞද්ධ සිහිවටන විනාශ කරමින් බලහත්කාරයෙන් ඔවුන් නැගෙනහිර පළාතේ ඉඩම් ද අත්පත් කරගෙන ඇති බව උන්වහන්සේ පවසා ඇත.දශක තුනට වැඩ ඇවිලෙන ජාතිවාදී ගින්නට විටින් විට පිදුරු මිටි පිටින් පතිත කරන අතලොස්සක් වූ සිංහල ජාතිවාදී නායකයින් නිසා අද සිංහල දෙමල ජාතින් අතර නිරන්තර බෙදීමක් ඇති වෙමින් පවතී. ප්‍රභාකරන් විසින් උතුරේ මුස්ලිම් වරුන් පලවා හරින විට ඔවුන් පකිස්ථානයට හෝ සව්දි අරාබියට නොව ආරක්ෂාව සදහා පැමිණියේ තවමත් ජිවත් වන නැගෙනහිර ප්‍රදේශ වලටය.මේ රටේ භෞමික අඛණ්ඩතාවයට ඇලුම් කල නිසාම තමන් අවුරුදු සිය ගණන් ජිවත් වූ භුමි වලින් පලවා හරිනු ලැබිය.ප්‍රභාකරන්ගේ ඊලාම් වාදය පිළිගත්තේ නම්, උතුරේ මුස්ලිම් වරුන්ට යහතින් වැජබෙන්නට තිබිණි.

සිංහල,දෙමල,මුස්ලිම්, ක්‍රිස්තියානි ජාතින් හතරම මේ රටේ සංක්‍රමණිකයින් බව පුරා විද්‍යා චක්‍රවර්ති වහන්සේ හොදින් දනී.විජයගමනේ ශ්‍රීලංකාවට සම්ප්‍රාප්ත වූ ජන කොටස් වලින් පවතින්නන් සිංහලයන් බව ඉතිහාසය කියයි.ඔවුන් අදහන බුදු දහමද ඉන්දියාවේ උපන් බුදුන් වහන්සේගෙන් ලැබුණු දායාදයකි. එය මෙරටට ගෙනවේද ඉන්දියානුවෙක් වූ මහින්ද හිමියන් විසිනි.මෙරට පිළිපදින හින්දු අගමේද උපන් රට ඉන්දියාවයි. කතෝලික ක්‍රිස්තියානි ආගම යුරෝපයෙන් පැමිණි එකකි. මේදානන්ද හාමුදුරුවන් වහන්සේද, සහභාගී වූ මහා සිංහලයේ වංශ කතාවෙද අවධාරණය කලේ ශ්‍රී ලංකාවේ ස්වදේශිකයින් ඉස්ලාමය වලද ගැනීම වින අරාබිකරයෙන් සංක්‍රමණය වී පදිංචි වුවන්ගේ සංඛ්‍යාව ඉතා අල්ප බවය.

කරුණු කාරණා  කෙසේ වෙතත් අවුරුදු දාහකට අධික කාලයක් මෙරට සිංහල ජනතාව සමග ඉතා සමගියෙන් හා ජාතියලයෙන් ජිවත් වන මුස්ලිම් ජනතාව සෞදි අරාබියට යා යුතුයි” යැයි ප්‍රකාශ කිරීමේ අයිතිය කුමක්ද?

මුස්ලිම් වරුන් රටේ කොටසක් ඉල්ලුවද ?
මෙසේ මුස්ලිම් වරුන්ට ඇගිල්ල දික් කරන ඔවුන්ගේ දේශ ප්‍රේමෙත්වයේ සැකයක් තිබේ,
මෙරටේ සේවයේ දී සිටියදී රාජකාරියේ දී සිටියදී මියගිය පළමු පොලිස් නිලධාරියා මුස්ලිම්වරයෙකි.වර්තමාන යුද්ධයේ සියයකට අධික මැලේ මුස්ලිම් තරුණයින් රට වෙනුවෙන් දිවි පුදා ඇති බව කටුගස්තොට රණවිරු ස්මාරකය සාක්ෂි දරයි.

එසේනම් ස්වාමින් වහන්ස, සිංහල බෞද්ධයන්ට ඉන්දියාවටත්,දෙමල හින්දුවරුන්ට දකුණු ඉන්දියාවටත්,ක්‍රිස්තියානි කතෝලිකයින්ට රෝමයටත් (ඉතාලිය )යන්නට නොකියා මුස්ලිම් වරුන්ට පමණක් අරාබියට යන්න කියන්නේ මක් නිසාද?

අලි මදිවට කොටි කිවා මෙන් දෙමල ජනතාවගේ ප්‍රශ්න මදිවට මුස්ලිම් ජනතාවත් කරලියට අද දැමීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි සිතාගැනීම දුෂ්කර නොවනු ඇත.

Read Full Post | Make a Comment ( 6 so far )

මුස්ලිම්වරු හා ගව මස් – “ගව මස් නොකනු” ව්‍යාපාර

Posted on July 22, 2011. Filed under: කාලින, හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

“ගව මස් නොකනු” ව්‍යාපාර සංඝයා වහන්සේලාත් බොද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටේ පවත්වාගෙන යන්නේ මෙරටේ ඇති එකම පවත්,එකම ප්‍රශ්නයත් එය යන හැගීම ඇතිවදෝ සිතේ.එතරම් ප්‍රමුඛ ස්ථානයක් එයට දී ඇත.එසේම එම ව්‍යාපාරය එම අය කරගෙන යාම පිලිබදව අපගේ විරුද්ධත්වයක් නොමැත.එහෙත් එතුලින් මෙරට වෙසෙන මුස්ලිම් සමාජයට රූපවාහිනියෙන්, පුවත්පත් වලින්, අත් පත්‍රිකවලින් හා අන්තර්ජාලය තුලින් බැන වැදීම පිළිගත නොහැකිය.

ශ්‍රිලංකාවේ මස් මාංශ වෙළදාම කරන්නේ මුස්ලිම් වරුන් පමණක් නොවේ.මුස්ලිම් නොවන බෞද්ධ ,හින්දු හා ක්‍රිස්තියානි අයත් එම වෙළදාම කරති.මෙම වෙළදාමට අනුමැතිය දී ඇත්තේ රජයයි.ඊට කඩවල් ටෙන්ඩර් මාර්ගයෙන් වෙළදුන්ට පවරා දෙන්නේද රජයට අනුබද්ධ ආයතන වේ.කරුණු කාරණා එසේ තිබියදී මුස්ලිම් වරුන්ට බැන වැදීමෙහි තේරුමක් නැත.එපමණක් නොව, මුස්ලිම්වරුන් මස් කඩ දාපු පලියට බෞද්ධ ජනතාවට බලෙන් මස් කවන්න ගියේ නැත.මුස්ලිම් වරුන්ගේ මස් කඩ නැති නිසාම බෞද්ධ ජනතාව මස් නොකා සිටින බව තර්ක කල නොහැකිය.හේතුව මුස්ලිම් නොවන විශාල පිරිසක් මස් කඩ පවත්වාගෙන යාමයි.

එබැවින් මුස්ලිම් සමාජයට මෙය අරභයා බැන වැදීම මෝඩ කමකි.
බුදුරජාණන් වහන්සේ එකම එක සතෙක් (ගවයෙක්) මුල් කරගෙන “මස් නොකනු” යනුවෙන් දේශනා කලේ නැත.උන්වහන්සේගේ දේශනාව ඊට වඩා පුළුල් විය.
“ලොව ඇති කිසිම සතෙක් නසන්න එපා ” යන්න “පානාතිපාත වේරමණී සික්ඛා පදං සමාදියාමි ” යන සිල් පදයෙන් දේශනා කල සේක.

උන් වහන්සේ එසේ දේශනා කර තිබියදී සතුන් නොමැරීමේ ව්‍යාපාරය ගවයාට පමණක් සිමා කර ගැනීමේ අයිතිය ඇත්තේ කාටද? එය උන් වහන්සේට කරන අගෞරවයක් නෙමේද?

මෙරටේ ධිවර අමාත්‍යංශයක් තිබේ.රට වටේම මුහුදය.මාළු අල්ලන්නෝ බොහෝ සිටිති .මාළු,කරවල,උම්බලකඩ, ආහාර වශයෙන් ගන්නා බෞද්ධයන් එමටය.මේ හැර කුකුල් මස්,බිත්තර ,එළු මස්,උරු මස්,අනුභව කරන්නෝ අති විශාල පිරිසකි. කුභුරේ වැඩ ආරම්භ කල දින පටන් හල ටික ගෙදර ගේන කම්, කෙතරම් කුඩා සතුන් ,පනුවන් මැරෙනවද? මරනවද?

මේවා ගැන කිසිවක් කතා කරන්නේ නැත්තේ අයි ?

එළදෙන “කිරි අම්මා ” කියමින් එළදෙනගේ කිරි සැවොම බොති.පිටි කිරි හෝ වේවා එළදෙනගේ කිරි වලින් නිපද වුවකි.ඇත්තෙන්ම කිරි අම්මගේ කිරි ටික අයිති ඒ අම්මගේ පැටියටයි.එය පහර ගැනීම වරදක් නොවේද ?
මෙසේ බොහෝ කරුණු තිබියදී අප ඒ ගැන කතා නොකළේ බෞද්ධයන්ගේ සිත් රිදෙයිදෝ යන සැකයිනි.එහෙත් දැන් දැන් ගවමස් වලට එරෙහි ප්‍රචාරය කරන විලාසය හෙට දවසක සිංහල-මුස්ලිම් ජාතිවාදී ගැටුමකට මුල් වෙයිදෝ යන තත්වයක් අති වූ හෙයින් කතා කරමු.යම් කෙනෙක් හෝ සමාජයක් යම් දෙයක් පිලිබදව දරන මතය එළිදරව් කිරීමෙහි කිසිදු වරදක් නැත.එය ඒ අයගේ අයිතියක්. එයම සමාජය අතර ගැටුමක් ඇතී කරයි නම්,එවැනි ගැටුම් ඇතී කරන චේතනාවෙන් ප්‍රචාරය කෙරේ නම්,වන්නේ කුමක්ද? ගවයින් මරනවා වෙනුවට මිනිසුන් මැරීම නොවේද? එසේ කිරීම නිවැරදි බව කව්රුත් සිතනවද?
පන්සිල් පද තුල පරණ ඝාතනය පමණක් නොව තවත් ද කියවේ.”කාමේසු මිච්ජාචාර වේරමණී සික්ඛා පදං සමාදියාමි” “සුරාමේරය මජ්ජ පමදට්ඨාන වේරමණී සික්ඛා පදං සමාදියාමි.” යන ප්‍රධාන කරුණු දෙකකි.

මෙරටේ කාමය වරදවා හැසිරීමේ සම දොරක්ම විවෘතව ඇත.කුඩා දරුවන් මේවා නිසා සංචාරක ව්‍යාපාරය නමින් විකිනෙති.සමාජ ශාලා,ඝනිකා මඩම්,කැසිනෝ හල් තුලින් තරුණියෝ වැනසෙයි.තරුණ තරුණියන්ගේ ඇදුම් පැළදුම් නොයෙකුත් අතින් වැරදි කිරීමට මිනිසා පොලබවන සුළුය. මෑතකදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය නිලියන්ද විකිනෙන බව රහසක් නොවේ.
මෙරට මත්පැනට රාජ්‍ය අනුමැතිය ලබා දී ඇත.රටේ අස්සක් මුල්ලක් නැර, අරක්කු කඩ,රා තැබෑරුම් ඇත. මත්පැන් පානය කිරීමෙන් පවුල් දහස් ගණන් විනාශ වෙයි,මිනීමැරුම් ද ඇති වෙයි.
මගුල් ගෙදරටත්,මල ගෙදරටත්,දියණියගේ කොටහළු මන්ගල්‍යටත් මත්පැන් නැතිවම බැරිය.එපමණක් නොව පිරිත් කියන විට තවත් තැනක අරක්කු බෝතල් විවෘත වේ.එසේම අරක්කු සප්පායම් කරන්නන් හට උරු මස් ,ගව මස් කටගැස්ම සාදා දීමටත් පිරිත් ගෙදර කාන්තාවන්ට සිදු වී තිබේ.අපි අහන්නේ “ගව මස් නොකනු ” ව්‍යාපාරයේ නියමුවන්ට පන්සිල් වල ඇති මෙම කරුණු නොපෙනෙන්නේ ඇයි ? “ගව මස් නොකනු ” ව්‍යාපාරයට මෙන්ම මේවට විරුද්ධත්වයක්,මහා ව්‍යාපාරයක් ගොඩ නගන්නට තැත් න්කරන්නේ ඇයි ?

එම වෙළද ව්‍යාපාර සිංහල බෞද්ධ අය කරන නිසාද?
එසේ නැතිනම් , “බුදු හාමුදුරුවෝ ඒ ගැන කිව්වට අපි ඒවා වැඩියෙන් තකන්නේ නෑ” යන අදහස නිසාද?
ඇත්තෙන්ම, මෙම ගව මස් නොකනු ව්‍යාපාරය බොලද වුවකි.මෙම ව්‍යාපාරය තුලින් මුස්ලිමුන්ට බැන වදින අය කල යුත්තේ එය නොවේ.පළමුව, තමන් ගව මස් ගැනීමෙන් වැලකි,අනෙක් සම ප්‍රාණ ඝාතන ක්‍රියා,ධිවර අමාත්‍යංශ ද නැවත්වීමට රජයට බල කල යුතුය.රජයේ බහුතර බලය ඇත්තේ බෞද්ධ මැති ඇමතිවරුන් හා ජනාධිපති තුමා අතේය.
එවිට මුස්ලිම් වරුන්ගේ මස් කඩ ඉබේටම වැසේවි.ධිවරයිනුත් මුහුදට නොයයි.කුකුළු ගොවිපලවල්ද වැසේවි.ඌරු කොටුද නැති වෙයි.
මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි.අනුමත කල එකක් පමණි.එය කෑවත්, නොකැවත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.මස්කඩ පවත්වාගෙන යැමත් ඔවුන්ට අනිවාර්ය වුවක් නොවේ.එසේ තිබියදී “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇගිල්ල දික් කිරීම විහිළුවකි. එයින් හෙට දවසක ජාති වැඩි ගැටුමක් ඇති වුවහොත් ඊට වගකිව යුත්තේ එම ප්‍රචාරණ කටයුතු වල නියැලී සිටින ඔවුන්ම බව වැටහ ගත යුතුය.
Read Full Post | Make a Comment ( 3 so far )

පාසල් පෙළ පොත් වල ඉස්ලාමය ගැන වැරදි අදහස්

Posted on July 21, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , |

අධ්‍යාපන ක්ෂත්‍රයේ නියැලී කටයුතු කරන නිලධාරී මහත්වරුන්ගේ අවධානයට පහත සදහන් කරුණු දෙක ඉදිරිපත් කරමු.

11 වසර සමාජ අධ්‍යයනය හා ඉතිහාසය සදහා රජයෙන් නිකුත් කල පොතේ 50 වැනි පිටුවෙහි මෙසේ සදහන් වේ.
මුස්ලිම් කාන්තාව ආගමික වත්පිළිවෙත් කිරීමට දේවස්ථානයට ඇතුළුවීමට නිදහස නැති තැනැත්තියකි.
2001 වර්ෂයේ අ.පො.ස. (ස:පෙළ) විභාගයේ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය 11 ප්‍රශ්න පත්‍රයේ 7 III වන ප්‍රශ්නය මෙසේ විය.
ජන සංඛ්‍යා අනුව ලෝකේ සිටින ස්ත්‍රී හා පුරුෂ සංඛ්‍යාව බොහෝ දුරට සමාන වුවද,ඇතැම් සමාජ වල ස්ත්‍රියට ලැබී ඇත්තේ පුරුෂයාට වඩා අඩු තත්වයකි.නිදසුන් දෙකක් ඇසුරෙන් මේ බව පැහැදිලි කරන්න.
මෙයට අපේක්ෂිත උත්තරයක් ලෙස මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයේ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර මෙසේ සදහන් වී ඇත.
මුස්ලිම් කාන්තාවකට හිමි සම අවස්ථාවන් ආගමික නිතිය යටතේ තහනම් කර තිබීම නිසා ඔවුන් සමාජයේ පහත තත්වයට අද වැටි ඇත.ඔවුනට ආගමික ස්ථාන වලට ඇතුළු වීමට අයිතියක් නොමැත.රැකියාවල නියුතු වීමට, අධ්‍යාපනය ලැබීමට,දේශපාලන කටයුතු වල නිරත වීමට ඇති නිදහස සිමා සහිතය.
ඉස්ලාමය ගැන ,මුස්ලිම් සමාජය ගැන නැතිනම්,ඉස්ලාමිය සංකෘතිය ගැන නොදැන හෝ වක්‍රව මෙවන් කරුණු දරු දැරියන් ඉගෙනුම ලබන පෙළ පොත් වල සදහන් වීම බලවත් වරදකි.
ඉස්ලාමය කවදත් කාන්තාව පහත් කොට සලක නොමැත.එසේම ඇය අඩ නිරුවතින් සැරිසරන්න හෝ වෙළද භාණ්ඩයක් ලෙස නස්ති වන්නත් ඉඩ තබා නැත.ඇයට ඇයගේ ස්වභාවික තත්වයට අනුව රැකි රක්ෂා කිරීමටත්,අධ්‍යාපනය ලබා ගැනීමටත්,සමාජ සේවා කටයුතු වල දී සේවය කිරීමටත් අයිතියක් ඉස්ලාමය තුලින්ම ලැබී ඇත.
ඇය ආගමික ස්ථාන වලින් ඇත් කොට  තබා නැති බවත් සදහන් කල යුතුය.
ඒ කෙසේ වෙතත් ලංකික සම ජතින්ටම පොදු වූ අධ්‍යාපන ක්ෂේත්‍රය තුලින් එක ජාතියකට පහර ගැසීම නැතිනම් ඉස්ලාමය හා මුස්ලිම් වරුන් ගැන වැරදි වැටහීමක් ගෙන දීමට උත්සහ කිරීම වැරදි ක්‍රියාවකි.
ගරු ජනාදිපති තුමාටත්,මේ ගැන අප දැන්ව ඇත්තෙමු.එබැවින් මෙය නිවැරදි කරන අතර මින් ඉදිරියට මොනම සමාජයක අයගේ හෝ සිත් රිදවන මෙවැනි වැරදි නොවන සේ ක්‍රියා කරන මෙන් අදාල නිලධාරී මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිමු.
අතිගරු ජනතිපති තුමා හා ගරු අධ්‍යාපන ඇමති තුමාද, මේ ගැන සොයා බල අවශ්‍ය කටයුතු කරනවා ඇති අපේක්ෂා කරමු.
Read Full Post | Make a Comment ( None so far )

නිවුණු සිත දවාලන අපේ හාමුදුරුවන්ගේ බන පදය.

Posted on July 19, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

බන පදයක ඇති දහම් සිසිල දැවුණු සිත දවාලන අමා දියකි.බුදුන් වැඩිය මේ රුවන් පොලොව මත දිවි ගෙවන අපේ දේශයේ මුර දේවතාවන් බදු වූ මෙරට බික්ෂුන් වහන්සේලා අද මේ සිත දැවීම හා නිවීම යන කාර්යයන් දෙකටම අත ගසා තිබීම බහුලව දක්නට ලැබෙයි,සිත නිවාලන කතා පමණක් දෙසීම උන්වහන්සේලාගේ පරම යුතුකම බව අමතකව ගිය නිසාදෝ දැන් දැන් වැඩිපුරම ඇසෙන්නේ සිත දවන කතාය.

එක්තරා සුප්‍රකට බෞද්ධ හිමිනමක් විසින් කරන ලද දේශනයක් මුස්ලිම් අපගේ හද දවා දැමු ආකාරයයි. කණගාටුවට කරනවා නම්,එකී භික්ෂුන් වහන්සේ නැවත නැවතත් රුපවාහිනී නාලිකා ඔස්සේද මෙබදු දේශනයන් පවත්වන්නට යෙදීමයි.
සජීවීව රුපවාහිනී නාලිකාව ඔස්සේ ගෙන ආ ධර්ම දේශනයයි.සුවහසක් බෞද්ධ ,අබෞද්ධ ජනයා අස සිටි ඒ දම් දෙසුම මෙසේ ගල ගියේය.
“මුස්ලිම් අය තමයි අද මේ රටේ කුඩු බිස්නස් කරන්නේ,එයාල ආර්ථක අතින් ශක්තිමත් වෙලා ඉන්නේ කුඩු බිස්නස් කරලා.මන් මේ මුස්ලිම් අයගෙන් ඉල්ලා සිටින්නේ ඔය ඇත්තෝ ධාර්මිකව හම්බ කරන්න.මේ රටේ එහෙම කුඩු බිස්නස් නිදහසේ කෙරුවට අරාබි රටේ එව්වා කරන්න හම්බ වෙන්නේ න ,මොකද එහෙ නීති මෙහෙ වගේ නෙවෙයි.”
මෙම ප්‍රකාශය තුල ඇති ද්වේශ සහගත බව හා දරුණු බව වැටහෙනුයේ එය ගැබුරින් විමසා බලද්දිය.මුස්ලිමුන් අර්තකව ශක්තිමත් වී ඇත්තේ මත් කුඩු ජවරමින් බව ඔබ වහන්සේ පවසයි මුළු මුස්ලුම් සමාජයම අර්තකව ශක්තිමත් නොවන නමුදු මෙවන් චෝදනාවක් සුළු ජාතික පිරිසක් වූ මුස්ලිමුන් වෙත එල්ල කලත් අප වෛර නොකරමු. ස්වාමින් වහන්ස ! එක් මකුනකු සපා කෑ විට  මකුණන් සියල්ල මරා දැමීම පාරම්පරික සම්ප්‍රදායකි.එකී සම්ප්‍රදායෙන් පිට පැනීම ඔබ වහන්සේට ද අසීරු වී ඇත.මම මුස්ලිමුන්ට සුදු හුණු ගන්නට තැත් නොකරමි.
නමුදු, මොහොමඩ් හෝ අහමඩ් හෝ ෆාතිමා යැයි කියූ පමණින්  ඔවුහු මුස්ලිමුන් නොවෙයි.නමින් පමණක් මුස්ලිම් වූ එක් අයෙකු දෙදෙනෙකු සිදු කරන පහත්කම් නිසාවෙන් මුළු මහත් මුස්ලිම් සමාජයම ධාර්මිකව මුදල් උපයන්නේ නැති බව හා මුළු මුස්ලිම් සමාජයම මත කුඩු ජාවාරම් කරන්නේය යනුවෙන් පැවසීම සාපරාධි ප්‍රකාශයකි.
මෙරට තැබෑරුම් වල අයිති කරුවෝ බෞද්ධයෝය.එපමණක් නොව කැසිනෝ ශාලා,සුදු පොළවල්,කැරෝකේ ක්ලබ් ,නගරයක් පාසා විවෘතව පවතින ආයුර්වේද ගණිකා මඩම් ද,එපමණක් නොව, මෑතකදී කුඩු ලාලිත හා දේශපාලනයේ නියුතු සිල්වා ලාගේ මත් කුඩු ජාවාරම් ගැනද,මේ ධර්මද්වීපයේ ගංජා වවන්නෝ බෞද්ධයෝ නොවේද යන්න , ඔබ වහන්සේ මුනිවත රකින්නේ මන්දැයි මා නොදනිමි.

බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකගේ මෛත්‍රී සහගත බවට පටහැනි එබදු කතා වගකිව යුතු හිමි නමක් විසින් ප්‍රකාශ නොකළ යුත්තකි.අද මත කුඩු ජාවාරමට හවුල්ව ඇතිනම් පමණක් මුස්ලිම් වූ අධමයන් සැබවින්ම “කුලියට ” මුස්ලිම් නම් යොදාගෙන තිබෙනවාදැයි නොදනිමි.ඇතැම් විට ඔවුන්ගේ සමහරෙක් මුස්ලිම් නමින් වෙස් වලාගත් බෞද්ධ හෝ කතෝලික හෝ හින්දු අයද විය හැක.ම මෙසේ පවසන්නේ හේතු සාධක සහිතවය.

නොබෝද මා කොලබ නගරයේ වුවමනාවක් සදහා සිටින විටදී මා ගමන් ගත් වහනය නැවත තිබු ස්ථානයට එක  මුස්ලිම් කාන්තාවක් පැමිණ මුදල් ආධාරයක් ඉල්ලා සිටියාය.ය හිජාබයකින් හිස වසා සිටි බැවින් සැකයක් ඇති නොවුනි.ඇයට මුදලක් පරිත්‍යාග කිරීමට සැරසුණා පමණි.තවත් මුස්ලිම් කාන්තාවක් පැමිණ

” මල්ලි.. මේ කෙනාට සල්ලි දෙන්න එපා .මෙයා මුස්ලිම් නෙමේ බොරුවට හිජාබයක් දා ගෙන ඉන්නේ .ඔයාලව රවට්ටන්න.මෙයා හවසට හිජාබය ගලවල ඇත බලල සාස්තර කියනවා.මල්ලි මන් කියන්නේ බොරු නම්,මෙයට කලිමාව කියන්න කියල කියන්න.මෙයා බොරු කාරියක්.මේ ටව්මේ ඉන්නේ මුස්ලිම් ටික දෙනයි ඒ ය විතරයි ඇත්තටම මුස්ලිම්.මෙයා මෙතන බොරුවට ඔලුව වහගෙන ඉන්නේ,මුස්ලිම් විදියට රගපාල අපිවයි ආගමයි දෙකම පාවල දීල සල්ලි හම්බ කරනවා.”
මම පුදුම වුනෙමි.පෙර පැමිණි කාන්තාවගෙන් මා කලිමාව විමසීමි.එකෙනෙහිම ඇය දිව ගියාය.මේ සිදු වීම සත්‍යයකි.
මෙලෙස කොතෙක් නම් ව්‍යාජ ෆාතිමා ලා, ව්‍යාජ මොහොමඩ් ලා,සිටිය හැකිද? ගරුතර ස්වාමින් වහන්ස,තත්වය මෙසේ තිබියදී ඉදින් තව කුමක් පැවසිය යුතුද?
ඒ කෙසේ වුවද මුස්ලිම් නමක් තිබු පමණින් ඔහු මුස්ලිම් වරයෙකු නොවේ.එසේම ඇත්තෙන්ම එක් මුස්ලිමෙකු අධාර්මිකව මුදල් ඉපයුවාට මුළු මුස්ලිම් සමජයමටම දොස් පැවරීම නොකරන්න. එය බෞද්ධ ධර්මයේ එන පංච ශිලයෙහි සිව්වැනි ශික්ෂා පදය වූ “මුසාවාද වේරමණී…” සිලපදය බිද දැමීමකි.

එසේම ඔබ වහන්සේ පවසා සිටිය ,අරාබි රටේ මේ පාපකාරී ක්‍රියාවන් කල නොහැකි බවත්,එහි නීති රීති දරුණු බවත්ය.

ගරුතර ස්වාමින් වහන්ස ! ඔබ වහන්සේට එසේ වැටහී තිබීම ඉතා සතුටට කාරණයකි.එහෙත් මම ඉතා ගෞරවයෙන් කියනු කැමැත්තෙමි.එය අරාබි රටේ අරබිකරයාගේ නිතිය නම් නොවේ,එය මෙලොව මවා මිනිසා ඇතුළු සියලු වස්තුන් නිර්මාණය කල අල්ලාහ් දෙවිදුන්ගේ නීතියයි.එකී නිතිය අරාබිකරයේ ක්‍රියාත්මක වනුයේ එය මුස්ලිම් රාජ්‍යයක් නිසාවෙනි.සැබෑ මුස්ලිමුන්ට අල්ලාහ්ගේ නීතියට පිටුපා නොහැක.එකී නිතිය පිටු පාන්නා සැබෑ මුස්ලිමෙකු නොවේ.
එහෙයින් ඔබ වහන්සේට වැටහෙනු ඇත.සැබෑ මුස්ලිම් භක්තිකයා අල්ලාහ්ගේ නීතියට යටත් වන අතර පාපකාරීන් හට එකී නීතියෙන් කිසිදු සමාවක් නොවන බව.ඔබ වහන්සේ පවසන පරිදි මෙරට මත් ද්‍රව්‍ය ජාවාරම්  නිදහසේ කල හැක්කේ,අල්ලාහ්ගේ නිතිය නොමැති නිසාය.සර්ව සාධාරණ වූ එම නිතිය මනුෂ්‍ය මවා පෝෂණය කරන්න වූ අල්ලහ්ම නිර්මාණය කල බැවින් එම නිතිය යටතේ පව්කාරයට සමාවක් නොමැත.එම නිතිය මෙරට පමණක් නොව ලොව කිසිම නීතියක් හා සමකල නොහැක.එය ඔබ වහන්සේලාද අනුගමනය කල මැනවි.එවිට සැබවින්ම ඔබ වහන්සේලා පතන ධර්ම රජ්‍යයය මෙහි ගොඩ නගන්නට හැකි වනු ඇත.මන්දයත් පාපතරයා හා වැරදි කරන්නන්හට බුදුන් වහන්සේගේ අවිහිංසාවාදී පිළිවෙත නොගැලපෙන බැවිනි.
අනෙක් කරුණ නම්,ඔබ වහන්සේගේ දේශනයේ මෙසේද පවසනු අසන්නට ලැබිණි.
“….. දැන් මේ මුස්ලිම් ඥතිවරුන්ට ,කතෝලික ඥතිවරුන්ට,හින්දු ඥතිවරුන්ට මන් කියන්න කැමතියි.ඔය අත්තොන්ට වුනත් ස්වර්ගයට යන්න අවශ්‍ය නම්,පංච ශිලා ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ඕන.අපේ බෞද්ධයෝ වුනත් එහෙමයි.බුදු හාමුදුරුවෝ පෙන්වා දුන් සීල,සමාධි,ප්‍රංඥ මාර්ගයන්හි යමින් පස් පවින් වැළකෙන්න ඕන.ඔය අත්තොන්ට තව අවුරුදු කෝටියක් ගිහින් හරි බුද්ධාගමට අවේ නැතිනම්, කතෝලික ඇය දවසට හා සැරයක් නෙමේ සිය සැරයක් ඥ්යා කලත් වැඩක් නැහැ.මුස්ලිම් ඇය දවසට පස් සැරයක් නෙමේ සිය සැරයක් වැන්දත් වැඩක් නැහැ.ඔය ඇත්තන්ට ස්වර්ගයට නම් කවදාවත් යන්න බැහැ.එකට මේ බෞද්ධ මාවතට පිවිසෙන්න ඕන.ආතර්.C . ක්ලාක් වරක් කියල තියෙනවා මේ ලෝකේ තියෙන හැම දහමක්ම විනාශ වෙලා යනවා.අන්තිමේදී බුදු දහම පමණයි ඉතිරි වෙන්නේ කියල…..”

ගෞරවනීය ස්වාමින් වහන්ස! ඔබ වහන්සේගේ විවෘත ආරාධනාවට මා තුති පුදමි.අප සැමට ස්වර්ගය කරා ලගා විය හැකි මාවත ඔබ වහන්සේගේ දැනුමට අනුව පෙන්වා දීම සතුටට කරුණකි.නමුදු අන්‍ය ආගමිකයන් වූ අපට පස් පවින් වළකින්නට ප්‍රථම, එය අනිවාර්යය වූ බෞද්ධයෝ එය පිළිපැදිය යුතු නොවේද?

 

සැබවින්ම මුස්ලිම් වන අපට නම්,පස් පවින් වැලකීම ඉතා පහසුවෙන් කල හැක.මන්ද යත් ඉස්ලාමය අහේතුකව පර පණ නැසීම,සොරකම් කිරීම,බොරු කීම,කාමයේ වරදවා හැසිරීම,මද්‍යසාර හා මත් ද්‍රව්‍ය භාවිතය යනාදී වූ පස් පව් ඉතා තදින් බැහැර කරන අතර අල්ලාහ් දෙවියන් වහන්සේ ඒ වැරදි සදහා දැඩි දඩුවම් හා නීතිරීති පනවා ඇති බැවිනි.

නමුදු බුදු දහමේ අනිවාර්ය සාදකයක් වූ මේ පස් පවින් වැලකීම අද බෞද්ධයා තුල නැත්තේ ඔවුන් පවට මෙන්ම දදුවමටත් බිය නොමැති නිසාය.එසේ තිබුණා නම්,අද මේ ධර්මද්වීපයේ අඩියෙන් අඩියට තැබෑරුම් විවෘත වන්නේ නැත.සුදු කඩ විවෘත වන්නේ නැත.පිය දුව නොහදුනන,පුතා මව නොහදුනන,අය්යා නංගි නොහදුනන,ජඩ සංස්කෘතියක් බිහි වන්නේ නැත.තම සාස්තෘ නායකයාණන් වූ බුදුන් වහන්සේගේ බුදු පිළිම හාරා පෞරාණික වස්තු (නිදන්) සොරකම් රටේ ප්‍රචලිත වන්නේ නැත.බිරිද සැමියා මරා දමන,සැමියා බිරිද මරා දමන,පිළිවෙත දියත් වන්නේ නැත.ගල් පැලෙන බොරු කියා තම මදිය තර කර ගැනීමේ ප්‍රෝඩාවන් බිහි වන්නේ නැත.මෙවන් අවධියක  ඒ බුදු පිළිවෙත අනුගමනය කරන්නට ඔබ වහන්සේ ආරාධනා කිරීම පැසසිය යුතුය.
ස්වාමින් වහන්සේ මෙසේද පැවසුහ.
“……….. කතෝලික අය කරන්න තියෙන සේරම නොපනත්කම් කරලා සල්ලි හම්බ කරනවා.මුස්ලිම් අය කරන්න තියෙන සේරම නොපනත්කම් කරලා සල්ලි හම්බ කරනවා.හින්දු අය කරන්න තියෙන සේරම නොපනත්කම් කරලා සල්ලි හම්බ කරනවා.බෞද්ධ අයගෙන් ඇතැම් අය කරන්න තියෙන සේරම නොපනත්කම් කරලා සල්ලි හම්බ කරනවා….. “

ගරුතර ස්වාමින් වහන්ස! මෙහිදී ඔබ වහන්සේ සැබෑ ලෙස සීල,සමාධි,ප්‍රඥ වදන බෞද්ධ භික්ෂුවක සේ ක්‍රියා කොට නොමැති බව මගේ අදහසයි.එම ප්‍රකාශය තුල ඇත්තේද,සමානාත්මතාවය නොව අසමනාත්මතවයයි.  බෞද්ධයන්ගෙන් පමණක් ඇතැම් අය නොපනත් කම් කරන අතර අන්‍ය ආගමිකයෝ සියලු දෙනාම නොපනත් කම් කරතියි පැවසීම ඊට සාක්ෂියකි.

තව දුරටත් උන්වහන්සේ මෙසේද පැවසුහ.

“… මං ඉන්න කොළඹ 07 විපස්සනා භාවනා මධ්‍යස්ථානයට කතෝලික අය එනවා.හින්දු අය එනවා.මුස්ලිම් අය පල්ලියට හොරෙන් ඇවිල්ල භාවනා කරලා හොද මුස්ලිමුන් වෙලා යනවා….. ”

ගරුතර ස්වාමින් වහන්ස!

ඉස්ලාම් ධර්මයේ එන ලෞකික හා ලෝකාන්තර සුවය අන් කිසිදු ධහමකට දෙවැනි වන්නක් හෝ සමකල හැක්කක් නොවේ.මේ පරම පිවිතුරු දහමෙහි නොමැති ශාන්තියක් වෙනත් දහමකින් පතා යන්නෝ ඉස්ලාමය හරි හැටි නොදන්නා,නමට පමණක් සිමා වූ මුස්ලිමුන්ය.ඔවුහු සැබෑ මුස්ලිමුන් නොවේ.ඔවුහු පල්ලියට හොරෙන් ගොස් භාවනා කරන තරමට බාධාවක් ඉස්ලාමයයේ ඔවුන්ට පනවා නොමැත.අවශ්‍ය නම් එළිපිටම එය සිදු කල හැක.එහෙත් එය පල්ලියට හොරෙන් කරනුයේ එය වරදක් බව ඔවුන්ම දන්නා බැවිනි.

“හොද” මුස්ලිමුන් වීම කෙසේ වෙතත් “ව්‍යාජ” මුස්ලිමුන් වීම නම්,අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.

බුදු දහම හැර අන් සියලු දහම් මිත්‍යා දෘෂ්ටිකයින්ය,යනුවෙන් පවසන ඔබ වහන්සේ සැබවින්ම අවන්කවම කතා කරන්නේද යන්න මා නොදනිමි.

අවසානයේ සියලු දහම් විනාශ වී බුදු දහම පමණක් ලොව ඉතිරි වන්නේ නම්,බලෙන් ආගමට හැරවීමට විරුද්ධ යැයි පවසමින් පනත් ගෙන ඒමට මේ සා වෙර දරනුයේ මන්ද යැයි අප නොදනිමු.අවසානයේ සියල්ලෝම බෞද්ධ වන්නේ නම්,අන්‍යාගම් කර බෞද්ධයෝ ඇදී යාම පිළිබද අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැත. 

ගරුතර ස්වාමින් වහන්ස!

ඉස්ලාමයේ නම් පාරම්පරික මුස්ලිමුන් හෙවත් උපතින් මුස්ලිම් වුවන් පමණක් නොව දැනුමෙන් හා අවබෝධයෙන් ධර්මය සොයා පැමිණි බොහෝ අන්‍යගමිකයෝද වෙති.කිසිවෙකු ඔවුහු බිය වද්දා බලෙන් ඉස්ලාමයට හරවාගෙන නැත.එසේ සිදු කිරීම ඉස්ලාම් ධර්මය සපුරා තහනම් කොට ඇත.නමුදු උපතින් මුස්ලිම් වුවන්ට වැඩ දැඩි ස්ථිරසාර ආගමික ස්ථාවරයක ඔවුහු සිටිනුයේ ඔවුන්ගේ දැනුම හා අවබෝධය මත ඔවුන් ඉස්ලාමය වැළද ගත් හෙයිනි. බුදු දහමටද එවන් යුගයක් එලභිම සිදුවන්නේ නම් අප කිසිවකුත් කිසිදු ද්වේශයක් හෝ ඉරිසියාවක් නොකරන බව දන්වා සිටිනු කැමැත්තෙමි.

නමුදු හිතා මතාම,එකී ද්වේශය අප හදවත් තුල වපුරන්නට මෙවන් දේශනයක් මින් මතු සිදු නොකරන ලෙස මා ඉතා සුහදශීලිව ඉල්ලා සිටිමි.

Read Full Post | Make a Comment ( None so far )

මුහුදු මහා විහාරය ආක්රමනය කරන්නේ මුස්ලිම්වරුද?

Posted on July 1, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

ශ්‍රී ලංකාවේ  නැගෙනහිර අග්නිදිග දිශාවේ බහුතර මුස්ලිම් වරුන්ගෙන් සමත්විත පැරණි ගම්මානයකි පොතුවිල.මෙහි මුස්ලිම්වරුන් 29950 ද,දෙමල ජාතිකයින්  5129 ද,සිංහල  ජාතිකයින්  831 ද, ඉතාමත් සමගියෙන් හා සමයෙන් ජිවත් වෙති.සුනාමියට පෙර ගනු ලැබූ සන්ගනනයන් අනුව  85.05% මුස්ලිම් වරුන්ද ,10.22 % දෙමල ජාතීන්ද,2.44 % සිංහල ජාතීන්ද, සිටි බව තොරතුරු හෙළිවේ.

සුනාමියෙන් පසුව සහනාධාර කටයුතු සදහා ඒ ප්ප්‍රෙදේශයට පැමිණි ජ.වී.පෙ හා හෙළ උරුමය විසින්ද පිට පළාත් වලින් පැමිණි ඇතැම් සිංහල සංවිධාන විසින්ද,එම ප්‍රෙදේශයේ  ජාතික සමගියට එරෙහිව කටයුතු කර ඇති බවට මැනවින් පැහැදිලි වේ.

සුනාමියෙන් පසු මුස්ලිම්වරු බහුතරයක් පදිංචි ප්රෙදේශවල අලුතින් “බුද්ධ ප්‍රතිමා” ඉදිකිරිමෙන්ද,පුරාවස්තු සදහා පරීක්ෂණ පැවැත්වීම නමින් මුස්ලිම් වරුන්ට් අයත් බිම බලහත්කාරයෙන් සතුකරගෙන “බෞද්ධ සංඛේත” තැබීමද ,ප්‍රදේශයේ නොයෙකුත් ස්ථානවල (මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ) බෞද්ධ විහාර ,බෞද්ධ ආරාම හා බෞද්ධ දහම් පාසැල්  ඉදිකිරීම්ද, මෙම ප්‍රශ්නයට තුඩු දුන් මුලික කරුණු විය.

සුමාත්‍රා දුපත්වල සිදු වූ භූ කැපව හේතු කොට ගෙන ශ්‍රිලංකාවේ මුහුදු බද ප්‍රදේශ විනාශයට පත් වුහ.පොතුවිල් ප්‍රදේශය සුනාමියෙන් පසුව එහි මුස්ලිම් වරුන් බහුතරයක් ජිවත් වන ගම්මාන වල අලුතින් බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම් ආරම්භ කෙරිණි.එපමණක් නොව,බෞද්ධ විහාරද,බෞද්ධ ආරාමද,බෞද්ධ දහම් පාසල්ද,අළු?හීන ඉදිකරනු ලැබුහ.

මෙවැනි බෞද්ධ සිද්ධස්ථාන සුනාමියට පෙර තිබී සුනාමියෙන් පසු ඒවා ප්‍රතිසංස්කරණය කරනු ලැබුවේ  නම්,ඒ පිලිබදව ප්‍රශ්න කල නොහැකිය.එහෙත් සිදු වුයේ වෙනත් දෙයකි.එනම් මුස්ලිම් වරු බහුතරයක් ජීව?හ ඇන ගම්මාන වල සුනාමියේ ප්‍රතිපලයක් ලෙස අලුතින් බුද්ධ ප්‍රතිමා බිහි වීමයි.එයට්  ශ්‍රීලංකා හමුදාව තම සහයෝගය දැක්වීමද,ආරක්ෂක අංශ වලට අයත් වාහන වල බෞද්ධ කොඩි රදවා ගෙන ප්‍රදේශය පුරා  ගමන්  කරමින් කඩිනමින් ක්‍රියාත්මක වීමද,ප්‍රදේශ වාසි මුස්ලිම්වරුන්ගේ සැකයට හේතු විය.සුනාමියට පෙරත්,පසුත්, පොතුවිල් ප්‍රදේශයට  පැමිණි ඇතැම් පිරිස් සැලසුම් සහගතව “අපේ ගම ” “අපේ රට‍ ” ඔක්කොම අපගේ “  යනුවන් ගෝෂා  කරමින්  සිදු කල දේ පහතින් දැක්වේ.

පුරා වස්තුන් පිළිබද පරීක්ෂණ

  1. ජමා ඇතුල් මුස්ලිමින් චතුරශ්‍රයේ මුහුදු වෙරළේ මුස්ලිම් වරුන්ට් අයත් ඉඩමක් ඇත.එම ඉඩමේ “පුරාවස්තු පිළිබද පරීක්ෂණ ” යන්නෙන් සලකුණු කරනු ලැබිණි.ඉන්පසු එම කාර්ය සදහා හිමි නමක් පත් කරන ලදී.එහි ප්‍රතිපලයක් වශයෙන් උන්වහන්සේගේ නවාතැන් සදහා එහි ආරාමයක් තනන ලදී.

ඉන්පසු පොතුවිල් අරුගම්බේ ප්‍රධාන විදියේ “මුහුදු මහා විහාරය ” නමින් නාම පුවරුවක් තබන ලදී.ඇත්තෙන්ම එය 4 වන කොට්ඨාශයේ  “මස්ජිදුල් ‍ෆලාල් පල්ලි විදිය ” නමින් දිගු කාලයක් තිස්සේ නම් කර තිබු විදියකි.

ඉන පසුව මුස්ලිම් වරයෙකුට අයත් ඉඩමක් බලහත් කාරයෙන් පවරාගෙන බෞද්ධ ආරාමයක් ඉදි කිරීමට අන්තිවරම් දමන ලදී. දැනට එහි බෞද්ධ දහම් පාසලක්ද පැවැත්වේ.දැනඒ දිවා  රැ රජයේ හමුදාව එහි වැඩම සිටින භික්ෂුන් වහන්සේ ආරක්ෂා කරමින් සිටිති. මෙහි පුදුමයට කරුණක් නම්,එකම සිංහල පවුලක් හෝ සිංහල සහෝදරයෙකු ඒ අවට පදිංචිව නොසිටීමයි.මේ කටයුතු සියල්ල සිදුවන්නේ 100% මුස්ලිම් වරුන් පදිංචිව සිටින ගම්මානයකය.

එම ස්ථානයේ සිට ප්‍රධාන පාර ට ආසන්න වශයෙන් කි.මි. 2 දුරක් ඇත.ඇතැම් පිරිස් විසින් රජයේ හමුදාව හා එක්වී විහාරයක් වත් නොමැති විදියක් වන මස්ජිදුල් ‍ෆලාල් පල්ලි විදිය “මුහුදු  මහා විහාර විදිය ” යන්නෙන් වෙනස් කර නාම පුවරුවක් තබා ඇත.එම නාම පුවරුව ඔවුන් විසින්ම විටින් විට මකා දැමීම සිදුවෙමින් පවතින .අවසානයේදී සිමෙන්ති ගල්  වලින් එම ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදි කර එහි “මුහුදු මහා විහාර විදිය ” යන නාම පුවරුව තබා ඇත.මෙයද මුලදී, “පුරාවස්තු පිළිබද පරීක්ෂණ ” නමින් සංඛේතවත් කරනු ලැබ පසුව , බෞද්ධ විහාරයක් වශයෙන්ද,බෞද්ධ ආරාමයක් වශයෙන්ද,බෞද්ධ දහම් පාසලක්‌ වශයෙන්ද,මාරු කරන ලදී.ඉන්පසුව භික්ෂුන් වහන්සේ නමක් එහි ස්ථිරව පත් කරන ලදී.

  1. පොතුවිල් සෙන්ගමමි ප්‍රධාන විදියේ තුන්වැනි සැතපුම් කනුව නමැති ස්ථානයේ පොලිස් මුර පොලක් ඇත.ඊට සමීපව මුස්ලිම් වරුන්ට අයත් බිම් ප්‍රදේශයක “පුරාවස්තු පිළිබද පරීක්ෂණ ” යනුවෙන්  සංඛේතවත් කර එහි වටේ කොන්ක්‍රීට් කණු සිටුව ඇත.එම කොන්ක්‍රීට් කණුවල “පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව ” යන්නෙන් ලියා  ඇත.එම ස්ථානය රජයේ හමුදාව යටතේ ආරක්ෂා කරමින් පවතී.
  2. පොතුවිල්-නවලාරු ප්‍රධාන විදියේ චක්‍රවෙලි විශේෂ හමුදා බලකායේ කදවුර පිහිටි ස්ථානයට ඉදිරියෙන් මුස්ලිම් වරුන්ට් අයත් ඉඩමක් ඇත.එම ස්ථානයේද පුරාවස්තු සදහා පරීක්ෂණ යන්නෙන් බෞද්ධ චක්‍ර සලකුණු සංඛේතවත් කර ඇත.මෙහිදී පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව යන්න ඒ වටා ඉදිකර ඇති කොන්ක්‍රීට් කණුවල සිංහල අකුරින් ලියා ඇත.එම ස්ථානයේද රජයේ හමුදා පාලනය කරයි.
  3. මුදලයිමලයි-කුදක්කල් මලයි. — කුරයිකදල් රොක් නමැති ස්ථානය පුරාවස්තු පරීක්ෂණ නාමයෙන් සංඛේතවත් කර ඇත.මෙම ස්ථානය “පෙරිය උල්ලේ“ නමැති මුස්ලිම් වරුන් බහුතරයක් පදිංචි වී සිටින කුඩා ගම්මානය හි පිහිට ඇත.
  4. මුස්ලිම්වරුන්ට අයත් “තරම්පරයි ” නමැති වී ගොවිපල පිහිටි ඉඩමද පුරාවස්තු පරීක්ෂණ යන්නෙන් සංඛේතවත් කර ඇත.
  5. පොතුවිලට  යාබදව පිහිටි “සෙන්ගමමි අසිස් නගර් ” නමැති ප්‍රදේශය පුරාවස්තු පරීක්ෂණ නමින් සංඛේතවත් කර ඇත.සිංහල සහෝදරයෙකු හෝ සිංහල පවුලක් පදිංචි නොවී සිටින්නාවූ ද ,ඉහත සදහන් ප්‍රදේශ වල සැලසුම් සහගත අරමුණකින් යුතුව කරනු ලබන මෙම ක්‍රියාව හේතු කොට ගෙන පොතුවිල් නගරය පුරාම බුදු පිළිම ඉදි කර තිබේ.

බෞද්ධ විහාර

  1. පොතුවිල් -පානම ප්‍රධාන විදියේ ශාන්තිවේලි නමැති ප්‍රදේශයේ විශේෂ හමුදා බලකායේ කදවුර පිහිටි හන්දියේ “චාශ්‍ර වේලි විහාරය” යන්නෙන් සිංහල බසින් නාම පුවරුවක් තබා ඇත.මෙවැනි විහාරයක් ගල් කන්දෙහි පිහිට තිබීම මෙහි ජිවත් වන කිසිවෙක් මෙතෙක් නොදන්නා අතර, ඇතැම් බෞද්ධ පිරිස් පමණක් ඒ පිළිබද දැන සිටීම පුදුම සහගත කතාවකි.
  2. බහුතර මුස්ලිම් වරු පදිංචිව සිටින “සින්න උල්ලේ” ගම්මානයේ කෝඒසැක “සිංහපුර” බවට වෙනස් කර ඇත.එහි දැන් රජයේ පසලට් සිංහපුර සිංහල විදුහල යන අලුත් නාම යොදා තිබේ. ඒ සමගම එහි දහම් පාසලක්ද ඉදි කර ඇත.එම ප්‍රදේශයේ සිංහල -දෙමල ශිෂයින් 100 අඩු ප්‍රමාණයක් ඉගෙනුම ලබයි.මෙම පාසැල පිහිටි ප්‍රධාන විදියේ සමුධ්‍රාගිරි විහාරය යන සිංහල නාම පුවරුවක්ද තබා ඇත.
  1. ඉහත සදහන් “සින්න උල්ලේ” ගම්මානයේ මහා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බිම් පෙදෙසෙහි සුනාමියට පසුව පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හෝ මහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් හෝ අනුමැතිය නොලැබ , සුනාමි ඛේදවචකයට් භාජනය වූ අයට් උදව කිරීමට පැමිණි ඇතැම් පිරිස් රජයේ හමුදාවේ පුර්ණ සහයෝගය හා ආරක්ෂාවෙන් යුතුව් ,සුනාමියට ගොදුරු වූ අය වෙනුවෙන් “සිහිවටනායක” ඉදිකිරීමේ නාමයෙන් මධ්‍යම රාත්‍රී  කාලයේ  බුදු පිළිම 4 ක් තබා ඇත.”අපි ආධාර ලබා දෙන්න අවා.ඔයාලගේ නාම ලියල අත්සන් දල දෙන්න ” යැයි පවසමින් අත්සන් ව්‍යාපාරයක්ද ,එම ප්‍රදේශයේ කෙරුණි.මෙම අත්සන් ව්‍යාපාරය කරනු ලැබුවේ “සින්න උල්ලේ ගමෙහි බුදු පිළිම තබන්නට මුස්ලිම් වරු වන අපෙන් ප්‍රතික්ෂේපයක් නොමැත.” යනුවෙන්  සකස් කරනු ලැබූ ලිපියටයි.දැන් එම ස්ථාන වල රජයේ ආරක්ෂක භටයින් විසින් දිවා රැ ආරක්ෂා කරනු ලබයි.
  1. පොතුවිල්-අරුගම්බේ ප්‍රධාන විදියේ විශේෂ බලකාය පිහිටි අරුගම්බේ පාලම අසල දැවැන්ත බුදු පිළිමයක් ඉදි කර ඇත.එය රුපියල් ලක්ෂ 80 වටිනා වුද , තායිලන්තයෙන්  ගෙන්වනු ලැබුවා වුද, තබ වලින් නිම කරනු ලැබුවා වුද,සුවිශල් ප්‍රතිමාවකි.මෙම විශාල බුද්ධ පිළිමයට වැදුම් කරන්නට ඒ ප්‍රදේශයේ සිටින විශේෂ බලකාය හැරෙන්න කිසිම බෞද්ධයෙකු ඒ ප්‍රදේශයේ නැත.එකම සිංහල පවුලක් වත් ඒ ප්‍රදේශයේ පදිංචිව නැත.ඊට අමතරව එම ප්‍රදේශයේ “බෞද්ධ සම පුජනිය පෙදෙස ” යන්නෙන් භාෂා තුනෙන්ම ලියන ලද නාම පුවරුවක් තබා  ඇත.

මෙම අරුගම්බේ කලපු ප්‍රදේශය මස්ලිම් වරුන් මාළු  මෙන්ම ,ඉස්සන් ඇල්ලීම දිගු කාලයක් තිස්සේ කරගෙන යයි.සුනාමියෙන් පසුව අරුගම්බේ කලපුවේ මාළු අල්ලන ප්‍රදේශ වටා කණු සිටවා  කම්බි වලින් වැටක් බැද වසා තබා ඇත.ඒ අතර වැටෙ මායිම තුල බෞද්ධ විහාරයක් ඉදිකිරිම සදහා අන්තිවාරමක්  දමා ඇත.

ඒ වන තෙක් බුදු පිළිම තනමින්,විහාර ඉදිකරමින් තිබුනද,මුස්ලිම් වරු විරෝධතාවයක් දැක් වුයේ නැත.

නමුත්,දැවැන්ත බුදු පිලිමයකුත් තබා ,මුස්ලිම් වරුන් මාළු අල්ලන්නට  යෑම තහනම් කරමින් ධිවරයින්ට තම තම රක්ෂාව නැති කරමින් වැටක්  දැමීමෙන් පසුවයි මුස්ලිම් වරු ඊට විරුද්ධව නැගී සිටින්නට උත්සුක වුහ.

එහි ප්‍රතිපලයක් වශයෙන් 2005.04.06 වන බදාදා පොදු ජනතාව හා ප්‍රදේශයේ විද්වත්හු එකතු වුහ.නගරයේ කඩවල් සියල්ල වසා දමා ,පාසැල් ශිෂයින් පාසැල් වර්ජනය කළහ.විශේෂයෙන් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය ,බැංකු,හා අනෙකුත් ආයතන වසන ලදී.ප්‍රදේශ වසින් සියලු දෙනාම පොතුවිල් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය දක්වා පෙළපාලියකින් ගිය අතර ,එම පෙළපාලියට හිටපු පොලිස් ස්ථානාධිපති වුද,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වුද, එම් .එම් .අබ්දුල් මජීඩ් මහතා නායකත්වය දැරුහ.

ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ගිය ජනතාව ඉහත කරුණු පිළිබද රජය ඉතා ඉක්මනින් තීරණයක්‌ ගෙන,අවශ්‍ය කටයුතු වලදී සුනාමියෙන් පසුව කටු කම්බි වැටද ඉවත් කර තම සුපුරුදු රක්ෂාව කරගෙන යමට් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහ.එමෙන්ම භාෂා තුනෙන් වාර්තාවක් ලියා ජනතිපතිවරයා වෙත යවන ලෙස ප්‍රාදේශීය ලේඛම් නවුෆල් මහතාට භාර දෙන ලදී.

මෙම පෙළපාලිය ඉතා සාමකාමී එකක් වූ අතර ඉහත සදහන් කරුණු භාෂා තුනෙන්ම පොස්ට්ර් මගින් හුව දක්වනු ලැබිණි.මෙම පෙළපාලියේ ද්වේශ සහගත ගෝෂා නොතිබිණි,වාර්තාව ප්‍රාදේශීය ලේඛම් තුමට්‌ භාරදුන් පසු මහජනතාව තම තමන්ගේ නිවෙස් කරා විසිර හියහ.

පසුදින එනම්, 2005.04.07 දින බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 පමණ පොතුවිල් බස නැවතුම අසල  විනාඩි 5 ක් ඇතුලත බෝම්බ දෙකක් පිපිරිණි.සැලසුම් සහගතව සිටි පොලිසියද,විශේෂ හමුදා බලකායද,,පොලු,සයිකල් චෙන්,කම්බි හා තුවක්කුද රැගෙන වහාම එතනට පැමිණ එහි සිටි මුස්ලිම් වරුන්ට් පන්න පන්නා පහර දෙන්නට් පටන් ගත්හ.එහි ප්‍රතිපලයක් වශයෙන් මුස්ලිම් වරුන් 48 දෙනෙකු තුවාල ලැබුහ.ප්‍රධාන පාර දිගේ ජීප් රථ වලින් පැමිණි ආරක්ෂක භටයින් මහජනතාව පන්නමින් සිටි නිසා තුවාල ලැබුවන්ටරෝහල් කරා යාමට නොහැකි තත්වයක් ඇති වුනි,එබැවින් මේ පිලිබදව පොලිසියට් ගොස පැමිණිලි කරන්නට තුවාල කරුවන් මාලි වුහ.

පොතුවිල් බස නැවතුම්පොළ පසුපසින්ද,පොලිස් ස්ථානයට් පසු පසින්ද,බෞද්ධ විහාර ඇති බව සදහන් කල යුතුය.

මෙම සිදුවීම වසර 5 කට පෙර සිදු වුවකි.දන මෙය දඩමීමා කරගෙන කරුණු විකෘති කරමින්, මුස්ලිම් වරු නැගෙනහිර ආක්‍රමණය කරන බවත්,බෞද්ධ විහාර විනාශ කරන බවත් අන්තර්ජාලය හරහාද  පදනම විරහිත චෝදනා ගොඩනගමින් පවතී.

ඇත්තෙන්ම බෞද්ධ විහාර ගොඩනැගීම ගැන විරොදයක් නැත.ඉහත කරුණු කියවූ ඔබට‍ ඉඩම් ආක්‍රමණය කරන්නේ කවුදැයි පැහැදිලි වනු ඇත. නමුත්  ජන ජීවිතය අඩාල වන පරිදි ධිවර ජිවනොත්පය කරගෙන යාමට නොදී කණු  දමා මසුන් ඇල්ලීම තහනම් කිරීම අනුමත කල හැකිද?

එපමණක් නොව, අරුගම්බේ මුහුදු වෙරළ තිරයේ තැනින් තැන නටබුන් මතු වී ඇත.පුරා වස්තු රැක ගැනීම කාලින අවශ්‍යතත්වයකි.නමුත් එය අසධාරණ ලෙස සිදු වීමද අනුමත කල නොහැකි දෙයකි.ඊට අමතරව ,අරුගම්බේ වෙරළ තිරයේ දැනට් සංවර්ධන කටයුතු සිදු සිදුවෙමින් පවතී.ඉදිරි කාලයේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් වෙරළ  තිරය සංවර්ධනය කෙරේ.මේ හේතුවෙන් පවතින පුරාවස්තු රැක ගැනීම අසීරු වනු ඇත.පවතින වෙහෙර  විහාර වල පවතින  පුරා වස්තු විනාශ වෙමින්, නිදන් හැරීම නිතරම දකින්නට් ලැබෙන වීට,ඒ සදහා පන්සලේම හිමි වරුන් විසින් දායක වන විට , මුස්ලිම් වරුන් පුරා වස්තු විනාශ කරන බව චෝදනා  කිරීම මොනතරම් විහිලුවක්ද ?

Read Full Post | Make a Comment ( 6 so far )

ඉස්ලාමය පිළිබද වැරදි මත ලොව පුරා-ව්‍යාජ ඉස්ලාමිය වෙබ් අඩවි

Posted on June 22, 2011. Filed under: එතෙර, හෙළිදරව්ව | Tags: , , , , |

ඉස්ලාමය පිළිබද වැරදි මත ලොව පුර පතුරුවාලීම සදහා විවිධ  තරාතිරමේ සිටින විවිධ  ජාතිකයින්,විවිධ ආගමික නායකයින් කාලයක් තිස්සේ සිට නොගත් උත්සහයක් නැත.එදා මෙන් අදත් එවැනි අසාර්ථක ප්‍රයන්ත වල නිරත වන අයවලුන්ගේ අඩුවක් නැත.මේ සියලු දෙනාටම නායකත්වය දෙමින් පෙර මග සිටින්නේ යුදෙව්වන්ය.CNN කිව්වත්,BBC කිව්වත් ඒ හැම තැනම පෙර මග සිටින්නේ යුදෙව්වන් බව රහසක් නොවේ.දැන් විවිධ වෙන් අඩවි හරහා ඉස්ලාමයට මඩගැසීම හා මුස්ලිම් වරු බේද බින්න කිරීමටත්, නොමග යවන්නත්,අන්‍ය ආගමිකයින් තුල වැරදි අර්ථකතන ලබා දී නොමග යවන්නත් යුදෙව්වන් මාන බලයි. පහත දැක්වෙන්නේ එවැනි වෙබ් අඩව සමහරකි.

www.answering-islam.org 

www.aboutislam.com

www.thequran.com

www.allahassurance.com

http://islamreview.com

http://www.muhammadanism.com

http://www.islam-exposed.org/
http://www.answering-islam.org/
http://www.convertstoislam.org/
http://www.thequran.com/
http://www.aboutislam.com/
http://www.allahassurance.com/

http://www.FaithFreedome.org
http://www.Islam-Watch.com
http://www.wikiislam.com
http://www.light-of-life.com

http://www.thereligionofpeace.com/
http://www.jihadwatch.org/
http://www.answering-islam.de/Main/index.html
http://www.prophetofdoom.net/
http://www.uacradiojihad.com/
http://www.apostatesofislam.com/index.htm
http://www.islam-watch.org/index.html
http://khalas.wordpress.com/
http://www.prophetmohammed.co.uk/
http://www.geertwilders.nl/
http://www.inthenameofallah.org/
http://www.allaboutmuhammad.com/
http://www.faithfreedom.org/
http://www.stopsharialaw.com/
http://adeeperlookweblog.blogspot.com/
http://www.muslimhope.com/
http://www.islameyat.com/
http://www.islamreview.com
http://www.mosque.com
http://www.newislam.org/
http://www.answeringinfidels.com
http://www.islamundressed.com/

Artikel Utama


http://www.exmuslim.com/
http://www.apostatesofislam.com/
http://www.muhammadtube.com/
http://investigateislam.com

Home


http://thespiritofislam.com/index.html

Home


http://debate.org.uk/
http://www.answeringmuslims.com/
http://www.answering-islam.org.uk/
http://bibleandquran.org/
http://koran.jcsm.org/biblelessons/TheKoran.htm
http://muhammadorjesus.googlepages.com/home
http://www.rim.org/muslim/shiite.htm

Home


http://www.ministrytomuslims.com/

More than Dreams Videos

Welcome


http://www.islamexplained.com/
http://www.islam-documents.org/
http://peace-of-mind.net/
http://www.debate.org.uk/topics/coolcalm
http://www.bible.ca/islam/dictionary/index.html
http://www.lexicorient.com/e.o/
http://www.embark.to/ams
http://www.holycrime.com/
http://www.bible.ca/islam/welcome.htm
http://www.loyalistparty.com/
http://www.middle-east-info.org/
http://www.homelandsecurityus.com/
http://www.6thcolumnagainstjihad.com/
http://www.davidjohnsonbooks.com/
http://www.islamicthreat.com/
http://www.victimsofjihad.com/
http://www.voiceofthebelievers.com/
http://www.shoebat.com/
http://www.worldthreats.com/
http://www.zennahministries.com/
http://www.terrortracker.co.uk/
http://mosquewatch.blogspot.com/
http://www.sheikyermami.com/
http://littlegreenfootballs.com/weblog/
http://www.danielpipes.org/
http://ayaanhirsiali.web-log.nl/ayaanhirsiali/english/index.html/
http://www.prophetmohammed.co.uk/
http://www.atheists.org/Islam/mohammedanism.html
http://www.maryamnamazie.com/index.html
http://www.memritv.org/
http://www.skepticsannotatedbible.com/quran/index.htm
http://taslimanasrin.com/

 

සැබෑ ඉස්ලාමිය වෙබ් අඩවි පහතින් දක්වා ඇත.
මෙයට අමතරව සිංහල භාෂාවෙන්ද
peramunerala
dharmadveepayeiranama
ඉහත ව්‍යාජ වෙබ් අඩවි වලින් උපුටා ගනිමින් සිංහල භාෂාවට හරවා ,කරුණු විකෘති කරමින්, අන්‍ය ආගමිකයින් විසින් වෙබ් /බ්ලොග් අඩවි නිර්මාණය කරමින්  මුස්ලිම් වරුන් පිළිබද වැරදි ප්‍රතිරූපයක් අන්‍ය ආගමිකයින් තුල ඇති කිරීමට උත්සාහ ගනිමින් පවතිනවා.මේ සියල්ල මේ සියලු අසාර්ථක උත්සාහයන් ගගට ඉනි කැපුවා සේ ව්‍යර්ථ කරමින් ඉස්ලාමයේ සත්‍යතාවය පෙන්වා දෙමින්, සිංහල මාධ්‍ය ඉස්ලාමිය බ්ලොග් දිනෙන් දින වැඩි වෙමින් ඉස්ලාමයේ සත්‍යතාවය හදුන්වා දෙමින් යහමග පෙන්වා දීම සදහා නිර්මාණය වෙමින් පවතී.
තොරතුරු තාක්ෂනය දියුණු ලොවක ජිවත් වන අපි අපේ තුරන් කව්ද? ඔවුන්ගේ උපයන කුමක්ද? යනාදිය පිළිබද මාන අවබෝදයකින් හා අවධානයෙන් පසු විය යුතු වෙමු . එපමණක්  නොව අපට හැකි පමණින් සතුරන්ගේ උපයන පිළිබද මුස්ලිම් ප්‍රජාව දැනුවත් කිරීම අපේ පරම යුතුකමක් සේ සලකා කටයුතු කිරීමට අපි සැදී පැහැදී සිටිය යුතු වෙමු

.


Read Full Post | Make a Comment ( 6 so far )

රෝහල් සේවයේ ඉස්ලාම් ත්‍රස්තවාදයට පිළිතුරක්.

Posted on June 1, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , |

පෙරමුණේ රාළ ලිපියක් දල තිබුන මෙන්න මෙහෙම.

ඔබට පේන පළමුවෙනි දේ තමයි දිග යටි රැවුල. හිතන්න බලන්න මේ රැවුල කොහොමද අර මුහුණු ආවරණය අස්සට දාන්නේ? රැවුල දිග ශල්‍ය වෛද්‍යවරයෙක් ශල්‍යකර්මය කරද්දී ඔහුගේ රැවුල විවෘත කරපු ඉන්ද්‍රියන්ගේ ගෑවිලා, රැවුලේ තුබූ හානිකර විෂබීජ ඉන්ද්‍රියයන්ට ඇතුල් වෙන්න පුළුවන්. මේ නිසා තමයි ශල්‍යාගාර වලට ඇතුළු වන වෛද්‍යවරු සහ හෙද නිලධාරීන් රැවුල කොටට කපා තිබිය යුතු බවට ඉස්සර ඉඳන් නීතියක් තිබුණේ. නමුත් මුස්ලිම් අයට මෙ රැවුල කපන්න තහනම්! ඒ මදිවට ඔවුන් ඒ අයිතිය ඉල්ලලා රෝගීන් බිල්ලට දීලා උසාවි යන්නත් ඉඩ තියෙනවා. මේක ඔබට හිතන්න කාලයයි. රැවුල දිග මුස්ලිම් වෛද්‍යවරයෙක් ලවා ඔබේ සැත්කම කරවා ගෙන ඔබේ තුවාල වලට විෂබීජ ඇතුල් කර ගැනීමට ඔබ සූදානම්ද?
 ඒක මුස්ලිම් අයට ඕන ඕන විදියට වෙනස් කරන්න බැරි වෙන්නත් ඕන. පිට රටවල නම් ශල්‍යාගාරයට නිසි පරිදි නො එන වෛද්‍යවරුන් එළියට දාන්න ශල්‍යාගාරය භාර හෙද සොහොයුරියට බලය තියෙනවා. නමුත් අපේ රටේ එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා රෝගීන් විදියට අපට ගත හැකි ක්‍රියා මාර්ග මොනවද?
රාළ නීතිඥ මහත්තයෙක්ගේ අදහස් විමසලා බැලුවා. ඔය ගොල්ලන්ගේ ශල්‍යකර්මය කරන්න එන වෛද්‍යවරයාට රැවුල වැහෙන්න මුව වැස්ම දාන්න පුළුවන්ද කියල ඔබ බලන්න. එහෙම බැරි නම් ඒ පුද්ගලයා ලවා ඔබේ ශල්‍යකර්මය සිදු කරගෙන අනතුරේ වැටෙන්නට එපා. ඔබ විසින් ඔහු ඔබේ ශල්‍යකර්මය කිරීමට විරුද්ධ වෙන්න. ඒ වගේම තමයි අත් දිගට ඇඳගෙන රෝගී සත්කාරයේ යෙදෙන (ඒ කියන්නේ ලේ ගැනීම, තුවාල වලට බෙහෙත් දැමීම වගේ විෂබීජ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන් අවස්ථා) අයට ඒ කාර්‍යය ඔබ විෂයෙහි කිරීමට ඉඩ දෙන්න එපා. ඒක ඔබේ අයිතිය.

ඔහු කියනවා මුස්ලිම් දොස්තරවරුන් රැවුල බාසිටිය යුතුය්ලු.අත්ටටම දොස්තර වරුන් බොහෝ දෙනෙක් රැවුල වවාගෙන තියෙනවා බොහෝ දෙනෙක් දැකල ඇති.

මොහු කෙලින්ම පහර ගසන්නේ මුස්ලිම් දොස්තර වරුන්ට. දැනට ලංකාවේ මුස්ලිම් දොස්තර වරුන් 1200 අධික පිරිසක් සේවය කරනවා.එයින් ලංකාවට වඩා වැදගත් පෙරමුණේ රාළ නොදන්නා කෙනෙක් ගැන කියන්නම්.
ලංකාවට මිල කලා නොහැකි අමිල සේවයක් කල ඔහු තමයි මහාචාර්ය විද්‍යාජෝති රිස්වි ෂෙරිෆ්.
ඒ මහතා මෙහෙම පවසනවා.
“මට ආගම දහම ගැන ලොකු ලැදියක් තිබෙනවා,සමාජයේ නැති දේ පිටින් උගෙන හෝ සමාජයට සේවය කල යුතුයි කියන ආගමික සංකල්පයට මම හැමදාමත් ගරු කලා.ඒ අනුවයි විශේෂවෙධි උපාධියට වකුගඩු සම්බන්ධව ඉගෙන ගත්තේ, “
ඇත්තටම  මහාචාර්ය විද්‍යාජෝති රිස්වි ෂෙරිෆ් නිහිටින්නට ලංකාවේ වකුගඩු රෝගය නිසා මිය යන ප්‍රමාණය දහස් ගණනක් වැඩි වෙන්න තිබුන,
ඒ වන විට ලංකාවට වකුගඩු සම්බන්ධව විශේෂ වෛද්‍යවරයෙක් හිටියේ නැහැ. නගරයේ විතරක් නෙමේ, ඇත දුෂ්කර ගම්මාන වල මිනිසුන් වකුගඩු රෝග නිසා දුක් විදලා මිය යන ප්‍රමාණය අධික වුණා.
ඒ වනවිට ලංකාවේ වකුගඩු බද්ධ කිරීමේ පහසුකම් හෝ ඒ පිළිබද දැනීමක් තියෙන වෛද්‍යවරයෙක් හිටියේ නැහැ.වකුගඩු බද්ධ කිරීම සදහා යායුතුව තිබුනේ ඉන්දියාවට, ඒ මුදල් යහමින් තිබුණු අයට පමණයි.
ලංකාවේ වකුගඩු රෝගීන් වෙනුවෙන් තමාගේ පොද්ගලික ධනයෙන් රෝගීන්ගේ රුධිරය පිරිසිදු කරන මැෂින් දෙකක් මිලදී ගෙන රෝගීන්ට ප්‍රතිකර්ම කරන්න පටන් ගත්ත.
ලංකාවේ පළමු වැනි වකුගඩු බද්ධය සිදු වුනේ රත්නම් පෞද්ගලික රෝහලේදියි. වකුගඩු රෝගියාට විශාල මුදලක් සොයා ගත නොහැකි නිසා  මහාචාර්ය විද්‍යාජෝති රිස්වි ෂෙරිෆ් තමාගේ පොද්ගලික මුදල් වැය කලා.
අද වන විට රජයේ රෝහලේදී වගේම,බොරැල්ල වෙස්ටන් පොද්ගලික රෝහලේදී  මහාචාර්ය විද්‍යාජෝති රිස්වි ෂෙරිෆ් අතින් වකුගඩු බද්ධයන් දහසකට අධික ප්‍රමාණයක් සිදුව තිබෙනවා.දැන් විදේශීය රටවලිනුත් රෝගීන් ලංකාවට පැමිණ ප්‍රතිකාර ලබා ගන්න තරම් ඔහුගේ කාර්යය ඉතා වැදගත් වෙලා තියෙනවා.වකුගඩු රෝගියෙකුට පිටරට නොයා ලංකාවේදීම වකුගඩුවක් බද්ධ කරගැනීමට පුළුවන් කම ලැබුනේ  මහාචාර්ය විද්‍යාජෝති රිස්වි ෂෙරිෆ් නිසා.
දැන් ඔහු කතිකචර්යේකු ලෙස වෛද්‍ය ශිෂ්‍යයන්ට උගන්වනවා,ඒ වගේම ලංකාවේ වෛද්‍ය පර්යේෂණ වලට දායක වී පොලොන් විෂ,කනේරු විස,කෘමි නාශක ආදී විෂ ශරීර ගත වුවන් සදහා නව ඖශධ  200 පවා සොයා ගැනීමට දායක වුණා.
 මහාචාර්ය විද්‍යාජෝති රිස්වි ෂෙරිෆ් මහතාගේ වැඩිමහල් පුතා රිකාශ් ෂෙරිෆ් ,ඒ වගේම දුව වන හබිබා ත් වෛද්‍ය ක්ෂේත්‍රයම තෝරාගෙන තියෙනවා.බල පුතු ඔමාර් ව්‍යාපාර පරිපාලන උපධිදරියෙක්.
Professor Mohamed Hussain Rezvi Sheriff MBBS, MD, MRCP (UK), FRCP (Lon), FRCP (Edin), FRACP, FCCP, FSLCGP, FNASSL, 61 years old Consultant Physician and Nephrologist is presently the Senior Professor of Medicine, and the former Head of the Department of Clinical Medicine at the Faculty of Medicine,University of Colombo. His Clinical Services at the National Hospital (Ward 41 and 48) has over 100 beds with access to all services in the 3300 bedded hospital.He has over 200 research communications and publications in Nephrology, Transplantation, Snake Bite and Oleander Poisoning and responsible for clinical training of many Postgraduates including many reading for M Phil and PhD.

He is a Founder Member of SACTRC (South Asian Clinical Toxicology Research Collaboration). He
founded the OxCol ( University of Oxford Colombo link) for studies on snake bite and yellow oleander poisoning. He was President of Ceylon College of Physicians and Sri Lanka Association for Nephrology and Transplantation. He was the President of the SAARC Society of Nephrology, Urology and Transplant Surgery and the Founder President of the Hypertension Society in Sri Lanka and a founder of the Health Informatics Society in Sri Lanka. In 2007 he was elected as a Councillor in the prestigious International Society of Nephrology. He is a Fellow of the National Academy of Science of Sri Lanka since 2006.

He is the Immediate Past President of the Sri Lanka Medical Association 2009.

Prof. Rezvi Sheriff has made a large contribution to Medicine in Sri Lanka as a Medical Teacher, astute and sought after Clinician, Researcher, Postgraduate Trainer and Examiner, Administrator and has been a Pioneer and Entrepreneur in Medicine, Nephrology Dialysis and Transplantation locally and Internationally. He is an External Examiner for MRCP in UK & Chennai. He is the Ceylon College of Physician Coordinator for MRCP Examinations in Sri Lanka.

ලංකාවට අමිල සේවයක් කල තවත් වෛද්‍යවරයෙක් තමයි දොස්තර A .M .A අසීස් ඔහු ගැන වැඩි තොරතුරු.http://www.azeezfoundation.com/

දැන් අපි බලමු බුද්ධාගමේ ඉදන් පහර ගසන රාළ වැන්නවුන්ට මෙතුමා හොද ආදර්ශයක්.
වර්තමානය වන විට වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවක් තමයි උතුරු මද පළාතේ වකුගඩු රෝගීන්.මේ වකුගඩු රෝගීන්ට තවත් කල් ජිවත් වීමට හැකියාව ලැබී තිබෙන්නේ විද්‍යාජෝති රිස්වි ෂෙරිෆ් මහතා නිසයි.මේ බව නොදැන කෙලෙහි ගුණ නොදන්නා රාළ සහ ඔහුගේ ගෝල බාලයින් කෙතරම් ලජ්ජා විය යුතුද?
විද්‍යාජෝති රිස්වි ෂෙරිෆ් රැවුල වවල ඉන්නවා.ඔහුට දොස් කියනවද?
ඊළගට කියන දේ බලමු.
මේ ඇඳුම තමයි දැඩි සත්කාර ඒකකයේ හෙදියන් අඳින්නෙත්, සහ පිටරටදී නම් වෛද්‍යවරුන් / වරියන් අඳින්නෙත්. අපේ රටේ දොස්තරලා අමුතු ජාතිය හින්දා ඔවුන් නම් මේ විදියට අඳින්නේ නෑ. නමුත් අත් කොට ඇඳුම් හෝ රෝගී සත්කාරයේදී අත් නවා ගෙන හෝ වැඩ කිරීමට ඔවුන් උත්සුක වෙනවා. අත් කොට ඇඳුම මේච්චර වැදගත් ඇයි? 2008 දී බ්‍රිතාන්‍ය ජාතික රෝහල මගින් ප්‍රකාශයට පත්කල වාර්තාවකින් කියවුනේ ප්‍රතිජීවක රාශියකට ප්‍රතිරෝධී වෙන ස්ටැපිලොකොකස් නම් භයානක බැක්ටීරියාවක් රෝගියාගෙන් රෝගියාට ගමන් කරන ප්‍රධාන ක්‍රමය අත් දිගට ඇඳීම බව. ඒ නිසා ඔවුන් අත් කොට ඇඳුම නිර්දේශ කරලා තියෙනවා. නමුත් මේකට මුස්ලිම් හෙදියන් විරුද්ධ වුණා මොකද හිජාබයට අනුව ඔවුන් මැණික් කටු දක්වා වැසිය යුතු නිසා. ඒ නිසා ඒවෙනුවෙන් බොහෝ විශාල මුදලක් ගෙවලා ඉවත දැමිය හැකි අත් ආවරණ ඒ රටේ පාවිච්චි වෙනවා. තත්වය පැහැදිලියි නේද? රෝගීන්ට හෙණ ගැහිලා ගියත්, ආණ්ඩුවේ සල්ලි කොච්චර වියදම් වුණත් මුස්ලිම් අයට අවශ්‍ය ඔවුන්ගේ ක්‍රමයට වැඩ කරන්නම විතරයි. මනුෂ්‍යත්වයේ නාමයෙන්වත්, රෝහල වැනි උතුම් ස්ථානයකදී වත් එය අත හරින්න ඔවුන් කැමති නැහැ.

රාළ කියනවා වෛද්යවරියන්ට, හෙදියන්ට අත් දිගට අදින්න එපාලු.

මුලදී රැවුල වවන එක ගැන දොස් කියල,
 වෛද්‍යවරු සහ හෙදියන් පලමුව අත් සෝදා ගන්න ඕන. මේ සඳහා විශේෂ ශිල්ප ක්‍රමයක් තියෙනවා. ඔවුන් මේක හඳුන්වන්නේ scrubbing කියලයි. ඉන් පස්සේ ඇඳගෙන ඉන්න ශල්‍යාගාර ඇඳුම උඩින් තවත් ඇඳුමක් ඇඳලා අත් ආවරණ පැලඳීම කරනවා. රෝගියෙක්ගේ ශල්‍යකර්මයක් කරන්න සූදානම් වෙන්නේ මෙන්න මේ විදියට. ඒ වගේම හිස් කෙස් වැහෙන්න තොප්පියකුත්, මුහුණ වැහෙන්න මුහුණු ආවරණයකුත් පළඳින්න ඕන. විශේෂ බූට් වර්ගයක් ඇඳ ගන්නත් ඕන.
 ඊට පස්සේ කියනවා.මේ විදියට ඇග වැහෙන්න අදින්න එපාලු.
මේ ඇඳුම තමයි දැඩි සත්කාර ඒකකයේ හෙදියන් අඳින්නෙත්, සහ පිටරටදී නම් වෛද්‍යවරුන් / වරියන් අඳින්නෙත්. අපේ රටේ දොස්තරලා අමුතු ජාතිය හින්දා ඔවුන් නම් මේ විදියට අඳින්නේ නෑ. නමුත් අත් කොට ඇඳුම් හෝ රෝගී සත්කාරයේදී අත් නවා ගෙන හෝ වැඩ කිරීමට ඔවුන් උත්සුක වෙනවා. අත් කොට ඇඳුම මේච්චර වැදගත් ඇයි? 2008 දී බ්‍රිතාන්‍ය ජාතික රෝහල මගින් ප්‍රකාශයට පත්කල වාර්තාවකින් කියවුනේ ප්‍රතිජීවක රාශියකට ප්‍රතිරෝධී වෙන ස්ටැපිලොකොකස් නම් භයානක බැක්ටීරියාවක් රෝගියාගෙන් රෝගියාට ගමන් කරන ප්‍රධාන ක්‍රමය අත් දිගට ඇඳීම බව. ඒ නිසා ඔවුන් අත් කොට ඇඳුම නිර්දේශ කරලා තියෙනවා. නමුත් මේකට මුස්ලිම් හෙදියන් විරුද්ධ වුණා මොකද හිජාබයට අනුව ඔවුන් මැණික් කටු දක්වා වැසිය යුතු නිසා. ඒ නිසා ඒවෙනුවෙන් බොහෝ විශාල මුදලක් ගෙවලා ඉවත දැමිය හැකි අත් ආවරණ ඒ රටේ පාවිච්චි වෙනවා. තත්වය පැහැදිලියි නේද? රෝගීන්ට හෙණ ගැහිලා ගියත්, ආණ්ඩුවේ සල්ලි කොච්චර වියදම් වුණත් මුස්ලිම් අයට අවශ්‍ය ඔවුන්ගේ ක්‍රමයට වැඩ කරන්නම විතරයි. මනුෂ්‍යත්වයේ නාමයෙන්වත්, රෝහල වැනි උතුම් ස්ථානයකදී වත් එය අත හරින්න ඔවුන් කැමති නැහැ.
දැක්ක නේද රාලගේ බංකලොත් භාවය?
මුලින්ම මුහුණු ආවරණය කරලා ඇදුම් අදින්නලු,විෂ බිජ ශරීර ගත වෙන නිසා,එක ඇත්ත.
ඊට පස්සේ හිජාබයට පහර ගහමින් කියනවා කොට ඒවා අදින්න ඕනලු.
කාරණය පැහැදිලියි .
ශල්‍ය කර්මයක් කරන කොට ඇග  වහගෙනයි කාර්යය කරන්නේ.ඉතින් ඔන්න පස්සේ කියනවා වහගෙන ඉන්න ඕන නැහැලු. එහෙම අදින්න දෙන්න බැහැලු.
රාළ දැකල නැතිව ඇති ලංකාවේ මුස්ලිම් වෛද්‍යවරියන් වගේම සෞඛ්‍ය සේවිකාවන් හිජබය දා  ගෙන වැඩ කරනවා.එක කාටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

පැහැදිලිවම නොමග යවමින් කරපු ප්‍රකාශයක් බව පැහැදිලි වෙලා ඉවරයි.ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට මුස්ලිම් වරුන්ගේ දායකත්වය ඉතා ප්‍රසස්ථ මට්ටමින් පවතිනවා කියල පැහැදිලියි. 

වර්තමානය වන විට ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගෙන් විශාල ප්‍රතිශතයක්,  වෛද්‍ය,හෙදි,ගුරු,තොරතුරු තාක්ෂණ ආදී අංශ වල රැකියාවේ නියුක්ත වෙලා ඉන්නවා.එය සතුටට කාරණාවක්,
Read Full Post | Make a Comment ( 2 so far )

ධර්මද්වීප ඉරණම බ්ලොග් අඩවියේ හලාල් කතාවට පිළිතුරක්

Posted on March 4, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , |

එක්තරා බ්ලොග් අඩවියක හලාල් නිෂ්පාදන හා සහතිකය ගැන  හාස්‍යජනක ලිපියක් පල කර තිබෙනවා. මේවා කොටින්ම මුස්ලිම් නොවන්නන් නොමග යවමින් පල කර ඇති නිසා මේ ගැන ඇත්ත තත්වය ගැන බලමු.

එම බ්ලොග් අඩවිය මෙහෙම කියනවා.
 

ඉහත රුපය එම බ්ලොග් අඩවියෙන් උපුටා ගත්ත එකක් .බලන්න ඔහු කියනවා හලාල් කියන්නේ මොකක්ද කියල. ආක්‍රමණකාරී ව්‍යපාරළු.

 

ඒ වගේම මේ බ්ලොග් කරු හලාල් සහතික ලත් ආහාර මිලදී ගැනීමෙන් වලකින ලෙසත් ආක්‍රමණකාරී ව්‍යාපාර බවත් හුවා දක්වමින් පල කර ඇති ලිපිය ඉහත තොරතුරු වලට අනුව හාස්‍යජනක බව පැහැදිලි වෙනවා.

හලාල් කියන්නේ මොකක්ද?
මේක මුස්ලිම් නොවන බහුතරයක් නොදන්නා කතාවක්. හොදයි අපි බලමු මොනවද මේ හලාල් කියන්නේ? මොකක්ද මේ හලාල් ආහාර?
ඔයාල කියයි මස් වලට කියල, නැත්තම් සත්ව ඝාතනය කියල.
ධර්මද්වීපය බ්ලොග් එක කියන විදියට හලාල් කියන්නේ නිෂ්පාදන ආයතනයක් කියල.
මේ මුකුත් නෙමෙයි.හලාල් කියන්නේ අරාබියෙන් සරලව කිව්වොත් “අනුමත දේ “,එහෙම නැත්තම්” නිත්‍යානුකුල “, හෝ “ඉස්ලාමය විසින් අනුමත කල ක්‍රම සහ ක්‍රියාකාරකම්” වලට.”හරාම්” කියන්නේ එකේ විරුද්ද පදය එනම් “අනුමත නොවූ” කියල .
ඇයි මේ හලාල් ? මොකටද මේ හලාල් ?
හලාල් ප්‍රධාන වශයෙන් අදාල වෙන්නේ මුස්ලිම් ජාතිකයින්ට විතරයි. ඉස්ලාමිය ක්‍රමයට අනුව මුස්ලිම් ජාතිකයින් ආහාරපාන පවා හලාල් ලෙස ලබා ගත යුතු වෙනවා. උදාහරණ වශයෙන් කිව්වොත් උරු මස් ඉස්ලාමය තහනම් කරලා තියෙනවා. ඒ නිසා මුස්ලිම් වරු උරාගෙ කිසිම ද්‍රවයක් භාවිතයට ගන්නේ නැහැ. ඒ වගේම ඇල්කොහොල් නැත්තම් අරක්කු නිෂ්පාදනත් තහනම්. බුදු හාමුදුරුවොත් මේවගේ තහනම් පනවල තියෙනවනේද? පන්සිල් කියන්නේ. නමුත් පන්සිල් රකින අය ගොඩක් අඩුයි නේද?
නමුත් මුස්ලිම් වරු ඉස්ලාමයේ තහනම් දෙයක් තිබුනොත් එකෙන් අනිවාර්යයෙන් වැළකිලා ඉන්නවා.
වර්තමානයේ මේක ටිකක් සංකීර්ණ වෙලා තියෙන්නේ. මොකද භාණ්ඩ හා සේවා නිෂ්පාදන වල වර්දනයත් එක්ක ,නියම නිෂ්පාදන තෝරා බේරා ගන්න අමාරුවෙලා තියෙන්නේ. වෙලදපොලේ විකිනෙන්න තියන භාණ්ඩ නියම තත්වයේ ඒවාද කියල හදුනා ගන්නත් මුස්ලිම් වරුන්ට ඉතාමත් ප්‍රයෝජන ආකාරයේ සහතිකයක් අවශ්‍ය වෙලා තියෙනවා.
ඒ කියන්නේ අපි දකිනවා SLS සහතිකය,ISO සහතික වගේ භාණ්ඩ වල ලේබල් කරලා තියෙනවා.  ඒ නිසා මේවගේ සහතිකයක් තමයි හලාල් සහතිකය.
මේක අදාල වෙන්නේ මුස්ලම් අයට විතරයි. හරියට කිව්වොත් මුස්ලිම් පාරිභෝගිකයින් ඉලක්ක කරගෙන තමයි මේ සහතිකය දෙන්නේ. මුස්ලිම් වරු භාණ්ඩ හා සේවා නිෂ්පාදන මිලදී ගන්නේ ඉහත විස්තර කල හලාල් සහතික ලත් නිෂ්පදනයක්ද කියල සක හැර දන ගැනීමෙන් පසුවයි.
දැන් පැහැදිලියි නේද?
හලාල් සහතිකය ඉස්ලාමය අනුමත නොවූ භාණ්ඩ හා සේවා වලට ලබා දෙන්නේ නැහැ.මේ සහතිකය ලබා ගන්න ඕනෑම ආයතනයකට පුළුවන් .මුස්ලිම් ව්‍යාපාර වලට පමණක් අදාල බව වහසි බස් දොඩන මේ බ්ලොග් කරුවා නොදන්නා එක කාරණයක් තමයි මන්චි බිස්කට් වලත් සහතිකය තියෙන බව.
මේ බ්ලොග් කරුවා කියන්නේ හලාල් නිෂ්පාදන වලින් වැලකි සිටින්න කියල ආයාචනා කරනවා.
හාස්‍යට කාරණයක් තමයි .මේ ආයතන බහුතරයක් බෞද්ධයන්ට හිමි ආයතන .
උද : සිලෝන් බිස්කට් සමාගම
රුහුණු නිෂ්පාදන ආයතනය
රේණුකා නිෂ්පාදන ආයතනය
සමපෝෂ
කොත්මලේ කිරි නිෂ්පාදන
විමල් සමාගම
හෙට්ටිගොඩ සිද්දාලේප
වෙන්ඩෝල් ලංකා සමාගම
මේ වගේ ආයතන විශාල ප්‍රමාණයක් සහතික ලබල තියෙනවා. නමුත් මේ බොල්ග් කරු කියනවා මේ හලාල් නිෂ්පාදන වලින් සිංහල බෞද්ධයින් වර්ජනය කල යුතුයි කියල. දැන් මේ ඉහත බුද්ධයන්ට හිමි නිෂ්පදනත් වර්ජනය කරනවද ??????
මීට වඩා නිෂ්පාදන වල තොරතුරු අවශ්‍යයි නම් මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.
ව්‍යාජ හලාල් සහතික ලේබල් කල නිෂ්පාදන රට පුර බෙදාහරිමින් පවතින බව  හලාල් සහතිකය නිකුත් කරන ජමය්යතුල් උලම සභාව නිවේදනය කරනවා.
ඕනෑම කෙනෙක්ට තමන්ගේ නිෂ්පාදන වලට ව්‍යාජ ලෙස සැකසු හලාල් හෝ SLS සහතික ලේබල් කරමින් විකුනන්න පුළුවන් නිසා. මීට වඩා අවදානයක් යොමු කරන්න වෙලා. මේකට එක ක්‍රියාමාර්ගයක් තමයි තමන්ට සැකයක් තියෙනවනම් දුරකථන මගින් SMS පණිවුඩයක් ලබා ගෙන අදාල නිෂ්පාදනය සහතික ලත් එකක් බව දන ගන්න ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. මේක මුස්ලිම්වරුන් වන අපට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. 

ඕනෑම දුරකතනයකින් 7777 ට sMS එකක් යවන්න.

Halaal<හිස්තැනක් >නිෂ්පාදන වර්ගය , උද: Halaal ice cream
එවිට හලාල් සහතික ලත් ආයතන වල හෝ නිෂ්පාදන නාමය ලබා ගන්න පුළුවන්.
උද : Halaal elephant house ice cream
halaal logo
නියම හලාල් ලාංජනය
වර්තමානය වෙනකොට මුස්ලිම් නොවන අය අතරෙත් මේ හලාල් නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ නිසාම නිෂ්පාදන ආයතන බොහොමයක් තමන්ගේ නිෂ්පාදන වලට හලාල් සහතිකය ලබා ගන්නවා. විශේෂයෙන් ඇමෙරිකාවෙත්, යුරෝපයේත් සීග්‍රයෙන් ප්‍රචලිත වෙන නිෂ්පාදන සහතිකයක් .වර්තමානයේ ලංකාවෙත් කුඩා නිෂ්පාදන ආයතන වගේම මහා පරිමාණ අන්තර්ජාතික ආයතන පවා මෙම හලාල් සහතිකය ලබා ගෙන තියෙනවා.
වැඩි විස්තර :http://halaal.acju.net/
මේ බ්ලොග් කරුවා නිරුවත හෙළිකරන්න ගිහින් තමන්ගේ නිරුවත පෙන්නපු එක් අවස්ථාවක්  මේක.
ඊළගට අපි බලමු ඔහු පල කරලා තියෙන අනිත් ලිපි ටිකත්, ඒ වගේම කුර ගල, ගැනත් පිළිතුරු ඉදිරියේ පල කරනවා. එහෙනම් සුබ දවසක්.

Read Full Post | Make a Comment ( 10 so far )

« Previous Entries

Liked it here?
Why not try sites on the blogroll...