කොටින්ගේ මුස්ලිම් සංහාරය

Posted on August 8, 2011. Filed under: කාලින | Tags: , , , , , , |

1990 වසර මෙරට වාසය කරන ජාතීන් අතර තුන්වැනි ස්ථානය දරන මුස්ලිම් ජනතාවට අමතක නොවන්නා වූ වසරක් වේ. දෙමළ බස කතා කරන්නා වූ ජාතීන්ගෙන් එකක් වූ මුස්ලිම් ජාතිය ඔවුන් විසූ උතුරු නැගෙනහිර පළාත්වලින් සහමුලින්ම විනාශ කර දැමීමට ත්‍රස්තවාදී කොටි සංවිධානයට අයත් හිත්පිත් නැති දඩබ්බර මිනීමරුවන් කිසිදු චකිතයකින් තොරව පෙරට පැමි‚ වසර මෙය විය. කොටි නායක ප්‍රභාකරන්ගේ අණදීමක් යටතේ තම සංවිධානයට හතුරු වූවා යැයි සැලකෙන මුස්ලිම්වරුන් උතුරු නැගෙනහිරින් පන්නා දැමීමේ දුෂ්ඨ චේතනාවෙන් එසේ කි්‍රයාත්මක වූ කොටි ත්‍රස්තවාදී කණ්ඩායම් ඉන් බලාපොරොත්තු වූයේ තම ජාතියට අයත් ජනයා පමණක් එම දෙපළාතේ ඉතිරි කරගෙන තමන්ට දෙවැනි වූ මුස්ලිම්වරුන් ඒ පළාත්වලින් වඳකර දැමීමටය. ඒ අනුව 1990 අගෝස්තු මස 3 වැනිදා කොටි ත්‍රස්තයෝ තම මුල් මුස්ලිම් ඝාතනය ඉතා තිරිසන් ලෙස සිදුකළහ.

නැගෙනහිරට අයත් කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලි දෙකක් මුල් කරගෙන එම වසරේ මේ මිනිස් සංහාරය කොටි ත්‍රස්තයෝ පටන් ගත්හ. එහි පිහිටි හුසේනියා මුස්ලිම් පල්ලියේත් මීරා ජුම්මා පල්ලියේත් තම ආගමික කටයුතුවල නියැලෙමින් සිටි මුස්ලිම් බැතිමතුන් වෙත ආයුධ සන්නද්ධව කඩාවැදුණු කොටි කාඩරයෝ කණ්ඩායම් දෙකක් ලෙස සැදී ඒ අතිබිහිසුණු කි්‍රයාව සිදුකළහ. ඔවුන් විසින් කරන ලද එම සමූහ ඝාතනයෙන් අහිංසක මුස්ලිම්වරුන් 140කගේ ජීවිත මරුට බිලි වූ අතර 70ක පමණ පිිරිසක් බරපතළ ලෙස තුවාල ලැබූහ. ගිනිඅවි, කඩු, කැති වැනි ආයුධ අතින් දරාගෙන එම මුස්ලිම් දේවස්ථාන තුළට කඩාවැදුණු කොටි ඒ අවස්ථාවේ තම දෙවියන් යදිමින් යාඤාවේ නියැලෙමින් සන්සුන් අයුරු සිටි ඉස්ලාම් බැතිමතුන් වෙත පැමිණ ඔවුන්ට වෙඩි තබමින් තියුණු අවිවලින් කපා කොටා දමමින් මහත් විනාශයක් කරද්දී අසරණ අහිංසක මුස්ලිම්වරුන් වෙතින් නැගුණු අඳෝනා හ~, වේදනාවෙන් නගන කෙඳිරිලි හ~ නිසා ඒ අවට ප්‍රදේශය පුරා බියකරු තත්ත්වයක් ගෙනහැර පෑවේය.

එම මුස්ලිම් බැතිමතුන්ගේ ශරීරවලින් උණු උණුවේ ගලා ගිය රුධිර ගංගාවෙන් මුළු දේවස්ථානයේ හා අවට ප්‍රදේශයේ පොළොව තෙත්ව ගියේය. එදා කාත්තන්කුඩියේ මුස්ලිම් ජනතාව මුළු දවස මහත් භීතියකින් යුතුව තැතිගත් අයුරු කම්පිතව සිටියහ.


ඉන් සතියක් ගත වෙද්දී එනම් 1990 අගෝස්තු මස 12 වැනිදා නැගෙනහිර පළාතට අයත් —එරාවුර්˜හි පිච්චිනගර් නමැති මුස්ලිම් ගම්මානට යළි කඩාවැදුණු කොටි ත්‍රස්තවාදීහු එහි තම දෙවැනි මුස්ලිම් සංහාරය පටන් ගත්හ. ඒ අනුව එම ගමේ පදිංචිව සිටි මුස්ලිම් මිනිස් ජීවිත 118 (එකසිය දහඅටක්) වෙඩි තැබීමෙන් හා කපා කොටා දැමීමෙන් මරුට බිලි දුන්හ. ඒ අතර එම ප්‍රහාරයෙන් විසිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ. එරාවුර් පිහිටා තිඛෙන්නේ මඩකළපුවේ සිට සැතපුම් 9ක් පමණ වූ දුරකිනි. මඩකළපු ¡ පොළොන්නරු මාර්ගයේ පිහිටා ඇති මෙම ග්‍රාමය තුළට එසේ කඩාවැදුණු කොටි ත්‍රස්තවාදීන් තම අත දරා සිටි ටී 56 ගිනි අවි, කඩු, පිහි වැනි තිියුණු අවි උපයෝගී කර ගනිමින් එම මුස්ලිම් වැසියන් ඝාතනය කළේ ඔවුන් කෙරෙහි පුදුමාකාර වූ වෛරයක් සිත්හි දරාගෙනය. මේ නිසා මුස්ලිම් ජාතික පිරිමි හතළිස්පහක්ද, ගැහැණු විසිඅට දෙනෙක්ද, ළමයින් තිස්එක් දෙනෙක්ද තම ජීවිතවලින් කොටින්ගේ වියරු පළිගැනීම්වලට වන්දි ගෙවූහ. මේ එතැනදී අමු අමුවේ මරා දමා තිබූ මුස්ලිම් ජීවිත සංඛ්‍යාවයි. ඒ අතර කොටි ත්‍රස්තයෝ එම ගමේ නිවෙස්වලට කඩාවදිමින් ඒවායේ තිබූ රන් භාණ්ඩ ඇතුළු වටිනා කියන දෑ පවා කොල්ලකා ගත්හ. සමහර මුස්ලිම් වැසියන් මරා දමා තිබුණේ ඔවුන්ගේ හිස් කඩුවෙන් කපා සිරුරෙන්ද වෙන්ව යන අයුරිනි. මේ තරම් දරුණු ලෙස මිනිස් ජීවිත නිකරුණේ විනාශ කළ කොටි ත්‍රස්තයන් එසේ සිදුකළේ ඉතිරි මුස්ලිම් වැසියන් සැවොම තම ජීවිත රැක ගැනීමේ අරමුණෙන් උතුරු නැගෙනහිර පළාත් අත්හැර වෙනත් පළාත්වලට පලායාවිය යන බලාපොරොත්තු සිත දරාගෙනය. ඒ අදහස ප්‍රමාද වන විට ඔවුහු මුස්ලිම් ජනතාවට උතුරු නැගෙනහිර පළාත්වලින් පිට වන ලෙස දන්වා ඒ සඳහා පැය ගණනින් සීමා කළ කාලයක් දැනුම්දුන්හ.

එරාවුර් සිද්ධියෙන් පසු යළිත් කි්‍රයාත්මක වූ කොටි එම සිද්ධියෙන් දින තුනකට පසු නැගෙනහිර අරන්තලාවට අයත් මුස්ලිම් ගම්මානයකට කඩාවැදුණහ. එහිදී කළ ප්‍රහාරය තුළින් මුස්ලිම් වැසියන් නවදෙනකුගේ ජීවිත තොර විය. එයට කලින් එනම් අගෝස්තු මස පස්වැනි දින මුල්ලියන්කාඩු නමැති ගම්මානයේ කුඹුරක ගොවිතැන් කටයුතුවල නියැලෙමින් සිටි මුස්ලිම්වරුන් දහහත් දෙනෙක් (17) කොටින් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදහ. එයට පසුදින එනම් 6 වැනිදා අම්පාරේ පිිහිටි වෙල්යායක නියර මත සිටි මුස්ලිම් ගොවියන් 33 දෙනෙක් කොටින්ගේ ගිනිඅවිවලට ගොදුරුව මියැදුනහ. එයටත් කලින් ජූලි මස 30 වැනිදා අක්කරෙයිපත්තු නගරයේදී මුස්ලිම්වරුන් 14 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට තරම් කොටි ත්‍රස්තයෝ සාහසික වූහ.

1990 වසර තුළ පමණක් කොටි ත්‍රස්තයන් විසින් ඝාතනයට ලක් කරන ලද මුස්ලිම් වැසියන්ගේ සංඛ්‍යාව පන්සියයකටත් අධික බව සඳහන් කළ යුතුය. දෙමළ ජනතාවගේ නිදහස සඳහා සටන් වදිනවා යැයි කියමින් මෙසේ මිනිස් සංහාර සිදුකරන කොටි ත්‍රස්තයන් තම සහෝදර ජනතාව ලෙස මුල සිට පිළිගත් මුස්ලිම්වරුන්ද ඝාතනය කරමින් නැගෙනහිර පළාත තුළ පමණක් මෙවන් කුරිරු වූ කි්‍රයාවල නිරත වූයේ ඇත්ත වශයෙන්ම එයින්වත් මුස්ලිම්වරුන් උතුරු නැගෙනහිර අත්හැර වෙනත් පළාත් කරා පැන යනු ඇතැයි සිතූ බැවිනි. 1990 වසරේදී උතුරු පළාතට අයත් යාපනය, මුලතිව්, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය යන දිස්ති්‍රක්ක පහේ පදිංචිව සිටි ලක්ෂයකටත් අධික වූ මුස්ලිම් ජනයා කොටි සංවිධානයේ ත්‍රස්තවාදීන් දුන් නියෝග අනුව එම ප්‍රදේශවලින් සහමුලින්ම පන්නා දමන්නට යෙදු‚. එම වසරේ ඔක්තෝබර් මස 22 වැනිදා සිදුවූ මෙම පළවා හැරීමේ කි්‍රයාවලියේදී එම මුස්ලිම්වරුන් තමන්ට අයත් සියලූම දේ අත්හැර සමහරුන් ඇඳි වත පමණකින් යුතුව දිවි ගලවා ගන්නට පිටව ගොස් ඇත. මෙසේ ඔවුන්ට අයත් සියලූම බඩුබාහිරාදිය තමන් සතු කරගත් කොටි ත්‍රස්තයෝ එම අසරණ ජනතාව තම ප්‍රදේශවලින් පන්නා දැමූහ.

යාපනයේ විසූ මුස්ලිම් ජනතාවට එසේ පිටවී යාම සඳහා කොටින් විසින් කාලයක් වශයෙන් දෙන ලද්දේ පැය දෙකක් පමණි . ඒ පැය දෙක තුළ ඔවුන් යාපනය අත්හැර යා යුතු විය. එසේම අනෙක් දිස්ති්‍රක්ක හතරේ පදිංචිව සිටි මුස්ලිම් පවුල්වලට ඒවායෙන් පිටවීම සඳහා දෙන ලද්දේ පැය 48ක කාලයකි. එසේ දිස්ති්‍රක්කවල විසූ මුස්ලිම්වරුන් සියල්ලන්ටම යා යුතු වූ කාලසීමාව තුළ තමන් පදිංචි ස්ථාන අතහැර පිට වන ලෙස කාලසීමාවන් පැනවූ කොටි සංවිධානය එයට අනතුරු ඇඟවීමක් ලෙස කළේ එහි විසූ මුස්ලිම් ව්‍යාපාරිකයන් තිස්පස්දෙනෙකු පැහැරගෙන යාමය. එසේ පැහැර ගන්නා ලද ව්‍යාපාරිකයන්ගෙන් දහඅටදෙනෙකු මාස කිහිපයකට පසු නිදහස් කර එවන ලද්දේ ඔවුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණන් මුදල් කප්පම් ලෙස ලබාගත් පසුවය. අනෙක් ව්‍යාපාරිකයන් දහහත් දෙනාට සිදුවූ දෙයක් මෙතෙක් දැන ගන්නට නොමැත.

එදා උතුරු පළාතේ පදිංචිව සිටි මුස්ලිම් ජනතාව එසේ පලවා හරින තෙක් ඔවුන් එහි ජනගහනයෙන් සියයට පහකට වැඩි විය. එහෙත් 1990 ඔක්තෝබර් මාසය නිමා වන විට ඔවුන්ගේ එම සංඛ්‍යාවද සම්පූර්ණයෙන්ම උතුරු පළාතෙන් නිමාවට පත්ව තිබු‚. මෙසේ පලවාහරින ලද මුස්ලිම් වැසියන්ගෙන් විශාල පිරිසක් දෙමළ බස හැර වෙනත් භාෂාවක් කතා කරන්නටවත් දැන සිටියේ නැත. ආගම අතිනුත් එයට අදාළ වෙනත් සංස්කෘතීන් අතිනුත් පමණක් දෙමළ ජනතාව අතරින් වෙනස්කමක් දැක්වූ ඔවුන් එසේ පළවා හැරීමේ අසාධාරණ කි්‍රයාව සිදුකළ කොටි සංවිධානය ඉන් අදහස් කළේ දෙමළ ජනතාවට පමණක් එම ප්‍රදේශ අයත් බව පෙන්නුම් කිරීමටය. මෙසේ ඉතා කුරිරු හා සාහසික අන්දමින් මුස්ලිම් වැසියන්ගෙන් පන්සියයකට අධික පිරිසක් 1990 වසර තුළ මරා දැමීමෙනුත් උතුරු නැගෙනහිර විසූ ඔවුන් බහුතරයක් පළවා හැරීමෙනුත් මේ වන විට වසර දහඅටක් සම්පූර්ණ වී ඇත. උතුරෙන් පළවාහරින ලද මුස්ලිම්වරු මේ වන විටත් අනාථ කඳවුරු දහහතක ජීවත් වෙමින් නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටිති. මන්නාරමින් පන්නා දමන ලදුව පුත්තලමේ පිහිටි අනාථ කඳවුරක ජීවත් වන මුස්ලිම්වරුන් තවත් පිිරිසකි. උතුරෙන් පළවාහරින ලද මුස්ලිම්වරුන් තම ජීවිත කාලයක් තිස්සේ දුක්මහන්සි වෙමින් ගොඩනගාගත් සරුසාර කුඹුරු, වතුපිටි, ගව පට්ටි හා එළු පට්ටි, කුකුළන් ආදිය එදා ගිනි අවි පෙන්නා, කටින් තර්ජනය කොට පැහැරගත් කොටි බලවත්හු ඉන්පසු ඒවායේ ප්‍රතිඵල භුක්තිවිඳිමින් හිමිකරුවන් බවට පත්වූහ. එසේ උතුරු නැගෙනහිරින් පිටව ආ මුස්ලිම් ජනතාව සියයට අසූවකට වැඩි පිරිසක් තවමත් තමන්ට හිමිව තිබූ තම උපන් භූමියට පය ගැසීමට නොහැකිව පිට පළාත්වල සීසීකඩව වාසය කරමින් සිටිති. එම ප්‍රදේශවලින් ජීවිත රැක ගැනීමේ අරමුණෙන්ම තමන් සතු සියල්ල අත්හැර පිට වූ මුස්ලිම් ජනතාවගෙන් සියයට පනහක් පමණ තවමත් තම මව්බිමට ගොස් නැත. මේ අයුරු 1990 සිට අනාථයන් බවට පත්වූ උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාව කොටි ත්‍රස්තවාදයේ බලපෑමට ලක් වෙන්නට පෙර ගොවිතැන්, වෙළඳාම් ආදී නොයෙකුත් ජීවනෝපායන්හි නිරත වෙමින් යහපත් ජීවන රටාවකට හිමිකම් කීවන් බව රහසක් නොවේ. එහෙත් වසර දහඅටක් ගෙවී ගොස් ඇතත් මෙම ජන කොට්ඨාසය එසේ කොටි ත්‍රස්තයන් නිසා අනාථ බවට පත්වූ පසු තවමත් කිසි දියුණුවක් නොලබා අනාථ කඳවුරුවලට සීමා වී දුෂ්කරතා මැද දිවි ගෙවති.

Read Full Post | Make a Comment ( None so far )

හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් ද ?

Posted on July 30, 2011. Filed under: කාලින | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

මිනිහෙක් වුනාම ජිවිතේ අරමුණු තියෙනවා.තමන් කැමති අකමැති දේවල් තියෙනවා.කරන්න ඕන ,එපා දේවල් තියෙනවා.මේ හැමදෙයක්ම එකතු වෙලා තමයි මිනිසා කියන අධ්‍යත්මකය බිහි වෙන්නේ.ඔහු තුල හොද සේම නරකත් තියෙනවා.සමහරු කපටියි,සමහරු පෙරේතයි,සමහරු වනචරයි,සමහරු දක්ෂයි,සමහරු හරිම හොදයි,සමහරු නරකයි,හැම හොද කෙනෙක් ලගම නරක චුට්ටක් හරි තියෙනවා.ඒ නිසා මේ ලෝකේ 100% හොද මිනිස්සු බිහි වෙලා නැහැ.නමුත් මේ සමාජය ය දගලන්නේ සර්ව සම්පුර්න හොද අය වගේ සමාජය ඉදිරියට පෙනී ඉන්න.එක කරන්න බැරි දෙයක්.

මේ ලදී හරි අපුරු කතාවක් යනවා.රුපවාහිනියේ ජාතික නාලිකාවක, හරක් මරන්න එපාලු.. කිරි දුන් මවක්සේ,දිරි දුන් පියෙකු සේ,ජාතියට උරදුන් හරකා රැක ගනිමුලු. ඝව මස් කෑමෙන් වැළකිලා,ඝව ඝාතනයට විරුද්ධ වෙන්නලු.අපි හරකා මරනකොට හරකව මසට මරනවා කියල අපි දන්නවද කියලත් අහනවා.එක හොද ක්‍රියාවක්.

නමුත් හරක් මස් කරනකොට හරකා මරණ බව හරි.එතකොට මෝර මාළු කනකොට මෝරව මරන්න එපැයි.කුකුල් මස් කන්න කුකුලව මරන්න එපැයි.වැඩිය ඕන නැහැ හාල්මැස්සෙක් හරි මරන්න එපැයි බැදුමක් කන්න. දැන් එතකොට කුකුළා මරනවට වඩා පව්ද හරකා මැරුවම හරකා විතරක් නොමරා අනික් උන්ව මැරුවම පින් සිද්ධ වෙනවද?
එක ජිවිතයක් මැරුවම අපි නිකමට හිතමු පව් මනින ඒකකයෙන් මන්නම 1 යි කියල.දෙන්නෙක් මැරුවම 2 යි කියල.එතකොට මිනිසුන්ට කන්න කියල එක හරකෙක් මැරුවොත් ඒ හරක් මස් ටික කනවා අඩුම තරමින් පවුල් 100 වත්,එක හරකයි මරන්නේ,එත් පවුල් 100 කට කුකුල් මස් දෙන්න කුකුල්ලු මරන්න ඕන 100 ක්.එතකොට අර ඒකකයෙන් මැන්නම පව් 100 යි.එහෙම බැලුවම හරක් මස් කන එකට වඩා කුකුල් මස් කන එක පව්.හාල් මැස්සෝ කන එක ඊට වඩා පව්.
එතකොට මේ මාධ්‍ය හරකට විතරක් මේ තරම් love ඇයි ? මට හරි ප්‍රශ්නේ ඕක.මගේ කිරි දුන්න අම්මා නම්,අපේ අම්මා.ඔය කියන මාධ්‍ය ආයතනවල අයට කිරි දුන්නේ හරකා කියල එයාලම කියන නිසා අපි පිලිගනිමුකෝ.එක වෙනම කතාවක්.

නමුත් ගැටලුව තියෙන්නේ බොරු සත්ව කරුණාවක් පෙන්වන්නේ ඇයි කියල.බුද්ධිමත්ව හිතන ඕනෑම කෙනෙක් දන්නවා,කොයි සතා මරණ එකත් පව්.
ඔබ කඩේට ගිහින් මාළු ග්‍රෑම් 500 ක් ඉල්ලද්දී ඒ පණ පිටින් උන්න මාළුවෙක්ය කියල නොදැනද කන්නේ ? අපි බබාලාද ?

ඉතින් හිගක් අය ඔහොමයි. අපි බබාලා කියල හිතාගෙන එයාල ලග නැති ඒවා තියෙනවා කියල අපිට කියනවා.උන් කියනවා අපි අහනවා.
මේකයි.මිනී මර මරා හෙන සත්ව කරුණාව තියෙන මිනිසෙක් වෙන්න බෑ.කුපාඩිකම් කර කර ශ්‍රද්ධවන්තයෙක් වෙන්න බෑ.ඔබ කැමති නම් කැමති දේ කරන්න, බොරු ටෝක් එපා.එක හරි කැතයි.සමහර විට ඔබ පම්පෝරි ගහන සමාජය ඔබ ගැන දන්නේ නෑ.ඒ වුනාට ඔබම දන්නවනේ ඔබ කව්ද කියල.

මුලාශ්‍රය : තරුණයා පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙනි.

Read Full Post | Make a Comment ( 7 so far )

ඇමෙරිකානු ව්‍යාජ කුරානය-මුස්ලිම්වරුන්ට එරෙහි යුදෙව් ක්‍රිස්තියානි අලුත්ම කුමන්ත්‍රණය

Posted on July 22, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , |

මුස්ලිම්වරුන්ට එරෙහිව පැහැර ගැසීම හා කරුණු විකෘති කිරීම අන්තර්ජාලයේ නිමාවක් නොමැත.ව්‍යාජ වෙබ් අඩවි පමණක් නොව එයින් නොනැවතී ව්‍යාජ කුරනයක් මුද්‍රණය කර බෙදා හරිමින් පවතී. මෙම ව්‍යාජ කුරානය කුවේට් රටේ බෙදා හරිමින් පවතී.එම ව්‍යාජ කුරානයේ නම “the True Furqan ” වේ.එහි විස්තර කරන්නේ ශයිතාන්ගේ ආයත් (වාක්‍ය) ලෙස වන අතර,මෙම කුරානය මුද්‍රණය සදහා ඇමෙරිකානු සමාගම් දෙකක් වන mega 2011 හා wine press නමැති ආයතන හවුල් වී ඇත.

“the 21 Century Quran” යනුවෙන් තවත් පොතක් ඇත.එය පිටු 366 කින් සමත්විතය.අරාබි හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම එය කුවේට් හි ඉංග්‍රීසි පාසල් වල දරුවන්ට බෙදා හරිමින් ඇත.මෙම පොතෙහි සුරත් පරිච්ජේද 77 ක් වන අතර ඒවාට අල්-ෆාතිහ,අල්-ජන්නා ,අල්-ඉන්ජිල්, යන නම් අයත් වේ.එහි බිස්මිල්ල හිර්රහ්මනි රහීම් (කරුණ දයාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ) වෙනුවට සම සුරත් එකකම ආරම්භ වන්නේ ක්‍රිස්තියානි විස්වාශයන් සම්බන්ධීකරණය කර ගත් දීඝ වූ වැකි වලිනි.

in the name of the Father,The Vord,The Holy sprit ,The one and only True God යනුවෙනි.

ඉතින් මෙම ඊනියා කුරානයේ බිහිමයක් අදහස් ඉස්ලාමිය විස්වාශයන්ට පටහැනි වේ.එහි එන ආයාත් වල , එක භාර්යවකට වඩා තබා ගැනීම විස්තර කෙරේ.දික්කසාදයට අවසර නැත.එහි දැනට කැමැත්ත බෙදා ගැනීම පිළිබද පවත්නා ක්‍රමයට විරුද්ධව යන අලුත් ක්‍රමයක් හදුන්වා දෙයි. එහි jihad හරාම් (අනුමත නොවුවක් )බව ප්‍රකාශ කරයි. මෙම පොතෙහි අල්ලාහ් ට පහර ගැසීම දක්වන කරුණුද දක්වා ඇත.

මෙම ව්‍යාජ පොතෙහි මෙම පොත පිලිබදව විශේෂ හැදින්වීමක් කර තිබේ. එය පහත දැක්වේ.


විශේෂ හැදින්වීම.
අරාබි ජාතිකයින්ට විශේෂිත සහ සියලුම මුස්ලිම් ප්‍රජාවට සාමුහිකව සාමය,අනුකම්පාව, සහ මහා බල අල්ලාහ් දෙවියන් වහන්සේගේ ආශීර්වාදය වේවා..
සම මනුෂ්‍ය අතම වර්ගය තුල වන්න වූ හදුන්වා ගත් භක්තිය ඇතුලත වූ සාමය, ආත්මය පිළිබද බිදහස හා සදාකාලික ආශාවන් වේ.
අප ජීවමාන දෙවියන් කෙරෙහි විස්වාශය තබන්නේ මෙම නව ලියවිල්ල “the True Furqan” කෙරෙහි එම ආශාවන් පැහැදිලි කර ගත හැකි බැවිනි.මනුෂ්‍ය වර්ගය මැව්වා වූ ලෝකයේ සෑම කෙනෙකුටම කෙනෙකුගේ කුලය,වර්ණය,ජාතිය,භාෂාව හෝ ආගම ගැන වෙනස්කම් නොපා තම ආශීර්වාදය දෙනවා ඇත.මහා බල සම්පන්න දෙවියන් මෙම පණිවිඩයේ සෑම ජිවිතයකටම ආරක්ෂාව ලබා දෙනු ඇත.

වාර්තා කිරීම,පරිවර්තනය කිරීම හා ප්‍රකාශනය කිරීම සදහා වූ විදායක කමිටුව
අල්ෂාෆි හා මහදි.

ශුද්ධ කුරානයේ ඉගැන්වීම් වලින් මිනිසුන් නොමග යවන්නත්, එය කියවා පැහැදී ඉස්ලාමය වැලද ගන්නා බටහිර යුදෙව්/ක්‍රිස්තියානින් එයින් නවතා ලීමට කල කුට උපක්‍රමයක ප්‍රතිපලයකි මෙම ඇමෙරිකානු යුදෙව්/ක්‍රිස්තියානි ව්‍යාජ කුරානයේ බිහි වීම.
මේ ගැන අවධානයෙන් කටයුතු කොට මුළු ලෝක ප්‍රජාව ආරක්ෂා කිරීම මුස්ලිම් ජනතාවගේ මහත් වගකීමකි.
මෙය ශ්‍රිලංකාවේ ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලබන මුස්ලිම් දරුවන්ට ඉස්ලාම් ආගම හා භාෂාව උගන්වන මුවාවෙන් ඉගැන්වීමට බොහෝ දුරට ඉඩ ඇත.මෙම යුදෙව්/ක්‍රිස්තියානි ඇමෙරිකානු කුමන්ත්‍රණයට එරෙහිව ශ්‍රී ලංකික සියලුම මුස්ලිම්වරුන් දැනුවත් කරන්න.ඔබ දන්නා සෑම දෙනාටම කරුණාකර මේ ගැන කියන්න.ඒ මගින් අපට මෙම අනතුරුදායක ක්‍රියාව නතර කල හැකි වනු ඇත.

Read Full Post | Make a Comment ( None so far )

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත මුස්ලිම් වරුන්ගේ මව්බිමලු

Posted on July 22, 2011. Filed under: කාලින, හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත මුස්ලිම් වරුන්ගේ මව්බිම නොවන බවත්, ඔවුන්ගේ මව්රට සෞදි අරාබිය බවත් ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එල්ලාවල මේදානන්ද හිමියෝ පවසා ඇත.

දහස් සංඛ්‍යාත බෞද්ධ සිහිවටන විනාශ කරමින් බලහත්කාරයෙන් ඔවුන් නැගෙනහිර පළාතේ ඉඩම් ද අත්පත් කරගෙන ඇති බව උන්වහන්සේ පවසා ඇත.දශක තුනට වැඩ ඇවිලෙන ජාතිවාදී ගින්නට විටින් විට පිදුරු මිටි පිටින් පතිත කරන අතලොස්සක් වූ සිංහල ජාතිවාදී නායකයින් නිසා අද සිංහල දෙමල ජාතින් අතර නිරන්තර බෙදීමක් ඇති වෙමින් පවතී. ප්‍රභාකරන් විසින් උතුරේ මුස්ලිම් වරුන් පලවා හරින විට ඔවුන් පකිස්ථානයට හෝ සව්දි අරාබියට නොව ආරක්ෂාව සදහා පැමිණියේ තවමත් ජිවත් වන නැගෙනහිර ප්‍රදේශ වලටය.මේ රටේ භෞමික අඛණ්ඩතාවයට ඇලුම් කල නිසාම තමන් අවුරුදු සිය ගණන් ජිවත් වූ භුමි වලින් පලවා හරිනු ලැබිය.ප්‍රභාකරන්ගේ ඊලාම් වාදය පිළිගත්තේ නම්, උතුරේ මුස්ලිම් වරුන්ට යහතින් වැජබෙන්නට තිබිණි.

සිංහල,දෙමල,මුස්ලිම්, ක්‍රිස්තියානි ජාතින් හතරම මේ රටේ සංක්‍රමණිකයින් බව පුරා විද්‍යා චක්‍රවර්ති වහන්සේ හොදින් දනී.විජයගමනේ ශ්‍රීලංකාවට සම්ප්‍රාප්ත වූ ජන කොටස් වලින් පවතින්නන් සිංහලයන් බව ඉතිහාසය කියයි.ඔවුන් අදහන බුදු දහමද ඉන්දියාවේ උපන් බුදුන් වහන්සේගෙන් ලැබුණු දායාදයකි. එය මෙරටට ගෙනවේද ඉන්දියානුවෙක් වූ මහින්ද හිමියන් විසිනි.මෙරට පිළිපදින හින්දු අගමේද උපන් රට ඉන්දියාවයි. කතෝලික ක්‍රිස්තියානි ආගම යුරෝපයෙන් පැමිණි එකකි. මේදානන්ද හාමුදුරුවන් වහන්සේද, සහභාගී වූ මහා සිංහලයේ වංශ කතාවෙද අවධාරණය කලේ ශ්‍රී ලංකාවේ ස්වදේශිකයින් ඉස්ලාමය වලද ගැනීම වින අරාබිකරයෙන් සංක්‍රමණය වී පදිංචි වුවන්ගේ සංඛ්‍යාව ඉතා අල්ප බවය.

කරුණු කාරණා  කෙසේ වෙතත් අවුරුදු දාහකට අධික කාලයක් මෙරට සිංහල ජනතාව සමග ඉතා සමගියෙන් හා ජාතියලයෙන් ජිවත් වන මුස්ලිම් ජනතාව සෞදි අරාබියට යා යුතුයි” යැයි ප්‍රකාශ කිරීමේ අයිතිය කුමක්ද?

මුස්ලිම් වරුන් රටේ කොටසක් ඉල්ලුවද ?
මෙසේ මුස්ලිම් වරුන්ට ඇගිල්ල දික් කරන ඔවුන්ගේ දේශ ප්‍රේමෙත්වයේ සැකයක් තිබේ,
මෙරටේ සේවයේ දී සිටියදී රාජකාරියේ දී සිටියදී මියගිය පළමු පොලිස් නිලධාරියා මුස්ලිම්වරයෙකි.වර්තමාන යුද්ධයේ සියයකට අධික මැලේ මුස්ලිම් තරුණයින් රට වෙනුවෙන් දිවි පුදා ඇති බව කටුගස්තොට රණවිරු ස්මාරකය සාක්ෂි දරයි.

එසේනම් ස්වාමින් වහන්ස, සිංහල බෞද්ධයන්ට ඉන්දියාවටත්,දෙමල හින්දුවරුන්ට දකුණු ඉන්දියාවටත්,ක්‍රිස්තියානි කතෝලිකයින්ට රෝමයටත් (ඉතාලිය )යන්නට නොකියා මුස්ලිම් වරුන්ට පමණක් අරාබියට යන්න කියන්නේ මක් නිසාද?

අලි මදිවට කොටි කිවා මෙන් දෙමල ජනතාවගේ ප්‍රශ්න මදිවට මුස්ලිම් ජනතාවත් කරලියට අද දැමීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි සිතාගැනීම දුෂ්කර නොවනු ඇත.

Read Full Post | Make a Comment ( 6 so far )

මුස්ලිම්වරු හා ගව මස් – “ගව මස් නොකනු” ව්‍යාපාර

Posted on July 22, 2011. Filed under: කාලින, හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

“ගව මස් නොකනු” ව්‍යාපාර සංඝයා වහන්සේලාත් බොද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටේ පවත්වාගෙන යන්නේ මෙරටේ ඇති එකම පවත්,එකම ප්‍රශ්නයත් එය යන හැගීම ඇතිවදෝ සිතේ.එතරම් ප්‍රමුඛ ස්ථානයක් එයට දී ඇත.එසේම එම ව්‍යාපාරය එම අය කරගෙන යාම පිලිබදව අපගේ විරුද්ධත්වයක් නොමැත.එහෙත් එතුලින් මෙරට වෙසෙන මුස්ලිම් සමාජයට රූපවාහිනියෙන්, පුවත්පත් වලින්, අත් පත්‍රිකවලින් හා අන්තර්ජාලය තුලින් බැන වැදීම පිළිගත නොහැකිය.

ශ්‍රිලංකාවේ මස් මාංශ වෙළදාම කරන්නේ මුස්ලිම් වරුන් පමණක් නොවේ.මුස්ලිම් නොවන බෞද්ධ ,හින්දු හා ක්‍රිස්තියානි අයත් එම වෙළදාම කරති.මෙම වෙළදාමට අනුමැතිය දී ඇත්තේ රජයයි.ඊට කඩවල් ටෙන්ඩර් මාර්ගයෙන් වෙළදුන්ට පවරා දෙන්නේද රජයට අනුබද්ධ ආයතන වේ.කරුණු කාරණා එසේ තිබියදී මුස්ලිම් වරුන්ට බැන වැදීමෙහි තේරුමක් නැත.එපමණක් නොව, මුස්ලිම්වරුන් මස් කඩ දාපු පලියට බෞද්ධ ජනතාවට බලෙන් මස් කවන්න ගියේ නැත.මුස්ලිම් වරුන්ගේ මස් කඩ නැති නිසාම බෞද්ධ ජනතාව මස් නොකා සිටින බව තර්ක කල නොහැකිය.හේතුව මුස්ලිම් නොවන විශාල පිරිසක් මස් කඩ පවත්වාගෙන යාමයි.

එබැවින් මුස්ලිම් සමාජයට මෙය අරභයා බැන වැදීම මෝඩ කමකි.
බුදුරජාණන් වහන්සේ එකම එක සතෙක් (ගවයෙක්) මුල් කරගෙන “මස් නොකනු” යනුවෙන් දේශනා කලේ නැත.උන්වහන්සේගේ දේශනාව ඊට වඩා පුළුල් විය.
“ලොව ඇති කිසිම සතෙක් නසන්න එපා ” යන්න “පානාතිපාත වේරමණී සික්ඛා පදං සමාදියාමි ” යන සිල් පදයෙන් දේශනා කල සේක.

උන් වහන්සේ එසේ දේශනා කර තිබියදී සතුන් නොමැරීමේ ව්‍යාපාරය ගවයාට පමණක් සිමා කර ගැනීමේ අයිතිය ඇත්තේ කාටද? එය උන් වහන්සේට කරන අගෞරවයක් නෙමේද?

මෙරටේ ධිවර අමාත්‍යංශයක් තිබේ.රට වටේම මුහුදය.මාළු අල්ලන්නෝ බොහෝ සිටිති .මාළු,කරවල,උම්බලකඩ, ආහාර වශයෙන් ගන්නා බෞද්ධයන් එමටය.මේ හැර කුකුල් මස්,බිත්තර ,එළු මස්,උරු මස්,අනුභව කරන්නෝ අති විශාල පිරිසකි. කුභුරේ වැඩ ආරම්භ කල දින පටන් හල ටික ගෙදර ගේන කම්, කෙතරම් කුඩා සතුන් ,පනුවන් මැරෙනවද? මරනවද?

මේවා ගැන කිසිවක් කතා කරන්නේ නැත්තේ අයි ?

එළදෙන “කිරි අම්මා ” කියමින් එළදෙනගේ කිරි සැවොම බොති.පිටි කිරි හෝ වේවා එළදෙනගේ කිරි වලින් නිපද වුවකි.ඇත්තෙන්ම කිරි අම්මගේ කිරි ටික අයිති ඒ අම්මගේ පැටියටයි.එය පහර ගැනීම වරදක් නොවේද ?
මෙසේ බොහෝ කරුණු තිබියදී අප ඒ ගැන කතා නොකළේ බෞද්ධයන්ගේ සිත් රිදෙයිදෝ යන සැකයිනි.එහෙත් දැන් දැන් ගවමස් වලට එරෙහි ප්‍රචාරය කරන විලාසය හෙට දවසක සිංහල-මුස්ලිම් ජාතිවාදී ගැටුමකට මුල් වෙයිදෝ යන තත්වයක් අති වූ හෙයින් කතා කරමු.යම් කෙනෙක් හෝ සමාජයක් යම් දෙයක් පිලිබදව දරන මතය එළිදරව් කිරීමෙහි කිසිදු වරදක් නැත.එය ඒ අයගේ අයිතියක්. එයම සමාජය අතර ගැටුමක් ඇතී කරයි නම්,එවැනි ගැටුම් ඇතී කරන චේතනාවෙන් ප්‍රචාරය කෙරේ නම්,වන්නේ කුමක්ද? ගවයින් මරනවා වෙනුවට මිනිසුන් මැරීම නොවේද? එසේ කිරීම නිවැරදි බව කව්රුත් සිතනවද?
පන්සිල් පද තුල පරණ ඝාතනය පමණක් නොව තවත් ද කියවේ.”කාමේසු මිච්ජාචාර වේරමණී සික්ඛා පදං සමාදියාමි” “සුරාමේරය මජ්ජ පමදට්ඨාන වේරමණී සික්ඛා පදං සමාදියාමි.” යන ප්‍රධාන කරුණු දෙකකි.

මෙරටේ කාමය වරදවා හැසිරීමේ සම දොරක්ම විවෘතව ඇත.කුඩා දරුවන් මේවා නිසා සංචාරක ව්‍යාපාරය නමින් විකිනෙති.සමාජ ශාලා,ඝනිකා මඩම්,කැසිනෝ හල් තුලින් තරුණියෝ වැනසෙයි.තරුණ තරුණියන්ගේ ඇදුම් පැළදුම් නොයෙකුත් අතින් වැරදි කිරීමට මිනිසා පොලබවන සුළුය. මෑතකදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය නිලියන්ද විකිනෙන බව රහසක් නොවේ.
මෙරට මත්පැනට රාජ්‍ය අනුමැතිය ලබා දී ඇත.රටේ අස්සක් මුල්ලක් නැර, අරක්කු කඩ,රා තැබෑරුම් ඇත. මත්පැන් පානය කිරීමෙන් පවුල් දහස් ගණන් විනාශ වෙයි,මිනීමැරුම් ද ඇති වෙයි.
මගුල් ගෙදරටත්,මල ගෙදරටත්,දියණියගේ කොටහළු මන්ගල්‍යටත් මත්පැන් නැතිවම බැරිය.එපමණක් නොව පිරිත් කියන විට තවත් තැනක අරක්කු බෝතල් විවෘත වේ.එසේම අරක්කු සප්පායම් කරන්නන් හට උරු මස් ,ගව මස් කටගැස්ම සාදා දීමටත් පිරිත් ගෙදර කාන්තාවන්ට සිදු වී තිබේ.අපි අහන්නේ “ගව මස් නොකනු ” ව්‍යාපාරයේ නියමුවන්ට පන්සිල් වල ඇති මෙම කරුණු නොපෙනෙන්නේ ඇයි ? “ගව මස් නොකනු ” ව්‍යාපාරයට මෙන්ම මේවට විරුද්ධත්වයක්,මහා ව්‍යාපාරයක් ගොඩ නගන්නට තැත් න්කරන්නේ ඇයි ?

එම වෙළද ව්‍යාපාර සිංහල බෞද්ධ අය කරන නිසාද?
එසේ නැතිනම් , “බුදු හාමුදුරුවෝ ඒ ගැන කිව්වට අපි ඒවා වැඩියෙන් තකන්නේ නෑ” යන අදහස නිසාද?
ඇත්තෙන්ම, මෙම ගව මස් නොකනු ව්‍යාපාරය බොලද වුවකි.මෙම ව්‍යාපාරය තුලින් මුස්ලිමුන්ට බැන වදින අය කල යුත්තේ එය නොවේ.පළමුව, තමන් ගව මස් ගැනීමෙන් වැලකි,අනෙක් සම ප්‍රාණ ඝාතන ක්‍රියා,ධිවර අමාත්‍යංශ ද නැවත්වීමට රජයට බල කල යුතුය.රජයේ බහුතර බලය ඇත්තේ බෞද්ධ මැති ඇමතිවරුන් හා ජනාධිපති තුමා අතේය.
එවිට මුස්ලිම් වරුන්ගේ මස් කඩ ඉබේටම වැසේවි.ධිවරයිනුත් මුහුදට නොයයි.කුකුළු ගොවිපලවල්ද වැසේවි.ඌරු කොටුද නැති වෙයි.
මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි.අනුමත කල එකක් පමණි.එය කෑවත්, නොකැවත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.මස්කඩ පවත්වාගෙන යැමත් ඔවුන්ට අනිවාර්ය වුවක් නොවේ.එසේ තිබියදී “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇගිල්ල දික් කිරීම විහිළුවකි. එයින් හෙට දවසක ජාති වැඩි ගැටුමක් ඇති වුවහොත් ඊට වගකිව යුත්තේ එම ප්‍රචාරණ කටයුතු වල නියැලී සිටින ඔවුන්ම බව වැටහ ගත යුතුය.
Read Full Post | Make a Comment ( 3 so far )

පාසල් පෙළ පොත් වල ඉස්ලාමය ගැන වැරදි අදහස්

Posted on July 21, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , |

අධ්‍යාපන ක්ෂත්‍රයේ නියැලී කටයුතු කරන නිලධාරී මහත්වරුන්ගේ අවධානයට පහත සදහන් කරුණු දෙක ඉදිරිපත් කරමු.

11 වසර සමාජ අධ්‍යයනය හා ඉතිහාසය සදහා රජයෙන් නිකුත් කල පොතේ 50 වැනි පිටුවෙහි මෙසේ සදහන් වේ.
මුස්ලිම් කාන්තාව ආගමික වත්පිළිවෙත් කිරීමට දේවස්ථානයට ඇතුළුවීමට නිදහස නැති තැනැත්තියකි.
2001 වර්ෂයේ අ.පො.ස. (ස:පෙළ) විභාගයේ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය 11 ප්‍රශ්න පත්‍රයේ 7 III වන ප්‍රශ්නය මෙසේ විය.
ජන සංඛ්‍යා අනුව ලෝකේ සිටින ස්ත්‍රී හා පුරුෂ සංඛ්‍යාව බොහෝ දුරට සමාන වුවද,ඇතැම් සමාජ වල ස්ත්‍රියට ලැබී ඇත්තේ පුරුෂයාට වඩා අඩු තත්වයකි.නිදසුන් දෙකක් ඇසුරෙන් මේ බව පැහැදිලි කරන්න.
මෙයට අපේක්ෂිත උත්තරයක් ලෙස මාස්ටර් ගයිඩ් ප්‍රකාශනයේ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර මෙසේ සදහන් වී ඇත.
මුස්ලිම් කාන්තාවකට හිමි සම අවස්ථාවන් ආගමික නිතිය යටතේ තහනම් කර තිබීම නිසා ඔවුන් සමාජයේ පහත තත්වයට අද වැටි ඇත.ඔවුනට ආගමික ස්ථාන වලට ඇතුළු වීමට අයිතියක් නොමැත.රැකියාවල නියුතු වීමට, අධ්‍යාපනය ලැබීමට,දේශපාලන කටයුතු වල නිරත වීමට ඇති නිදහස සිමා සහිතය.
ඉස්ලාමය ගැන ,මුස්ලිම් සමාජය ගැන නැතිනම්,ඉස්ලාමිය සංකෘතිය ගැන නොදැන හෝ වක්‍රව මෙවන් කරුණු දරු දැරියන් ඉගෙනුම ලබන පෙළ පොත් වල සදහන් වීම බලවත් වරදකි.
ඉස්ලාමය කවදත් කාන්තාව පහත් කොට සලක නොමැත.එසේම ඇය අඩ නිරුවතින් සැරිසරන්න හෝ වෙළද භාණ්ඩයක් ලෙස නස්ති වන්නත් ඉඩ තබා නැත.ඇයට ඇයගේ ස්වභාවික තත්වයට අනුව රැකි රක්ෂා කිරීමටත්,අධ්‍යාපනය ලබා ගැනීමටත්,සමාජ සේවා කටයුතු වල දී සේවය කිරීමටත් අයිතියක් ඉස්ලාමය තුලින්ම ලැබී ඇත.
ඇය ආගමික ස්ථාන වලින් ඇත් කොට  තබා නැති බවත් සදහන් කල යුතුය.
ඒ කෙසේ වෙතත් ලංකික සම ජතින්ටම පොදු වූ අධ්‍යාපන ක්ෂේත්‍රය තුලින් එක ජාතියකට පහර ගැසීම නැතිනම් ඉස්ලාමය හා මුස්ලිම් වරුන් ගැන වැරදි වැටහීමක් ගෙන දීමට උත්සහ කිරීම වැරදි ක්‍රියාවකි.
ගරු ජනාදිපති තුමාටත්,මේ ගැන අප දැන්ව ඇත්තෙමු.එබැවින් මෙය නිවැරදි කරන අතර මින් ඉදිරියට මොනම සමාජයක අයගේ හෝ සිත් රිදවන මෙවැනි වැරදි නොවන සේ ක්‍රියා කරන මෙන් අදාල නිලධාරී මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිමු.
අතිගරු ජනතිපති තුමා හා ගරු අධ්‍යාපන ඇමති තුමාද, මේ ගැන සොයා බල අවශ්‍ය කටයුතු කරනවා ඇති අපේක්ෂා කරමු.
Read Full Post | Make a Comment ( None so far )

නිවුණු සිත දවාලන අපේ හාමුදුරුවන්ගේ බන පදය.

Posted on July 19, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

බන පදයක ඇති දහම් සිසිල දැවුණු සිත දවාලන අමා දියකි.බුදුන් වැඩිය මේ රුවන් පොලොව මත දිවි ගෙවන අපේ දේශයේ මුර දේවතාවන් බදු වූ මෙරට බික්ෂුන් වහන්සේලා අද මේ සිත දැවීම හා නිවීම යන කාර්යයන් දෙකටම අත ගසා තිබීම බහුලව දක්නට ලැබෙයි,සිත නිවාලන කතා පමණක් දෙසීම උන්වහන්සේලාගේ පරම යුතුකම බව අමතකව ගිය නිසාදෝ දැන් දැන් වැඩිපුරම ඇසෙන්නේ සිත දවන කතාය.

එක්තරා සුප්‍රකට බෞද්ධ හිමිනමක් විසින් කරන ලද දේශනයක් මුස්ලිම් අපගේ හද දවා දැමු ආකාරයයි. කණගාටුවට කරනවා නම්,එකී භික්ෂුන් වහන්සේ නැවත නැවතත් රුපවාහිනී නාලිකා ඔස්සේද මෙබදු දේශනයන් පවත්වන්නට යෙදීමයි.
සජීවීව රුපවාහිනී නාලිකාව ඔස්සේ ගෙන ආ ධර්ම දේශනයයි.සුවහසක් බෞද්ධ ,අබෞද්ධ ජනයා අස සිටි ඒ දම් දෙසුම මෙසේ ගල ගියේය.
“මුස්ලිම් අය තමයි අද මේ රටේ කුඩු බිස්නස් කරන්නේ,එයාල ආර්ථක අතින් ශක්තිමත් වෙලා ඉන්නේ කුඩු බිස්නස් කරලා.මන් මේ මුස්ලිම් අයගෙන් ඉල්ලා සිටින්නේ ඔය ඇත්තෝ ධාර්මිකව හම්බ කරන්න.මේ රටේ එහෙම කුඩු බිස්නස් නිදහසේ කෙරුවට අරාබි රටේ එව්වා කරන්න හම්බ වෙන්නේ න ,මොකද එහෙ නීති මෙහෙ වගේ නෙවෙයි.”
මෙම ප්‍රකාශය තුල ඇති ද්වේශ සහගත බව හා දරුණු බව වැටහෙනුයේ එය ගැබුරින් විමසා බලද්දිය.මුස්ලිමුන් අර්තකව ශක්තිමත් වී ඇත්තේ මත් කුඩු ජවරමින් බව ඔබ වහන්සේ පවසයි මුළු මුස්ලුම් සමාජයම අර්තකව ශක්තිමත් නොවන නමුදු මෙවන් චෝදනාවක් සුළු ජාතික පිරිසක් වූ මුස්ලිමුන් වෙත එල්ල කලත් අප වෛර නොකරමු. ස්වාමින් වහන්ස ! එක් මකුනකු සපා කෑ විට  මකුණන් සියල්ල මරා දැමීම පාරම්පරික සම්ප්‍රදායකි.එකී සම්ප්‍රදායෙන් පිට පැනීම ඔබ වහන්සේට ද අසීරු වී ඇත.මම මුස්ලිමුන්ට සුදු හුණු ගන්නට තැත් නොකරමි.
නමුදු, මොහොමඩ් හෝ අහමඩ් හෝ ෆාතිමා යැයි කියූ පමණින්  ඔවුහු මුස්ලිමුන් නොවෙයි.නමින් පමණක් මුස්ලිම් වූ එක් අයෙකු දෙදෙනෙකු සිදු කරන පහත්කම් නිසාවෙන් මුළු මහත් මුස්ලිම් සමාජයම ධාර්මිකව මුදල් උපයන්නේ නැති බව හා මුළු මුස්ලිම් සමාජයම මත කුඩු ජාවාරම් කරන්නේය යනුවෙන් පැවසීම සාපරාධි ප්‍රකාශයකි.
මෙරට තැබෑරුම් වල අයිති කරුවෝ බෞද්ධයෝය.එපමණක් නොව කැසිනෝ ශාලා,සුදු පොළවල්,කැරෝකේ ක්ලබ් ,නගරයක් පාසා විවෘතව පවතින ආයුර්වේද ගණිකා මඩම් ද,එපමණක් නොව, මෑතකදී කුඩු ලාලිත හා දේශපාලනයේ නියුතු සිල්වා ලාගේ මත් කුඩු ජාවාරම් ගැනද,මේ ධර්මද්වීපයේ ගංජා වවන්නෝ බෞද්ධයෝ නොවේද යන්න , ඔබ වහන්සේ මුනිවත රකින්නේ මන්දැයි මා නොදනිමි.

බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකගේ මෛත්‍රී සහගත බවට පටහැනි එබදු කතා වගකිව යුතු හිමි නමක් විසින් ප්‍රකාශ නොකළ යුත්තකි.අද මත කුඩු ජාවාරමට හවුල්ව ඇතිනම් පමණක් මුස්ලිම් වූ අධමයන් සැබවින්ම “කුලියට ” මුස්ලිම් නම් යොදාගෙන තිබෙනවාදැයි නොදනිමි.ඇතැම් විට ඔවුන්ගේ සමහරෙක් මුස්ලිම් නමින් වෙස් වලාගත් බෞද්ධ හෝ කතෝලික හෝ හින්දු අයද විය හැක.ම මෙසේ පවසන්නේ හේතු සාධක සහිතවය.

නොබෝද මා කොලබ නගරයේ වුවමනාවක් සදහා සිටින විටදී මා ගමන් ගත් වහනය නැවත තිබු ස්ථානයට එක  මුස්ලිම් කාන්තාවක් පැමිණ මුදල් ආධාරයක් ඉල්ලා සිටියාය.ය හිජාබයකින් හිස වසා සිටි බැවින් සැකයක් ඇති නොවුනි.ඇයට මුදලක් පරිත්‍යාග කිරීමට සැරසුණා පමණි.තවත් මුස්ලිම් කාන්තාවක් පැමිණ

” මල්ලි.. මේ කෙනාට සල්ලි දෙන්න එපා .මෙයා මුස්ලිම් නෙමේ බොරුවට හිජාබයක් දා ගෙන ඉන්නේ .ඔයාලව රවට්ටන්න.මෙයා හවසට හිජාබය ගලවල ඇත බලල සාස්තර කියනවා.මල්ලි මන් කියන්නේ බොරු නම්,මෙයට කලිමාව කියන්න කියල කියන්න.මෙයා බොරු කාරියක්.මේ ටව්මේ ඉන්නේ මුස්ලිම් ටික දෙනයි ඒ ය විතරයි ඇත්තටම මුස්ලිම්.මෙයා මෙතන බොරුවට ඔලුව වහගෙන ඉන්නේ,මුස්ලිම් විදියට රගපාල අපිවයි ආගමයි දෙකම පාවල දීල සල්ලි හම්බ කරනවා.”
මම පුදුම වුනෙමි.පෙර පැමිණි කාන්තාවගෙන් මා කලිමාව විමසීමි.එකෙනෙහිම ඇය දිව ගියාය.මේ සිදු වීම සත්‍යයකි.
මෙලෙස කොතෙක් නම් ව්‍යාජ ෆාතිමා ලා, ව්‍යාජ මොහොමඩ් ලා,සිටිය හැකිද? ගරුතර ස්වාමින් වහන්ස,තත්වය මෙසේ තිබියදී ඉදින් තව කුමක් පැවසිය යුතුද?
ඒ කෙසේ වුවද මුස්ලිම් නමක් තිබු පමණින් ඔහු මුස්ලිම් වරයෙකු නොවේ.එසේම ඇත්තෙන්ම එක් මුස්ලිමෙකු අධාර්මිකව මුදල් ඉපයුවාට මුළු මුස්ලිම් සමජයමටම දොස් පැවරීම නොකරන්න. එය බෞද්ධ ධර්මයේ එන පංච ශිලයෙහි සිව්වැනි ශික්ෂා පදය වූ “මුසාවාද වේරමණී…” සිලපදය බිද දැමීමකි.

එසේම ඔබ වහන්සේ පවසා සිටිය ,අරාබි රටේ මේ පාපකාරී ක්‍රියාවන් කල නොහැකි බවත්,එහි නීති රීති දරුණු බවත්ය.

ගරුතර ස්වාමින් වහන්ස ! ඔබ වහන්සේට එසේ වැටහී තිබීම ඉතා සතුටට කාරණයකි.එහෙත් මම ඉතා ගෞරවයෙන් කියනු කැමැත්තෙමි.එය අරාබි රටේ අරබිකරයාගේ නිතිය නම් නොවේ,එය මෙලොව මවා මිනිසා ඇතුළු සියලු වස්තුන් නිර්මාණය කල අල්ලාහ් දෙවිදුන්ගේ නීතියයි.එකී නිතිය අරාබිකරයේ ක්‍රියාත්මක වනුයේ එය මුස්ලිම් රාජ්‍යයක් නිසාවෙනි.සැබෑ මුස්ලිමුන්ට අල්ලාහ්ගේ නීතියට පිටුපා නොහැක.එකී නිතිය පිටු පාන්නා සැබෑ මුස්ලිමෙකු නොවේ.
එහෙයින් ඔබ වහන්සේට වැටහෙනු ඇත.සැබෑ මුස්ලිම් භක්තිකයා අල්ලාහ්ගේ නීතියට යටත් වන අතර පාපකාරීන් හට එකී නීතියෙන් කිසිදු සමාවක් නොවන බව.ඔබ වහන්සේ පවසන පරිදි මෙරට මත් ද්‍රව්‍ය ජාවාරම්  නිදහසේ කල හැක්කේ,අල්ලාහ්ගේ නිතිය නොමැති නිසාය.සර්ව සාධාරණ වූ එම නිතිය මනුෂ්‍ය මවා පෝෂණය කරන්න වූ අල්ලහ්ම නිර්මාණය කල බැවින් එම නිතිය යටතේ පව්කාරයට සමාවක් නොමැත.එම නිතිය මෙරට පමණක් නොව ලොව කිසිම නීතියක් හා සමකල නොහැක.එය ඔබ වහන්සේලාද අනුගමනය කල මැනවි.එවිට සැබවින්ම ඔබ වහන්සේලා පතන ධර්ම රජ්‍යයය මෙහි ගොඩ නගන්නට හැකි වනු ඇත.මන්දයත් පාපතරයා හා වැරදි කරන්නන්හට බුදුන් වහන්සේගේ අවිහිංසාවාදී පිළිවෙත නොගැලපෙන බැවිනි.
අනෙක් කරුණ නම්,ඔබ වහන්සේගේ දේශනයේ මෙසේද පවසනු අසන්නට ලැබිණි.
“….. දැන් මේ මුස්ලිම් ඥතිවරුන්ට ,කතෝලික ඥතිවරුන්ට,හින්දු ඥතිවරුන්ට මන් කියන්න කැමතියි.ඔය අත්තොන්ට වුනත් ස්වර්ගයට යන්න අවශ්‍ය නම්,පංච ශිලා ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ඕන.අපේ බෞද්ධයෝ වුනත් එහෙමයි.බුදු හාමුදුරුවෝ පෙන්වා දුන් සීල,සමාධි,ප්‍රංඥ මාර්ගයන්හි යමින් පස් පවින් වැළකෙන්න ඕන.ඔය අත්තොන්ට තව අවුරුදු කෝටියක් ගිහින් හරි බුද්ධාගමට අවේ නැතිනම්, කතෝලික ඇය දවසට හා සැරයක් නෙමේ සිය සැරයක් ඥ්යා කලත් වැඩක් නැහැ.මුස්ලිම් ඇය දවසට පස් සැරයක් නෙමේ සිය සැරයක් වැන්දත් වැඩක් නැහැ.ඔය ඇත්තන්ට ස්වර්ගයට නම් කවදාවත් යන්න බැහැ.එකට මේ බෞද්ධ මාවතට පිවිසෙන්න ඕන.ආතර්.C . ක්ලාක් වරක් කියල තියෙනවා මේ ලෝකේ තියෙන හැම දහමක්ම විනාශ වෙලා යනවා.අන්තිමේදී බුදු දහම පමණයි ඉතිරි වෙන්නේ කියල…..”

ගෞරවනීය ස්වාමින් වහන්ස! ඔබ වහන්සේගේ විවෘත ආරාධනාවට මා තුති පුදමි.අප සැමට ස්වර්ගය කරා ලගා විය හැකි මාවත ඔබ වහන්සේගේ දැනුමට අනුව පෙන්වා දීම සතුටට කරුණකි.නමුදු අන්‍ය ආගමිකයන් වූ අපට පස් පවින් වළකින්නට ප්‍රථම, එය අනිවාර්යය වූ බෞද්ධයෝ එය පිළිපැදිය යුතු නොවේද?

 

සැබවින්ම මුස්ලිම් වන අපට නම්,පස් පවින් වැලකීම ඉතා පහසුවෙන් කල හැක.මන්ද යත් ඉස්ලාමය අහේතුකව පර පණ නැසීම,සොරකම් කිරීම,බොරු කීම,කාමයේ වරදවා හැසිරීම,මද්‍යසාර හා මත් ද්‍රව්‍ය භාවිතය යනාදී වූ පස් පව් ඉතා තදින් බැහැර කරන අතර අල්ලාහ් දෙවියන් වහන්සේ ඒ වැරදි සදහා දැඩි දඩුවම් හා නීතිරීති පනවා ඇති බැවිනි.

නමුදු බුදු දහමේ අනිවාර්ය සාදකයක් වූ මේ පස් පවින් වැලකීම අද බෞද්ධයා තුල නැත්තේ ඔවුන් පවට මෙන්ම දදුවමටත් බිය නොමැති නිසාය.එසේ තිබුණා නම්,අද මේ ධර්මද්වීපයේ අඩියෙන් අඩියට තැබෑරුම් විවෘත වන්නේ නැත.සුදු කඩ විවෘත වන්නේ නැත.පිය දුව නොහදුනන,පුතා මව නොහදුනන,අය්යා නංගි නොහදුනන,ජඩ සංස්කෘතියක් බිහි වන්නේ නැත.තම සාස්තෘ නායකයාණන් වූ බුදුන් වහන්සේගේ බුදු පිළිම හාරා පෞරාණික වස්තු (නිදන්) සොරකම් රටේ ප්‍රචලිත වන්නේ නැත.බිරිද සැමියා මරා දමන,සැමියා බිරිද මරා දමන,පිළිවෙත දියත් වන්නේ නැත.ගල් පැලෙන බොරු කියා තම මදිය තර කර ගැනීමේ ප්‍රෝඩාවන් බිහි වන්නේ නැත.මෙවන් අවධියක  ඒ බුදු පිළිවෙත අනුගමනය කරන්නට ඔබ වහන්සේ ආරාධනා කිරීම පැසසිය යුතුය.
ස්වාමින් වහන්සේ මෙසේද පැවසුහ.
“……….. කතෝලික අය කරන්න තියෙන සේරම නොපනත්කම් කරලා සල්ලි හම්බ කරනවා.මුස්ලිම් අය කරන්න තියෙන සේරම නොපනත්කම් කරලා සල්ලි හම්බ කරනවා.හින්දු අය කරන්න තියෙන සේරම නොපනත්කම් කරලා සල්ලි හම්බ කරනවා.බෞද්ධ අයගෙන් ඇතැම් අය කරන්න තියෙන සේරම නොපනත්කම් කරලා සල්ලි හම්බ කරනවා….. “

ගරුතර ස්වාමින් වහන්ස! මෙහිදී ඔබ වහන්සේ සැබෑ ලෙස සීල,සමාධි,ප්‍රඥ වදන බෞද්ධ භික්ෂුවක සේ ක්‍රියා කොට නොමැති බව මගේ අදහසයි.එම ප්‍රකාශය තුල ඇත්තේද,සමානාත්මතාවය නොව අසමනාත්මතවයයි.  බෞද්ධයන්ගෙන් පමණක් ඇතැම් අය නොපනත් කම් කරන අතර අන්‍ය ආගමිකයෝ සියලු දෙනාම නොපනත් කම් කරතියි පැවසීම ඊට සාක්ෂියකි.

තව දුරටත් උන්වහන්සේ මෙසේද පැවසුහ.

“… මං ඉන්න කොළඹ 07 විපස්සනා භාවනා මධ්‍යස්ථානයට කතෝලික අය එනවා.හින්දු අය එනවා.මුස්ලිම් අය පල්ලියට හොරෙන් ඇවිල්ල භාවනා කරලා හොද මුස්ලිමුන් වෙලා යනවා….. ”

ගරුතර ස්වාමින් වහන්ස!

ඉස්ලාම් ධර්මයේ එන ලෞකික හා ලෝකාන්තර සුවය අන් කිසිදු ධහමකට දෙවැනි වන්නක් හෝ සමකල හැක්කක් නොවේ.මේ පරම පිවිතුරු දහමෙහි නොමැති ශාන්තියක් වෙනත් දහමකින් පතා යන්නෝ ඉස්ලාමය හරි හැටි නොදන්නා,නමට පමණක් සිමා වූ මුස්ලිමුන්ය.ඔවුහු සැබෑ මුස්ලිමුන් නොවේ.ඔවුහු පල්ලියට හොරෙන් ගොස් භාවනා කරන තරමට බාධාවක් ඉස්ලාමයයේ ඔවුන්ට පනවා නොමැත.අවශ්‍ය නම් එළිපිටම එය සිදු කල හැක.එහෙත් එය පල්ලියට හොරෙන් කරනුයේ එය වරදක් බව ඔවුන්ම දන්නා බැවිනි.

“හොද” මුස්ලිමුන් වීම කෙසේ වෙතත් “ව්‍යාජ” මුස්ලිමුන් වීම නම්,අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.

බුදු දහම හැර අන් සියලු දහම් මිත්‍යා දෘෂ්ටිකයින්ය,යනුවෙන් පවසන ඔබ වහන්සේ සැබවින්ම අවන්කවම කතා කරන්නේද යන්න මා නොදනිමි.

අවසානයේ සියලු දහම් විනාශ වී බුදු දහම පමණක් ලොව ඉතිරි වන්නේ නම්,බලෙන් ආගමට හැරවීමට විරුද්ධ යැයි පවසමින් පනත් ගෙන ඒමට මේ සා වෙර දරනුයේ මන්ද යැයි අප නොදනිමු.අවසානයේ සියල්ලෝම බෞද්ධ වන්නේ නම්,අන්‍යාගම් කර බෞද්ධයෝ ඇදී යාම පිළිබද අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැත. 

ගරුතර ස්වාමින් වහන්ස!

ඉස්ලාමයේ නම් පාරම්පරික මුස්ලිමුන් හෙවත් උපතින් මුස්ලිම් වුවන් පමණක් නොව දැනුමෙන් හා අවබෝධයෙන් ධර්මය සොයා පැමිණි බොහෝ අන්‍යගමිකයෝද වෙති.කිසිවෙකු ඔවුහු බිය වද්දා බලෙන් ඉස්ලාමයට හරවාගෙන නැත.එසේ සිදු කිරීම ඉස්ලාම් ධර්මය සපුරා තහනම් කොට ඇත.නමුදු උපතින් මුස්ලිම් වුවන්ට වැඩ දැඩි ස්ථිරසාර ආගමික ස්ථාවරයක ඔවුහු සිටිනුයේ ඔවුන්ගේ දැනුම හා අවබෝධය මත ඔවුන් ඉස්ලාමය වැළද ගත් හෙයිනි. බුදු දහමටද එවන් යුගයක් එලභිම සිදුවන්නේ නම් අප කිසිවකුත් කිසිදු ද්වේශයක් හෝ ඉරිසියාවක් නොකරන බව දන්වා සිටිනු කැමැත්තෙමි.

නමුදු හිතා මතාම,එකී ද්වේශය අප හදවත් තුල වපුරන්නට මෙවන් දේශනයක් මින් මතු සිදු නොකරන ලෙස මා ඉතා සුහදශීලිව ඉල්ලා සිටිමි.

Read Full Post | Make a Comment ( None so far )

දේව රාජ්‍යයේ වර්ධනය – මිෂනාරි කටයුතුවල ප්‍රධානත්වය ගත්තේ ඇමරිකානු එක්සත් ජනපදයයි.

Posted on June 30, 2011. Filed under: Uncategorized | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

ශුභාරංචි පනිවිඩය ලක් ජනතාවගෙන වැඩි කොටසකට මෙතෙක් පිළි ගත නොහැකිවූයේ එය මෙරට සංස්කෘතික ලක්ෂනවලට එකඟ නොවන පරිදි ඉදිරි පත් කරන ලද නිසාය” මෙම අදහස නිවැරදි නොවේ.


උදා: වශයෙන් බෞද්ධ ධර්ම දූතයන් මෙරටට පැමිනි ආකාරය දැක්විය හැක.භික්ෂූන් හිස බූගා තිබින.කහ පැහැයෙන් යුතු සිවුරු පොරවා ගෙන සිටියහ.අද දිනය දක්වාම මෙරට භික්ෂූන් හිස බූගෑමත්, කහ සිවුරු පෙරවීමත් කරනු ලැබේ.මෙයින් පෙනී යන්නේ ඒවා විදේශීය ලක්ෂන වූවත් බෞද්ධ ධර්මය පිලි ගැනීමට එය බාධාවක් නොවූ බවය.
එහෙයින් මෙරට තුල ක්‍රිස්තියානි ධර්මය පැතිරීමට බධාවක් වී ඇත්තේ එහි නමස්කාර ක්‍රම,ගොඩනැගිලි,සංගීතය,ඇඳුම් පැළඳුම් වැනි දෑ අපර දිග ස්වරූපයක් ගන්නා නිසාය යන මතය සාවධ්‍යය.

බී2ජේ මෙහෙයුමේදී ගොඩනැඟිලි සෑදීම කෙරෙහි කිසිම අවධානයක් යොමු කරනු නොලැබේ.මන්ද යත් ක්‍රිස්තුස් සමිඳුන් කිතුනු සංඝයේ ප්‍රධාන ගොඩනැඟිල්ල බැවිනි.
ගොඩනැඟිල්ලක්තුල සිදු කෙරෙන සාමුහික දැනුවත් කිරීමට වඩා පුද්ගලයාගෙන් පුද්ගලයාට කෙරෙන ශුභාරංචි ප්‍රකාශය මඟින් වඩාත් හොඳින් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හැකි වනවා මෙන්ම රහසිගත භාවය රැකීමද සිදුවෙයි, ‘විරෝධතාකරුවන්ගෙන් ‘ ඇතිවන විවිධ බාධාවන්ද ඇති නොවේ.

(11) B2J මෙහෙයුමේ මිෂනාරිවරුන් ශුභාරංචිය රැගෙන චීනයෙන් පිට වන්නේ විවිධ සිවිල් වෘත්තිකයන්ගේ විලාශයෙනි.එහෙයින් ඉලක්ක කරන ලද බෞද්ධ හා ඉස්ලාම් ආගමීකයන් වෙතට ආබාධිතව යාහැකිය.ඔවුන් කාර්යාලයේදී,බසයේදී,මඟ තොටදී, 
ආගන්තුකයන් සමඟ ශුභාරංචි පනිවිඩය බෙදා ගනිති.මෙම ක්‍රමය ලංකාවේද ප්‍රායෝග්‍ය කල හැක.

කොරියාවේ මිෂනාරි කටයුතුවල ප්‍රධානත්වය ගත්තේ ඇමරිකානු එක්සත් ජනපදයයි.තවද ජපාන හා චීන මිෂන් කෙත් වලට දිඟුවක් ලෙසින් කොරියාව සැලකුන අතර ප්‍රමුඛස්ථානයටද පැමිනියේය.ප්‍රතමයෙන් ‘The Board of Foreign Mission of the Presbyterian church ද, Foreign Missionary Society of the Methodist Episcopal church in the United States ද එවැන්ජලිස්ත කාර්යයන්ට මුල පිරූහ.
වර්තමාන දකුනු කොරියාවේ ජනගහනය මිලියන් 45 ක් වන අතර ප්‍රොතෙස්තන්ත කිතුනුවන් මිලියන 11 ක්ද රෝමානු කතෝලිකයින් මිලියන 03 ක්ද සිටිති.එනම් ජනගහනයෙන් 1/3 ක් කිතුනුවෝ වෙති.1994 වන විට දේවස්ථාන 35,000 ක්ද,දේව සේවකයන් 50,000 ක්ද සිටියහ.
කොරියානු කිතුනු දහමෙහි විශේෂත්වය වන්නේ පිටතින් පැමිනි මිෂනාරිස්වරුන් විසින් නොව කොරියානුවන් විසින්ම කිතු දහම එරටේ ස්ථාපනය කිරීමයි

කොරියානුවෝජපානය,තායිවානය,බොලීවියාව,පාකිස්තානය හා ශ්‍රී ලංකාව වැනි රටවලටද මිෂනාරිස්වරුන් යැවූහ. 
කොරියානු සභාවේ විශේෂ ලක්ෂනයක් නම් සමහර දේවස්ථානවල පැවැත්වෙන දේව මෙහෙයන් සඳහා අති විශාල ගෝල සමූහයක් සහභාගි වීමයි.උදාහාරනයක් ලෙස ලොව විශාලම ගෝල සමූහයා desciples අයත් වන සභාව වන්නේ සෝල් හී The central Gospel (Pentacostal ) church in seoul කිතුනු සංඝයයි. මෙම කිතුනු සංඝයේ සාමාජිකත්වය 500,000 වන අතර දේව සේවක මංඩලය සිය ගණනකි.

චීනයේ රජයේ අනුමත කිතුනු සභා වලට පරිබාහිරව නිවෙස් තුල පිහිටුවා ගෙන ඇති house church තුල අති විශාල ධර්ම දූත වර්ධනයක් දක්නට ලැබේ.චීනයේ දිනකට පුද්ගලයන් 35,000ක් බෞතීස්මය ලබා කිතුනු ගෝල සමූහයාට එකතු කරනු ලබයි.මේ අනුව වසරකට පුද්ගලයන් මිලියන 12ක් කිතුනු ගෝල සමූහයාට එක් වෙයි.මෙම වර්ධන වේගය ලොව සියලුම රටවල් අභිබවා සිටී. පීටර් ශු Peter Xu නමැති එවැන්ජලිස්තවරයා Born Again Movement ඇරඹීය.සිය ව්‍යාපාරයට ගෝල සමූහයන් (කන්ග්‍රේෂන් ) 3500 ඇති බව ඔහු පවසයි .චීනයේ ප්‍රාන්ත 20 කට මිෂනාරිවරුන් යවා ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

වසර 50කට පෙර නේපාලයේ කිතුනුවන් සිටියේ ස්වල්ප දෙනෙකි.එහෙත් එරට රාජකීය පාලනය අහෝසිකොට වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදි පාලනය ස්ථාපිත කිරීමෙන් පසුව ආගමීක නිදහස සහතික කිරීම නිසා කිතුනු ප්‍රජාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙයි.වර්තමාන නේපාලයේ කිතුනු ගෝල සමූහයා මිලියන 01ක් පමන වෙයි. 

2007 දී දේශපාලන ප්‍රතිසංස්කරන අරමුනු කොට ගෙන පැවති විරෝධතා හමුදා රජය විසින් මර්ධනය කෙරින.විරෝධතා කරුවන් 31-200 අතර ගනනක් මිය යන්නට ඇතැයි වාර්තා වේ.එම විරෝධතා ප්‍රධාන වශයෙන්ම මෙහෙයවන ලද්දේ බෞද්ධ භික්ෂුන් විසිනි.එරටේ ජීවත්වන විවිධ ජන වාර්ගීකයන්ට එරෙහිව රජය මඟින් ගෙනයන මර්ධනකාරි ක්‍රියා ගැන කලකිරී සිටින සමහර භික්ෂූන් ක්‍රිස්තියානිය වැලඳ ගත් බව වාර්තා වී ඇත.කාරේන් වාර්ගික කිතුනුවන් රටින් පලවා හැර ඇත.
එරට ජනගහනයෙන් 89.4 %ක් බෞද්ධ ද,4.9 %ක් කිතුනුවන්ද වෙයි .බුරුමයේ ප්‍රථම මිෂනාරිවරයාවූයේ ඇඩොනිරම් ජඩ්සන් නැමැති බැප්ටිස්ට් මිෂනාරිවරයාය.
වාර්ෂිකව කිතුනුවන්ගේ වර්ධන වේගය 3%කි.

මෙරට තුල ආගමික නිදහස ව්‍යවස්ථාවෙන් සහතික කර ඇත.එහෙත් පසු ගිය දසක 03-04 ක කාල සීමාව තුල කිතුනු සභා දේවස්ථාන 200 කට වැඩියෙන් ආගමීක අන්ත වාදින්ගෙන් ප්‍රහාර එල්ල වී ඇත.දේව සේවකයන්ට හිංසා පීඩා කිරීම ගැනද වරින් වර අසන්නට ලැබේ.මෑතකදී කොලඹ නගරයට ආසන්නව කොස්වත්ත නගරයෙහි පිහිටි කිතුනු දේවස්ථානයකට ප්‍රහාර එල්ල විය.

ඉදිරි දශකයේ මිෂනාරිවරුන් නොකිතුනු ජනතාව වෙත යැවීමේ ප්‍රමුඛයා වන්නේ චීනයයි. Back to Jerusalem movement (B2J)

දේව රාජ්‍යයේ වර්ධනය ????????????????????????????

Read Full Post | Make a Comment ( None so far )

දික්කසාදය හා ඉස්ලාම් නීතිය-ඉස්ලාම් නීතියේ කාන්තා අයිතිවාසිකම්

Posted on June 23, 2011. Filed under: ඉස්ලාම් නීතිය | Tags: , , , , , |

ආගමානුකූලව ස්වභාවික නීතිරීතිවලට පටහැනි වුවද මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ දික්කසාදය වනාහී ජීවිත කාලය පුරාවටම සහයෝගයෙන් සහ එකමුතුවෙන් ජීවත්වීමට සැමියා සහ බිරිය ඇතිකරගත් ආදරණීය ගිවිසුම උල්ලංඝනය කිරීමකි. ස්වභාවික පැවැත්මෙන් හා එහි අවශ්‍යතාවලින් සමාජය ඈත් කරනු ලබන්නේ පවුල් කඩා බිඳ වැටෙන දික්කසාදය නමැති සංකල්පය තුළිනි.

පවුලක් කඩාකප්පල්වීම නිසා, එහි උණුසුම හා සෙනෙහස විඳිමින් ජීවත් වූ සැමියා සහ බිරිය පමණක් නොව දූ දරුවන් ද පීඩාවට පත්වෙති. තම පවුල තුළින් පමණක්ම ලැබෙන එකී සෙනෙහස අහිමිවීමෙන් අධ්‍යාත්මික මානසික හා සදාචාරාත්මක පරිහානිවලට හා විෂමතාවන්ට මුහුණදීමට එම පවුලේ සියලු සාමාජිකයන්ට සිදුවෙති.
මේ හේතූන් නිසා භයානක උමතුවක් හෝ අපරාධයක් වැනි නොවැළැක්විය හැකි හේතු මත මිස දික්කසාදය ලබාගැනීමේ ඉඩකඩ කිසිවකුට විවෘත නොකළ යුතු බවට සමාජ, නීති සහ මනෝ විද්‍යාඥයෝ අදහස් පළ කරති.යුග දිවියක් ගත කරමින් සිටින දෙපළක් අතර ඇතිවූ අයහපත් සම්බන්ධතාව නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කුමක් කළ යුතුද? ඊට එකම මග දික්කසාදයද?
දික්කසාදයට ඉඩ නැත යනුවෙන් ක්‍රිස්තියානි ආගම තුළ ද ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට නොහැකි තරමට පවුල් ජීවිතය බිඳ වැටෙන විට ඒ පිළිබඳව යථාර්ථවාදීව දකින ඉස්ලාමය විකල්ප මාර්ගයකට ඉඩකඩ සලසයි.
එමෙන්ම එම විකල්පය වැරදි ආකාරයට යොදවනු ලැබීම වළක්වනු පිණිස දැඩි නීතිරීති සම්ප්‍රදායක් ද හඳුන්වා දෙනු ලැබේ. සම්බන්ධතා බිඳ වැටීමෙන් පසුව නැවතත් බල කිරීමකින් ඔවුන් දෙපල විවාහ බන්ධනය තුළ රඳවා තැබීම විසඳුමක් නොවේ. ඉන් තත්ත්වය තවත් අහිතකර වනු ඇත.නමුත් දෙවියන් වහන්සේ අනුමත කළ දේ අතරින් උන් වහන්සේ පි‍්‍රය නොකරන්නේ දික්කසාදය යි යන්න සෙසු ආගම්වල මෙන්ම ඉස්ලාමයේ ද දක්නට ලැබෙන වැදගත් පණිවිඩයකි.එය අයහපත් විසඳුම් අතරින් එකක් තෝරා ගැනීමක් වැනිය. දික්කසාදය හැකි තරම් වළක්වාලමින් විවාහ බන්ධනය තහවුරු කරලීම සඳහා ඉස්ලාමය කටයුතු යොදා තිබේ.

දික්කසාදය සඳහා ඉදිරිපත් වීමට පිරිමින්ට ලැබෙන අවස්ථා සුලභය. එහෙත් ස්ත්‍රීන්ට ලැබෙන්නේ සීමිත අවස්ථාවක් පමණි. ඊට හේතු ද නැත්තේ නොවේ. දික්කසාදයේ දී පිරිමියා විසින් ගැහැණියට ලබාදුන් දෑවැද්ද අහිමි කර ගන්නේය. දරුවන් හදාවඩා ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය හා ආර්ථික පහසුකම් ලබා දීමෙන් බැහැරවීමට ඔහුට නොහැකිය.විවාහය සඳහා කාන්තාවන් සහ පිරිමින් උනන්දු කරවන ඉස්ලාමය ඉන් බැහැර වීමට ඇති දික්කසාදය නමැති මාර්ගය කටුක හා දුෂ්කර එකක් බවට පත්කර යුගදිවිය සතුටුදායක කරලීම සඳහාත්, ඔවුන් ජීවත්වන සමාජයේ යහපත සඳහාත් මග පෙන්වීම් ලබාදෙයි.“පුරුෂයිනි ඔබලාගේ බිරියන් සමඟ කරුණාවෙන් හා යුක්ති සහගතව කටයුතු කරන්න. ඔබ ඔවුන්ගෙන් යමක් පි‍්‍රය නොකරන්නේ නම් ඔබට දෙවියන් වහන්සේ ආශීර්වාද කිරීමට එම කරුණම හේතුවීමට පුළුවන.”(ශු. කුර්ආන් 4:19)

කරුණාව දයාව මෙන්ම සාධාරණය සහිත පවුලක් නඩත්තු කිරීම හා සිය බිරිය සමඟ දිවි ගෙවන ලෙස ඉස්ලාමය අණ කරන අතර, ඇතැම්විට අමනාපයක් සිදුවුවහොත් එය මුල්කරගෙන දික්කසාදයට නොඑළඹෙන ලෙස ඔහුට අවවාද කරයි.

“සැමියා වෙතින් අකාරුණික බවක් හෝ අලස කමක් දුටුවිට තමන් අතර සමථයක් ඇතිකර ගැනීම වඩා හොඳය. මන්ද සාමය වඩාත් හොඳය.(අල්-කුර්ආන් 4: 18)

දික්කසාදයක් සඳහා ඉදිරිපත්වීමට පුරුෂයන්ට අවස්ථාවන් බහුලව තිබුන ද හිතුමතේට කටයුතු කිරීමට හෝ බිරියට හිරිහැර කිරීමට හෝ ඇය නිවසින් පිටමං කිරීමට හෝ කරදර වලට යොමු කිරීමට හෝ ඔහුට අයිතියක් නැත.
පවුල් ජීවිතයේ අත්විය හැකි ගැටලු හා අනවබෝධය තුරන් කර සාමකාමී හා ස්ථිර තත්ත්වයට නැවත ගොඩනැංවීම සඳහා සැමියාගෙත්, බිරියගේත් සමීපතම ඥාතීන් සහභාගී කර ගැනීම පිළිබඳව ද ඉස්ලාමය සඳහන් කර ඇත. මෙමගින් දෙපලගේම ආත්ම ගරුත්වය හා පුද්ගලිකත්වය ආරක්‍ෂා වන අතර දෙදෙනා දික්කසාදයෙන් මුදා ගැනීම සඳහා දැඩි අවශ්‍යතාවයක් සමීපතමයන්ට තිබෙන නිසා දික්කසාදයට යාමේ ඉඩකඩ බොහෝ සෙයින් අඩුවේ.

නමුත් අපහසුතා මධ්‍යයේ අපි‍්‍රයජනක වූ විවාහ ජීවිතයකට සදාකල් කොටු නොවී බිරියගේ අයිතීන් ආරක්‍ෂා කිරීමට ප්‍රායෝගික විසඳුම් ගණනාවක් ද ඉස්ලාම ඉදිරිපත් කරයි. ඒ අනුව පහත දැක්වෙන ඕනෑම කරුණක් ඇතුළත් කර ගැනීමට බිරියකට අයිතිය තිබේ.

අ. භාවමය නොගැළපුම
ආ. නඩත්තු නොසැපයීම
ඇ. අඩන්තේට්ටම්
ඈ. අනිසි ගමන් බිමන්
ඉ. සිය එකඟතාව නොලබා තව කෙනෙකු සමඟ විවාහ වීම.

මේ අන්දමට අවසන් කරනු ලබන විවාහ ගිවිසුමක දී ඉහත කරුණුවලින් එකක් හෝ උල්ලංඝනය කරනු ලබන විට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යම්කිසි බිරියකට අවකාශ තිබේ.

ඉස්ලාමය තුළ මෙන්ම විවාහය හා දික්කසාදය තුළ ද කාන්තාවගේ ඉතා සාධාරණ අයිතිවාසිකම් ආරක්‍ෂා කර තිබෙන්නේ මේ ආකාරයට ය.
සත්‍ය වශයෙන්ම ඉස්ලාමය තුළ කාන්තා භූමිකාව සම්බන්ධයෙන් ඇති තතු නොදැන වැරැදි මතයක පිහිටා සිටින අන්‍ය ආගමික ප්‍රජාව මෙවැනි ලිපි මගින් කාන්තාවට ඉස්ලාමය තුළ ලබා දී තිබෙන වැදගත්කම අවබෝධ කරගනු ඇත.

යම්කිසි ඉස්ලාම් භක්තියකුට සිය බිරිය දික්කසාද කිරීමට හේතු කෙතරම් තිබුණ ද ඉස්ලාමීය නීතියට අනුකූල නොවන කිසිදු හේතුවක් මත ඇයව දික්කසාද කිරීමට ඔහුට නොහැකිය.

එමෙන්ම යම්කිසි ස්ත්‍රීයකට සිය සැමියා දික්කසාද කිරීම සම්බන්ධව ඉතා වැදගත් කරුණක් ඉස්ලාමය තුළ පැහැදිලිව සඳහන් වේ.

එනම් සුව කළ නොහැකි ලාදුරු රෝගය , උමතුභාවය සංසර්ගයට බාධාවන ආකාරයේ ශාරීරික හා ලිංගික දුබලතා වැනි බරපතල හේතූන් මත සිය සැමියාගෙන් දික්කසාද වීමේ අයිතිය ස්ත්‍රීන් සතුය. මෙවැනි දික්කසාද ඉස්ලාම් නීති ශාස්ත්‍රයේ ‘’ෆස්හ්’’ නමින් හැඳින්වේ.
එවැනි මානව හිතවාදි හා සෙනෙහස සපිරුණු කරුණු කාරණා තිබුණ ද සැමියාට මෙන්ම බිරියටත් දික්කසාදයේ දී එක හා සමාන අයිතියක් තිබීමේ වැදගත් කම ඉස්ලාමය තුළ පැහැදිලිව සඳහන් වේ.

විවාහ ගිවිසුමෙන් වටහා ගන්නා ආකාරයට නඩත්තුව නොසපයන , පහසුකම් ලබා නොදෙන , හෝ ඒවා ලබා ගැනීමට බාධා ඇති කරන එසේ නොවේ නම් පවුල් ජීවිතයේ දී නොගැලපුම පවතින විටකදි ඉස්ලාම් දික් කසාද නීතියේ පිහිට පැතීමට ස්ත්‍රීයට පිළිවන.

තව ද සැමියා විසින් සිය බිරියගේ චරිතය, අවංක කම, පිරිසුදු කම, සතුටු කිරීමේ හැකියාව ආදීන් පිළිබඳව ඇය වෙත චෝදනා එල්ල කරනු ලැබු විට විනිශ්චයකරු ඉදිරියේ දී මෙම චෝදනා ඔප්පු කර දැක් වීමට නොහැකි වුවහොත් ඕ නිදහස් කරන ලෙස නියම කිරීමට විනිසුරුවරයාට පිළිවන.
සාධාරණ හේතූන් මත විවාහ ජීවිතයෙන් අනන්තයටම කළ කිරෙන බිරියක් දායාද වශයෙන් සැමියා විසින් ලබා දෙන ලද ධනයෙන් ප්‍රමාණවත් කොටසක් යළි ඔහුට ලබා දීමෙන් ද, දික්කසාදයෙන් පසුව මුල් මාස කීපය තුªªළ ගෙවිය යුතු නඩත්තුවලින් ඔහු නිදහස්කොට ද දික්කසාදය ලබාගත හැකිය.
එමෙන්ම සැමියා ආගියඅතක් සොයා ගැනීමට නොහැකි ලෙස අතුරුදහන් වූ මොහොතක හෝ ඇය හැර දමා පලා ගිය මොහොතක (සොයා ගැනීමට නොහැකි විටකදී) සිය ජීවිකාව ගෙන යාමට බිරියට නොහැකි වනවිට දික් කසාදය ඉල්ලා සිටීමට ඇයට හැකිය.

විවාහයේ දී ස්ත්‍රීයකට ලැබෙන වටිනාකම, ගරුත්වය ඒ ආකාරයෙන්ම දික් කසාදය තුළදීත් ආරක්ෂා කරදීම ඉස්ලාමයේ දක්නට ලැබෙන ඉතා වැදගත් ලක්ෂණයකි.

බහු විවාහ සංකල්පයේ දී ඉස්ලාමය තුළ සැමියා සම්බන්ධව ඉතා පක්ෂපාතිව කරුණු දක්වා ඇතැයි යන මතය ඉස්ලාමීය දික්කසාද නීතිරීති වලදි බිඳ වැටෙන බව මින් පැහැදිලි කර ගැනීමට ඕනෑම අයෙකුට හැකිය.

Read Full Post | Make a Comment ( None so far )

මොහොමඩ් ලෙස ව්‍යාජ නමකින් පෙනී සිටින මුස්ලිම් නොවන ජාතිවදියාගේ නියම ස්වරුපය.

Posted on February 27, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , |

මොහොමඩ් සිද්දික් ලෙස ව්‍යාජ නමකින් පෙනී සිටින ජාතිවාදියෙකු සොයා යමු.

කව්ද මේ මොහොමඩ් සිද්දික් කියල කියන්නේ?
ඇත්තටම බොරු නමක්, බොරු නමකින් පෙනී ඉන්න සිංහල බෞද්ධයෙක්.
ඇයි මේ බ්ලොග් එක ඉස්ලාම් ගැන නෙවෙයිද කියන්නේ?
නැහැ කොහොමත් නැහැ. බොහෝ වැකි විකෘති කරමින් පල කරලා තියෙනවා.මේ ගැන ඉදිරියේදී පියවරෙන් පියවර හෙළිදරව් කරනවා.
කොහොමද එහෙම කියන්නේ ,ඔව් අපි බලමු එකින් එක විස්තර කරලා.

 

පහත බ්ලොග් දෙකක සමානතාවය බලන්නකෝ.
ගොඩාක් දුරට සමානයි නේද?

ව්‍යාජ ඉස්ලාම් බ්ලොග් අඩවිය

අන්කල් මයිත්‍රීය බ්ලොග් අඩවිය

අන්කල් මයිත්‍රීය බ්ලොග් අඩවිය

ඔයාලට හිතෙනවා ඇති අන්කල් මයිත්‍රීය බ්ලොග් එක කරන කෙනාමද මේක කරන්නේ කියල.ඔව් එකම අකව්න්ට් එකෙන් වෙනස් බ්ලොග් කිහිපයක් හදන්න පහසුකම් තියෙනවනේ.ඒ වගේ එකක් තමයි මේකත්. දෙකම එකම කෙනාගේ. කිසිම මුස්ලිම් කෙනෙක් මේ වගේ දෙයක් කරන්නේ නැහැ කියල පැහැදිලියිනෙ.
තවදුරටත් මේ සමානකම එකින් එක අරගෙන බලමු.
පැහැදිලි වෙනස තමයි බ්ලොග් මෝස්තරය,html,xml,css ගැන දන්නා ඕන කෙනෙක් දන්නවා.බ්ලොග් එක රයිට් ක්ලික් කරලා View Page Source  කරලා බලන්න .
දෙකම එකම බ්ලොග් මෝස්තරයේ නම බ්ලොග් දෙකේම තියෙනවනේද?ඒ විතරක් නෙමේ බ්ලොග් id එකත් සමානයි.

 

ඊලග එක බලමු, බ්ලොග් හිඩරය (Header) සහ ෂෙය / සේව් (share/save)පහසුකම එකම විදියට දල තියෙනවා.

 

add to any widget එක

add to any widget එක

 

 

බ්ලොග් සංස්කරණයේදී බොහෝ දුරට වෙනස් දෙදෙනෙක් නම්,මෙපමණ සමානකමක් දක්වන විදියට නිර්මාණය කරන්නේ නැ.අනිත් ප්‍රබල සලකුණක් තමයි බ්ලොග් දෙකේම පලවෙන භාෂා ශයිල්ය සමාන වීම.

මෙයින් පැහැදිලියි මුස්ලිම් නොවන පුද්ගලයෙකු පවත්වාගෙන යන බව.

ඊළගට වම් පැත්තේ තියෙන widget සලකුණු ටිකත් බලමු

 

නාරබු සන්කායව , ආ ගිය ගණන ,ඔන්ලියින් සන්කයව පෙන්වන ගජෙට්

නාරබු සන්කායව , ආ ගිය ගණන ,ඔන්ලියින් සන්කයව පෙන්වන ගජෙට්

 

ඒ විතරක් නෙමෙයි පොස්ට් ෆූටර් නැත්නම් තනි ලිපියේ පල්ලෙහාට වෙන්න මුණු පොතේ ලයික් බොත්තමත් දෙකම එකම විදියට දල තියෙනවා.

 

 

ෆේස්බූක් ලයික් බොත්තම

ෆේස්බූක් ලයික් බොත්තම

දැන් හොදටම පැහැදිලියි මේ බ්ලොග් එක කරන්නේ කව්ද ? ඇයි කරන්නේ? මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියල.පෙරමුණේ රාළ ගැන බොහෝ දෙනෙක් දන්නවා.මෙයත් ඒ වගේ කෙනෙක් විතරයි.ගොඩාක් සිංහල අය අන් ආගමිකයින් සමග  සමගිව ඉන්න එක මෙයාට ප්‍රශ්නයක් වෙලා.එකට මේ ජාතිවාදියා  කරන්නේ මුස්ලිම් කෙනෙක් විදියට බ්ලොග් එකක් හදල මුලින්ම  සින්ඩි වලටත් දාල ,සිංහල බ්ලොග් සංසදයේ අනෙකුත් බ්ලොග් කරුවන් කුපිත කරවන එක.ඇයි ඉතින් අනිත් බ්ලොග් වලටත් දානවනේ. (මෙයාගේ සැලසුම සාර්ථක වෙලා වගේ ) කොහොම වුනත් මේ බ්ලොග් එක කියවන ඕනෑම කෙනෙක්ට තේරෙනවා සිංහල බෞද්ධයා කුපිත කර වන ලිපි ,
ඇත්තටම මුස්ලිම් කෙනෙක් මේ වගේ දෙයක් කරයිද? නැහැනේ. ඊළගට ඔහු මුස්ලිම් කෙනෙක් නම් අන්කල් මයිත්‍රීය වගේ බ්ලොග් එකක් හදල බලාපොරොත්තු වෙන්නේ මොකක්ක්ද දන්නේ නැහැ. නැත්තම් මොහු බටහිර ඩොලර් කාක්කෙක් ද?
නමුත් එක කාරණයක් දැන් පැහැදිලියි මොහොමඩ් සිද්දික් ලෙස බොරු නමකින් හිටියත්  ඔහු මුස්ලිම් ජාතිකයෙකු නොවේ.
රැදී ඉන්න ,,තවත් ඉදිරියට හෙළිදරව් කරමු.
Read Full Post | Make a Comment ( 9 so far )

Liked it here?
Why not try sites on the blogroll...