කාලින
කොටින්ගේ මුස්ලිම් සංහාරය
1990 වසර මෙරට වාසය කරන ජාතීන් අතර තුන්වැනි ස්ථානය දරන මුස්ලිම් ජනතාවට අමතක නොවන්නා වූ වසරක් වේ. දෙමළ බස කතා කරන්නා වූ ජාතීන්ගෙන් එකක් වූ මුස්ලිම් ජාතිය ඔවුන් විසූ උතුරු නැගෙනහිර පළාත්වලින් සහමුලින්ම විනාශ කර දැමීමට ත්‍රස්තවාදී කොටි සංවිධානයට අයත් හිත්පිත් නැති දඩබ්බර මිනීමරුවන් කිසිදු චකිතයකින් තොරව පෙරට පැමි‚ වසර මෙය විය. කොටි නායක ප්‍රභාකරන්ගේ අණදීමක් යටතේ තම සංවිධානයට හතුරු වූවා යැයි සැලකෙන මුස්ලිම්වරුන් උතුරු නැගෙනහිරින් පන්නා දැමීමේ දුෂ්ඨ චේතනාවෙන් එසේ කි්‍රයාත්මක වූ කොටි ත්‍රස්තවාදී කණ්ඩායම් ඉන් බලාපොරොත්තු වූයේ තම ජාතියට අයත් ජනයා පමණක් එම දෙපළාතේ ඉතිරි කරගෙන තමන්ට දෙවැනි වූ මුස්ලිම්වරුන් ඒ පළාත්වලින් වඳකර දැමීමටය. ඒ අනුව 1990 අගෝස්තු මස 3 වැනිදා කොටි ත්‍රස්තයෝ තම මුල් මුස්ලිම් ඝාතනය ඉතා තිරිසන් ලෙස සිදුකළහ.
නැගෙනහිරට අයත් කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලි දෙකක් මුල් කරගෙන එම වසරේ මේ මිනිස් සංහාරය කොටි ත්‍රස්තයෝ පටන් ගත්හ. එහි පිහිටි හුසේනියා මුස්ලිම් පල්ලියේත් මීරා ජුම්මා පල්ලියේත් තම ආගමික කටයුතුවල නියැලෙමින් සිටි මුස්ලිම් බැතිමතුන් වෙත ආයුධ සන්නද්ධව කඩාවැදුණු කොටි කාඩරයෝ කණ්ඩායම් දෙකක් ලෙස සැදී ඒ අතිබිහිසුණු කි්‍රයාව සිදුකළහ. ඔවුන් විසින් කරන ලද එම සමූහ ඝාතනයෙන් අහිංසක මුස්ලිම්වරුන් 140කගේ ජීවිත මරුට බිලි වූ අතර 70ක පමණ පිිරිසක් බරපතළ ලෙස තුවාල ලැබූහ. ගිනිඅවි, කඩු, කැති වැනි ආයුධ අතින් දරාගෙන එම මුස්ලිම් දේවස්ථාන තුළට කඩාවැදුණු කොටි ඒ අවස්ථාවේ තම දෙවියන් යදිමින් යාඤාවේ නියැලෙමින් සන්සුන් අයුරු සිටි ඉස්ලාම් බැතිමතුන් වෙත පැමිණ ඔවුන්ට වෙඩි තබමින් තියුණු අවිවලින් කපා කොටා දමමින් මහත් විනාශයක් කරද්දී අසරණ අහිංසක මුස්ලිම්වරුන් වෙතින් නැගුණු අඳෝනා හ~, වේදනාවෙන් නගන කෙඳිරිලි හ~ නිසා ඒ අවට ප්‍රදේශය පුරා බියකරු තත්ත්වයක් ගෙනහැර පෑවේය.
එම මුස්ලිම් බැතිමතුන්ගේ ශරීරවලින් උණු උණුවේ ගලා ගිය රුධිර ගංගාවෙන් මුළු දේවස්ථානයේ හා අවට ප්‍රදේශයේ පොළොව තෙත්ව ගියේය. එදා කාත්තන්කුඩියේ මුස්ලිම් ජනතාව මුළු දවස මහත් භීතියකින් යුතුව තැතිගත් අයුරු කම්පිතව සිටියහ.
ඉන් සතියක් ගත වෙද්දී එනම් 1990 අගෝස්තු මස 12 වැනිදා නැගෙනහිර පළාතට අයත් —එරාවුර්˜හි පිච්චිනගර් නමැති මුස්ලිම් ගම්මානට යළි කඩාවැදුණු කොටි ත්‍රස්තවාදීහු එහි තම දෙවැනි මුස්ලිම් සංහාරය පටන් ගත්හ. ඒ අනුව එම ගමේ පදිංචිව සිටි මුස්ලිම් මිනිස් ජීවිත 118 (එකසිය දහඅටක්) වෙඩි තැබීමෙන් හා කපා කොටා දැමීමෙන් මරුට බිලි දුන්හ. ඒ අතර එම ප්‍රහාරයෙන් විසිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ. එරාවුර් පිහිටා තිඛෙන්නේ මඩකළපුවේ සිට සැතපුම් 9ක් පමණ වූ දුරකිනි. මඩකළපු ¡ පොළොන්නරු මාර්ගයේ පිහිටා ඇති මෙම ග්‍රාමය තුළට එසේ කඩාවැදුණු කොටි ත්‍රස්තවාදීන් තම අත දරා සිටි ටී 56 ගිනි අවි, කඩු, පිහි වැනි තිියුණු අවි උපයෝගී කර ගනිමින් එම මුස්ලිම් වැසියන් ඝාතනය කළේ ඔවුන් කෙරෙහි පුදුමාකාර වූ වෛරයක් සිත්හි දරාගෙනය. මේ නිසා මුස්ලිම් ජාතික පිරිමි හතළිස්පහක්ද, ගැහැණු විසිඅට දෙනෙක්ද, ළමයින් තිස්එක් දෙනෙක්ද තම ජීවිතවලින් කොටින්ගේ වියරු පළිගැනීම්වලට වන්දි ගෙවූහ. මේ එතැනදී අමු අමුවේ මරා දමා තිබූ මුස්ලිම් ජීවිත සංඛ්‍යාවයි. ඒ අතර කොටි ත්‍රස්තයෝ එම ගමේ නිවෙස්වලට කඩාවදිමින් ඒවායේ තිබූ රන් භාණ්ඩ ඇතුළු වටිනා කියන දෑ පවා කොල්ලකා ගත්හ. සමහර මුස්ලිම් වැසියන් මරා දමා තිබුණේ ඔවුන්ගේ හිස් කඩුවෙන් කපා සිරුරෙන්ද වෙන්ව යන අයුරිනි. මේ තරම් දරුණු ලෙස මිනිස් ජීවිත නිකරුණේ විනාශ කළ කොටි ත්‍රස්තයන් එසේ සිදුකළේ ඉතිරි මුස්ලිම් වැසියන් සැවොම තම ජීවිත රැක ගැනීමේ අරමුණෙන් උතුරු නැගෙනහිර පළාත් අත්හැර වෙනත් පළාත්වලට පලායාවිය යන බලාපොරොත්තු සිත දරාගෙනය. ඒ අදහස ප්‍රමාද වන විට ඔවුහු මුස්ලිම් ජනතාවට උතුරු නැගෙනහිර පළාත්වලින් පිට වන ලෙස දන්වා ඒ සඳහා පැය ගණනින් සීමා කළ කාලයක් දැනුම්දුන්හ.
එරාවුර් සිද්ධියෙන් පසු යළිත් කි්‍රයාත්මක වූ කොටි එම සිද්ධියෙන් දින තුනකට පසු නැගෙනහිර අරන්තලාවට අයත් මුස්ලිම් ගම්මානයකට කඩාවැදුණහ. එහිදී කළ ප්‍රහාරය තුළින් මුස්ලිම් වැසියන් නවදෙනකුගේ ජීවිත තොර විය. එයට කලින් එනම් අගෝස්තු මස පස්වැනි දින මුල්ලියන්කාඩු නමැති ගම්මානයේ කුඹුරක ගොවිතැන් කටයුතුවල නියැලෙමින් සිටි මුස්ලිම්වරුන් දහහත් දෙනෙක් (17) කොටින් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදහ. එයට පසුදින එනම් 6 වැනිදා අම්පාරේ පිිහිටි වෙල්යායක නියර මත සිටි මුස්ලිම් ගොවියන් 33 දෙනෙක් කොටින්ගේ ගිනිඅවිවලට ගොදුරුව මියැදුනහ. එයටත් කලින් ජූලි මස 30 වැනිදා අක්කරෙයිපත්තු නගරයේදී මුස්ලිම්වරුන් 14 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට තරම් කොටි ත්‍රස්තයෝ සාහසික වූහ.
1990 වසර තුළ පමණක් කොටි ත්‍රස්තයන් විසින් ඝාතනයට ලක් කරන ලද මුස්ලිම් වැසියන්ගේ සංඛ්‍යාව පන්සියයකටත් අධික බව සඳහන් කළ යුතුය. දෙමළ ජනතාවගේ නිදහස සඳහා සටන් වදිනවා යැයි කියමින් මෙසේ මිනිස් සංහාර සිදුකරන කොටි ත්‍රස්තයන් තම සහෝදර ජනතාව ලෙස මුල සිට පිළිගත් මුස්ලිම්වරුන්ද ඝාතනය කරමින් නැගෙනහිර පළාත තුළ පමණක් මෙවන් කුරිරු වූ කි්‍රයාවල නිරත වූයේ ඇත්ත වශයෙන්ම එයින්වත් මුස්ලිම්වරුන් උතුරු නැගෙනහිර අත්හැර වෙනත් පළාත් කරා පැන යනු ඇතැයි සිතූ බැවිනි. 1990 වසරේදී උතුරු පළාතට අයත් යාපනය, මුලතිව්, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය යන දිස්ති්‍රක්ක පහේ පදිංචිව සිටි ලක්ෂයකටත් අධික වූ මුස්ලිම් ජනයා කොටි සංවිධානයේ ත්‍රස්තවාදීන් දුන් නියෝග අනුව එම ප්‍රදේශවලින් සහමුලින්ම පන්නා දමන්නට යෙදු‚. එම වසරේ ඔක්තෝබර් මස 22 වැනිදා සිදුවූ මෙම පළවා හැරීමේ කි්‍රයාවලියේදී එම මුස්ලිම්වරුන් තමන්ට අයත් සියලූම දේ අත්හැර සමහරුන් ඇඳි වත පමණකින් යුතුව දිවි ගලවා ගන්නට පිටව ගොස් ඇත. මෙසේ ඔවුන්ට අයත් සියලූම බඩුබාහිරාදිය තමන් සතු කරගත් කොටි ත්‍රස්තයෝ එම අසරණ ජනතාව තම ප්‍රදේශවලින් පන්නා දැමූහ.
යාපනයේ විසූ මුස්ලිම් ජනතාවට එසේ පිටවී යාම සඳහා කොටින් විසින් කාලයක් වශයෙන් දෙන ලද්දේ පැය දෙකක් පමණි . ඒ පැය දෙක තුළ ඔවුන් යාපනය අත්හැර යා යුතු විය. එසේම අනෙක් දිස්ති්‍රක්ක හතරේ පදිංචිව සිටි මුස්ලිම් පවුල්වලට ඒවායෙන් පිටවීම සඳහා දෙන ලද්දේ පැය 48ක කාලයකි. එසේ දිස්ති්‍රක්කවල විසූ මුස්ලිම්වරුන් සියල්ලන්ටම යා යුතු වූ කාලසීමාව තුළ තමන් පදිංචි ස්ථාන අතහැර පිට වන ලෙස කාලසීමාවන් පැනවූ කොටි සංවිධානය එයට අනතුරු ඇඟවීමක් ලෙස කළේ එහි විසූ මුස්ලිම් ව්‍යාපාරිකයන් තිස්පස්දෙනෙකු පැහැරගෙන යාමය. එසේ පැහැර ගන්නා ලද ව්‍යාපාරිකයන්ගෙන් දහඅටදෙනෙකු මාස කිහිපයකට පසු නිදහස් කර එවන ලද්දේ ඔවුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණන් මුදල් කප්පම් ලෙස ලබාගත් පසුවය. අනෙක් ව්‍යාපාරිකයන් දහහත් දෙනාට සිදුවූ දෙයක් මෙතෙක් දැන ගන්නට නොමැත.
එදා උතුරු පළාතේ පදිංචිව සිටි මුස්ලිම් ජනතාව එසේ පලවා හරින තෙක් ඔවුන් එහි ජනගහනයෙන් සියයට පහකට වැඩි විය. එහෙත් 1990 ඔක්තෝබර් මාසය නිමා වන විට ඔවුන්ගේ එම සංඛ්‍යාවද සම්පූර්ණයෙන්ම උතුරු පළාතෙන් නිමාවට පත්ව තිබු‚. මෙසේ පලවාහරින ලද මුස්ලිම් වැසියන්ගෙන් විශාල පිරිසක් දෙමළ බස හැර වෙනත් භාෂාවක් කතා කරන්නටවත් දැන සිටියේ නැත. ආගම අතිනුත් එයට අදාළ වෙනත් සංස්කෘතීන් අතිනුත් පමණක් දෙමළ ජනතාව අතරින් වෙනස්කමක් දැක්වූ ඔවුන් එසේ පළවා හැරීමේ අසාධාරණ කි්‍රයාව සිදුකළ කොටි සංවිධානය ඉන් අදහස් කළේ දෙමළ ජනතාවට පමණක් එම ප්‍රදේශ අයත් බව පෙන්නුම් කිරීමටය. මෙසේ ඉතා කුරිරු හා සාහසික අන්දමින් මුස්ලිම් වැසියන්ගෙන් පන්සියයකට අධික පිරිසක් 1990 වසර තුළ මරා දැමීමෙනුත් උතුරු නැගෙනහිර විසූ ඔවුන් බහුතරයක් පළවා හැරීමෙනුත් මේ වන විට වසර දහඅටක් සම්පූර්ණ වී ඇත. උතුරෙන් පළවාහරින ලද මුස්ලිම්වරු මේ වන විටත් අනාථ කඳවුරු දහහතක ජීවත් වෙමින් නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටිති. මන්නාරමින් පන්නා දමන ලදුව පුත්තලමේ පිහිටි අනාථ කඳවුරක ජීවත් වන මුස්ලිම්වරුන් තවත් පිිරිසකි. උතුරෙන් පළවාහරින ලද මුස්ලිම්වරුන් තම ජීවිත කාලයක් තිස්සේ දුක්මහන්සි වෙමින් ගොඩනගාගත් සරුසාර කුඹුරු, වතුපිටි, ගව පට්ටි හා එළු පට්ටි, කුකුළන් ආදිය එදා ගිනි අවි පෙන්නා, කටින් තර්ජනය කොට පැහැරගත් කොටි බලවත්හු ඉන්පසු ඒවායේ ප්‍රතිඵල භුක්තිවිඳිමින් හිමිකරුවන් බවට පත්වූහ. එසේ උතුරු නැගෙනහිරින් පිටව ආ මුස්ලිම් ජනතාව සියයට අසූවකට වැඩි පිරිසක් තවමත් තමන්ට හිමිව තිබූ තම උපන් භූමියට පය ගැසීමට නොහැකිව පිට පළාත්වල සීසීකඩව වාසය කරමින් සිටිති. එම ප්‍රදේශවලින් ජීවිත රැක ගැනීමේ අරමුණෙන්ම තමන් සතු සියල්ල අත්හැර පිට වූ මුස්ලිම් ජනතාවගෙන් සියයට පනහක් පමණ තවමත් තම මව්බිමට ගොස් නැත. මේ අයුරු 1990 සිට අනාථයන් බවට පත්වූ උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාව කොටි ත්‍රස්තවාදයේ බලපෑමට ලක් වෙන්නට පෙර ගොවිතැන්, වෙළඳාම් ආදී නොයෙකුත් ජීවනෝපායන්හි නිරත වෙමින් යහපත් ජීවන රටාවකට හිමිකම් කීවන් බව රහසක් නොවේ. එහෙත් වසර දහඅටක් ගෙවී ගොස් ඇතත් මෙම ජන කොට්ඨාසය එසේ කොටි ත්‍රස්තයන් නිසා අනාථ බවට පත්වූ පසු තවමත් කිසි දියුණුවක් නොලබා අනාථ කඳවුරුවලට සීමා වී දුෂ්කරතා මැද දිවි ගෙවති.
Read Full Post | Make a Comment ( None so far )හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් ද ?
එතකොට මේ මාධ්‍ය හරකට විතරක් මේ තරම් love ඇයි ? මට හරි ප්‍රශ්නේ ඕක.මගේ කිරි දුන්න අම්මා නම්,අපේ අම්මා.ඔය කියන මාධ්‍ය ආයතනවල අයට කිරි දුන්නේ හරකා කියල එයාලම කියන නිසා අපි පිලිගනිමුකෝ.එක වෙනම කතාවක්.
ඔබ කඩේට ගිහින් මාළු ග්‍රෑම් 500 ක් ඉල්ලද්දී ඒ පණ පිටින් උන්න මාළුවෙක්ය කියල නොදැනද කන්නේ ? අපි බබාලාද ?
මේකයි.මිනී මර මරා හෙන සත්ව කරුණාව තියෙන මිනිසෙක් වෙන්න බෑ.කුපාඩිකම් කර කර ශ්‍රද්ධවන්තයෙක් වෙන්න බෑ.ඔබ කැමති නම් කැමති දේ කරන්න, බොරු ටෝක් එපා.එක හරි කැතයි.සමහර විට ඔබ පම්පෝරි ගහන සමාජය ඔබ ගැන දන්නේ නෑ.ඒ වුනාට ඔබම දන්නවනේ ඔබ කව්ද කියල.
මුලාශ්‍රය : තරුණයා පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙනි.
ඇන ගිලින ,ඇණ ඇතුළු කරන ලංකික කතුන්
ශරීරයට ඇණ ඇතුළු කිරීමෙන් හාම්පුතා විසින් හිංසනයට ලක් කරන ලදැයි කියවුණු රට රැකියාවක නියුතු ආරියවතිගේ සිද්ධිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදු වීමකි.විදේශ රැකියා සදහා යන කාන්තාවක් හාම්පුතා විසින් ඇන ඇතුළු කර වද හිංසා පමුණු වන ලදැයි පළමුවරට කියවුනේ පසුගිය වසරේදීය.
මේ සිද්ධියේ ඇතුලාන්තය පසුව වෙනස් මුහුණුවරක් ගත්හ.එනම් සත්‍ය සිදුවීම වූ කලි හාම්පුතුන් විසින් ආරියවතිගේ සිරුරට ඇන ඇතුල් කිරීම නොව ඇය විසින්ම ඇන ඇතුළු කර ගනු ලැබීම තහවුරු වීමත් සමගය.
විදේශීය ගෘහ ගෘහ සේවය සදහා යන ලංකික කාන්තාවන්ගෙන් 30% පමණ විදෙස් ගත වන්නේ මත්පැනට ඇබ්බැහි වූ තැන ස්වාමි පුරුෂයාගේ හිංසන වධ හිංසා හා අඩම්තේට්ටම් වලින් බේරීම සදහාය.ඒ අඩම්තේට්ටම් වලින් බේරී නිදහස් ජිවිතයක් ගත කිරීම සදහාය.මුදල් ඉපයීම,නිවසක් සාද ගැනීම,දු දරුවන්ගේ අනාගතය ආර්ථක අතින් සුරක්ෂිත කිරීම මේ ආදී හේතු මත විදේශ ගත වන කාන්තාවන් ඉතිරි 70% ප්‍රතිශතයට අයත් වෙයි.
මිට තෙවසරකට පෙර ගෘහ සේවකයින් සම්බන්ධයෙන් වසරකට ගැටළු හයදහසක් පමණ වාර්තා වූ අතර මේ වෙද්දී එය තුන්දහස දක්වා අඩු වී ඇත.මේ වෙද්දී නිත්‍යානුකුල පදනමකින් තොරව කුවේට් රටේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව දාහතර දහසකි.ඔවුන්ට කුවේට් දේශයෙන් පිට වීමට ලබා දුන් පොදු සමා කාලයේදී හාරදහසක් පමණ පිරිස ලංකාවට පැමිණියත් එසේ නොපැමිණි දසදහසක් පමණ ශ්‍රමිකයින් කුවෙට් දේශයේ රැදී සිටියි.මෙය ඉදිරියේදී කුවේටය හා ශ්‍රී ලංකාව අතර සබදතා පලුදු වීම කෙරේ බලපාන හේතුවක් බවට පත් විය හැක.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා මෙසේ සදහන් කරයි.
එහෙත් ඇති වූ සිද්ධි අටෙන් සිද්ධි හතරක් පිලිබදව වාර්තාවලින් ඔප්පු වුයේ මේ සියලු සිද්ධි තමා විසින්ම කර ගන්න ලද ක්‍රියා හැටියටයි.අනෙක් සිද්ධි වලට අදාල පුද්ගලයන්ද අවසානයේ පාපොච්චාරණය කරමින් මේවා තමා විසින්ම කර ගන්න ලද බව පිලි ගත්ත.ජෝර්දානයේ සිදුවීම් දෙකක් ලෙබනන් සිදුවීමක් හා කුවේටයේ සිදුවීමක් ගැන මේ වන විට පරීක්ෂණ පවත්වා තිබෙනවා.
එමෙන්ම මෑතකදී ඇන ගිල දැමු 22 හැවිදිරි එක්දරු මව පාපොච්චාරණය කර ඇත්තේ තම සැමියා වෙනත් විවාහයක් කර ගැනීමට සුදානම් වීමත් තමාට තමා දරුවා අහිමි වී යාමත් නිසා තමන් සියදිවි නසා ගැනීමේ අරමුණින් ඇන ගිල දැමු බවය.
එහෙත් ඒ ගැන පරික්ෂ කරන්නට මෙරටින් යැවූ අධිකරණ විශේෂඥය වෛද්‍යවරය්ගේ වාර්තාවෙන් තහවුරු වුයේ මේ කම්බි කැබලි තමාම ඇතුළු කර ගත් ඒවා බවය.ඔහු ගංජා භාවිතයට ඇබ්බැහි පුද්ගලයෙක් බවත් එම රටේදී ඒවා නොලැබීම නිසා එම අවශ්‍යතාවය මත ලංකාවට පැමිණීමේ වුවමනාව අනුව මෙය කර ගත් බව පසුව පාපොච්චාරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත මුස්ලිම් වරුන්ගේ මව්බිමලු
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත මුස්ලිම් වරුන්ගේ මව්බිම නොවන බවත්, ඔවුන්ගේ මව්රට සෞදි අරාබිය බවත් ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එල්ලාවල මේදානන්ද හිමියෝ පවසා ඇත.
දහස් සංඛ්‍යාත බෞද්ධ සිහිවටන විනාශ කරමින් බලහත්කාරයෙන් ඔවුන් නැගෙනහිර පළාතේ ඉඩම් ද අත්පත් කරගෙන ඇති බව උන්වහන්සේ පවසා ඇත.දශක තුනට වැඩ ඇවිලෙන ජාතිවාදී ගින්නට විටින් විට පිදුරු මිටි පිටින් පතිත කරන අතලොස්සක් වූ සිංහල ජාතිවාදී නායකයින් නිසා අද සිංහල දෙමල ජාතින් අතර නිරන්තර බෙදීමක් ඇති වෙමින් පවතී. ප්‍රභාකරන් විසින් උතුරේ මුස්ලිම් වරුන් පලවා හරින විට ඔවුන් පකිස්ථානයට හෝ සව්දි අරාබියට නොව ආරක්ෂාව සදහා පැමිණියේ තවමත් ජිවත් වන නැගෙනහිර ප්‍රදේශ වලටය.මේ රටේ භෞමික අඛණ්ඩතාවයට ඇලුම් කල නිසාම තමන් අවුරුදු සිය ගණන් ජිවත් වූ භුමි වලින් පලවා හරිනු ලැබිය.ප්‍රභාකරන්ගේ ඊලාම් වාදය පිළිගත්තේ නම්, උතුරේ මුස්ලිම් වරුන්ට යහතින් වැජබෙන්නට තිබිණි.
සිංහල,දෙමල,මුස්ලිම්, ක්‍රිස්තියානි ජාතින් හතරම මේ රටේ සංක්‍රමණිකයින් බව පුරා විද්‍යා චක්‍රවර්ති වහන්සේ හොදින් දනී.විජයගමනේ ශ්‍රීලංකාවට සම්ප්‍රාප්ත වූ ජන කොටස් වලින් පවතින්නන් සිංහලයන් බව ඉතිහාසය කියයි.ඔවුන් අදහන බුදු දහමද ඉන්දියාවේ උපන් බුදුන් වහන්සේගෙන් ලැබුණු දායාදයකි. එය මෙරටට ගෙනවේද ඉන්දියානුවෙක් වූ මහින්ද හිමියන් විසිනි.මෙරට පිළිපදින හින්දු අගමේද උපන් රට ඉන්දියාවයි. කතෝලික ක්‍රිස්තියානි ආගම යුරෝපයෙන් පැමිණි එකකි. මේදානන්ද හාමුදුරුවන් වහන්සේද, සහභාගී වූ මහා සිංහලයේ වංශ කතාවෙද අවධාරණය කලේ ශ්‍රී ලංකාවේ ස්වදේශිකයින් ඉස්ලාමය වලද ගැනීම වින අරාබිකරයෙන් සංක්‍රමණය වී පදිංචි වුවන්ගේ සංඛ්‍යාව ඉතා අල්ප බවය.
කරුණු කාරණා කෙසේ වෙතත් අවුරුදු දාහකට අධික කාලයක් මෙරට සිංහල ජනතාව සමග ඉතා සමගියෙන් හා ජාතියලයෙන් ජිවත් වන මුස්ලිම් ජනතාව සෞදි අරාබියට යා යුතුයි” යැයි ප්‍රකාශ කිරීමේ අයිතිය කුමක්ද?
මුස්ලිම් වරුන් රටේ කොටසක් ඉල්ලුවද ?
මෙසේ මුස්ලිම් වරුන්ට ඇගිල්ල දික් කරන ඔවුන්ගේ දේශ ප්‍රේමෙත්වයේ සැකයක් තිබේ,
මෙරටේ සේවයේ දී සිටියදී රාජකාරියේ දී සිටියදී මියගිය පළමු පොලිස් නිලධාරියා මුස්ලිම්වරයෙකි.වර්තමාන යුද්ධයේ සියයකට අධික මැලේ මුස්ලිම් තරුණයින් රට වෙනුවෙන් දිවි පුදා ඇති බව කටුගස්තොට රණවිරු ස්මාරකය සාක්ෂි දරයි.
එසේනම් ස්වාමින් වහන්ස, සිංහල බෞද්ධයන්ට ඉන්දියාවටත්,දෙමල හින්දුවරුන්ට දකුණු ඉන්දියාවටත්,ක්‍රිස්තියානි කතෝලිකයින්ට රෝමයටත් (ඉතාලිය )යන්නට නොකියා මුස්ලිම් වරුන්ට පමණක් අරාබියට යන්න කියන්නේ මක් නිසාද?
අලි මදිවට කොටි කිවා මෙන් දෙමල ජනතාවගේ ප්‍රශ්න මදිවට මුස්ලිම් ජනතාවත් කරලියට අද දැමීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි සිතාගැනීම දුෂ්කර නොවනු ඇත.
Read Full Post | Make a Comment ( 6 so far )මුස්ලිම්වරු හා ගව මස් – “ගව මස් නොකනු” ව්‍යාපාර
“ගව මස් නොකනු” ව්‍යාපාර සංඝයා වහන්සේලාත් බොද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටේ පවත්වාගෙන යන්නේ මෙරටේ ඇති එකම පවත්,එකම ප්‍රශ්නයත් එය යන හැගීම ඇතිවදෝ සිතේ.එතරම් ප්‍රමුඛ ස්ථානයක් එයට දී ඇත.එසේම එම ව්‍යාපාරය එම අය කරගෙන යාම පිලිබදව අපගේ විරුද්ධත්වයක් නොමැත.එහෙත් එතුලින් මෙරට වෙසෙන මුස්ලිම් සමාජයට රූපවාහිනියෙන්, පුවත්පත් වලින්, අත් පත්‍රිකවලින් හා අන්තර්ජාලය තුලින් බැන වැදීම පිළිගත නොහැකිය.
එබැවින් මුස්ලිම් සමාජයට මෙය අරභයා බැන වැදීම මෝඩ කමකි.
බුදුරජාණන් වහන්සේ එකම එක සතෙක් (ගවයෙක්) මුල් කරගෙන “මස් නොකනු” යනුවෙන් දේශනා කලේ නැත.උන්වහන්සේගේ දේශනාව ඊට වඩා පුළුල් විය.
“ලොව ඇති කිසිම සතෙක් නසන්න එපා ” යන්න “පානාතිපාත වේරමණී සික්ඛා පදං සමාදියාමි ” යන සිල් පදයෙන් දේශනා කල සේක.
උන් වහන්සේ එසේ දේශනා කර තිබියදී සතුන් නොමැරීමේ ව්‍යාපාරය ගවයාට පමණක් සිමා කර ගැනීමේ අයිතිය ඇත්තේ කාටද? එය උන් වහන්සේට කරන අගෞරවයක් නෙමේද?
මෙරටේ ධිවර අමාත්‍යංශයක් තිබේ.රට වටේම මුහුදය.මාළු අල්ලන්නෝ බොහෝ සිටිති .මාළු,කරවල,උම්බලකඩ, ආහාර වශයෙන් ගන්නා බෞද්ධයන් එමටය.මේ හැර කුකුල් මස්,බිත්තර ,එළු මස්,උරු මස්,අනුභව කරන්නෝ අති විශාල පිරිසකි. කුභුරේ වැඩ ආරම්භ කල දින පටන් හල ටික ගෙදර ගේන කම්, කෙතරම් කුඩා සතුන් ,පනුවන් මැරෙනවද? මරනවද?
මේවා ගැන කිසිවක් කතා කරන්නේ නැත්තේ අයි ?
පන්සිල් පද තුල පරණ ඝාතනය පමණක් නොව තවත් ද කියවේ.”කාමේසු මිච්ජාචාර වේරමණී සික්ඛා පදං සමාදියාමි” “සුරාමේරය මජ්ජ පමදට්ඨාන වේරමණී සික්ඛා පදං සමාදියාමි.” යන ප්‍රධාන කරුණු දෙකකි.
මගුල් ගෙදරටත්,මල ගෙදරටත්,දියණියගේ කොටහළු මන්ගල්‍යටත් මත්පැන් නැතිවම බැරිය.එපමණක් නොව පිරිත් කියන විට තවත් තැනක අරක්කු බෝතල් විවෘත වේ.එසේම අරක්කු සප්පායම් කරන්නන් හට උරු මස් ,ගව මස් කටගැස්ම සාදා දීමටත් පිරිත් ගෙදර කාන්තාවන්ට සිදු වී තිබේ.අපි අහන්නේ “ගව මස් නොකනු ” ව්‍යාපාරයේ නියමුවන්ට පන්සිල් වල ඇති මෙම කරුණු නොපෙනෙන්නේ ඇයි ? “ගව මස් නොකනු ” ව්‍යාපාරයට මෙන්ම මේවට විරුද්ධත්වයක්,මහා ව්‍යාපාරයක් ගොඩ නගන්නට තැත් න්කරන්නේ ඇයි ?
ආගම මාරුව ප්‍රශ්නයක් වී-ආගමක් පිළිගැනීම හා ප්‍රචාරය කිරීම
ලංකාවේ ආගමක් පිළිගැනීම හා ප්‍රචාරය කිරීම නීතියෙන් අනුමත වෙලා තියෙනවා.දැඩි කොමියුනිස්ට් මතදාරී රටක ආගමික ප්‍රචාරයට ඉඩ ප්‍රස්ත නැතත් යම් සීමාවක් ඇතිව ආගමක් පිළිගැනීමට හා පිළිපැදීමට අවසර ඇත.මෙම අනුමැතිය හරහා ලොව ඇති ආගම ඇදහීමත් ප්‍රචාරය කිරීමත් සිදු කෙරෙනවා.
වර්තමානයේ භික්ෂුන් වහන්සේලා රටවල් ගණනාවක බෞද්ධ ප්‍රචාරයේ යෙදී සිටිනවා.ඒ සදහා ඒ රටවල නිරන්තර බෞද්ධ මද්‍යස්ථාන පවත්වාගෙන යනවා.වසර දහයක සැලසුමක් සහිතව දැනටමත් බෞද්ධ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා.මේ සියලුම උත්සාහයන් ඊට ලබා දී ඇති අනුමැතිය හරහා සිදු වෙනවා.අප රටේද අනෙක් ආගම ප්‍රචාරය කිරීමට අනුමැතිය තිබෙනවා.
ඇත්තම පවසනවානම් අද වනතුරු එම අනුමැතියට තහනමක් තිබුනේ නැහැ.එහෙත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා චෝදනා කරන පරිදි වක්‍රව ,ඇතැමුන්ගේ දුගී භාවය,නැති බැරිකම දඩමීමා කරගෙන ආගම වලට හැරවීම කෙරෙන බවයි.එම නිසා උන්වහන්සේලා “බෞද්ධයි අන්‍ය ආගම වලට හැරවීම වැළක්වීමේ “පනතක් ඉල්ලා සිටියා.
ආගමක් යනු මිනිසාගේ ස්වයන් තීරණය මත පිළිගෙන පිළිපැදිය යුතු දෙයක්,කොතරම් උතුම් වූ ආගමක් වුවත් එය බලහත්කාරයෙන් හෝ මුදල නැතිනම් වෙනත් යමක් දී පිළිගැන්වීමට තැත් කිරීම බලවත් වරදකි.
එසේ කිරීමෙන් මිනිසා තුල ආගමික හැගීමක් හා ඒ අනුව සැකසුනු ජිවිතයක් තිබෙන්නේ නැත.ඒ වෙනුවට එවන් මිනිසෙකුගේ ආගම,දහම තීරණය කරන්නේ මුදල් නැතිනම් වෙනත් දෙයක්.මෙහිදී එම පුද්ගලයාගේ දෙවියා වන්නේ මුදල්.නැතිනම් වෙන දීමනාවක්.
මෙසේ ආගමට හැරවීම වංචනික ක්‍රියාවක්.මේකට භික්ෂුන් වහන්සේලා විතරක් නෙමේ මානව අයිතීන් සුරකින වගකීම ලත් සැම කෙනෙකුම විරුද්ධ විය යුතුයි.
තවත් වැදගත් කාරණාවක් සලක බැලිය යුතුයි ,එනම් සැම අගමිකයෙකුටම සැම ආගමක් වටහා ගැනීමට, නියම වශයෙන් හදුනා ගැනීමට ඉඩ ප්‍රස්ථා තිබිය යුතුයි.මිනිසා බුද්ධිමත්ව සැම ආගමක්ම පරික්ෂ කර බැලීමේ අවස්ථා තිබිය යුතුයි.කෙනෙකු තම ආගම කුමක්ද යනු, තීරණය කොට පිළිපැදීමේ නිදහස තිබිය යුතුය.
එසේ ආගමක් පිලිපදීමේදී අනෙක් අගමිකයෙකුට කරදර නොවිය යුතුය.
ඇත්තෙන්ම මෙවන් ක්‍රියා මාර්ගයකදී බල කිරීමක් නැත.මුදල් පරිහරණයක් නැත.වෙනත් ලෞකික ආශාවන් කෙරෙහි වක්‍රව යොමු වීමක් නැත.ඒ වෙනුවට මිනිසාගේ බුද්ධිය ක්‍රියාශීලි වේ.ඇත්ත-නැත්ත අවබෝධ කර ගනියි.හිතට එකගව යමක් පිළිගනී.ඒ අනුව ජිවත් වේ,ඒ වෙනුවෙන්ම අවශ්‍ය වන විට ජිවිතයද පුදයි.
මෙවන් සිතක් ඇති වන්නේ අවබෝධයෙන් යුතුව තම ආගම ,ජීවිතය හා ගති පැවතුම් සියල තීරණය කරන විටයි.මේ සදහා සැම කෙනෙකුටම විවෘත අවස්ථාවක් තිබිය යුතුය.
එය මානව අයිතිවාසිකමකි.
ඉස්ලාමිය ප්‍රචාරක වැඩ කටයුතු සියල්ලටම ක්‍රමවත් පිළිවෙලක් ඇත.එහි ප්‍රධාන අංගය වන්නේ ඉස්ලාමයට පැමිණෙන ලෙස කිසිවෙකුට බල නොකළ යුතු බවයි.
“දීන් හි,අල්ලාහ් විසින් පහල කරන ලද ජිවන මාර්ගය පිලිපදිමෙහි බල කිරීමක් නැත.” (අල්:කුරාන් 2:256)
මෙසේ ඉස්ලාමයේ පැවසීමට කරුණු තුනක් ඇත.
- බල කිරීමකින් හෝ මුදල් තණ්හාවෙන් හෝ වෙනත් යමක් ලබාගැනීමේ චේතනාවෙන් කෙනෙකු ඉස්ලාමය වැලද ගත්තා නම් එම තත්වය තිබෙන තුරු ඔහු ව්‍යාජ මුස්ලිම් වරයෙකු ලෙස රගපයි.එම තත්වය වෙනස් වූ විගස එම මිනිසාද වෙනස් වී යයි.
- ඉස්ලාමයේ ප්‍රධාන දෙය වන්නේ අදෘශ්‍යමාන අල්ලාහ් කෙරෙහි විස්වාශය තැබීමයි.එම විශ්වාසය මුදලින් හෝ බලෙන් ගත හැකි දෙයක් නොවේ.මෙය අවබෝධයෙන් යුතුව සිතෙහි පහල වන අචල විශ්වාසයකි.සිතේ මෙම විස්වාශය නියම වශයෙන් තිබුනොත් පමණි කෙනෙකු මුස්ලිමෙකු වශයෙන් ජිවත් වන්නේ,මරණින් මතු ජීවිතය විශවාස කරන්නේ, නබි(සල්) තුමාගේ අඩි පාරේ ගමන් කරන්නේ.
- මෙවන් නියම මුස්ලිම් වරයෙකු කව්රු බල සිටියත් නැතත් අල්ලාහ් බලා සිටින බව දැඩි විශ්වාසයෙන් ජිවත් වෙයි.ඔහුගේ මරණයට වඩා අල්ලාහ් කෙරෙහි වූ විශ්වාසය ඔහු එක සිතින්ම නැගී සිටියි.
මුදලට හා බලයට වහල් වී ඉස්ලාමය පිලිගන්නන් ගෙන් මෙවන් උතුම් ගතිගුණ ඇත්තවුන් බිහි වෙයිද? ඉස්ලාමය පිලිපදිමෙහි බලය දීම සහමුලින්ම අල්ලාහ් විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ මෙම හේතුව නිසයි.එක අතකින් මුදල්, බලය හා ඒවායින් කෙරෙන නොයෙකුත් දේ පෙන්වා කෙනෙකුගේ ආගම වෙනස් කිරීමට තැත් කිරීම නින්දිත ක්‍රියාවකි.එමගින් උතුම් ගුණ ඇත්තවුන් නොව කුහකයින්ගේ සමාජයක් බිහි වෙයි. අනෙක් අතින් කොයි එකත් අවබෝධ කරගෙන ජිවත් වීමට එරෙහිව වැට බැදීම මිනිස් අයිතිවාසිකමට එරෙහිව ගන්නා පියවරකි.එයින් “කොහොම හරි ජිවත් වෙමු” යැයි සිතන සමාජයක් බිහි වෙයි.
මෙම කරුණු තේරුම් ගෙන මිනිස් සමාජයේ දෙලොව යහපත තක හෘද සාක්ෂියට එකගව ක්‍රියා කිරීමට නැගී සිටිමු.