හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් ද ?

Posted on July 30, 2011. Filed under: කාලින | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

මිනිහෙක් වුනාම ජිවිතේ අරමුණු තියෙනවා.තමන් කැමති අකමැති දේවල් තියෙනවා.කරන්න ඕන ,එපා දේවල් තියෙනවා.මේ හැමදෙයක්ම එකතු වෙලා තමයි මිනිසා කියන අධ්‍යත්මකය බිහි වෙන්නේ.ඔහු තුල හොද සේම නරකත් තියෙනවා.සමහරු කපටියි,සමහරු පෙරේතයි,සමහරු වනචරයි,සමහරු දක්ෂයි,සමහරු හරිම හොදයි,සමහරු නරකයි,හැම හොද කෙනෙක් ලගම නරක චුට්ටක් හරි තියෙනවා.ඒ නිසා මේ ලෝකේ 100% හොද මිනිස්සු බිහි වෙලා නැහැ.නමුත් මේ සමාජය ය දගලන්නේ සර්ව සම්පුර්න හොද අය වගේ සමාජය ඉදිරියට පෙනී ඉන්න.එක කරන්න බැරි දෙයක්.

මේ ලදී හරි අපුරු කතාවක් යනවා.රුපවාහිනියේ ජාතික නාලිකාවක, හරක් මරන්න එපාලු.. කිරි දුන් මවක්සේ,දිරි දුන් පියෙකු සේ,ජාතියට උරදුන් හරකා රැක ගනිමුලු. ඝව මස් කෑමෙන් වැළකිලා,ඝව ඝාතනයට විරුද්ධ වෙන්නලු.අපි හරකා මරනකොට හරකව මසට මරනවා කියල අපි දන්නවද කියලත් අහනවා.එක හොද ක්‍රියාවක්.

නමුත් හරක් මස් කරනකොට හරකා මරණ බව හරි.එතකොට මෝර මාළු කනකොට මෝරව මරන්න එපැයි.කුකුල් මස් කන්න කුකුලව මරන්න එපැයි.වැඩිය ඕන නැහැ හාල්මැස්සෙක් හරි මරන්න එපැයි බැදුමක් කන්න. දැන් එතකොට කුකුළා මරනවට වඩා පව්ද හරකා මැරුවම හරකා විතරක් නොමරා අනික් උන්ව මැරුවම පින් සිද්ධ වෙනවද?
එක ජිවිතයක් මැරුවම අපි නිකමට හිතමු පව් මනින ඒකකයෙන් මන්නම 1 යි කියල.දෙන්නෙක් මැරුවම 2 යි කියල.එතකොට මිනිසුන්ට කන්න කියල එක හරකෙක් මැරුවොත් ඒ හරක් මස් ටික කනවා අඩුම තරමින් පවුල් 100 වත්,එක හරකයි මරන්නේ,එත් පවුල් 100 කට කුකුල් මස් දෙන්න කුකුල්ලු මරන්න ඕන 100 ක්.එතකොට අර ඒකකයෙන් මැන්නම පව් 100 යි.එහෙම බැලුවම හරක් මස් කන එකට වඩා කුකුල් මස් කන එක පව්.හාල් මැස්සෝ කන එක ඊට වඩා පව්.
එතකොට මේ මාධ්‍ය හරකට විතරක් මේ තරම් love ඇයි ? මට හරි ප්‍රශ්නේ ඕක.මගේ කිරි දුන්න අම්මා නම්,අපේ අම්මා.ඔය කියන මාධ්‍ය ආයතනවල අයට කිරි දුන්නේ හරකා කියල එයාලම කියන නිසා අපි පිලිගනිමුකෝ.එක වෙනම කතාවක්.

නමුත් ගැටලුව තියෙන්නේ බොරු සත්ව කරුණාවක් පෙන්වන්නේ ඇයි කියල.බුද්ධිමත්ව හිතන ඕනෑම කෙනෙක් දන්නවා,කොයි සතා මරණ එකත් පව්.
ඔබ කඩේට ගිහින් මාළු ග්‍රෑම් 500 ක් ඉල්ලද්දී ඒ පණ පිටින් උන්න මාළුවෙක්ය කියල නොදැනද කන්නේ ? අපි බබාලාද ?

ඉතින් හිගක් අය ඔහොමයි. අපි බබාලා කියල හිතාගෙන එයාල ලග නැති ඒවා තියෙනවා කියල අපිට කියනවා.උන් කියනවා අපි අහනවා.
මේකයි.මිනී මර මරා හෙන සත්ව කරුණාව තියෙන මිනිසෙක් වෙන්න බෑ.කුපාඩිකම් කර කර ශ්‍රද්ධවන්තයෙක් වෙන්න බෑ.ඔබ කැමති නම් කැමති දේ කරන්න, බොරු ටෝක් එපා.එක හරි කැතයි.සමහර විට ඔබ පම්පෝරි ගහන සමාජය ඔබ ගැන දන්නේ නෑ.ඒ වුනාට ඔබම දන්නවනේ ඔබ කව්ද කියල.

මුලාශ්‍රය : තරුණයා පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙනි.

Read Full Post | Make a Comment ( 7 so far )

මිනිසුන්ව කපා කොටා ධර්මය ප්‍රචාරය කලා – පුජ්‍ය කිරිබත්ගොඩ කඥණානන්ද හිමි

Posted on July 26, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , |

චෝදනාව :
අපි දන්නවා මොහොමඩ් නබි මිනිසුන්ව මිනිසුන්ව කප කපා හැම තැනම ගිහින් ඒ ධර්මය ප්‍රචාරය කලේ.එය ධර්මය ප්‍රචාරය කලේ කඩුවෙන්.එයට අකුරු බැරි නිසා  අකුරු දන්නා කෙනෙක් ලවා කඩුවේ කොටවා ගත්තා “ඉස්ලාම්” කියල.එකේ තේරුම සාමය දැක්කද “සාමය” කඩුවට දාපු හැටි.

පොත : නුවන පාදන සිරි සදහම්
ප්‍රකාශනය :
මහ මෙව්නා භාවනා අසපුව, වඩුවාව. යටිගල්ඕවිට , පොල්ගහවෙල.
කර්තෘ : පුජ්‍ය කිරිබත්ගොඩ කඥණානන්ද හිමි (උන්වහන්සේගේ භාවනා වැඩ සටහන් උදෙසා කල දේශනා වලින් එකතුවක් )
පිටුව : 
56 


මුහම්මත් (සල්) තුමා කෘර වධකයෙක් හෝ “එයා ” “මෙයා ” යනු සදහන් කරන තරම් පහත පුද්ගලයෙකු නොවේ.එතුමාගේ ඉස්ලාමිය ව්‍යාපාරය නොරිස්සු ඇතැම් බටහිර ඉතිහාසඥයන් පවා එතුමාට පුද්ගලිකව පහත ලෙස කතා කලේ නැත.එහෙත් ධහම් කතිකාවන් පවත්වමින් විවිධ පෙදෙස් වලට වැඩම කරන බුද්ධ පුත්‍ර කිරිබත්ගොඩ කඥණානන්ද හිමි මුහම්මත්(සල්) තුමාට අපහස වනසේ ලිවිම මුස්ලිම්වරුන්ගේ අප්‍රසාදයට හේතු වූ කරුණකි.

ඉස්ලාමය හෝ මුහම්මත්(සල්) තුමා විමර්ශනය නොකළ යුතුයි යනු අපගේ අදහස නොවේ. එයට අනුගමනය කලා යුතු පිළිවෙතක් ඇත,ක්‍රමයක් ඇත.කෙනෙකු තමා ලද සාධක සහිතව ,තම අදහස් ඉදිරිපත් කොට කරුණු කීමෙහි කිසිදු වරදක් නැත..නමුත් නිකම්ම නිකම්,ආවාට ගියාට කරුණු කියා කෙනෙකුගේ නම්බු නාමයට පහර ගැසීම මහා පාප ක්‍රියාවකි. උන්වහන්සේ කි කරුණු ඇත්තද බොරුද යනු විමසා බැලීමට පෙර මුහම්මත් (සල්) තුමා කියන්නේ කව්ද යනු සුළුවෙන් හෝ වටහා ගැනීම හොදය.

එතුමාට ඇති ගෞරවය.
මුහම්මත් (සල්) තුමා එකම දෙවියෙකු වූ අල්ලාහ් ගේ අවසන් නබි වරයාය.දිවසිවරයාය.වසර 1400 ට පෙර පටන් පැවත එන මුස්ලිම් සමාජයේ නායකයාය.මහපෙන්වන්නය.අද ලොව කොටි 140 ට අධික මුස්ලිම් වරුන්ගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ උතුම් වූවෙකි.මුස්ලිම් වරු ගරු කරන එතුමා තරම් ශ්‍රේෂ්ට වුත් තවත් පුද්ගලයෙකු මිහිපිට නැත.මුහම්මත්(සල්) තුමාගේ ශුද්ධ නාමය මුවින් පිට කරන සියලු මුස්ලිම්වරුන් “සල්ලලාහු ලෛහි වසල්ලම් ” යනු ප්‍රර්ථනා කරන්න අමතක කරන්නේ නැත.එපමණක් නොව එම ශුද්ධ නාමය කන වැකෙන මුස්ලිම් වරයෙක් වේනම්,ඔහුද, “සල්ලලාහු ලෛහි වසල්ලම් ” යනුවෙන් ප්‍රර්ථනා කරයි. එතුමාගේ නම ලිය මුස්ලිම් වරයෙකු පවා “සල්ලලාහු ලෛහි වසල්ලම් ” යනු හෝ එයා කෙටියෙන් (සල්) යනු හෝ නොලියා නොසිටියි.මෙම වචන මාලාවේ තේරුම “අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය එතුමාට අත් වේවා ! ” යන්නයි.
මුහම්මද් (සල්) තුමා ගැන මුස්ලිම් නොවන විද්වතුන්
මුහම්මද්(සල්) තුමාගේ ජීවිතය,ඉස්ලාමිය ධර්ම ව්‍යාපාරය,මිතුරන් පමණක් නොව ,සතුරන් සමගද හැසිරුණු ආකාරය වැනි බොහෝ දේ ගැන මුස්ලිම් විද්වතුන් විසින් නිම වූ කෘතීන් දහස් ගණනක් ඇත ඒ හැර, මුස්ලිම් නොවන විද්වතුන් විසින් ලියන ලද කෘතීන් විශාල වශයෙන් ඇත.එවැනි පොත් වලින් උපුටා ගත් කරුණු මෙහි සදහන් කරමු.
මහාචාර්ය K.S. රමක්‍රිශ්න රාඕ
“කෙනෙක් ශ්‍රේෂ්ට වුත් උතුම් ගතිගුණ ඇත්ත වුත්,මිනිසෙක් යනු පැවසීම පිණිස ඔහු තුල පහත සදහන් සුදුසුකම් තුනක් ඇත්තේද පරික්ෂ කර බැලීම අවශ්‍යයි.
1.. ඔහු ශ්‍රේෂ්ට ගතිගුණ වලින් සම්පුර්ණ වූ කෙනෙක් බව ඔහුගේ සමකාලින ය පිළිගෙන තිබිය යුතුය.
2.. එම වකවානුව තුල පොදුවේ මිනිසුන් ජිවත් වූ තත්වයට වැඩ මොහුගේ ජිවිත තත්වය උසස් විය යුතුයි.ගෞරවාන්විත විය යුතුයි.
3.. පසුකාලීනව මිනිස් සමුහයට නිත්‍ය ප්‍රයෝජනය සදහා වැදගත් ජිවනදර්ශයක් තබා ය යුතුයි.
මුහම්මත්(සල්) තුමා මෙම සුදුසුකම් තුනෙන් අංග සම්පුර්න වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.මෙපනක් නොව,කෙනෙක් උතුම් වුවෙක් යනු ගෙන දැක්වීමට අවශ්‍ය වෙනත් සුදුසුකම් ඇත්නම්, ඒ සියල්ල තුලින්ද මුහම්මත් නබි (සල්) තුමාගේ උතුම් බව මානව ඔප්පු වනවාට සැක නැත.”
Muhammad -The Prophet of islam , 2nd Edition . Prof .K .S .Ramakrishna Rao ,(1979) page 13

තෝමස් කාලයිල් (Thomas Carlyle )
“වැලිකතරේ ජිවත් වුනු මෙම ස්වභාවයේ පුතුන්ගේ හදවතින් මිනිස් සමාජයට අවශ්‍ය (දේව) බියබැතිකම හා සහෝදරත්වය පිණිස වූ හද පැතිරිණි.මෙන් සියලු යහපත් ගුණ ධර්ම ලොවට සම්ප්‍රාප්ත විය ”
(ඉහත පොත , පිටුව 13 )
බොස්වත් smith (Reverend Bosworth Smith )
“මුහම්මත් නබි තුමා රටක නායකයෙක් හා ආගමික නායකයෙක්ද වෙති,එතුමා තුල එකවරම සිසර්වද,පාප් වහන්සේවද, දැකිය හැකිය .එහෙත් එතුමා පාප් වහන්සේ ලබා ඇති වරප්‍රසාද හා සම්පත් කිසිවක් නොලබා පාප් වහන්සේ කෙනෙකුගේ තත්වයේද,නිත්‍ය හමුදාව ,ආරක්ෂක භටයින් ,මාලිගා,නිත්‍ය ඉපයීම් මාර්ගයක් යනාදී කිසිවක් නොමැතිව සිසර්ගේ තත්වයේද සිටියේය,නියම දේව මග පෙන්වීම අනුව “පාලනය ගෙන ගිය බව කෙනෙකුට හිමිකම් කිව හැකි නම්,එයා මුහම්මත් නබි(සල්) තුමාට ඇත.ඊට හේතුව බලය ලබා ගැනීමට අවශ්‍ය වන පොදුවේ සිතන කිසිවක් නොලබාම සියලු බලතල එතුමාට හිමි වී තිබිණි.එහෙත් එතුමා ලබා ගත් සමාජ ශක්තිය හා බලය තුලින් සාමාන්‍ය සරලභාවය එතුමාගේ සමාජ ජීවිතයෙහි දක්නට තිබුණි.”
Life of Muhammad , Rev. Bosworth ස්මිත්
මහත්මා ගාන්ධි
“මුහම්මත් ඉතා ශ්‍රේෂ්ට දිවසිවරයෙක්,එතුමා අත්විදි දුක් වේදනා පිළිබද සටහන් කියූ මා කදුළු සලුවෙමි ”
ජෝර්ජ් බර්නාඩ් ෂෝ 
“මම එම පුදුමාකාර මිනිසාගේ ජිවන චරිතය කියව ඇත්තෙමි.එතුමා මිනිස් සමාජය විනාශයට පත් වී යාමෙන් බේරාගනු පිණිස පහල කල කෙනෙකු බව මගේ හැගීමයි.
බ්‍රිතාන්‍ය විශ්ව කෝෂය.(Encyclopaedia Britanica)
“සියලු දිවසිවරුන්ගේ හා ආගමික උපදේශකවරුන්ගෙන් මුහම්මත් නබි(සල්) තුමා ඉතා උසස් අන්දමින් ජය ලබා ගත් කෙනෙකි.”
මයිකල්, එච් හාට් (Michael .H .Hart)
“ලොවෙහි ඉතා අධික ලෙස ප්‍රසාදයට පත් වූ මිනිසුන්ගෙන් පළමුවැන්නා ලෙස මුහම්මත් නබි (සල්) තුමාය.මෙම තෝරා ගැනීම පාඨකයින්ගේ ඇතැමුන් විමතියට කරුණක් වන අතර ,ඇතැමුන්ට මහත් ප්‍රශ්නයක් වනු ඇත.එහෙත් ඉතිහාසය දෙස පක්ෂපාතිත්වයෙන් තොරව බැලු විට අධ්‍යාත්මික හා ලෞකික දෙපැත්තෙහිම විශාල ජයක් අත්පත් කරගත් මිනිසෙක් වේ නම් එතුමා පමණකි.”
ප්‍රකට ඉතිහාසඥ්ක් වූ ගිබන් (Gibbon )
” අනෙක් ආගම් කඩුවෙන් විනාශ කර දැමීම මුස්ලිම්වරුන් සතු යුතුකමකි, යන්න සත්‍යයට පටහැනි අදහසකි.මෝඩකම පදනම් කරගෙන ලියන,කියන මෙම අදහස ප්‍රතික්ෂේප කිරීමට ශුද්ධ කුරානය සහ මුස්ලිම් විරුවන්ගේ ඉතිහාසය පමණක් නොව,ඔවුහු ප්‍රත්‍යක්ෂව හා නිත්‍යානුකුලව ක්‍රිස්තියානි ධර්මය කෙරේ දැක්වූ අභිමානය යනාදිය ප්‍රමාණවත් වේ.”
මෙලෙස මුහම්මත් (සල්) තුමා ගැනත් එතුමාගේ දහම් මෙහෙවර ගැනත් මුස්ලිම් නොවන්නන් දැක්වූ අදහස් දහස් ගණන් ඇත.
මුහම්මත් (සල්) තුමාගේ ජීවිතය හා මෙහෙවර
මුහම්මත් (සල්) තුමා වසර 63 ජිවත් වුහ.එයින් වසර 40 කම ගෙවී ගියේ සාමාන්‍ය,එහෙත් යහපත් ගති පැවතුම් ඇති කෙනෙකුගේ ජීවිතය මෙනි.එම කාල පරිච්ජේදය තුල එතුමා අවට සිටි සියලු දෙනාට උදව් උපකාර කරමින් කටයුතු කලා..එතුමා මිනිසුන් අතර පන නගින ප්‍රශ්න විසදුවා.සඳු දබර සමථයකට පත් කලා.එනිසාම ජනයා මුහම්මත් (සල්) තුමාට “අල්-අමින් ” (විස්වාශ වන්තයා ) “අස් සාදික් ” (සත්‍යවන්තය ) යන ප්‍රශංසනීය නම් වලින් ඇමතුවා.මෙම වසර 40 තුල එතුමා වරදක් කලා බවට,අනාචාරයේ හැසිරුණු බවට,බොරු කි බව,කාටවත් බන වැදුණු බවට, එකම එකදු සටහනක් ,සාක්ෂියක් නොමැත.

මුහම්මත් (සල්) තුමාගේ ප්‍රචාරයේ තේමාව.

මුහම්මත් (සල්) තුමාගේ ඉස්ලාමිය ප්‍රචාරක වැඩ කටයුතුවල තේමාව වුයේ ඒක දේව සංකල්පයයි.දෙවියන් එක්කෙනෙකි.ඔහුගේ නම අල්ලහ්ය.ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙක් නැත.ඔහුට අවනත වන්න.ඔහුට පමණක් වන්දනා මන කරන්න.ඔහුගෙන් පමණක් ප්‍රර්ථනා ඉටු කරන්න. ඒ හැර මිනිසුන්,සත්වයන්,ඉර,හද,ගින්න ,ජලය ,භුමිය ,පිළිම ,පින්තුර ,ගස්,ගල් වැනි කිසිවකට නොවදින්න. මරණින් මතු ජිවිතයක් ඇත.එහිදී අප කලා හොද නරක අනුව ස්වර්ගය හෝ නිරය ලැබෙනවා ඇත. යනුවෙන් එදා ජනයා ඉදිරියේ ප්‍රකාශ කළහ.
සතුරු උවදුරු- දුක් වේදනා.
මෙම ඉස්ලාමිය ව්‍යාපාරය මක්කමේ නොකඩවා වසර 13 ම නොකඩවා කෙරිණි.මෙයා නොරිස්සු මක්කමේ පාප කාර්ම වල දී සිටි බලවත් සතුරු පිරිස නබි තුමාට අඛණ්ඩව වද හිංසා කළහ.එතුමා යන එන මාර්ගයේ විෂ සහිත කටු අතුරා තැබුවා.එතුමාගේ ශරීරයට කුණු වූ සත්ව බඩවල් දැමුවා.එතුමාට පහර දුන්නා.එතුමාගේ නිවසේ මුළුතැන් ගෙයහි පාත්‍ර වල අසුචි ගෙනවිත් දැම්ම. වසර 2 1/2 පමණ අර්ථක සමාජීය සම්බාධක වලට ලක් කොට වද දුන්නා.එතුමාව ඝාතනය කිරීමට අනන්තවරක් උත්සහ කලා.එතුමාගේ සහයක ස්ත්‍රී,පුරුෂ බොහෝ පිරිසක් ඝාතනය කලා.ඔවුන්ටද නොයෙකුත් වද දුන්නා.
මෙහිදී විශේෂයෙන් සදහන් කල යුත්තේ ,මෙම වසර 13 තුල මුහම්මත් (සල්) තුමා හා එතුමාගේ අනුගාමිකයින් පිරිස සියලු වේදනා විද දරාගෙන සිටිය මිසක් සතුරන්ට එරෙහිව කඩුවක් කෙසේ වෙතත් අගිල්ලක්වත් එසවූ නැති බව.
අවසානයේ ඔවුන්ගේ සතුරුකම් ඉවසා ගත නොහැකි වූ විට නබි තුමා තමා අනුගාමිකයින් සමග මදිනාවට සංක්‍රමණය කළහ,මදිනාවේදී එතුමා ඉස්ලාමිය සමාජ ක්‍රමයක්-රජයක් ස්ථාපිත කළහ.එහි අවට විසු යුදෙව්වන්,ක්‍රිස්තියානින් හා අනෙකුත් ගෝත්‍රිකයින් සමග සාම ගිවිසුම් ඇති කර ගත්හ,
සටන් කිරීමට අනුමැතිය.
එහෙත් එහිදී මක්කමේ සතුරු සේනාව නබි (සල්) තුමාට එරෙහිව කටයුතු කළහ.මෙසේ වසරක් එහි ගත විය.අවසානයේ වසර 14 කට පසුව සතුරන් සමග සටන් කිරීමට අනුමැතිය දුන්නේය.ඊට හේතුව ශුද්ධ කුරානයේ පැහැදිලිවම සදහන් කොට ඇත.
“යම් අයෙකුට එරෙහිව සටන් කරනු ලැබේද,ඔවුනට සටන් කිරීමට අනුමැතිය දෙනු ලැබ ඇත.ඒ ඔවුනට අසාධාරනකම් කරනු ලැබූ නිසාය.ඔවුනට උදව් කිරීමට අල්ලාහ් නියත වශයෙන්ම බලසම්පන්නය.ඔවුහු කවරකු නම්,අපගේ පරමාධිපති අල්ලාහ් යැයි ඔවුන් කි නිසා අසාධාරණ ලෙස තමා නිවෙස් වලින් පන්න දමන ලද අය වෙති.ජනයාගෙන් ඔවුන්ගෙන් එක් කොටසක් මගින් අනෙක් කොටස අල්ලාහ් නොවැලක් වුයේ නම්,ආරාමයන්,(ක්‍රිස්තියානි) දේවස්ථාන,යුදෙව් දේවස්ථාන, සහ එහි අල්ලාහ්ගේ නාමය බොහෝ සෙයින් සිහිපත් කරනු ලබන මස්ජිඩ් ආදී දේවස්ථාන සුනු විසුනු කරනු ලබන්නට තිබුණි.(අල්-කුරාන් 2:39:40)

මෙසේ අල්ලාහ්ගේ අනුමැතිය ලැබීමෙන් පසුවයි,මුහම්මත් (සල්) තුමා සතුරන්ට එරෙහිව ක්‍රියා කලේ.එත් ඉස්ලාමය ප්‍රචාරය කිරීමට නොවේ.තමාගේ හා තම අනුගාමිකයින්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙනුත්,පාප ක්‍රියාවන් තුරන් කිරීම වෙනුවෙනුත්ය.

එම සටන් වලදී පවා මුස්ලිම්වරුන් පිළිපැදිය යුතු විනයානුකුල කරුණු ගෙන දැක්වීමට එතුමා අමතක කලේ නැත.

“ඔබ කිසිවකුට වංචා නොකරන්න,නොරවටන්න,පොරොන්දු කඩ නොකරන්න,කිසිවෙකුගේ අවයව නොකපන්න,දරුවන්,කාන්තාවන් හා මහලු අය ඝාතනය නොකරන්න, ප්‍රයෝජනවත් ශාඛා නොකපන්න,ඒවාට ගිනි නොතබන්න,වැදුම් පිදුම් වල නිරතව සිටින පුජකවරුන් හා සාමාන්‍ය වැසියන්ට කරදර නොකරන්න,ඔවුන් සතුරුකම් කිරීමෙන් වැලකුනොත් ඔබද සටන් කිරීම නවත්වන්න ” 


මෙසේ කොන්දේසි දමමිනුයි මුහම්මත් (සල්) තුමා තම අනුගාමිකයින්ට සටන් කිරීමට අනුමැතිය දුන්නේ.මේ සියලු කාරණා ඉතිහාස ග්‍රන්ථ වල සටහන් වී ඇත.
අසත්‍ය චෝදනා.

ඉහත කරුණු දෙස බලන විට කිරිබත්ගොඩ කඥණානන්ද හිමියන්ගේ චෝදනාවෙහි ඇත්තක් නැති බව කටත් වැටහෙනවා වසර 14 ක්ම සතුරන්ට එරෙහිව ඇගිල්ලක් වත් එස වූ නැති, මක්කාව හා මදීනව හැර වෙන තැනකට නොගිය මුහම්මත් (සල්) තුමා ” මිනිසුන්ව කඩුවෙන් කපා හැම තැනම ගිහින් ඒ ධර්මය ප්‍රචාරය කලේ,” යනුවෙන් කීම ඇත්තක් තිබේද?

” අකුරු නොදන්නා මුහම්මත් (සල්) තුමා තම කඩුවෙහි ඉස්ලාම් යනු කොටවා ගත්තා.” යැයි කීම සාධක රහිත චෝදනාවකි.මුසාවකි, බුද්ධ පුත්‍රයාණන් මෙසේ චෝදනා කිරීමට පෙර සොයා බැලුවේ නම්,සත්‍ය දැන ගන්න තිබිණි.
ඇත්ත වශයෙන්ම , අපි උන්වහන්සේට දොස් නොනගමු.ඉතිහාසය නොදත්,නැතිනම් ඉතිහාසය විකෘති කොට ලියු කව්දෝ කෙනෙකුගේ අදහසක් බලා උන්වහන්සේ තමන්ගේ සොයා ගැනීමක් ලෙස ඉදිරිපත් කොට ඇත.තමන් ජනප්‍රිය වීමට හෝ තමන්ගේ පොත් විකුණා ගැනීම සදහා මේ ආකාරයට අසත්‍ය තොරතුරු පල කරමින් ලාභ ලබන්නෝ එමටය.මෙය වැරදිය.
අපි උන්වහන්සේගෙන් පමණක් නොව සියලු අයගෙන් ඉල්ලා සිටින්නේ ,මුහම්මත් (සල්) තුමාව පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට එතුමා ගැන මනා දැනුමක් ඇති කර ගන්නා ලෙසයි, සත්‍ය කවදත් කොතනකදිත් සත්‍යම වෙයි.

Read Full Post | Make a Comment ( 12 so far )

ඇමෙරිකානු ව්‍යාජ කුරානය-මුස්ලිම්වරුන්ට එරෙහි යුදෙව් ක්‍රිස්තියානි අලුත්ම කුමන්ත්‍රණය

Posted on July 22, 2011. Filed under: හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , |

මුස්ලිම්වරුන්ට එරෙහිව පැහැර ගැසීම හා කරුණු විකෘති කිරීම අන්තර්ජාලයේ නිමාවක් නොමැත.ව්‍යාජ වෙබ් අඩවි පමණක් නොව එයින් නොනැවතී ව්‍යාජ කුරනයක් මුද්‍රණය කර බෙදා හරිමින් පවතී. මෙම ව්‍යාජ කුරානය කුවේට් රටේ බෙදා හරිමින් පවතී.එම ව්‍යාජ කුරානයේ නම “the True Furqan ” වේ.එහි විස්තර කරන්නේ ශයිතාන්ගේ ආයත් (වාක්‍ය) ලෙස වන අතර,මෙම කුරානය මුද්‍රණය සදහා ඇමෙරිකානු සමාගම් දෙකක් වන mega 2011 හා wine press නමැති ආයතන හවුල් වී ඇත.

“the 21 Century Quran” යනුවෙන් තවත් පොතක් ඇත.එය පිටු 366 කින් සමත්විතය.අරාබි හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම එය කුවේට් හි ඉංග්‍රීසි පාසල් වල දරුවන්ට බෙදා හරිමින් ඇත.මෙම පොතෙහි සුරත් පරිච්ජේද 77 ක් වන අතර ඒවාට අල්-ෆාතිහ,අල්-ජන්නා ,අල්-ඉන්ජිල්, යන නම් අයත් වේ.එහි බිස්මිල්ල හිර්රහ්මනි රහීම් (කරුණ දයාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ) වෙනුවට සම සුරත් එකකම ආරම්භ වන්නේ ක්‍රිස්තියානි විස්වාශයන් සම්බන්ධීකරණය කර ගත් දීඝ වූ වැකි වලිනි.

in the name of the Father,The Vord,The Holy sprit ,The one and only True God යනුවෙනි.

ඉතින් මෙම ඊනියා කුරානයේ බිහිමයක් අදහස් ඉස්ලාමිය විස්වාශයන්ට පටහැනි වේ.එහි එන ආයාත් වල , එක භාර්යවකට වඩා තබා ගැනීම විස්තර කෙරේ.දික්කසාදයට අවසර නැත.එහි දැනට කැමැත්ත බෙදා ගැනීම පිළිබද පවත්නා ක්‍රමයට විරුද්ධව යන අලුත් ක්‍රමයක් හදුන්වා දෙයි. එහි jihad හරාම් (අනුමත නොවුවක් )බව ප්‍රකාශ කරයි. මෙම පොතෙහි අල්ලාහ් ට පහර ගැසීම දක්වන කරුණුද දක්වා ඇත.

මෙම ව්‍යාජ පොතෙහි මෙම පොත පිලිබදව විශේෂ හැදින්වීමක් කර තිබේ. එය පහත දැක්වේ.


විශේෂ හැදින්වීම.
අරාබි ජාතිකයින්ට විශේෂිත සහ සියලුම මුස්ලිම් ප්‍රජාවට සාමුහිකව සාමය,අනුකම්පාව, සහ මහා බල අල්ලාහ් දෙවියන් වහන්සේගේ ආශීර්වාදය වේවා..
සම මනුෂ්‍ය අතම වර්ගය තුල වන්න වූ හදුන්වා ගත් භක්තිය ඇතුලත වූ සාමය, ආත්මය පිළිබද බිදහස හා සදාකාලික ආශාවන් වේ.
අප ජීවමාන දෙවියන් කෙරෙහි විස්වාශය තබන්නේ මෙම නව ලියවිල්ල “the True Furqan” කෙරෙහි එම ආශාවන් පැහැදිලි කර ගත හැකි බැවිනි.මනුෂ්‍ය වර්ගය මැව්වා වූ ලෝකයේ සෑම කෙනෙකුටම කෙනෙකුගේ කුලය,වර්ණය,ජාතිය,භාෂාව හෝ ආගම ගැන වෙනස්කම් නොපා තම ආශීර්වාදය දෙනවා ඇත.මහා බල සම්පන්න දෙවියන් මෙම පණිවිඩයේ සෑම ජිවිතයකටම ආරක්ෂාව ලබා දෙනු ඇත.

වාර්තා කිරීම,පරිවර්තනය කිරීම හා ප්‍රකාශනය කිරීම සදහා වූ විදායක කමිටුව
අල්ෂාෆි හා මහදි.

ශුද්ධ කුරානයේ ඉගැන්වීම් වලින් මිනිසුන් නොමග යවන්නත්, එය කියවා පැහැදී ඉස්ලාමය වැලද ගන්නා බටහිර යුදෙව්/ක්‍රිස්තියානින් එයින් නවතා ලීමට කල කුට උපක්‍රමයක ප්‍රතිපලයකි මෙම ඇමෙරිකානු යුදෙව්/ක්‍රිස්තියානි ව්‍යාජ කුරානයේ බිහි වීම.
මේ ගැන අවධානයෙන් කටයුතු කොට මුළු ලෝක ප්‍රජාව ආරක්ෂා කිරීම මුස්ලිම් ජනතාවගේ මහත් වගකීමකි.
මෙය ශ්‍රිලංකාවේ ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලබන මුස්ලිම් දරුවන්ට ඉස්ලාම් ආගම හා භාෂාව උගන්වන මුවාවෙන් ඉගැන්වීමට බොහෝ දුරට ඉඩ ඇත.මෙම යුදෙව්/ක්‍රිස්තියානි ඇමෙරිකානු කුමන්ත්‍රණයට එරෙහිව ශ්‍රී ලංකික සියලුම මුස්ලිම්වරුන් දැනුවත් කරන්න.ඔබ දන්නා සෑම දෙනාටම කරුණාකර මේ ගැන කියන්න.ඒ මගින් අපට මෙම අනතුරුදායක ක්‍රියාව නතර කල හැකි වනු ඇත.

Read Full Post | Make a Comment ( None so far )

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත මුස්ලිම් වරුන්ගේ මව්බිමලු

Posted on July 22, 2011. Filed under: කාලින, හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත මුස්ලිම් වරුන්ගේ මව්බිම නොවන බවත්, ඔවුන්ගේ මව්රට සෞදි අරාබිය බවත් ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එල්ලාවල මේදානන්ද හිමියෝ පවසා ඇත.

දහස් සංඛ්‍යාත බෞද්ධ සිහිවටන විනාශ කරමින් බලහත්කාරයෙන් ඔවුන් නැගෙනහිර පළාතේ ඉඩම් ද අත්පත් කරගෙන ඇති බව උන්වහන්සේ පවසා ඇත.දශක තුනට වැඩ ඇවිලෙන ජාතිවාදී ගින්නට විටින් විට පිදුරු මිටි පිටින් පතිත කරන අතලොස්සක් වූ සිංහල ජාතිවාදී නායකයින් නිසා අද සිංහල දෙමල ජාතින් අතර නිරන්තර බෙදීමක් ඇති වෙමින් පවතී. ප්‍රභාකරන් විසින් උතුරේ මුස්ලිම් වරුන් පලවා හරින විට ඔවුන් පකිස්ථානයට හෝ සව්දි අරාබියට නොව ආරක්ෂාව සදහා පැමිණියේ තවමත් ජිවත් වන නැගෙනහිර ප්‍රදේශ වලටය.මේ රටේ භෞමික අඛණ්ඩතාවයට ඇලුම් කල නිසාම තමන් අවුරුදු සිය ගණන් ජිවත් වූ භුමි වලින් පලවා හරිනු ලැබිය.ප්‍රභාකරන්ගේ ඊලාම් වාදය පිළිගත්තේ නම්, උතුරේ මුස්ලිම් වරුන්ට යහතින් වැජබෙන්නට තිබිණි.

සිංහල,දෙමල,මුස්ලිම්, ක්‍රිස්තියානි ජාතින් හතරම මේ රටේ සංක්‍රමණිකයින් බව පුරා විද්‍යා චක්‍රවර්ති වහන්සේ හොදින් දනී.විජයගමනේ ශ්‍රීලංකාවට සම්ප්‍රාප්ත වූ ජන කොටස් වලින් පවතින්නන් සිංහලයන් බව ඉතිහාසය කියයි.ඔවුන් අදහන බුදු දහමද ඉන්දියාවේ උපන් බුදුන් වහන්සේගෙන් ලැබුණු දායාදයකි. එය මෙරටට ගෙනවේද ඉන්දියානුවෙක් වූ මහින්ද හිමියන් විසිනි.මෙරට පිළිපදින හින්දු අගමේද උපන් රට ඉන්දියාවයි. කතෝලික ක්‍රිස්තියානි ආගම යුරෝපයෙන් පැමිණි එකකි. මේදානන්ද හාමුදුරුවන් වහන්සේද, සහභාගී වූ මහා සිංහලයේ වංශ කතාවෙද අවධාරණය කලේ ශ්‍රී ලංකාවේ ස්වදේශිකයින් ඉස්ලාමය වලද ගැනීම වින අරාබිකරයෙන් සංක්‍රමණය වී පදිංචි වුවන්ගේ සංඛ්‍යාව ඉතා අල්ප බවය.

කරුණු කාරණා  කෙසේ වෙතත් අවුරුදු දාහකට අධික කාලයක් මෙරට සිංහල ජනතාව සමග ඉතා සමගියෙන් හා ජාතියලයෙන් ජිවත් වන මුස්ලිම් ජනතාව සෞදි අරාබියට යා යුතුයි” යැයි ප්‍රකාශ කිරීමේ අයිතිය කුමක්ද?

මුස්ලිම් වරුන් රටේ කොටසක් ඉල්ලුවද ?
මෙසේ මුස්ලිම් වරුන්ට ඇගිල්ල දික් කරන ඔවුන්ගේ දේශ ප්‍රේමෙත්වයේ සැකයක් තිබේ,
මෙරටේ සේවයේ දී සිටියදී රාජකාරියේ දී සිටියදී මියගිය පළමු පොලිස් නිලධාරියා මුස්ලිම්වරයෙකි.වර්තමාන යුද්ධයේ සියයකට අධික මැලේ මුස්ලිම් තරුණයින් රට වෙනුවෙන් දිවි පුදා ඇති බව කටුගස්තොට රණවිරු ස්මාරකය සාක්ෂි දරයි.

එසේනම් ස්වාමින් වහන්ස, සිංහල බෞද්ධයන්ට ඉන්දියාවටත්,දෙමල හින්දුවරුන්ට දකුණු ඉන්දියාවටත්,ක්‍රිස්තියානි කතෝලිකයින්ට රෝමයටත් (ඉතාලිය )යන්නට නොකියා මුස්ලිම් වරුන්ට පමණක් අරාබියට යන්න කියන්නේ මක් නිසාද?

අලි මදිවට කොටි කිවා මෙන් දෙමල ජනතාවගේ ප්‍රශ්න මදිවට මුස්ලිම් ජනතාවත් කරලියට අද දැමීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි සිතාගැනීම දුෂ්කර නොවනු ඇත.

Read Full Post | Make a Comment ( 6 so far )

මුස්ලිම්වරු හා ගව මස් – “ගව මස් නොකනු” ව්‍යාපාර

Posted on July 22, 2011. Filed under: කාලින, හෙළිදරව්ව | Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , |

“ගව මස් නොකනු” ව්‍යාපාර සංඝයා වහන්සේලාත් බොද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටේ පවත්වාගෙන යන්නේ මෙරටේ ඇති එකම පවත්,එකම ප්‍රශ්නයත් එය යන හැගීම ඇතිවදෝ සිතේ.එතරම් ප්‍රමුඛ ස්ථානයක් එයට දී ඇත.එසේම එම ව්‍යාපාරය එම අය කරගෙන යාම පිලිබදව අපගේ විරුද්ධත්වයක් නොමැත.එහෙත් එතුලින් මෙරට වෙසෙන මුස්ලිම් සමාජයට රූපවාහිනියෙන්, පුවත්පත් වලින්, අත් පත්‍රිකවලින් හා අන්තර්ජාලය තුලින් බැන වැදීම පිළිගත නොහැකිය.

ශ්‍රිලංකාවේ මස් මාංශ වෙළදාම කරන්නේ මුස්ලිම් වරුන් පමණක් නොවේ.මුස්ලිම් නොවන බෞද්ධ ,හින්දු හා ක්‍රිස්තියානි අයත් එම වෙළදාම කරති.මෙම වෙළදාමට අනුමැතිය දී ඇත්තේ රජයයි.ඊට කඩවල් ටෙන්ඩර් මාර්ගයෙන් වෙළදුන්ට පවරා දෙන්නේද රජයට අනුබද්ධ ආයතන වේ.කරුණු කාරණා එසේ තිබියදී මුස්ලිම් වරුන්ට බැන වැදීමෙහි තේරුමක් නැත.එපමණක් නොව, මුස්ලිම්වරුන් මස් කඩ දාපු පලියට බෞද්ධ ජනතාවට බලෙන් මස් කවන්න ගියේ නැත.මුස්ලිම් වරුන්ගේ මස් කඩ නැති නිසාම බෞද්ධ ජනතාව මස් නොකා සිටින බව තර්ක කල නොහැකිය.හේතුව මුස්ලිම් නොවන විශාල පිරිසක් මස් කඩ පවත්වාගෙන යාමයි.

එබැවින් මුස්ලිම් සමාජයට මෙය අරභයා බැන වැදීම මෝඩ කමකි.
බුදුරජාණන් වහන්සේ එකම එක සතෙක් (ගවයෙක්) මුල් කරගෙන “මස් නොකනු” යනුවෙන් දේශනා කලේ නැත.උන්වහන්සේගේ දේශනාව ඊට වඩා පුළුල් විය.
“ලොව ඇති කිසිම සතෙක් නසන්න එපා ” යන්න “පානාතිපාත වේරමණී සික්ඛා පදං සමාදියාමි ” යන සිල් පදයෙන් දේශනා කල සේක.

උන් වහන්සේ එසේ දේශනා කර තිබියදී සතුන් නොමැරීමේ ව්‍යාපාරය ගවයාට පමණක් සිමා කර ගැනීමේ අයිතිය ඇත්තේ කාටද? එය උන් වහන්සේට කරන අගෞරවයක් නෙමේද?

මෙරටේ ධිවර අමාත්‍යංශයක් තිබේ.රට වටේම මුහුදය.මාළු අල්ලන්නෝ බොහෝ සිටිති .මාළු,කරවල,උම්බලකඩ, ආහාර වශයෙන් ගන්නා බෞද්ධයන් එමටය.මේ හැර කුකුල් මස්,බිත්තර ,එළු මස්,උරු මස්,අනුභව කරන්නෝ අති විශාල පිරිසකි. කුභුරේ වැඩ ආරම්භ කල දින පටන් හල ටික ගෙදර ගේන කම්, කෙතරම් කුඩා සතුන් ,පනුවන් මැරෙනවද? මරනවද?

මේවා ගැන කිසිවක් කතා කරන්නේ නැත්තේ අයි ?

එළදෙන “කිරි අම්මා ” කියමින් එළදෙනගේ කිරි සැවොම බොති.පිටි කිරි හෝ වේවා එළදෙනගේ කිරි වලින් නිපද වුවකි.ඇත්තෙන්ම කිරි අම්මගේ කිරි ටික අයිති ඒ අම්මගේ පැටියටයි.එය පහර ගැනීම වරදක් නොවේද ?
මෙසේ බොහෝ කරුණු තිබියදී අප ඒ ගැන කතා නොකළේ බෞද්ධයන්ගේ සිත් රිදෙයිදෝ යන සැකයිනි.එහෙත් දැන් දැන් ගවමස් වලට එරෙහි ප්‍රචාරය කරන විලාසය හෙට දවසක සිංහල-මුස්ලිම් ජාතිවාදී ගැටුමකට මුල් වෙයිදෝ යන තත්වයක් අති වූ හෙයින් කතා කරමු.යම් කෙනෙක් හෝ සමාජයක් යම් දෙයක් පිලිබදව දරන මතය එළිදරව් කිරීමෙහි කිසිදු වරදක් නැත.එය ඒ අයගේ අයිතියක්. එයම සමාජය අතර ගැටුමක් ඇතී කරයි නම්,එවැනි ගැටුම් ඇතී කරන චේතනාවෙන් ප්‍රචාරය කෙරේ නම්,වන්නේ කුමක්ද? ගවයින් මරනවා වෙනුවට මිනිසුන් මැරීම නොවේද? එසේ කිරීම නිවැරදි බව කව්රුත් සිතනවද?
පන්සිල් පද තුල පරණ ඝාතනය පමණක් නොව තවත් ද කියවේ.”කාමේසු මිච්ජාචාර වේරමණී සික්ඛා පදං සමාදියාමි” “සුරාමේරය මජ්ජ පමදට්ඨාන වේරමණී සික්ඛා පදං සමාදියාමි.” යන ප්‍රධාන කරුණු දෙකකි.

මෙරටේ කාමය වරදවා හැසිරීමේ සම දොරක්ම විවෘතව ඇත.කුඩා දරුවන් මේවා නිසා සංචාරක ව්‍යාපාරය නමින් විකිනෙති.සමාජ ශාලා,ඝනිකා මඩම්,කැසිනෝ හල් තුලින් තරුණියෝ වැනසෙයි.තරුණ තරුණියන්ගේ ඇදුම් පැළදුම් නොයෙකුත් අතින් වැරදි කිරීමට මිනිසා පොලබවන සුළුය. මෑතකදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය නිලියන්ද විකිනෙන බව රහසක් නොවේ.
මෙරට මත්පැනට රාජ්‍ය අනුමැතිය ලබා දී ඇත.රටේ අස්සක් මුල්ලක් නැර, අරක්කු කඩ,රා තැබෑරුම් ඇත. මත්පැන් පානය කිරීමෙන් පවුල් දහස් ගණන් විනාශ වෙයි,මිනීමැරුම් ද ඇති වෙයි.
මගුල් ගෙදරටත්,මල ගෙදරටත්,දියණියගේ කොටහළු මන්ගල්‍යටත් මත්පැන් නැතිවම බැරිය.එපමණක් නොව පිරිත් කියන විට තවත් තැනක අරක්කු බෝතල් විවෘත වේ.එසේම අරක්කු සප්පායම් කරන්නන් හට උරු මස් ,ගව මස් කටගැස්ම සාදා දීමටත් පිරිත් ගෙදර කාන්තාවන්ට සිදු වී තිබේ.අපි අහන්නේ “ගව මස් නොකනු ” ව්‍යාපාරයේ නියමුවන්ට පන්සිල් වල ඇති මෙම කරුණු නොපෙනෙන්නේ ඇයි ? “ගව මස් නොකනු ” ව්‍යාපාරයට මෙන්ම මේවට විරුද්ධත්වයක්,මහා ව්‍යාපාරයක් ගොඩ නගන්නට තැත් න්කරන්නේ ඇයි ?

එම වෙළද ව්‍යාපාර සිංහල බෞද්ධ අය කරන නිසාද?
එසේ නැතිනම් , “බුදු හාමුදුරුවෝ ඒ ගැන කිව්වට අපි ඒවා වැඩියෙන් තකන්නේ නෑ” යන අදහස නිසාද?
ඇත්තෙන්ම, මෙම ගව මස් නොකනු ව්‍යාපාරය බොලද වුවකි.මෙම ව්‍යාපාරය තුලින් මුස්ලිමුන්ට බැන වදින අය කල යුත්තේ එය නොවේ.පළමුව, තමන් ගව මස් ගැනීමෙන් වැලකි,අනෙක් සම ප්‍රාණ ඝාතන ක්‍රියා,ධිවර අමාත්‍යංශ ද නැවත්වීමට රජයට බල කල යුතුය.රජයේ බහුතර බලය ඇත්තේ බෞද්ධ මැති ඇමතිවරුන් හා ජනාධිපති තුමා අතේය.
එවිට මුස්ලිම් වරුන්ගේ මස් කඩ ඉබේටම වැසේවි.ධිවරයිනුත් මුහුදට නොයයි.කුකුළු ගොවිපලවල්ද වැසේවි.ඌරු කොටුද නැති වෙයි.
මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි.අනුමත කල එකක් පමණි.එය කෑවත්, නොකැවත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.මස්කඩ පවත්වාගෙන යැමත් ඔවුන්ට අනිවාර්ය වුවක් නොවේ.එසේ තිබියදී “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇගිල්ල දික් කිරීම විහිළුවකි. එයින් හෙට දවසක ජාති වැඩි ගැටුමක් ඇති වුවහොත් ඊට වගකිව යුත්තේ එම ප්‍රචාරණ කටයුතු වල නියැලී සිටින ඔවුන්ම බව වැටහ ගත යුතුය.
Read Full Post | Make a Comment ( 3 so far )

දෙවියෙකු සිටිනවද? අබ්දුල් කලාම් ගෙන් පිළිතුරක්

Posted on July 22, 2011. Filed under: ඉස්ලාම් | Tags: , , , , , , , , , , , , , |

අප්‍රිකාවේ රට වලට මිත්‍ර සවාරියක් ගිය ඉන්දියාවේ ජනාධිපති අබ්දුල් කලාම් තුමා එහි පාසල් වලටත් යාමට අමතක කලේ නැහැ.එතුමා පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සමග ඉතා සුහදව කතා කලා.
එහි එක පාසලකට ගිය විට ශිෂයෙක් එතුමාගෙන් ප්‍රශ්නයක් ඇසුවා.

“ලොවෙහි බොහෝ විද්ඥයෝ දෙවියෙකු නැති බව පවසයි. ඔබත් විද්ඥයක් නේද? ඔබ දෙවියෙක් සිටින බව විස්වාස කරනවාද?”

මෙයට පිළිතුරු දෙන විදියට ජනාධිපති අබ්දුල් කලාම් තුමා එම ශිෂ්‍යයන්ගෙන්
“භුමිය තමා වටේ යාමට කොපමණ වෙලාවක් ගන්නවද? ” යනුවෙන් ඇසිය.

“පැය විසි හතරක් ”

 
“සුර්යය වටා ගමන් කිරීමට කොපමණ කලක් ගතවෙයිද ? ”

“දින 365 ” යනුවෙන් ශිෂයෝ පිළිතුරු දුන්හ.

“හරි, අප සිටින මන්දාකිනිය වටේ යාමට සුර්යයට කොපමණ කලක් ගත වෙයිද? ”

කිසිම සිසුවෙකුට පිළිතුරක් නොවිය.

“වසර කෝටි 21.5 ක් ගත වෙනවා.” යනුවෙන් තමා ප්‍රශ්නයට තමාම පිළිතුරු දුන් එතුමා මෙසේ කිවුහ.

“ශිෂයිනි.. එක මන්දකිනියක් වටේ ගමන් කිරීමට සුර්යයට මෙතරම් කාලයක් ගත වෙයි නම්, මෙවැනි මන්දාකිනි කෝටි ගණන් විශ්වයේ ඇත.මේ සියල්ලම විශ්වයේ යම් ඉලක්කයක් කරා දුර ප්‍රමාණයකින් හා කාලයකින් යුතුව අල්පමාත්‍ර වෙනසක් නැතිව ක්‍රියා කරයි.මේවා මවා මෙම ක්‍රියාත්මක ක්‍රමය නිර්මාණය කලේ කව්ද? මෙතරම් ක්‍රමවත් සැලසුමක් කලේ කව්ද? නිසැකවම මා දෙවි කෙනෙකු සිටින බව තරයේ විස්වාශ කරමි. ”

ශිෂ්‍යයෝ වික්ෂිප්තව බලා සිටියහ.

Read Full Post | Make a Comment ( 5 so far )

ආගම මාරුව ප්‍රශ්නයක් වී-ආගමක් පිළිගැනීම හා ප්‍රචාරය කිරීම

Posted on June 23, 2011. Filed under: කාලින | Tags: , , , , , , , , , , , , , , , , , , , |

ලංකාවේ ආගමක් පිළිගැනීම හා ප්‍රචාරය කිරීම නීතියෙන් අනුමත වෙලා තියෙනවා.දැඩි කොමියුනිස්ට් මතදාරී රටක ආගමික ප්‍රචාරයට ඉඩ ප්‍රස්ත නැතත් යම් සීමාවක් ඇතිව ආගමක් පිළිගැනීමට හා පිළිපැදීමට අවසර ඇත.මෙම අනුමැතිය හරහා ලොව ඇති ආගම ඇදහීමත් ප්‍රචාරය කිරීමත් සිදු කෙරෙනවා.

වර්තමානයේ භික්ෂුන් වහන්සේලා රටවල් ගණනාවක බෞද්ධ ප්‍රචාරයේ යෙදී සිටිනවා.ඒ සදහා ඒ රටවල නිරන්තර බෞද්ධ මද්‍යස්ථාන පවත්වාගෙන යනවා.වසර දහයක සැලසුමක් සහිතව දැනටමත් බෞද්ධ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා.මේ සියලුම උත්සාහයන් ඊට ලබා දී ඇති අනුමැතිය හරහා සිදු වෙනවා.අප රටේද අනෙක් ආගම ප්‍රචාරය කිරීමට අනුමැතිය තිබෙනවා.
ඇත්තම පවසනවානම් අද වනතුරු එම අනුමැතියට තහනමක් තිබුනේ නැහැ.එහෙත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා චෝදනා කරන පරිදි වක්‍රව ,ඇතැමුන්ගේ දුගී භාවය,නැති බැරිකම දඩමීමා කරගෙන ආගම වලට හැරවීම කෙරෙන බවයි.එම නිසා උන්වහන්සේලා “බෞද්ධයි අන්‍ය ආගම වලට හැරවීම වැළක්වීමේ “පනතක් ඉල්ලා සිටියා.
ආගමක් යනු මිනිසාගේ ස්වයන් තීරණය මත පිළිගෙන පිළිපැදිය යුතු දෙයක්,කොතරම් උතුම් වූ ආගමක් වුවත් එය බලහත්කාරයෙන් හෝ මුදල නැතිනම් වෙනත් යමක් දී පිළිගැන්වීමට තැත් කිරීම බලවත් වරදකි.
එසේ කිරීමෙන් මිනිසා තුල ආගමික හැගීමක් හා ඒ අනුව සැකසුනු ජිවිතයක් තිබෙන්නේ නැත.ඒ වෙනුවට එවන් මිනිසෙකුගේ ආගම,දහම තීරණය කරන්නේ මුදල් නැතිනම් වෙනත් දෙයක්.මෙහිදී එම පුද්ගලයාගේ දෙවියා වන්නේ මුදල්.නැතිනම් වෙන දීමනාවක්.
මෙසේ ආගමට හැරවීම වංචනික ක්‍රියාවක්.මේකට භික්ෂුන් වහන්සේලා විතරක් නෙමේ මානව අයිතීන් සුරකින වගකීම ලත් සැම කෙනෙකුම විරුද්ධ විය යුතුයි.
තවත් වැදගත් කාරණාවක් සලක බැලිය යුතුයි ,එනම් සැම අගමිකයෙකුටම සැම ආගමක් වටහා ගැනීමට, නියම වශයෙන් හදුනා ගැනීමට ඉඩ ප්‍රස්ථා තිබිය යුතුයි.මිනිසා බුද්ධිමත්ව සැම ආගමක්ම පරික්ෂ කර බැලීමේ අවස්ථා තිබිය යුතුයි.කෙනෙකු තම ආගම කුමක්ද යනු, තීරණය කොට පිළිපැදීමේ නිදහස තිබිය යුතුය.
එසේ ආගමක් පිලිපදීමේදී අනෙක් අගමිකයෙකුට කරදර නොවිය යුතුය.
ඇත්තෙන්ම මෙවන් ක්‍රියා මාර්ගයකදී බල කිරීමක් නැත.මුදල් පරිහරණයක් නැත.වෙනත් ලෞකික ආශාවන් කෙරෙහි වක්‍රව යොමු වීමක් නැත.ඒ වෙනුවට මිනිසාගේ බුද්ධිය ක්‍රියාශීලි වේ.ඇත්ත-නැත්ත අවබෝධ කර ගනියි.හිතට එකගව යමක් පිළිගනී.ඒ අනුව ජිවත් වේ,ඒ වෙනුවෙන්ම අවශ්‍ය වන විට ජිවිතයද පුදයි.

මෙවන් සිතක් ඇති වන්නේ අවබෝධයෙන් යුතුව තම ආගම ,ජීවිතය හා ගති පැවතුම් සියල තීරණය කරන විටයි.මේ සදහා සැම කෙනෙකුටම විවෘත අවස්ථාවක් තිබිය යුතුය.
එය මානව අයිතිවාසිකමකි.
ඉස්ලාමිය ප්‍රචාරක වැඩ කටයුතු සියල්ලටම ක්‍රමවත් පිළිවෙලක් ඇත.එහි ප්‍රධාන අංගය වන්නේ ඉස්ලාමයට පැමිණෙන ලෙස කිසිවෙකුට බල නොකළ යුතු බවයි.

“දීන් හි,අල්ලාහ් විසින් පහල කරන ලද ජිවන මාර්ගය පිලිපදිමෙහි බල කිරීමක් නැත.” (අල්:කුරාන් 2:256)

මෙසේ ඉස්ලාමයේ පැවසීමට කරුණු තුනක් ඇත.

  1. බල කිරීමකින් හෝ මුදල් තණ්හාවෙන් හෝ වෙනත් යමක් ලබාගැනීමේ චේතනාවෙන් කෙනෙකු ඉස්ලාමය වැලද ගත්තා නම් එම තත්වය තිබෙන තුරු ඔහු ව්‍යාජ මුස්ලිම් වරයෙකු ලෙස රගපයි.එම තත්වය වෙනස් වූ විගස එම මිනිසාද වෙනස් වී යයි.
  2. ඉස්ලාමයේ ප්‍රධාන දෙය වන්නේ අදෘශ්‍යමාන අල්ලාහ් කෙරෙහි විස්වාශය තැබීමයි.එම විශ්වාසය මුදලින් හෝ බලෙන් ගත හැකි දෙයක් නොවේ.මෙය අවබෝධයෙන් යුතුව සිතෙහි පහල වන අචල විශ්වාසයකි.සිතේ මෙම විස්වාශය නියම වශයෙන් තිබුනොත් පමණි කෙනෙකු මුස්ලිමෙකු වශයෙන් ජිවත් වන්නේ,මරණින් මතු ජීවිතය විශවාස කරන්නේ, නබි(සල්) තුමාගේ අඩි පාරේ ගමන් කරන්නේ.
  3. මෙවන් නියම මුස්ලිම් වරයෙකු කව්රු බල සිටියත් නැතත් අල්ලාහ් බලා සිටින බව දැඩි විශ්වාසයෙන් ජිවත් වෙයි.ඔහුගේ මරණයට වඩා අල්ලාහ් කෙරෙහි වූ විශ්වාසය ඔහු එක සිතින්ම නැගී සිටියි.

මුදලට හා බලයට වහල් වී ඉස්ලාමය පිලිගන්නන් ගෙන් මෙවන් උතුම් ගතිගුණ ඇත්තවුන් බිහි වෙයිද? ඉස්ලාමය පිලිපදිමෙහි බලය දීම සහමුලින්ම අල්ලාහ් විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ මෙම හේතුව නිසයි.එක අතකින් මුදල්, බලය හා ඒවායින් කෙරෙන නොයෙකුත් දේ පෙන්වා කෙනෙකුගේ ආගම වෙනස් කිරීමට තැත් කිරීම නින්දිත ක්‍රියාවකි.එමගින් උතුම් ගුණ ඇත්තවුන් නොව කුහකයින්ගේ සමාජයක් බිහි වෙයි. අනෙක් අතින් කොයි එකත් අවබෝධ කරගෙන ජිවත් වීමට එරෙහිව වැට බැදීම මිනිස් අයිතිවාසිකමට එරෙහිව ගන්නා පියවරකි.එයින් “කොහොම හරි ජිවත් වෙමු” යැයි සිතන සමාජයක් බිහි වෙයි.
මෙම කරුණු තේරුම් ගෙන මිනිස් සමාජයේ දෙලොව යහපත තක හෘද සාක්ෂියට එකගව ක්‍රියා කිරීමට නැගී සිටිමු.

Read Full Post | Make a Comment ( None so far )

Liked it here?
Why not try sites on the blogroll...